බුලත් හෙප්පුවක් නැති
ප්‍රේමයක
මුල් නෙත් ගැටුමින්ම
ආලයක් පිපින.
තාක්ෂණේ හරි දියුණුයි දැන්
අත් අල්ලන්නෙ නැතුවම
ආලෙන් වෙලෙන්නට
තරමටම!
සවන්පත් ලගින් ඉගිලෙන
පිරිමි හුස්මක උණුහුම නැතිව
වරු ගනන් දොඩවන
මීපැනි සවන්පත් පුරවන....!
තව හුග කල් යයිද එන්නට
අහසින් නැතුව එන්නම බැරිද?
ජීවිතේ මේ තරම් හරි දුරද?
උස අතුවලම මල් පිපෙන්නේ මොකටද?
No comments:
Post a Comment