මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, June 28, 2011

අ.....ම්.....මා.......



සමහරක් කවි තාල නැතිමුත් මියුරුය....

සමහරක් සුසුම් සුවද නැතිමුත් උනුසුම්ය....

සමහරක් අය මුලු දිවියටම කෙනෙකිය....

නුඹ ඇවිත් ගියදාට හිත හරිම පාලුය...

Sunday, June 26, 2011

ගැහැනියක්...

මම වැලිමඩ.මට අකුරු බෑ.ගෙදරකදි පත්තරයක් කියවන්න කියුවාම ඇස් රිදෙනවා කියන්නේ බොරුවට.ඇත්තටම නම් කියවන්ට බෑ.සමහර ගැහැනු ලගට ගියාම අත් දරදඩු කොරනවා උස්සන්ට බැරිවෙන්ට.මම එච්චර උස මහත ගෑනියෙක් නෙමෙයි.මෙච්චර දුර ආවෙ හිතේ දයිරියෙන්.පොඩි දුවට දැන් අවුරුදු 24ක් මට හතලිස් නමයක් වෙච්චි.මගේ මහත්තයා ගියා පොඩිදුව එතකොට බඩේ.මම එතැන්හිටන් දරුවො දෙන්නව හැදුව.දැන් දෙන්නම බැදල.මට එන්න කියලා කියනවා.ඒත් තාම අතේ හයිය තියෙන නිසා යන්න හිතෙන් නෑ.


එක එක රස්සාවල් කලා.මම හිතන්නෙ කරන රස්සාව නෙවෙයි.රස්සාව කරලා ජීවිතේට එකතු කරගන්න දෙවල් තමයි වැදගත්.මම කරපු රස්සාවල් මොනව වුනත් මම ඒවයින් ලමයින්ව හැදුව.

මගේ ජීවිතේ හරිම සාම්ප්රයදායිකයි.මේක මම ගොතල ඊයෙ රෑ හිටපු ගෙදර තරුන නෝනට කියපු කතා වක් කියල ඒ නෝනත් සමහර වෙලාවට හිතනව ඇති.ඒත් ඒක තමයි ඇත්ත කතාව.මගේ සරල ජීවිත කතාව.මම කාලයක් හිටිය ඩුබායි වල.එහෙ බාබ කෙනෙකුයි ලමයි එකොලහකුයි හිටිය.ඒ බාබට නෝන කෙනෙක් හිටියෙ නෑ.මම මට ඕන විදියට ඉව්වා.හරිම නිදහස්.අවුරුදු 3 1/2ක් හිටියා.පස්සෙ තව අවුරුද්දකට විස හදල දුන්නා.මම නොකියපු කතාවගැන අහන්නෙ නැතුව ඒ තරුන නෝනත් කතාව අහගෙන හිටිය.ඒකාලෙ පඩිය 11,000යි.ඒ නෝන ඇහුව කීයක්වත් ඉතුරු කලෙ නැද්ද කියල.ළමයි හදන කොට ඉතුරුකරන්න බැරි විත්තිය ඒ නෝනටත් ඉස්සරහට තේරෙයි..

පිරිමියායා කියල හැම ගෑනිම අසරණ වෙන්නෙ නෑ.අසරණ වෙන්න ඕනත් නෑ.පිරිමියෙකුට වැඩිය හිතේ හයියක හැම ගැහැනියකටම තියෙනව.ඒත් ගැහැනියකගෙ හිතෙ හයිය එලියට එන්න අසරණ වුනාම.එතකල් ගැහැනු හරිම බොලදයි.අපිවගේ ගැහැනුන්ගෙත් විවාහ බිදවැටෙනව.අපි පොත්වල අස්සන් කරන්නෙ නැති නිසා පිරිමින්ට පලායන්න ලේසියි.කොහොමටත් අපේ කතා පත්තරවල යන්නෙ නෑ.

පත්තර වල යන්නෙ නිලියන්ගෙ කතා.ජීවිතේ දිනපු හැටි.මමත් ජීවිතේ දිනලා-පැරදිලා...එත් අපි ගැන කවුරුත් කතා කරන් නෑ.