බස් කතාවක්.....
ඇය සිටියේ ඇගේ ගෑවෙමින්...දැවටෙමින් කියලාත් කියන්නට පුලුවන් තරම්.උරහිස තරමට උස සහිත වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට දුර්ගන්ධයක් දැනෙමින් තිබුනා.මේ හීනය ඔස්සේ තව දුරටත් ඇවිදයනවා නම් සුගන්ධයක් බවට පත්කරගත යුතු.දහඩිය පොදුසාධකයක්ව.
ඒත් මට ඒක තවදුරටත් ගදක් විදිහටම දැනුනාවෙ.
"ගෙදර යන්නෙ හුග කාලෙකට පස්සෙ නේද?"
"ඔව් ගිය සතියෙනෙ අන්තිමට ගියෙ...."(මගෙන් ඇහුවා නම් කියන්නෙ එහෙම )
ඒත් ඇහුවේ මගෙන් නොවෙන කෙනෙක්ගෙන්...
එයා උත්තර දුන්නෙ "හ්ම්ම්..."කියලා....
පොල්ගහක් පැපොල් ගහක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඔහු ඇය දිහා බලාගෙන හිටියා.බස් එක බ්රේක් ගහන කොට ඔහු මගේ ඇගත් ස්පර්ශ කලා.මම ඔහුව සිතින් ස්පර්ශ කරමින් සිටි නිසා ගතින් සිදුවුන ස්පර්ශය හිතේ තද තැනකටම වැදුනා.ඒත් තවමත් පොල් ගහේ ඇස් තිබුනෙ පැපොල් ගහ මුදුනෙ.
"ඇපල් ගස් පොල්ගස් ලග හැදෙන්නෙ නෑ."
මම හිත හදාගත්තෙ එහෙම.
සිකුරාදා හවස.බස් එක මාතර.හිටගෙන යනගමන්.හුස්ම ගන්නෙත් අමාරුවෙන්,වායුගෝලයක් තියෙන බවක් හැගුනෙ නැහැ.ජීවනසුවද සියයකට වැඩි ප්‍රමාණයක මිශ්‍රණයක් නහයෙන් ඇතුලට ගියා.විශාල පිරිසක් අතරෙ අනන්‍යතාවයක් තියාගන්න බැහැ.මගේ ජීවන සුවදත්..ජීවන සුවද වසාගන්න පාවිච්චි කරපු ආලේපනත් දෙකම අනිත් ජීවන සුවදවල් එක්ක මිශ්‍ර වුනා.
පොල් ගහ උස නිසා එයාට ජීවන සුවද වෙන්කරගන්න පුළුවන් ඇති.
පැපොල් ගහ පොල්ගහට කතන්දරයක් කියනවා.
පොල්ගහ සුලිසුලගක් ඇවිත් බිමට නැමිලා වගේ කතන්දරය අහගෙන ඉන්නවා.
පැපොල් රසයි...හැබැයි පොත්ත කොලපාටයි.හැඩක් නැහැ.පොල්ගෙඩිත් ලස්සන නැහැ.ඒත් වැදගත්වෙන්නෙ පොල් ගසේ උස.උසගස් ආකර්ෂණය දිනාගන්නවා.
"යකෝ තමුසෙලට පිස්සුද?ගෑනියෙක් දැක්ක ගමන් ඇගට තදවෙන්න එන්නෙ...අම්මල නැද්ද උඹලට"....
මට වචන ටික ඇහුනෙ කවියක් වගේ.මගේ ඉන වටෙත් ඒ වෙලාව වෙනකොට අතක් එතිලා තිබුනා.ඒ අත ගැන අප්පිරියාවක් දැනෙමින් තිබුනා.
ඒ කාන්තාව මහජන අප්‍රසාදය දිනාගත්තා කවුරුවත් බැනුමට ලක්වුන පිරිමියා දිහා බැලුවේ නැහැ.කාන්තාවට නිසිතැන.
