මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, January 29, 2011

ඇයගේ සයවැනි ප්‍රේමය සහ ඔහුගේ පලවැනි ප්‍රේමය(Her sixth love & his first love)

පසුතලය:-ලස්සන Flora

චරිත:-ශෙරීන් සහ පැටිකිරි කෝරාලගේ ධර්මේන්ද්‍ර කොබ්බෑකඩුව

මම එයාගෙ පාදයක් ලගින් මගේ කකුල තිබ්බා.මගේ කකුලෙ තිබුන සපත්තුව එයාගෙ පාදවල තිබුන සැන්ඩ්ල්ස් වලට ගැලපුනෙ නැහැ .කඩේ තියෙන මිලාධිකම ගැහැනු සපත්තුව සහ සාම්ප්රනධායිකම පිරිමි සපත්තුව කියල හිතන්නකො.බැදල නෑ...බදින්න කියල තමයි ඉන්නෙ.මට තිබුනෙ සෘණ ස්වයන් තක්සේරුවක්.පුන්චි කාලෙ ඉදලම.මට ඉගන ගන්න බෑ කියල මම හිතන් හිටිය.ඔහු මේ වෙලාවෙ ඉන්නෙ මගේ කර වටේ ඔහුගේම වූ තනි කලුපාට අතක් යවා මාව ඔහුගේ ඇගට හේත්තු කර ගනිමින්.ඔහු මට පහදා දෙමින් සිටිනවා සම්ප්රතධායික විවාහයක වැදගත්කම.ඔහු නිලමේ ඇදුම සහ මා විසින් ඇදිය යුත්තාවූ ඔසරිය පිලිබදව....මම අදින්නට කැමත්තක් නැති සහ ඇදිය යුතු.... මම කැමතියි ලස්සන සුදුපාට ගවුමකට....රුසියානු සම්ප්ර දායේ ඇදුම් වලට මම කොහොමත් කැමතියි....ඒ ඇදුමෙනුත් උරහිස ලග ඉදලා දෙපා ලගටම වැහෙනවා කියලා මේ උගත් මෝඩ මොලයට තේරෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා....

යෝජිත ප්රේගම විවාහයක මා පැටලී සිටිනවා.මා ඉසින් පටලවා ගත්…මගේ ශරීරය ඉතාමත් සිහින් පැහැපත්....සුදුම සුදු...උස...හරියටම කියනවා නම් ඔහු තරමටම උස නිරූපිකාවකගේ ස්වරූපය...ඔහුගේ සිත නොවේ ඇස පැහැරගෙන තිබුනා.... ඔහු ඔහුගේ ඇස් වලින් අධික කැමැත්තකින් මා දිහා බලාගෙන සිටියා....ඔහුගේ කමිසයෙන් එන දහඩිය ගද මම ඉතා අකමැත්තෙන් දරාගෙන සිටියා.සමහර දහඩිය සුවදවල් තිබෙනවා.මාවිසින් විදින ලද...නමුත් මේ වතාවෙදී හෝර්මෝනත් හරස් වී තිබෙනවා සම්බන්ධතාවයට.

ඔහු කැමති නැහැ මම වෙනත් පිරිමියකු සමග වාහනයක ගමනක් යනවාටවත්..මම කියන්නෙ හැමදාම හැම අවස්ථාවකම නෙමෙයි.හදිසි අවස්ථාවකදී වත්....එවැනි අවස්ථාවල මම බොරු නොකියා ඇත්තත් නොකියා ‘Omitting the truth’ ස්වබාවයක සිටින්නට උත්සාහ කලා...

මම මගේ අප්පච්චීගෙන් මට නොලැබී අයියාට ලැබුනු තාත්තාගේ ආදරය ඔහුගෙන් බලාපොරොත්තු වුනා.අප්පච්චී කියන වචනයේම තියෙනවා දුරස්ථ බාවයක්...තාත්තාගේ ආදරය ඊට වඩා හිතට දැනෙනවා. තාත්තාගේ ආදරය ස්වාමිපුරුෂයාගෙන් ලබා ගැනීම අමාරුයි.එතන තියෙන්නෙ ඊට වෙනස් විදියක ආදරයක්.මම බලාපොරොත්තු වුනේ සුරතල් කිරීම්.ලැබෙන්නේ අප්පච්චීගේ නීති.

