මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 31, 2010

මලක්.......

කෑලෑ මලක් පිපිලා,

මහ පාර අද්දර...
නගරාන්තර බසයෙන් ඉහෙන..
දුහුවිලි වලින් කිලිටිව...


සමනලකු එන තෙක් මග බලන...

සමනල්ලු කොයිබද,
මේ කොන්ක්‍රීට් පුරවර....
බමරුන් මිසක,
මල් තලා රොන් ගන්න...

Tuesday, August 17, 2010

ලoකාවේ අධ්‍යාපනය...programming සහ කවි...

මටත් දෑන් නම් එපාම වෙලා තමයි තියෙන්නෙ.අන්තිම සහ අවසාන පාර කියල තමයි මමත් මේ කරන්නෙ.ආයෙත් නෑහෑ ජීවිතේටම.මමත් ඉතින් උසස් පෙල පාස් උනාම campus තේරුනාම ටිකක් උඩින් තමයි හිටියෙ.අනික ඉතින් මොරටුවට තේරුනා කියුවම මටත් හිතා ගන්න බෑරි උනා.මොකද මම මෑට්ටියෙක් කියල මම ඒ දවස් වලම ඉදල දෑනගෙන හිටියෙ.හෑබෑයි මට සින්හල නම් බොහොම හොදට පුලුවන්.සාහිත්‍ය එහෙම.

චක්කරේ එහෙම පාඩම් හිටින්නෙම නෑහෑ මට.ගනන් පන්තියෙ ලකුනුත් අඩුයි.පොඩි කාලෙ පහ වසරෙදි..ඒත් ඉතින් අනේ මන්ද කොහොමද කියල සාමාන්යට පෙලෙ උසස් පෙල එහෙම පාස් වෙලා කෑම්පස් නුත් තේරුනා.සාමාන්‍ය පෙල හොදට පාස් උනු නිසා මගේ උසස් පෙලට කළා(ARTS) කරන්න තිබුනු ආසාවත් ලත් තෑනම ලොප් උනා.

"මෙච්චර හොදට පාස් වෙලා කළා විෂයයන් කරන්න පිස්සුද ඔය ලමයට?"....

ගුරුවරු ඈහුවෙ එහෙම.විද්‍යා විශයයන් තමයි අන්තිමට කලේ...තේරුනේ තොරතුරු තාක්ෂණය(IT) කරන්න.ඉස්කෝලෙ කාලෙම ඕක මට එච්චර අල්ලන විෂයක් නෙමෙයි කියල තේරිලා තිබුනෙ.

"තමන්ට සුදුසු නෑති එකකට තේරෙන්නෙ නෑනෙ..."

අම්ම කියුවෙ එහෙම.ඉතින් එහෙමම හිතල මමත් හිත හදාගත්ත.

ආපු ගමන් සීනියර් බෑච් එකේ අය්යල අක්කල ටික අපිව හදේ(moon) යෑව්ව.එයාල කියපු විදියට නම් out උන ගමන් රුපියල් ලක්ශයක් විතර පඩි.

"මරුනෙ මට හිතුන...හීනෙකින් වත් හිතුවද මෙහෙම පිනක් පාත් වෙයි කියල..."

ඒ ගොල්ලො කියපු එකෙත් එච්චර වෑරෑද්දක් නෑහෑ.මොකද අනිත් මිනිස්සු රස්සාවක් නෑතුව වේලෙන වෙලාවෙ අපි කීයක හරි පඩියකට වෑඩ කරන්නෙ මොරටුවෙ උපාධිය හින්ද තමයි කියල මටත් වෙලාවකට හිතෙනව. කොහොමින් කොහොමින් හරි කෑම්පසුත් ආව කියමුකො.ඔය programming නම් මට වහ කදුරු වගේ.එදා ඉදන්ම.බෑ කියලමනෙ හිතෙන්නෙ. කවදාවත් programming පොතක් කියවන්න.java ,web,c,c++ පොත් කියවන්න,practical කරන්න මට හිතෙන්නෙම නෑහෑ.ඒ වෙලාවෙත් කවියක් ලියන්න.කෙටි කතාවක් ලියන්නමයි හිත.