මට පොල්ගහට අතගැන කියන්න කැමැත්තක් තිබුනෙ නැහැ.පොල්සහ පැපොල් අතර සම්බන්ධතාවයක් ඇතිවෙමින් තිබුනා.රතුපාට ඇපල් ගෙඩියක් පොත්ත ඇතුලෙ පිවිතුරු සුදුපාට සගව ගෙන හිටියා.
"බබා බහින්න..."තාත්තා කෙනෙක් බස් එකේ ජනේලෙන් පිට ඉදලා කෑ ගහනවා අහුවා.මත් වතුර මිශ්‍ර වුන හඩක වුනත් දරු සෙනෙහසක් තිබුනා.
පැපොල් බැහැලා ගියා. වැලිගමින්.
"පැපොල්ගෙ තාත්තා හරි බෙබේ නේද? පොල් ඇහුවෙ කතාවට පොටක් පාද ගන්න..."
"පොල් වතුවල ඇපල් වැවෙන්නෙ නැහැ නිලන්ත"මම කියුවෙ හෙමින්.
නිලන්ත බයවෙලා මගේ දිහා බැලුවා.
Buzz රේඩියෝ තරගය
ඔළුව ටැපලෙනවා වගේ උනත් කතාව ආසාවෙන් කියෙව්වා... මං හිතන්නේ මං කියවනවා කලබල වැඩියි...
ReplyDeleteටිකක් හෙමින් ආයෙත් කියවන්න මේ කැම්පස් ඉවරවෙලා සිකුරාදා හවස ගෙදර යන එක පිරිමි ළමයෙකුගෙත් ගැහැනු ළමයි දෙදෙනෙකුගෙත් කතාව....:)
Deleteපොල් පැපොල් ඇපල් ???
ReplyDeleteඔයා වැඩිපුරම කැමති ඔය තුනෙන් කෝකටද?:)
Deleteපැපොල් :)
Deleteමට දැනුන දේ හිතාගන්න බැහැ
ReplyDeleteඒ ඇයි????තේරුනා නේද?
Deleteතේරුණේ නැත.
ReplyDeleteපොල් ගහට පිරිමි ළමයෙකුත්,අනිත් පලතුරු ජාති දෙක ගැහැනු ළමයිනුත් කියලා හිතාගෙන කියවන්නකො...:)
Deleteහ්ම්හ්.....!ජය...!
ReplyDeleteපොල් ගස් උස උනාට කෙට්ටුයි, අනික ඔන ඇපල් එකක් ලගට පැපොල් කියනවනේ
ReplyDeleteඒක නම් මට තේරුනෙත් නැහැ...:)
Deleteබ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කල ඔබට ස්තූතියි!
ReplyDeleteඑසේම එවන් සතියක් සම්පාදනය කල ඔබටද ස්තුතියි...:)
Delete"ඇපල් ගස් පොල්ගස් ලග හැදෙන්නෙ නෑ." හ්ම් ඒක ඇත්ත.... කතාව තුන් පාරක් කියවන්න උනා. තාම හරියට තේරුම් ගත්තද මන්ද :)
ReplyDeleteමම හිතන්නෙ තේරුම් ගන්න ඇති... :)
Delete:)
ReplyDeleteදෙපාරක් කියෙව්වට පස්සේ ඔලුවට වැටුනා.
ReplyDeleteඔය කතන්දරයට ලගින් යන එකක් තියනවා කැමතිනං බලන්න, ටිකක් අසභ්‍ය කතාවක් වගේ ඒ උනාට ඇත්ත
අටම්පහුරාට අංකල් කෙනෙකුගෙන් ලීංගික අතවර
හරිම බයානක කතාවක්නෙ...කියවලා බලන්නම්...:)
Deleteබස් කතා බස් ....
ReplyDeleteනොගැලපීම ගැන ගලපපු කතාවක් ...