කතන්දරකාරයා
කියන්නේ
රසකරලා
කතන්දරයක්
ලියන්න
එහෙමත්
නැත්නම්
කියන්න
පුළුවන්
කෙනෙකුට. කතන්දර
කියන්න
පුළුවන්
කට්ටිය
ලොකු
වුනාම
කතන්දර
මාමලා
හරි
නැන්දලා
හරි
වෙන
අතරේ
කතන්දර
ලියන්න
පුළුවන්
කට්ටිය
ජනමාධ්යවේදියෝ
හරි
පොත්
කර්තෲවරු
හරි
වෙනවා. ඔය
දෙකම
නොවී
සමහරු
කන්තෝරුවක
හරි
වෙනකොහේහරි
හරි
වෙන
රස්සාවක්
කරනවා. ඒත්
ඒ
වගේ
වෙන
රස්සාවල්
කරන
අය
වැරදිලාවත්
කතන්දරයක්
කියන්න
ගියොත්
ඔපීසියේ
සෙනග
ඒ
අයව
වටකරගෙන
කටවල්
ඇරගෙන,
සමහර
වෙලාවට
බඩවල්
අල්ලගෙන
හිනාවෙමින්
කතන්දරේ
අහනවා.
කතාව
අහලා
හොදටෝම
හිනාවෙලා
අන්තිමට
"මෙයා
නම්
කතන්දර
කියන්න
මරු
අනේ.."කියලා
ගෑනු
ළමයි
කියනවා."උඹ
තමයි
කතන්දර
කියන්න
ගියාම
දවසකටවත්
මිනිහා.."කියලා
ඇහැක්
එහෙම
ගහලා
පිරිමි
ළමයි
යන්න
යනවා. තමන්ට
ගැලපෙන්න
කතන්දර
කියන
රස්සාවවුනත්
ඒ
වගේ
රස්සාවල්
ලංකාවේ
නෑනේ!
කියලා
කතාව
කියපු
එක්කෙනාට
ඒ
වෙලාවට
හිතෙනවා.
කතන්දරකාරයින්ව පුහුණු
කරන්න බෑ.ඒ අය උපතින්ම ඒ හැකියාව අරගෙන එනවා. මට මතකයි අපේ ලොකු නැන්දලාගේ ගෙදර ලොකු අඹ
ගහක් තියෙනවා.කට්ටිය ඒ අඹගහ වටේට ප්ලාස්ටික් පුටු තියාගෙන ඉදගෙන ඉන්නවා. මම පහේ පන්තියේ විතර හිටපු
ඒ කාලේ මට වැඩිය අවුරුදු තුනක් විතර බාල චතුරිකා නංගි ප්ලාස්ටික් පුටුවල මැද පුටුවට
වෙලා හොල්මන් කතාවක් කියනවා.අපි හැමෝම ඇස් උඩ ඉන්දගෙන කට ඇරගෙන කතාව අහනවා. එයා තවත් රස කර කර කතාව
කියනවා.පියුමි නංගි සමහර වෙලාවට එයාගේ පුංචි අත් දෙකෙන් ඇස්දෙක තද කරලා වහගන්නවා.චතුරිකා
නංගිගේ බය හිතෙන හොල්මන් කතාව ඇස් ඉස්සරහා
චිත්‍රයක් වගේ මැවිලා පේන එක නවත්තන්න එහෙම කරාට කතාව ඇහෙන්නේ කන්දෙකෙන් කියලා එයාට
අමතක වෙලා තියෙනවා.
චතුරිකා
නංගි
කතාව
අතරමැද්දෙදි
මද
විරාමයක්
දෙනවා.එහෙම
දෙන්නේ
එයාගේ
කතාවේ
ඉතුරු
ටික
ගොතාගන්න
විත්තිය
එදා
නැති
වුනාට
මට
අද
තේරෙනවා.
හිත
පුරාවට
හොල්මන්
කතා
අහලා
ගෙදර
ගිහිලා
පෙරවන
රෙද්ද
අස්සට
ගුලි
වෙලා
අම්මගේ
නිදියන
ඇදුමේ
කොනකුත්
හයියෙන්
අල්ලගෙන
හිත
පුරාවට
බය
පුරෝගෙන
නිදාගන්නවා.