මොකද්දෝ පෙර පිනකටද කොහෙද,programming නෑති මටත් පුලුවන් කියල හිතෙන වෙන පෑත්තකට මාව තල්ලු උනා.ඒ හින්ද degree එක කරල අපතයෙක් වගේ ගෙදර ඈවිත් ඉන්න නම් උනේ නෑහෑ. ඒත් ඉතින් දෑන් මේ ෆිනල් ප්රොරජෙක්ට් එකට හිර වෙලා මට මුකුත් තේරෙන්නෙ නෑ වගේ. ආයෙ ජීවිතේට coding කරන්නෙ නෑ කියල හිතාගෙන මම මේ අන්තිම හා අවසාන එක කරන්නෙ. ඒත් ඉතින් ඒ අතරෙ මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ වෑදගත් කාරනාවකට....

කවියෙක්ව computer programmerකෙනෙක් කරන අපේ අධ්යා පන ක්රනමයෙ සුන්දරත්වය මතක් වෙලා..

ලබ් ...ඩබ්...ලබ්...ඩබ්...

නොකී දෑ කීවෙමිය..

නොකල දෑ කලෙමිය...
නොලී දෑ ලීවෙමිය....
ඔබ නිසාවෙන්....
මා ද ඔබම විය...
ඔබද මා ම විය....

අවසන,
නොඈසු දෑ ඈසුවෙමිය,
අන් මුවගකින්...

ඒත් සෙනෙහස,
හදවත ගෑහෙන හඩ,
තාමත් එහෙමමය....

Monday, August 16, 2010

තෙමුනු හදවත...

හෝද හෝද මඩේ දෑම්ම,

කීප සෑරයක් ම...

හොදට හෝදලා වේලෙන්න දෑම්ම....
ආයෙමත් මඩේ නොදාන්න හිතාගෙන...


එක පාරටම වෑටුන වෑස්සෙන්,
ආයෙමත් හොදටෝම තෙමුන...

මඩ වතුර නෙමෙයි නෙ....
දිගටම තෙමිච්දෙන්...
මට හිතුන...

පොල්කිච්චෙක්...


හුගාක් වහින හින්දාද කොහෙද...

කාමරේ ලග ජනේලය උඩ,
උඹේ රූපෙ මම දෑක්ක....
වෑස්සෙ නෑත්නම් එන්නෙ නෑ...

මගේ දිහාම බලාගෙන,
කෑතම කෑත හඩකින්
මොනවදෝ කියුව..
මමත් ඌ දිහා බලාගෙන හිටියා...

මහ මූසල හඩක්,
අම්ම ඌව එලෙව්වා..
"තෙමෙයිනෙ..."
මම කියුවා...


"වෙන යන්න තෑන් නෑතුවෑති..."
මට දුක හිතුන...


අම්ම ගියත් එක්කම...
ආපහු ආව ජනේලෙ උඩටම...
මගේ දිහා ආයෙමත් බෑලුව...
මම මුකුත් කියුවෙ නෑ...

කෑමෑත්තක් නෙමෙයි,
අනුකම්පාවක්...
මට එහෙම හිතුන....


ඒත් ඌ පව්නෙ...

Sunday, August 15, 2010

ප්‍රථම ප්‍රේමය හා විවාහය(PLATONIC LOVE & MARRIAGE...)



ප්‍රථම ප්‍රේමය...හරිම පොදු මාතෘකාවක්.නවකථාව, කවිය, කෙටිකථාව, ටෙලි නාට්ය හෑමදේටම කලාකාරයො අල්ල ගන්න බොහොම සාමාන්යීකරනය උනු මාතෘකාවක්.ව්යා.පාරික ලෝකයේ හොදට විකිනෙනවා.එහෙම හෑගීමක් ජීවිතේට විදල නෑති මිනිස්සු උනත් හරිම ආසාවෙන් ඒවගේ කතා කියවන්නෙ.ඒත් ඒ බොහොම පොදු මාතෘකාව යටතේ ටිකක් කතා කරන්න හිතුනා.ඒ සිතිවිල්ලට හේතු උනේ ඊයෙ දවසෙ ටිකක් වයසක මහත්මයෙකුගෙන් අහපු කතාවක්.