මම ඔහු තරම් පොත් කියවා නැහැ...නිකොලයි ගොගොල්...මහගමසේකර...මට වචන දෙකක්...නැත්නම් නම් දෙකක්.එයාලට ඊට වඩා හොද නම් දාන්න තිබුනා කියලත් මට වෙලාවකට හිතෙනවා.Gladiator shoes ගන්න ඕන කියල කියුවම එයා මගේ දිහා බැලුවෙ ඒ මොනවද කියල අහන බැල්මක්.

මම ඔහුට සුරතල් සත්වයෙක්.හරියට පූස් පැටියෙක් ඇතිකරන්න වගේ...මගේ අදහස් ඔහුට වැදගත් වුනේ නැහැ.ඔහු ගැහැනුන් ගැන උවමනාවටත් වඩා දැනගෙන හිටියා.පශ්චාත් උපාධිය "කාන්තා මනෝවිද්යාුව".එහෙත් සජීවී ගැහැනුන් සම්බන්ධ ප්රාශයෝගික පුහුනුවක් ලබා සිටියේ නැහැ.මම ඔහුගේ ප්රනථම ප්රේිමය සහ විවාහය.විවාහයට පස්සෙත් ප්ර්ථම ප්රේරමය ඇති වෙන්න පුලුවන් නිසයි එහෙම කියුවෙ. අවුරුදු 32ක් වයසැති පිරිමියෙක්,අවුරුදු 18ක ගැහැනු ලමයෙක් සමග විවාහ වීම...අපේ අප්පච්චි බොහොම කැමති වුනා.

අනිත් හැම යුවලක්ම බොහොම ආදරෙන්.ඒ හැම පිරිමි ළමයෙක්ම බොහොම ලස්සනයි.වැරදුනා, කඩවසම්....මේ සියල්ලම වෙනස්වෙලා මට ඒ පිරිමි ළමයෙකු සමග විවාහවීමට සිටින ගැහැනු ළමයෙක් වෙන්නට ඇත්නම්...මට එහෙම හිතුනා.



Monday, January 24, 2011

විලවුන් ....(Just another Perfume)

පුන්චි තෑග්ගක්...

ලොකු වෙනසක් කල...

///////////////////////

රසායනික සන්යෝග
සුවද සාදපු...
සරාගික...

//////////////////////

අතරින් දැනුන
ආදරය නම් වු
හැගීමෙහි සුවද....

//////////////////////

උනුසුම්ය...
සෞම්යය...
රලුය...
සිනිදුය...
සන්වේදීය...
පටුය..
පුලුල්ය

ආදරය....

Saturday, January 22, 2011

ලිපියක් සහ නන්දා....


අතීතය ටිකක් ඉතිරි වී ඇත...
වියලා ගත් හැගීම්,
කදුලු වලින් පොගවා ගත් විට
තාමත් තෙතය...

කොන්ඩිස් වාගේම...
අතේ ගෑවුනු විටද නොදැනෙන...
නමුත් තෙත් වුවාම දම් පාට...
මකන්නටත් අපහසු....

නන්දාට ලිපියක් හමුවීය...
අල්මාරියේ කොනකට...
ඉස්සර වීසි කල....
කඩදාසි තාමත් ඒ සුවදමය....

අපේ රටේ පොලිසි සහ කැම්පස්....

මේ මතෘකා දෙක කිසිම විදියකට එකිනෙකට සම්බන්ධ නෑ කියල තමයි එකපාරටම ඕනම කෙනෙකුට හිතෙන්නෙ.ඒත් අපි නොදකින සම්බන්ධයක් තියෙනවා.මේ දෙකම රාජ්‍ය ආයතන.මේ ලියමනේ මාතෘකාව ලන්කාවේ රජ්‍ය ආයතන කියල වෙනස් කරන්නට තිබුන නම් හොද වුනාට එහෙම වෙනස් නොකලෙ මම මේ ලියන දේ අත්වින්දෙ පොලිසියෙ මහත්මයෙක් ගෙන් සහ විශ්ව විද්‍යාලයේදී පමණක් නිසා.