ඒ
වුනාට
චතුරිකා
නංගි
දැන්
හොල්මන්
කතා
කියන්නේ
නෑ.එයා
රුසියාවේ
දොස්තර
කෙනෙක්
වෙන්න
ඉගන
ගන්නවා.එයා
හොල්මන්
කතා
කියුවත්
ඉස්සර
වගේ
ලොකු
නැන්දලගේ
ගෙදර
ලොකු
අඹ
ගහ
වටේ
වාඩි
වෙලා
ඒ
කතා
අහගෙන
ඉන්න
දැන්
අපිටත්
වෙලාවක්
නෑ.
ඒ
වුනත්
එයා
අදටත්
මම
දන්න
හොදම
කතන්දරකාරයෝ
ලයිස්තුවේ
මුලහරියේ
ඉන්නවා.
අපේ තාත්තා
ඉස්සර
මම
නිදියනකල්
අන්දරේගේ
කතන්දර
කියනවා.එක
දවසට
එක
කතාවයි.ඉතින්
අන්දරේගේ
කතා
තුන්සිය
හැටපහක්
නෑනේ!...ඒ
වුනත්
අපේ
තාත්තා
ලග
හැමදාටම
අලුත්
කතාව
ගානේ
අවුරුදු
තුනක්
විතර
කියන්න
කතන්දර
තිබුනා
මට
හොදට
මතකයි.ඒ
කතන්දර
බොහොමයක්
තාත්තා
ගොතපුවා
වෙන්න
ඇති.ඒ
වුනත්
ඇත්ත
අන්දරේගේ
කතා
වලටත්
වැඩියේ
ඒවා
රසවත්ව
තිබුන
විත්තිය
මතකයි.
අපේ
තාත්තටත්
හරි
රහට
කතන්දර
කියනා
පුළුවන්.එයා
සමහර
දවසට
යාලුවෝ
එකතුවුනාම රස
කතා
කියනවා.ඒවයේ
අපේ
අම්මත්
ඉන්නවා."ඕවයින්
සීයට
පනහක්ම
බොරු
අනේ
කියලා"සමහර
වෙලාවට
අම්මා
ඇසුත්
පොඩ්ඩක්
රතු
කරගෙන
කියනවා.අම්මා
කියන
කතාවෙත්
ඇත්තක්
තියෙනවා.ඒ
වුනාට
සත්‍ය
සිදුවීම
විතරක්ම
කියුවොත්
ඒක
පොලිස්
වාර්තාවක්
මිසක්
කතන්දරයක්
වෙන්නේ
නෑ
කියලා
කතන්දර
කාරයෝ
විතරක්
නෙමෙයි
කතන්දර
රසවිදින්න
දන්න
මිනිස්සුත්
දන්නවා.
මට
රහට
කතන්දර
කියන්න
බැරි
වුනාට
කතන්දර
ලියන්න
පුලුවන්.
කතන්දර
කියන
අයට
වැඩියෙන්
කතන්දර
ලියන
අය
මූන
දෙන
ප්රශ්න
ගැන
ලියන්න
හිතුවේ
ඒකයි.
කතන්දරයක්,අපිකියමු
නවකතාවක්
හරි
කෙටි
කතාවක්
හරි
වෙන
මොකක්
හරි
කතාවක්
හරි
ලියුවම
ඒක
කියවන
කට්ටිය
ඒ
කතාවේ
චරිත
තුලින්
කතුවරයාගේ
සැබෑ
ජීවිතයේ
චරිත
සොයාගන්නට
වෑයම්
කරනවා.වැරැද්දක්
නැහැ.කතුවරු
තමන්ගේ
නිර්මාණ
කරන්නේ
සැබෑ
ජීවිතයේ
චරිත
හරහා
තමයි.ඒ
වුනත්
ඒ
චරිත
ඔස්සේ,
කතාවක
සිදුවන
සිදුවීම්
ඔස්සේ
කතුවරයාගේ
චරිතය
නිර්ණය
කරන්නට
යෑම
ඔහුට
හෝ
ඇයට
කෙරෙනා
බලවත්
අසාධාරණයක්.
මොකද
සමහර
වෙලාවට
ඒ
සිදුවීම
හෝ
චරිතය
කතුවරයාගේ
මනංකල්පිත
අදහසක්
වෙන්නට
පුළුවන්.