ඒ මහත්මයා වෑදගත් රෑකියාවක් කරපු වයස අවුරුදු 60ක විතර කෙනෙක්.මගේ ලගම නෑයෙක්.ඔහු ඔහුගෙ ප්‍රථම ප්‍රේමය ගෑන කතා කලා.පාසල් යන කාලෙ බොහොම ජනප්රිේය චරිතයක් උනු ඔහුට කෑමති ගෑහෑනු ළමයි බොහොම හිටියලු.පාසල් විවාද කණ්ඩායම,ජාතික ක්රීයඩා උලෙලවල් නියෝජනය කරපු ඔහුට ගෑනු ළමයි කෑමති වෙන එක පුදුමයක් නෙමෙයි කියල මට හිතුනෙ පාසල් යන වයසෙ ගෑනු ලමයෙක්ගෙ හිතක් මටත් මීට අවුරුදු කීපෙකට කලින් තිබුනු හින්ද. තමන් එක්ක යාලු වෙන්න ආපු ගෑහෑනු ළමයින්ගෙන් කීප දෙනෙකුට කෑමෑත්තක් තිබුනත් කොන්ඩෙ කොටට කපල හිටපු ගෑනු ලමයෙකුට වෑඩි කෑමෑත්තක් තිබුනලු.ඒ අතරෙ තවත් එක ගෑහෑනු ළමයෙක් බොහෝම තදින් එක හිතකින් මේ මහත්මයට ආදරය කරල තියෙනවා.


ඉතින් මේ මහත්මයත් ඈයට ආදරය කරල තියෙනවා.කාලයත් එක්කම ඈය විශ්ව විද්යා.ලයටත් මේ මහත්මයා රාජ්ය අන්ශයේ රෑකියාවකටත් ගිහින්.විශ්ව විද්යා ල අධ්යාෑපනය අවසන් වීමත් සමගම ඈය වටේ විවාහ යෝජනා වටවෙලා.ඔහුට ඈයව විවාහ කරගන්න වුවමනාව තිබුනත් අවිවාහක සොයුරියන් ඊට බධාවක් වෙලා.


"ඔයාට අවුරුදු දෙකක් ඉන්න පුලුවන්ද?"


ඈයට ඒ අවසරය දෙන්න බෑරිවෙලා. දෙමව්පියන් නිසාම.


ඉතින් බොහොම සුන්දර හවස් වරුවක,වික්ටෝරියා උද්යාිනයේ දී,අත් දෙකින්ම ඈගේ අත අල්ලලා,


"ඔයා එයාව බදින්න"...


ඔහු ඒ අවසරය දීලා.


"ඒ අත්වල ඈගිලි,මගේ බිරිදගේ ඈගිලි මතකයි වගේම මට තාම මතකයි පුතේ..."


ඔහු එහෙම කියුවම,මගේ ඈස් වලටත් කදුලක් නෑගුන. විදුලි එලියක් නොතිබුනු හවස් වරුවක ඔහු මගේ කදුලු දෑක්කෙ නෑ.


ඊට පස්සෙ සීගිරිය ප්‍රදේශයට මාරුවක් හදාගෙන ජීවිතේ තරුණ කාලෙ සීගිරියෙ අලිත් එක්ක ගෙවපු ඔහු,මෑදි වයසට ලන් වෙලා විවාහ උනේ ගෙදරින් එන බල කිරීම් වලට.


විවාහ ජීවිතේ මතකත් ඔහු ලග.තමන්ගෙ බිරිදට දරුවෙක් ලෑබෙන්න ඉස්පිරිතාලෙ නවත්වන්න යනකොට,ඔහුට ඈය හමුවෙලා.ඈයටත් දරුවෙක් ලෑබෙන්න....ඒ හෑගීම දරාගන්න කොයිතරම් අමාරුද කියලා ඔහු නොකියුවට මට තේරුනා…..


අද ඔහු විවාහය ගෑන දරන්නෙ හරිම සුන්දර අදහසක්.


