තාත්ත දන්නවද...
පුන්චි දවස් වල වගේ ,
ඒ ආදරේට
මම අදටත් ආදරේ නැතුව නෙමෙයි...
තාත්ත කියා දීපු අන්දරේගෙ කතා,
මට මතක නැතුව නෙමෙයි....
වැරදි වැඩ කලාම,
සමාව දෙන්න බැරි තරමට,
අම්ම මට බනින කොට
මාව බේර ගත්තු හැටි,
මතක නැතුව නෙමෙයි....
හැමදාම හවසට,
හාවො බලන්න පන්සල් එක්ක ගිය හැටි ,
මට කවි කියල දීපු හැටි,
මතක නැතුව නෙමයි...
අපි "රජ්ජුරුවෝ උඩයි උඩයි" ගිය හැටි,
සබන් බෝල පුම්බලා වත්ත පුරාම යවපු හැටි,
මට මතක නැතුව නෙමෙයි...
තාත්ත දාල දුර එන්න උනාට,
තාත්තව බලන්න එන්න බැරි උනාට ,
මට දුක නැතුව නෙමෙයි...
මේ ලෝකෙ හොදම තාත්තා මට ලැබුනු එකට,
ඒ ආදරේ මට විතරක්ම ලැබුනට,
මට හරිම සතුටුයි....
දුක හිතෙන කවියක්. ලස්සනයි...
ReplyDeleteමේ ලෝකෙ හොදම තාත්තා මට ලැබුනු එකට,
ReplyDeleteඒ ආදරේ මට විතරක්ම ලැබුනට,
මට හරිම සතුටුයි....
ලස්සනයි.... :)
ඒ තාත්තට මම හැමදාම ආදරෙයි....බොහොම ස්තුතියි දෙන්නටම...අපි හැමෝටම අපේ තාත්තා තමයි ලෝකෙන් හොදම...
ReplyDeleteතාත්තා ගැන කියවෙනව අඩු කාලෙක මේ ලිපිය ඇහැ ගැටුනෙ. මට මගේ තාත්තා රත්තරං. අපි පුංචි කාලේ මගේ තාත්තා කරපු එක දෙයක් කියන්නම්. මගේ පුන්චි කකුල් වලට සපත්තු දැම්මොත් මට රිදෙවි කියල. අපේ වත්තෙ තිබුනු ගල් කැට සේරම තාත්තා අයින් කලා ලු. දැන් උනත් මම කෝක ඉල්ලුවත් එවෙලෙට මට බැනල පස්සෙ අම්මා අතේ ඒ ඔනේ කිව්ව දේ එවනවා. ඔබ ගේ පියා ට ඔබ තුල ඇති ආදරය මනාව පැහැදිලි උනා. ලස්සනයි.
ReplyDeleteජය,,
ස්තුතියි අක්කෙ ඔබට.
ReplyDelete