ඔන්න මම ලගදි දවසක් කැම්පස් එකට ගියා.ඒ ගියේ  convercation එකට අදාල ලියමන් වගයක් පුරවලා දෙන්නට.උදේ පාන්දරම ගියේ.හොස්ටල් එකෙන්,පුස්තකාලෙන් සහ පීඨාධිපතිගෙන් අත්සන් ගන්නට තිබුනා,මම විශ්ව විද්‍යාලයට ගෙවීම් කරන්නට නැති බවට.මේ ලියන්නෙ ඒ අතරෙදි අත්විදපුවා.එක office එකක කාන්තාවක් තේ බීලා ඉවර වෙනකල්(අනිත් මේසයේ කාන් තාවක් සමග කතාකරමින්)පෝලිමකට වී බලාගෙන සිටියා තවත් ළමයින් රැසක්ද සමගින්.තවත් තැනකට යනවිට උදෑසන ආහාරයට පසුව තවත් ගැහැනියක් තොල් ආලේප තවරනවා.ඒ තොල් ආලේපනය මගේ විනාඩි 10ක් පමණ ආහාරයට ගත්තා.තවත් ළමයින් පිරිසක්(මොවුන් දැනට රැකියා කරන අය ) trasnscript එක ලබා ගන්නට ඇවිත් හිටියා.එයට අදාල නිලධාරියා ඇවිත් නෑ කියල ඔවුන් ආපසු හරවලා ඇරියා.දැන් ඒ ළමයින් තවත් නිවාඩුවක් ගෙන තවත් දවසක පැමිනිය යුතුයි.අදාල නිලදාරියා නොමැති දවසට වැඩ බලන්නට තරම් පුහුනුවක් ලද වෙනත් නිලධාරියෙකු සිටිය යුතු නැද්ද?

කොහොමින් කොහොමින් හරි වැඩටික ඉවර කරගෙන පාරට බැස්සා කියමුකො.බස් එකේ යන්න වෙලාව මදි නිසා 3රෝදරියකට ගොඩවුනා.අපි ටිකක් දුර යනකොට පොලිස් නිළධාරිතුමෙක් බයිසිකලයකින් අපේ ඉස්සරහින් යනවා.හරිම හෙමින්....ඉබි ගමනින්...3රෝද රියේ රියදුරුතුමා නලාව නාද කලා.මෙන්න පොලිසියේ මහත්මා 3රෝදරිය නවත්වන්නට සන් කලා.එක පාරටම කිසිම හේතුවක් නොමැතිවම රියදුරාට බනින්නට පටන් ගත්තා.

රියදුරාට කියන්නට හේතු බොහොමයි.මටත් අහන්නට හිතුනා නලාව නාද කරන්නෙ නැතුව ඉස්සර කරන්නෙ කොහොමද කියලා.අහන්න දේවල් බොහොම හිතේ තියගෙන අපි කතාව අහගෙන හිටියා.දැන් රියදුරා බැගෑපත් වෙනෙවා දඩ කොලයක් ලියන්නට එපා යැයි කියමින්.මට තනියම හිනා.මිනිස්සුත් වටවෙලා බලාගෙන ඉන්නවා.ඒත් පොලිසියෙ මහත්මාට විරුද්ධව මුකුත් නොකියමින්.මේවත් මාර ආණ්ඩු තමයි.දැන් ලන්කාවේ වාහන සියල්ලම පොලිස් නිලධාරීන්ගේ වාහන පසුපස යා යුතුයි.ඉස්සර කිරීම සපුරා තහනම්.මේ අනිත් කාන්ඩෙටත් දැනගන්න එක්කලා තමයි ලියුවෙ....ඔන්න මීට පස්සෙ වාහනේක යනවනම් පොලිසියෙ බයිසිකල් පිටිපස්සෙන් යන්න.... :-D

Thursday, January 20, 2011

හදිසියේ විවාහ වී නිවි සැනසිල්ලේ පසුතැවීම....