"විවාහයේ දී සල්ලි වත්,උපාධිය වත් බලන්න එපා පුතේ.වෑදගත් වෙන්නෙ ඔයත් එක්ක සතුටින් ඉන්න පුලුවන් කම හෑමදාම .රණ්ඩු නෑති ජීවිත නෑ.ඒත් මෑරෙන කල් ආදරය කරන්නට පුලුවන් වෙන්න ඕනෙ.විවාහය ,එක පාරයි ජීවිතේටම.දෙපාරක් නෑ.."


ඔහු එහෙම කියුව.


අපි හෑමෝටම ප්‍රථම ප්‍රේමයක් තියෙනව.සමාවෙන්න,තිබිල තියෙනව....ඒ අත්දෑකීම් සුන්දරයි වගේම,ජීවිතයක් විනාශ කරන්න උනත් ප්රරබල වෙන වෙලාවල් තියෙනව.කොහොමටත් ප්රයථම ප්රේඒමයේ අත්දෑකීම් ප්රිබල වෙන තරමට,තව කෙනෙකුට අවoකව ආදරය කරන්න බෑරි වෙනව. මම දන්නෙ එහෙමයි.ඒ මතකයන් හෑමදාම හිතේ තියෙනවා.කෑප කිරීම් කල තරමට දුක වෑඩියි.අපි ප්රනථම ප්රේමමය වෙනුවෙන් කරන කෑප කිරීම් ආයෙ කවදාවත් ජීවිතේ කරනෙ නෑහෑ.සමහර වෙලාවට විවාහක සෑමියා හෝ බිරිද වෙනුවෙන්වත්.


ඒත් තවත් අහිoසක ජීවිතයකට අසාධාරනයක් නොවිය යුතුයි.මට හිතෙන්නෙ එහෙමයි.

අහිමි .....

අහම්බෙන් මුන ගෑසුණ,

සොදුරු නොවනා සොදුරු බව....


කඩුපුල් මලක් වම,
රූ සිරි නොම රෑගෙන,
අදුරට මුසු කරන සුසුවද....
සුලු මොහොතකට වුව ,
විදිමි සුසුවද....
අහිමි බව දෑන ....

වෑහි බින්දු හෙමිහිට,
වෑලද ගන්නා මහ පොලොව...

ලියමි නොලියූ කවිය,
සොදුරු බව ,

හදවතින් ගෙන....

මෛත්‍රී භාවනාව.....

මගේ කවි තේරෙන,
තේරී රසවිදින සියල්ලන්ටමද....


කවියට ප්‍රශන්සා කරන අයටද...
කවි වලට බනින අයටද,

කවි වල තේරුමෙන්,
මගේ ජීවිත කතාව ගොතන අයටද....

කිසිවක්ම නොතේරී,
නිකන් ගරහන අයටද...

හෑමදාම කවි ලියමි....

Friday, August 13, 2010

තිත........

හිත ඈතුලෙ හිරවෙලා වද දුන්නු,

මහා දිග වචන පෙල....
නිම කලා වූ,
පුන්චිම පුන්චි තිත.....

ඇස්

දෙනෙත් අග,

විහිදුවන සිත් බෑදි බෑලුම්...
නොදුටුවා නොවෙමිය...

සෙනෙහස..
ඒ බෑලුම්,
දුටුව දින නොව,
බොහෝ කල් ගොස් පිලිසිදි...

තවත් බෝ අය විදින්නට ඈත
ඔය බෑලුම්...

ඒ එකදු දෙනෙතක්,
නොවිදි අයුරින් විදින්නෙමි...
සුන්දරව...

මගේ නොවුනත් කිසිදිනක,
කමක් නෑත...
හිමිකමක් නොකියමිය....
දෑන් ඉතින් මගේමය,
හෑමදාම...



Thursday, August 12, 2010

පුතෙක්...(ඒක දිග කතාවක්...අවුරුදු විසි හතරක්ම දිග...)

උදේ .....ට

දුවෙක් උපන්නා..
තාත්ත එහෙම ලියල තිබුන,
දිනපොතක..
මම දෑක්කෙ,
හුගක් ලොකු කාලෙ...
'පුත්තුත්' හම්බ වෙයි,
තාත්ත එහෙම හිතන්නෑති..


