තවමත් ඔබ පේනේ මට
ඔබ,එදා වාගෙම පොලොවට උඩින්
පේරගස මත හිද,
පොලවෙහි පයගසා
හිනැහුනා මතකය...
කැරලි කෙස් ගස්
අඩසද නලල වසමින්
සිනහව...
ඔව් එය,
ලෝකයේ ලස්සනම සිනා අතුරින් එකකි...
නිදිගත් නගරයක
එලි අතුරින් ඔබ
අසුරු සැනකින් පියාඹා යන්න ඇති...
ඔව් …නුදුටුවා වුව
මට එය මවාගත හැකි...
මාරයා පෙරදා රැයෙහි
හරිම සතුටින්
සද එලිය අතරින් හිනැහුනා දුටුවෙමි...
ඔහු බොහොම සතුටින්....
ඔබ තුරුල් කර නිදනට
මගබලා ඉන්න ඇති...
නුඹ මගේ අවසන් ගීතය
අසන්නට...
නැවත නො එනා බව දනිමි....
දැන් ඉතින්
මම මරණයට බය නැති....
මලවුන් අතර සුවෙන් සැතපෙනු මැනවි
මම ඇවිත් නින්දෙන් ඇහැරවමි...
ඉදහිටක හදවත රිද්දවන
සොයුරියක් නැති අඩුව
මලවුන් අතරදී,
ඔබ අතින් පිරවෙනා බව දනිමි....
මම එනතුරා
ඔබට සුවබර නින්දක් පතමි...
බොහොම අගෙයි....
ReplyDeleteලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
එන්න සමකය වටේ රවුමක් යන්න
:(
ReplyDeleteසරලවම කිව්වොත්,
ReplyDeleteඑළ එළ...
අපිවත් කියවන්න එන්න...
අවමංගල