ශාන්ති
දිසානායකයන්ගේ
"ගිරිකුල"
නවකතාව
ගැන
පළවුන
විචාරයක
ඇය
අනුරාධපුරයේ
කඩයක
බඩු
කිරමින්
දුෂ්කර
ජීවිතයක්
ගත
කරන
බවත්,ඇගේ
කතන්දරයෙන්
හෙලිවන්නේ
ඒ
පීඩිත
මානසිකත්වය
බවත්
කියවූවා
මතකයි.එමෙන්ම
සුනේත්රා
රාජකරුණානායකයන්ගේ
"පොදු
පුරුෂයා"නවකතාව
වසරේ
හොදම
නවකතාව
ලෙසින්
ස්වර්ණපුස්තක
සම්මානය
දිනාගැනීමෙන්
අනතුරුව
ඇය
ගැන,"කොලොම්පුර
වාසී
ස්ත්රියකගේ
මනසේ
මැවෙන
ස්ත්රිය
පුරුෂයා
සහ
රමනය
පිළිබද
පාරභෞතික"ගැන
කියවූවාත්
මතකයි.
ඒ
සියල්ලම
කතුවරයා
පිලිබදව
වූ
පෞද්ගලික
මඩ
ගැසීම්
විනා
සැබෑ
විචාර
නම්
වූයේ
නැහැ.
ඒ
වගේම
සත්‍ය
සිදුවීම්
ඇසුරින්
ලියන
කතන්දර
වල
උනත්
සියයට
සියයක්ම
තියෙන්නේ
ඇත්තකතාව
නෙමෙයි.ව්යංජනයක
රසයට අත්ගුණේට
අමතරව
යොදාගන්න
අඩුම
කුඩුමත්
බලපාන්න
වගේ
කතාවක
රසයටත්
අතින්
එකතු
කරන
"අඩුම
කුඩුම"බලපාන
විත්තිය
කතන්දර
කියවන
හුගක්
අය
තේරුම්
ගන්නේ
නැහැ.
කතාකාරයෙකුට
වැඩිය
කතාකාරියෙකුට
ගල්
මුල්
වදිනවා
වැඩියි.ඇත්තටම
ලංකාවේ
සමාජ
ක්රමය
ඇතුලේ
කතාකාරියකට
පහරගහන
එක
කතාකාරයෙකුට
පහරගහනවට
වැඩිය
ලේසියි.
ඒ
අයව
අසරණ
කරන්න
හරිම
පහසුයි.සත්‍ය
කතන්දර
ඇසුරෙන්
ලියවෙන
කතන්දර
වලට
අපහාසයෙන්
කියවෙන,වගේම
ලියවෙන
දේවලුත්
වැඩියි.
ඒ
මොකද
කියනවා
නම්
සත්‍ය
කතන්දර
ඇසුරෙන්
ලියවෙන
කතන්දර
වලින්
ඒ
"සත්‍යට"
රිදෙනවා
වැඩි
හින්දයි.
එහෙම
උනත්
අද
වගේම
හෙටත්
නෙල්ලි
කතන්දර
" සත්‍ය
සිදුවීම්"ඇසුරෙන්
ලියවෙනවා
සත්තමයි.එහෙම
වෙන්නේ
ඒ
වගේ
කතන්දර
වල
ජීවත්වන
චරිත
වල
හද
ගැහෙන
රාවය
පත්තර
පිටුවෙන්
එලියට
ඇවිත්
අපේ
කන්
වලට
කොදුරලා
"ලබ්..ඩබ්..."හඩින්
ගැහෙන
හන්දයි...
මටත් කතන්දර කියන්න පුළුවන් එළකිරි වගේ. ඉස්සර office එකේ කෑම වෙලාවේදී ඔක්කොම 20 -25 විතර වටවෙනවා මම කෑම කන තැනට. අදත් එහෙමයි හැබැයි දැන් ටියුබ්ලයිට් වැඩි. එතකොට එපා වෙනවා. ලියන්නනම් කොහෙත්ම බැ. හේතුව අදහස ඔලුවට එන වේගෙන් අකුරු කරන්න බැරි කම. අන්තිමට ඔලුවේ වචන තද බදයක් වෙලා ඔක්කොම විනාස වෙනවා.
ReplyDeleteමේ තියෙන්නේ මගේ කතාවක ටියුබ්ලයිට්.
දසුනි ඔයාගෙ කවි කතා හරිම ලස්සනයි. ඔක්කොම කවි කතා මම එක හුස්මට කියෙව්වා. කියවල ඉවර උනාම හිතුනා, තවත් තිබුන නම් කියලා. ඔයාගෙ කවි වලට වඩා කතා වලට තමයි මම කැමති. භාශාව හරිම ලස්සනයි.
ReplyDelete- චතුරිකා