ඉනික්බිති...

Lived Happily Ever After
වූයේ නැත...


ඔහුගේ පැරණි පෙම්වතිය
පැමිණි....
රැකියාව කල තැනට ඔහු...
අවුරුදු ගනනක් බලන් හිද...
අත්හැර දමන ලද...
පලමු ප්‍රථම ප්‍රේමය....

කොලයක ලියන්නට කවියක් ඉතිරි නොකරම

හදවතද...
ඉන් පසුව හිතද,
අනතුරුව ගතද
වීය ඉක්මන්...
අතැර යන්නට නොදී....
ඉස්සර ගියා මෙන්...

අලුත ගෙන ආ මනාලිය....
තැනූ කඩදාසි ඔරුව
දියබත් වීය තොටුපලට පෙර...
මහා වැස්සෙන් තෙත බරිතව....

ප්‍රථම ප්‍රේමය දළු ලා මල් ඉපදීය
ඒ වැස්සෙන්ම ....
මනාල මහත්මාගේ....

Wednesday, January 19, 2011

ඉනූ සළු......

පෝදාට කලියෙන් වලා සළු ඉනූ සදවත.....
එතකොටයි දැක්කේ මහ ගොඩක් ආවාට...
ආවාට පිරී නැත තාම...
බාගෙට එන එලිය...
කලුවර මැකෙන්නෙත් නැතිය හරියට....

පෝය දාටම දුටුවානම් අගේමය...
වලා සළුවෙන් වැහුන,
කට්ටම කලුවරත් සුන්දරය...
එක එලි බිදක් වත් නොදෙන...

Tuesday, January 18, 2011

සාමා ගේ කවිය...

සල් ගහේ මල් තාම පිපිලා....


අමර...
ඔයා ඉස්කෝලෙන් ටවුමෙ ඉස්කෝලෙට ගියාම
සල් ගහේ මල් පිපුනෙ නෑ...
මම හිතුව ගහ මල් වරල කියල....

මනාලිය වෙන දවසටත් මට සල් මල්පොකුරක් ඕන...
මම අපේ සල් ගහේ මල්වලින් මල් පොකුර හැදුවට කමක් නැද්ද?????

Wednesday, January 12, 2011

FB චරිත හෙවත් Different Characters.....


ඔෆිස් එකේදි මූණවත් බලන් නැති එක්කෙනෙක්,
ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවල...
මාත් කමන් නෑ කියල ඇක්සෙප්ට් කලා....
කතා නොකරට දැකල තියෙනවනෙ කියල....
ඇක්සෙප්ට් කරපු වෙලාවෙ ඉදල දිගටම චැටින්ග්...

විස්තර
කොහෙද ගෙවල්????
මොනාද හොබීස්?????

ඊට පහුවෙනිදත් මූණටම හම්බවෙල
මූණ බැලුවෙ නෑ...

ඇත්තටම,
FB එක ඇතුලෙ මේව
වෙනස්ම චරිත....


ආදරණීය ඇනොනිමස්ට,

මටත් නමක් නැතුව ,
අයිඩෙන්නිටියක් නැතුව ,
ඉන්නට ලැබුන නම්,
කොයි තරම් දේවල් කරන්නට තිබුනද....

ලියන්න බැරිව,
කියන්නට බැරිව
කොයිතරම් දේවල්
මගෙ හිතෙත් තියෙනවද....

හිතේ ඇති දේ කියන්නට,
නමක් නැති
පිට කොන්දක් නැති
ඇනොනිමස් කෙනෙක් උනා නම් කොයි තරම් නම් අපූරුද....

මෙහෙණියක බණ කීම....

හැමදාම බණ අහන,
බණ වල ගුණ කියන,
බෝඩිමේ ඇන්ටී,
බණ අහපු නැති දවස.....

