මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 16, 2012

මෙහාගොඩ සිට එහා ගොඩ වෙත...

එන්න අපි
සිතා නොබලාම

පනින්නට
එහා ගොඩටම
ඇස් පියාගෙන


ගිලී මලොත්
මරණ සහතික නැතුව...

 

 නොමියතොත්
එහා ගොඩ
ඉතා සොදුරුව
සදපායා තිබෙනු ඇත...

 

එන්න
අත් අල්ලාන
පනින්නට
එහාගොඩටම...

5 comments:

  1. මේ නිසදැස කියෙවුවම මතක් වුනෙ තමන්ගෙ ජිවිතෙ ගැනවත් නොහිතා බොට්ටුවලින් ඔස්ට්‍රෙලියාවෙ යන්න හදන ලන්කාවෙ අත්තොන්ව..
    මෙ ටිකෙම ප්‍රවුත්ති වලට කියනව..
    එගොඩ ගියොත් ජිවිතෙ සුන්දරයි,(ඒ ඔවුන් හිතන හැටී)
    යන්න කලින් ගිලි මරුනොත්...?
    මරන සහතිකත් නැහැ..
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඔබ කියන අවස්ථාවත් එක්ක හොදින්ම ගැලපෙනවා.ඇත්තටම...ඒත් මම ලියුවේ අනාගතය කොහොම වෙයිද කියලා නොදැන ප්‍රේමයක් අරඹන්න කරන ආරාධනාවක් ගැන...ස්තුතියි අලුත් අරුතක් දුන්නාට...

      Delete
  2. ඉතින් මට හිතුනේ ඔය දෙකම නෙමෙයිලු. මොනා කරන්නද ඇවිල්ල තියෙන්නෙත් පරක්කු වෙලාලු. ඒ හින්දද මන්දා ලියපු කෙනාම මම හිතුවේ මේ ගැන කියලත් දාලලු. දැන් ඉතින් එහෙම නෙමෙයි කියලා මම කියන්නයෑ. ඒක එහෙමම උනාවේ.. ජය....!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ආවට කරන්න දෙයක් නෑලු..දැන් කෝච්චිය ගිහින් ලු...:P

      Delete