මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 10, 2012

ඒ දුවත්,මා එක්ක සිනාසෙන....

ඒ දුවත්
ඔය වගේ
මගෙ වගේ
සුදුයි පොඩ්ඩක් ඉතර වැඩිපුර
මක් කරන්නද
අපි කලු වුන එකට....

වාහනය සුපිරි සුපිරිසිදු
ඉද බහින අපූරුව
අතට ගන්නට සිනාසෙන්නට
ගුරුතුමී බැස ඇත මහමග...

මගෙ දුව පයින් යන
ගෙදර ලග ඉස්කෝලෙ
ගුරුතුමී ඔය වගේ නැත
අම්මටත් ඉදහිට බනින ...

දූ ට තාමත් නොතේරෙන
කාසි මවනා වෙනස...

එත්,
මගේ දූ වාගේම
ඒ දුවත්
මා එක්ක සිනාසෙන...

No comments:

Post a Comment