Sunday, January 9, 2011

සෙනෙහස සහ ප්‍රේමය....

මල් පිපුනෙ නැති සෘතු වල සුවද සැලුවේ ඔබය....
කුණාටු සැඩ සුලන් කල සෙවන සැදුවේ ඔබමය...
මහා වැසි වැටුන දින මා නොතෙමා තෙමුනේ ඔබය....
ලෝ දනා සරදමින් බැලු කල සෙනෙහසින් මා තුරුලු කොට සිටියේ ඔබය....
ජීවන මග දිගට අත්වැලක් වූයේ ඔබය...
සෑම බවයක මගේ අම්මා ඔබමය...
අම්මාට සෙනෙහසින් ඉමි මම...
හැමදාම...

දැන් ඔහු පැමිණ ඇත...

මල් පිපෙන් නැති සෘතු වල ඔහු සුවද සලනු ඇත...
ඒ වෙනත් සුවදකි....
මෙතෙක් නොවිදපු....
කුණාටු සැඩ සුලන් කල ඔහු සෙවණ සදනු ඇත...
මහා වැසි වැටෙන කල මා නොතෙමා තෙමෙනු ඇත...
ලෝ දනා සරදමින් බැලු කල මා තුරුලු කොට සිටිනු ඇත...

මා ඔහුට පෙම් කරනු ඇත...
ජීවිතේ ඉතිරි අඩ...

Friday, January 7, 2011

ඊයේ ගිය මගුල් ගෙදර හෙවත් ඉස්සර ප්‍රේමයේ මළ ගෙදර........

මනමාලිය ලස්සනය...
මනමාලයා ලැජ්ජාශීලීය...
මනමාලියගේ යෙහෙලියගේ විඩාපත් මුහුණ ....
ඇයත් නරකම නැත...

හැතිරිය...
බලන හැටි,
මට නුදුන් දුව දෙස....
බොහොම ආඩම්බරෙන්....
ඒ මනාලියගේ අම්මාය....

රෑ පුරා මට හුගක් මතක් විය...
මධුසමයෙ හීන ගැලපූ අතීතය..

ඊයේ රාත්රිය...
නුඹ අඩවන් නෙත් ඇතිව ඉන්නට ඇත...

මම රතුවන් නෙත් ඇතිව...
මධුවිතෙන් සපිරිව...

සහබාගී වීමි...
 ඉස්සර ප්‍රේමයේ මළ ගමට....

අවර්ණ ඇදුමක්....

කලුපාට
සන්කර......

සුදු පාට
චාම්......

රතු පාට
සෙක්සි....

ගොම කොල
ඩල්...

පාටක් නැති ඇදුමක් නැද්ද හැබෑටම....
කාටවත් නොපෙනෙන්ට....

පිටතින් බැලීම සහ ඇතුලතින් දැකීම...

පිටතින් බැලූවිට,

ඔබ කිසිම කිසිදෙයක් ගනන් නොගන්නා මිනිසෙක්...

මම චපල ගැහැනියක්....
ඇය සන්වේදී අවන්ක තරුණියක්....
ඔහු සත්‍ය ප්‍රේමවන්තයෙක්...

ඔබ රූපත් ගැහැණුන්ට පෙම් කරයි...

(මේ ප්‍රේමය සම්මත රාමුවේ අර්ථ දැක්විය නොහැක )
මම හැමදේම හැරපියා යන කෙනෙක්...


අප අප දෙස ඇතුලතින් බැලූ නිසා...

අදටත් අපි ආදරෙන්.....

Thursday, January 6, 2011

රට්ටුන් කී නිසා..........

නොකලෙමුය....

කලේ යෑයි අනිත් අය කීවේය.....
රට්ටුන් කී කතා රටම පිලිගති....
නොකල දේ ,කලා යෑයි,
පිලිගතිමු....
රට්ටුන් කී නිසා.....

Wednesday, January 5, 2011

අතීතය.....



