මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, April 25, 2011

Tonight....

නිදි වරන්නට


නිමිත්තක්...

මධුවිතක් නැති,

මත්බවක්....

ගිනි උදුන ලග,

සීතලක්...

හැමදාම සිනාසෙන මුව අගින්,

නුපුරුදුවු සිනාවක්..

Thursday, April 7, 2011

පේටන්ට්....

පැලැස්තරයක්...
වේදනා සලකුණු වසන්නට....
නොපෙන්නා තුවාල වල...

මිලට ගනු නැති....
නේක පැහැයෙන්...
හැඩයෙන්...

සොබා දහමෙන්...
නොමිලේම...

නමුත්....
ඇස් වලිනුත් සිනහ විය යුතුය....

කවි පොත

කවි කල පසුව

හිතේ නැත
පාරවන්නේ නැත...
"ඒ කොච්චර ඉස්සරද...
මට මතක නැත..."
කවි පොතේ මුලම පිටුවක....
සිටිය යුතුය ...
"ඔය කියන විදියට..."

බය නොවනු මැන...
කොයිතරම් පැරණි වුව....
කවි පොතේ ඇත...
සියලුම චරිත...

Tuesday, April 5, 2011

නොපෙනෙනා පැතිකඩක්...පෙනුනාත් නොදැක්කාමෙන් සිටින....

සටහන:-මේ සටහන කියෙව්වම ඔයාලට හිතෙන්නෙ මොනවද කියල පුන්චි සටහනක් තියන්න පුලුවන් නම්....ඒක මට හුගක් වැදගත්....ස්තුතියි බොහොම...

සදපා හිටියෙ කොන්ඩෙ කපලා.සෑහෙන උස සිරුරකුත් පිරිමි ලමයෙකුට ගැලපෙනෙ සිරුරකුත් සදපාට තිබුනා. හරිම හැන්සම්...එහෙම හිතෙනවානම් ගැහැනු ළමයින්ට....


සදපා පිට්ටනියෙ හරිමැද හිටියා...එයා දැනගෙන හිටියා තමන් දිනලා බව.උස පැනීම,මීටර් 400....සදපා දිනලා තිබුනා.බලාගෙන හිටියෙ යකඩ කට ඒ බව කියන කල්.යසෝදා අක්කා ලග ඉන්න වෙලාවක කියුවොත් හොදයි.යසෝදා තමන් ගැන කියන දේවල් විශේෂයෙන් අහගෙන නොඉන්න බව දැනගෙන හිටියට මොකද සදපාට වුවමනා උනා තමන්ගෙ දක්ෂකම් ඇහෙන තැනක යසෝදා අක්කා ඉන්නවා දකින්න.

පිට්ටනිය මැද තිබුන අවුකාශ්ඨකේ සදපාට දැනුනෙ නැති වුනාට සියුමැලි ගැහැනු ළමයිනට දැනෙන බව සදපා හිතුවෙ නැහැ.තමනුත් ගැහැනු ළමයෙක් නේද කියලයි සදපාට ඒ වෙලාවට හිතුනෙ.යසෝදා අක්කා ඉස්කෝලෙම ක්රීතඩා නායිකාව නිසා ඒ වගේ වෙලාවක ඒවගේ දෙයක් අහන්න පිට්ටනිය මැද්දෙ අවු කාශ්ඨකේ කර වීමේ කිසිම වරදක් සදපාට පෙනුනෙ නැහැ...

උපතින්ම ගෙනාපු සියුමැලි නොවූ සිරුර මෙච්චර දුරක්..මීටර් හාරසීයක්ම දුවලා ඒ පයිනම උස පනින්නත් සහබාගි වුනේ එයාට පේන්නනේ....ඉතින් තරහ යන එක සාධාරණයිනේ සදපාට.ඔන්න යකඩ කට කෑ ගහලා කියුවා සදපා දිනපු බව.හීන් ආඩම්බරයක් මුසු සතුටක ඉරක් සදපාගේ මූනෙ සටහන් වුනා.ඒත් අනිත් ගැහැණු ලමයෙක් දිනුවා නම් ඇතිවෙන කටපුරා පිරි සිනහව සදපාගෙ මූනෙ තිබුනෙ නැහැ..

සදපාට තිබුන යසෝදා අක්කා එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්න ආසාවක්.කවුරුවත් නැති තැනකට වෙලා.අතින් අල්ලගෙන...ඉස්කෝලෙ ඇරිලා සදපා අක්ක එනකල් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ටිකක් එහාට වෙලා බලන් ඉන්න එක සදපාට කිසිම කරදරයක් විදියට පෙනුනෙ නැහැ.ඒත් යසෝදා අක්කා තමන් දිහා ඔරවලාවත් බලන් නැතුව අහක බලාගෙන යනකොට නම් ටිකක් විතර දුකක් දැනුනා.ඒත් මූදෙ ඉන්නෙ එක මාලුවද කියලා නම් හිතුනෙ නැහැ.යසෝදා අක්කගෙ පස්සෙන් බයිසිකලය පැදගෙන බෝඩිම ලගටම ගියා.ඉස්කෝලෙ ඇරිලා ගැහැනු ළමයි ටිකක් එක්ක නැතුව යසෝදා අක්කට තනියම යන්න බැරි ඇයි කියල සදපා හිතුවා. එතකොට ටිකක් කතා කරන්න හරි පුලුවන්නෙ.ඒත් මේ ගෑනු ගති.එහෙම හිතනවත් එක්කම නුරුස්නා හැගීමක් දැනුනා. තමන් ඒගොඩට වැටෙනවාට අකමැති ගතියක්….