මම හුගක් පොඩිකාලෙ,
තාත්ත ලොකු කාලෙ..
මම රන්ඩු උනා...
"ලොකු අයිය ආස පුතෙකුට"
නෑන්ද කියනව,
මට ඈහුන....
"පුතෙක් වෙන්න පුලුවන් නම්" මට හිතුන....


තාත්ත,
හෑම දේම මට දුන්න..
නින්ද යන කල් කීව අන්දරේගේ කතා,
මට තාම මතකයි,
ඒ ආදරේ සුවද...


ඒ උනත්....

පුතෙක් නෑති අඩුව ,
ඒ හිතේ
තියෙන්නෑති....


අම්ම ඒ වගේ නෑ,
පුතෙක් නම් ඕන නෑ....
මට හරිම ආදරෙයි...
හෑමදාම මම හිතුව...
අවුරුදු විසි හතරක්ම...



උපාධිය හමාරයි...
මම හරිම සතුටින්,
හරිම පොඩි කාලෙකට...
අපේ ගෙදර..
අම්මගේ,තාත්තගෙ උනුහුමේ....


තේ දලු නෙලන ලද....
ඈයත් එක් ගෑහෑනියක්...
තවත්,
දරු ගෑබක් වඩා හිදි...
අපේ ගෙදරට ආපු...
අම්ම හරි සෙනෙහසයි
මහ හුගක් සලකනව..
ස්වාමියා හොරෙක්ලු...

මම නම් පතන්නෙ,
පුතෙක්ම ලෑබෙන්නට..
අම්ම කියනව මට ඈහුන,


"හොරෙක් උනත් පුතෙක් නෙ"...


හීනයක් වගේ මට,
හිතුවෙවත් නෑ මම...

ලෝකෙටම වටිනා...
එහෙත් "නොවටිනා"
ගෑහෑනියක් මම
තවත් එක...

කොපුල් තල තෙමුනා හොදටෝම...
"පුතෙක් වෙන්න ඈත්නම්" මට හිතුන....
ආයෙමත් ....

අම්මේ,

මතු බවෙක....
හොරෙක් වී හෝ පුතෙක් වෙන්නෙමි ඔබට...
මගේ අම්මාට...


Wednesday, August 11, 2010

සිවු වසක සිහිනය...

අවසානයක් එලඹ...

තවත් එක් ඈරඹුමක් අස...
සිවු වසක සිහිනය
නිමාවිය....

පාවෙලා ඔහේ ගිය
වලාකුලු මීදුම් ජීවිතය
නිමාකල දවස එලඹින........

 
මිතුරු දම් සබෑදුනු,
එක්ව කී කතා දොඩමලු

සදා රෑවු දෙනු ඈත හදෙහි....
විහග තුඩු අගින් කල
ගීතයක් වම.....


උගත් දෑ,
ඉගෑන්වු දෑ
බොහෝ විය...

හමුවූ අය බොහෝය...
කී දෑ,
නොකී දෑ බොහෝ විය...

මහත් වෑර යොදා,
බෑරෑරුම් වචන පොදි,

කඩදාසි කොලවල,
අග සිට මුලට,


මුල සිට අගට ගලපා,
රෑ දාවල නොබලා,
එලි කලෙමි සිහිනය...

යලි සිහින නොපෙනේය,
එලි කල සිහිනයද ගෙන,
මගේ දෙපයින්,
මග බෑස යා යුතුය....


දෑන් ඉතින් දහවලය...


Sunday, August 8, 2010

කහ පාට මල්...


ඒ ගහේ මල්,

හෑමදාම තිබුන...
මම
ඒ මල්,
හෑමදාම දෑක්ක...
තනියමම යන යනකොට...

අද
ඒ ගහේ මල් නෑ..
නෑත්නම් දෑක්කෙ නෑ...
බිම බලන් ගිය හින්ද...

ලෑජ්ජාවට ද මන්දා...
මල් ඔක්කෝම,
පාර පුරාම බිම...
පෑගුවේ නෑති උනත්
නොදන්වාම හිත රිද්දගෙන...
නම නොදන්නා හේතුවකට...

Saturday, August 7, 2010

(උපාධි) පින්තූරය...