සෙල්සියස් 71 දී ඔබට සීතලක් දෑනුනාද....
ඔබේ විලවුන් සුවද ඈගේ ඈදුම් වල රෑදුනාද....
ඈය සමග දොඩමලු වුනෙත් මේ අවන්හලේමද.....
ඇයත් මේ විදියටම හිස තබා සිටියාද?????????
පුලුල් උරතලය මත......

නිශායම නිදිමතට පෙර දෑනෙන,
ඔබ සමග දොඩමලු වීමේ උවමනාව,
ඇයටත් මේ විදියටම දෑනී ඇත.....

She had loved the little crinkle in your nose when you're looking at her like she is  nuts.....
She had loved you  when it takes you an hour and a half to order a sandwich.....

 කොහොමටත්....
ඇය ඉතා ප්‍රබලව ඒ කවිය ලියා ඇත...

මට දුක හිතෙන තරමට......

Tuesday, January 4, 2011

කවියෙක් සහ කවියෙක් නොවූ මිනිසෙකුගේ වෙනස...

හුගක් අය කියනවා මගේ කවි වගේ මගේ හිත සුන්දර නෑහෑ කියල....මම එච්චරම සන්වේදී නෑ ලු....මට තේරෙන්නෙ නෑ කවියක සුන්දරත්වය මගේ හිත ඈතුලට ඈතුලු කරගන්න ඕන කොහොමද කියල...මම ලියන්නෙ මගේ හිත ඈතුලටම,හදවතේ පතුලටම දෑනෙන දේවල් විතරයි.


කිසිම කවියෙකුට,නවකතා කරුවෙකුට,කලා කරුවෙකුට බෑහෑ තමන්ගේ නිර්මාණ ආහාර කොට ගෙන ජීවත්වෙන්නට...

ඔවුන් මේ මහ පොලොව මත පය ගසා ජීවත්විය යුතුයි...නවකතාවක කතා නායකයා තම බිදුනු ප්‍රේමය වෙනුවෙන් දිවිතුරා අවිවාහකව සිටියාට ඒ නවකතාකරුවා එසේ සිටිය යුතු නෑහෑ..ඒ වගේ තමයි අනිත් හෑම දෙයක්මත්....
 
කලාකරුවෙකුගේ චින්තන රටාව සම්ප්‍රධායික නොවුනත්,ඔහු සම්ප්‍රධාය තුල ජීවත් විය යුතු වෙනවා ජීවිත කාලය තුල....
 
මේ කවිය ලියන්නේ කවියෙක් සහ කවියෙක් නොවූ මිනිසෙකුගේ වෙනස පහදන්නට...
 
කවියා,
තෝඩු නෑති දෙකන් පෙති සුමුදු බව

දෙනෙතින් ස්පර්ශ කර
සුසන්වේදී සිතින් ගෑඹුරෙන්ම විදිනු ඇත...

කවියෙක් නොවූ ඔහු දෙ අතින් ස්පර්ශ කර
රලු අතින් මතුපිටින් විදිනු ඈත....

කවියා,

විදුලිය ඇති රෑයක,විදුලි එලි නිවා හෑර
ඉටිපහන් දෑල්ලක නුරාගික බව විදිනු ඇත...

කවියෙකු නොවූ ඔහු,
විදුලිය නෑති රෑයක දල්වන්ට,
පෑට්‍රෝල් මෑක්ස් එකක් ගෙනෙනු ඇත...


එහෙත්,

කවියාද...
කවියා නොවූ ඔහුද...
මේ මහ පොලොව මත,
එකම ජීවන චක්‍රය ගෙවනු ඇත...

BOOT ලද ඒක පාර්ශවික පෙම්වතාගේ 2011 අවුරුදු පෑතුම....

ජීවිතය නෑවෑත්විය නොහේ....

ඔබ නෑතෑයි....
ලියූ කවි මෑකූ මුත්,
නොමෑකේය මතක.....


ජීවිතය යලි පටන් ගත යුතුය...
තව ඇයක් සොයා යා යුතුය...

"ඒ ඇය ඔබ වෑනි නොවේවා...."