සදපා ලාන්කීය සමාජයේ තවත් එක් ගැහැනියක්...සමාවෙන්න යුවතියක්....

කහපාට-කන්ද-පැතුම-හාදුවේ

කන්ද නැගගෙන කහපාට මල්පොකුර...

ගෙදරටම ඇවිදින්....

උපන්දිනයට...

කොලයක ලියූ සුබ පැතුම

සුවද පමණය...

හාදුවේ උණුසුම නොමැත...

Monday, April 4, 2011

හිස්....

කදුළු ඉනුවට
පුන්චි දේටත්...
මල ගමට හඩන් නැත...
එතකොට ගිහින් අහවරය....

දනිමි....
දුර ඉදන් බලන් උන්නාට...
ආයෙ එන්නට නොහැකි බව ...

ඔබ යන්න...
සිනහවී
අතවනා ගෙන...

හමුවෙමු...
තවත් ගමනක...
අතර මගකදි....



Saturday, April 2, 2011

වරම්......


හත්පෙති මල හත්පෙති මල....
මට ඕනෙ
මම ලියපු කවිපොත පල කරන්න....

හත්පෙතිමල හත්පෙතිමල...
මට ඕනෙ
ඊයෙ තරගය
ලන්කාව දිනන්න....

හත්පෙතිමල හත්පෙතිමල...
මට ඕනෙ
මම ගිය ආත්මෙ කවුද බලන්න...

හත්පෙතිමල ,
මට ඕනෙ...
එයාට මාව විතරක් ලස්සනට පේන්න...
හත්පෙති,
මට ඕනෙ....
ජපානෙ සකුරා මල් ගස් යටින්
දෙවොන්දරා සo එක්ක ඇවිදන් යන්න...

හත්පෙතිමල,
මට දෙන්න
හුග කාලෙකට කලින් නැති වුන...
ඉතියෝපියාවෙ මගේ යාලුවව....

හත්පෙති...
මට දෙන්න...
හැමදාම අම්මයි තාත්තයි ලග ඉන්න....

හත්පෙති...
දැන් අපි යාලුයිනෙ...
මට දෙනවද...
තව එකක් වැඩිපුර....


ලස්සන මනාලියක් වන්නට ....

මනමාලියක්...මම ගැහැනු ලමයෙක් වුනාට පුන්චි කාලෙ ඒ වගේ හීනයක් මගේ හිතේ තිබුනෙ නැහැ.ජීවිතේ ගැන වැඩිපුර හීන තියාගත්තු නැති කෙනෙක් මම.මගේ හිතේ තිබුන කවද හරි පොතක් ලියන්න ඕනෙ....වගේ හීන....හීන කුමාරයෙක් හිටියෙ නෑ ඒ හීනවල…..

ඒත් දැන් කුමාරයෙක් හීන ඔක්කොම ආක්රනමණය කරල....හීන වලට එහෙම බලෙන් ඇතුලු වෙන එක වරදක් කරන්න බැරිද දන්නෙ නෑ .ලන්කාවෙ නීතියෙන්….මේක ආදරය ගැන ලියවෙන කතන්දරයක් නෙමෙයි.

ලන්කාවෙ කොලඹ පුරවරයෙ මනමාලියෙක් වෙන්නයන ඕනම යුවතියක් මුහුණ පාන සිදුවීම් තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ.අය වැය පක්ෂයෙන්...

ඕනම ගැහැනු ලමයෙක් කැමතියි ලස්සන වෙන්න.ඒ වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්නත් කැමතියි.මොකද කිසිම ගැහැනු ළමයෙක් කැමතිනැහැ තමන් විවාහ වෙන්නට යන පිරිමි ළමයා(ළමයින් විවාහ නොවනා බව දන්නා නමුත්)වෙන ගැහැනුලමයෙක්ට ලස්සනයි කියනවට.ගැහැනු ළමයින් හරිම ඉරිසියා සහගතයි....:))))

මම ගියා ලන්කාවෙ හොදම නමක් තියන මනාලියන් සරසන පුද්ගලයෙක් ලගට.ඔහු/ඇය ඉතාමත් ලස්සනට උඩරට මනමාලියන් සරසනවා.

ඔහු/ඇයගේ අයකිරීම් මෙහෙමයි...

මනමාලිය සැරසීම:-35000

එක් යෙහෙලියක්:-9000

මල් කුමරියක්:-3000

සාරි ගන්නට පුලුවන් නම් කරන කඩසාප්පු වලින් පමනයි....ඇදුම් මසන්නට පුලුවන් එක් පුද්ගලයෙක්ගෙන් පමණයි.

ඇදුම් මසන්නට යන වියදම්:-(මහුම් කුලිය )

මනාලිය:-7500

යෙහෙලියක්:-9000-10000

මල්කුමරියක්:-5000

මේ රෙදි සදහා යන වියදම් හැර....

රූපලාවන්යද ආයතනයටත් 50000-100000 අතර මුදලක් අනිවාර්යයෙන්ම වැයකරන්නට වෙනවා.මේ අනිකුත් සියලු වියදම් හැර ලස්සන මනමාලියක් වෙන්නට පමණක් යන මුදල....

අපි කොයිතරම් ඉගනගෙන තිබුනත්...කොයිතරම් බුද්ධිමත් වුනත් මෙතනදි අපි හැගීම්බර වෙනවා.මොකද විවාහය කියන්නේ.....

හැගීම් සමග කරන ගනුදෙනුවක්.....