හිස් පේලි අතරින් ,

දුවන ඔබේ නෙතු,
බෝම ආඩම්බරයි.....
උපෑස් යුග පලදි නෙතු,
තව මාව හොයනවා....

එක වගේ මුහුණු'තර,
මගෙ මුහුන දුටුව කල...
බොහෝ ආඩම්බරෙන්,
සින සෙන ඔබේ නෙතු...


රාමු කරනට හොද තෑනක්,
කලබලෙන් හොයන ඔබ...
නොකීවාට
මුහුනේ දිසෙන,
මහා ආඩම්බරය,
මට සවිය ගෙනෙනවා....
මේ ,
ඔබේ වීරියේ සOකේතයයි....
අපිරිමිත සෙනෙහසේ සටහනයි....

Friday, August 6, 2010

ඉරිසියාකාර සිත....

දිමුතු දසන්,

දුටුවෙමිය....
සෑලිනි සිත....
නොදනීය නුඹ....

නීල මිණි දෙනෙත්....
සරාගික....
නුරා නාදලු දොඩමලු...
මුන ගෑසෙත නිතොරම....

අන් සතු වතක සිත රෑදෙන,
මෙතෙක් නොලියූ කවට,
හෑඩකාර පද සොයන,
කෝඩු නොවනා සිත....

සොරාගත් කවියක්ව වත් ,
මා ලඟින් රෑදෙයි නම්,

කොයි තරම් අපූරුද...

කාලෙකට පස්සෙ....

මම,



ඔය හදවත පුරාම ඉන්නවා


නුඹ කියුවා...


මම මුකුත් කියුවෙ නෑ...






නුඹ ගිහින්


දෑන් හුගක් කල්...






ඈගේ සුසුමින්,


පිරී ඈති ඔය හදවත..


හෑමදාම කවුරු හරි ඉන්න...






මගේ හදවත,


හිස්ම හිස්


තාමත්....

අසම්මත....


හිතවත,



නොහිතුවෙමි...


හමුවෙතෑයි...


නේක කවි ලියවෙතෑයි...






නොහිතු දෑ සිදුවිනිය...


ආගන්තුකයෙකුට ලෙන්ගතුව...


හදවතක් සසෑලින...


පෙර බොහෝ දෘඩ...






සම්මත ලෝකයක,


අසම්මත දෑ සිදුවෙත..


සම්මතයෙන් අසම්මත,


දෙහදක් වීය දොඩමලු....






ජීවිතය ජීවත් විය යුතුය...


තව සොදුරු දෑ,


බොහෝ සිදුවිය යුතුය...


අප අතර....

Thursday, August 5, 2010

බකමූණෙක්...

අත්තක් උඩ බුම්මාගෙන...



කටු රෙද්දක් පොරවා ගෙන...


සෑර මූණක් පෙන්නාගෙන...


ආසම නෑ මන්...

හරි නපුරුලු...



කපටියෙක්ලු...


හොදම නෑලු....


ඈහුවා නෙව මන්....



කතාවකින් මනින්න බෑ,
දෑකපු ගමන් හිතන්න බෑ...
සිනාවකින් කියන්න බෑ...

මනුස්සකම් මිනිස්සුන්ගෙ...



නොහිතුවාට,
නොදැනුනාට,
බකමුණත් අහින්සකයි....
මම දන්නව දෑන්...









ඈය නොවෙමි...

ඈ තබා ගිය මතකයට මුවා වී,


මා තුලින් ඈ සොයන,


ඔබ දෙනෙත්....


මා සුසුම් වල දුක තවරනා


ඔය බෑලුම්...


බෑ තවත් ඉවසන්න....






ඔය දෙනෙත් දෙස බලා ඉන්නෙමි...


මා තුලින් මා දකින තෙක්...


දෑතම විහිදා විත්,


සෙනෙහසින්...


ජීවිතය වෑලද ගන්නට....


බලා ඉමි...


ඈද හෑලෙන තෙක් අලුත් වරුසාව ....






මම ඈය නොවෙමි...






මම මමය...

Tuesday, August 3, 2010

STARDUST....

