සිතුවිල්ලක්
කවියකට රිංගයි
හදවත් තතක් හඩවා
"සරිගම"ස්වරෙන්...
ඒත් තවමත්
පියානෝවක් හැඩවෙයි
ඒ
"සරිගම"නොවෙයි...
ඔබ පිපී හිනැහුනිය දවසක
අන්න අර සල්ගසේ අත්තක
සුලගට නැලවෙමින්
රතුපාට කවියක් කියමින්
ඔබ
පින්සලට නොනැගුනු සිතුවමකි
කවි දහක වුව
සගවනු නොහැකි කවියකි
රතු වයින් බදුනක
නුරාදිය උතුරයි
සද වතුරෙ කිමිදෙයි
රැය තාම නොදොඩයි...
නුඹත් ඒ රැයමයි
ප්‍රේමයේ අකුරු තුන
අගුලු ලා සුරකියි
හදිසි හාදුවක් වී මා කලඹයි
එනමුදු
කිසිත් නොදොඩයි...