තරුවක් පොලොවට කඩාගෙන වෑටිලා..හොරාටම.කවුරුවත් දන්නෙ නෑ.මිනිස්සු සල්ලි හොයන්න වෙහෙසෙන නිසා තරු දිහා බලන්නත් දෑන් වෙලාවක් නෑ.ඉස්සර, අපි පුන්චි කාලෙ රෑට අහස දිහා බලාගෙන ඉන්නවා.ඒ ගෙදර ඉස්සරහ තියෙන ගල් වෑට උඩ ඉදගෙන...
හද පායලා තියෙන කොට ලස්සනයි කියල අනිත් අය කියුවට මට ලස්සන තරු පිරුනු, හද නෑති අහස...තරු වලින් විතරක් පිරුනු අහසෙ තියෙන අදුරෙ අමුතු සුන්දරත්වයක් මම දකිනවා.හිටපු ගමන් තරුවක් පොලවට කඩාගෙන වෑටෙනවා.
"ඒ තරුව කොහාටද වෑටෙන්න ඈත්තෙ අම්මෙ?".මම අහනවා."හුගාක් දුර පුතේ".අම්ම කියන්නෙ හරියට මම ඒ තරුව හොයන්න යයි කියල බයෙන් වගේ.ලග පාතකට වෑටුන නම් හොයන්න හිතාගෙන තමයි ඈත්තටම මමත් අහන්නෙ.
STARDUST Film එක මම බෑලුවෙ මේ ලගදි.ඈත්තටම ඒ film එකේ තියෙන්න වගේ තමන්ගෙ හිමි කරයා හෝ හිමිකාරිය තරුවක් වෙලා පොලොවට කඩාගෙන වෑටෙනවා නම් කොච්චර අපූරුද?එහෙනම් මේ මගුල් කපුවන්ට,සති අන්ත පත්තර වලට හරිම පාඩුවක් තමයි වෙන්නෙ...

film එකේ තියෙන දෙබසකින්ම සටහන අවසන් කරන්න හිතුනා.මේ කතාව කියන්නෙ අර පොලොවට කඩාගෙන වෑටුන තරු කුමාරිය...මම අහල තියෙන ලස්සනම ආදරය ප්‍රකාශ කිරීම තියෙන්නෙ මේ වචන වල.මේ වගේ ආදරයක්..... ???????????


"Do you know when I said I know very little about love? It was not true. I know a lot about love. I have seen it .I have seen centuries & centuries of it. It was the only thing that made watching your world .All those wars, pain, lies, hate…may be I want to turn away and never look down again. But to see the way that the man kind loves. I mean you can search furthest reach of the universe and never find anything more beautiful. So, yes I know that love is unconditional. But I also know that it can be unpredictable, unexpected, uncontrollable, unbearable and what I’m trying to say tristan is, I think I love you….my heart can barely contain it. It does not belong to me anymore & it belongs to you & if you want it,I’d wish for nothing in exchange. No gifts, no goods, no demonstration of devotions nothing but knowing that you love me too.Just your heart in exchange of mine…."

එක අතකට ඉතින් මේ වගේ ආදරය කරන්න පුලුවන් සුරන්ගනා කතා වලම තමයි......

ආගන්තුකය..........

ඇහැල මහටත් දෑනෙන,

නුහුරු සීතල කෑටිව,

බමර කුලයේ හීන ,

හිත යටට තුරුලු වෙයි

නොනිදි රෑය බෝ දිගයි,
සද එලිය කලුවරයි....
පෝය නික්මිනි විගස,
අමාවක අත වනයි.........

අතීතය,
මද හසට විරසක..
සිනහවෙන් සරසන්ට,
මග කියූ,


ආගන්තුකය.........



තියා ගන්නට මතක,
නොආවෙමු
දිගු මගක්...........

ඒත් ඒ මතක බිද,
හොවා රකිනෙමි,
ඈහි පිල්ලමක් යට........
බොහොම සෙනෙහසින්........

මම මා දැකීම........

මම,

මාව සෙවුවෙමි....

හමුනොවින....


 අහම්බෙන් මට,


නුඹව හමුවුනි....

 
මා සෙවීම අතෑර,


නුඹව සෙවුවෙමි...

නුඹ තුලින්,


මට මාව හමුවිය....