මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, July 29, 2011

------හෙට-----






ඉර පායනව වාගෙම

විස්වාසයි...

අවිස්වාසයි...

පායයිද ඉර????

---------------මදි පාඩු-------------

ඇට්ටේරියා මල් සුවද එනකොට,

කවුළුවේ කොටු මැදින් පැන....
ඉස්සරම දවසක,
ගම් දොරින් ආ සුවද ගෙන....

නoගියෙක් ඉල්ලා ඇඩුව දා
අම්මා ගෙනත් දුන්,
"අරලියා"වගේ තව අය
කොලොම්පුර බොහෝ ඇත...

දූරියන්, රඹුටන් මග දිගට,
ගමේදී ආ සුවදමය...
රඹුටනුත් රතු පාටය....

ගම තිබූ සියලු දේ මෙහි ඇත...
එහි නොතිබු දේ තව ඇත...

ඒත්
නුඹෙ සුවද විතරක්,
මට අඩුය....
හිත හරිම පාලුය....

"පුතේ දැන් බත් කන්න...
කියන්නට කෙනක් මෙහි නැත...."

Friday, July 8, 2011

ඉත්තෑ කූරු....

ඉත්තෑවෙක් මාන බලයි...

කලු පාට කූරු විදිනට...

රිදුනත් සොදුරුය කූරු....

මම සැරසෙමි...

පුන්චි රණ්ඩුවකට....

"ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි...."



ජීවිතය අපි හිතන තරම සරල නැත.සුගම නැත....එය සoකීර්ණය..අපට අවනත් නැත...ඔබ ජීවිතය සැලසුම් කරනවාද?මම ජීවිතය සැලසුම් කරමි.මගේ ජීවිතය කතන්දර පොතකි.එහි 3වැනි පිටුවේ කවි කියන පුන්චි ලමයෙක් ඇත....11වැනි පිටුවේ ගස්වලට උගන්වන,ව්යාරජ දිග කොන්ඩයක් ඇති පුන්චි ගුරුතුමියකි.30 වැනි පිටුවේ සාමාන්ය පෙල ඉහලින් සමත්වී උඩ පනිමින් දුවන සුන්දර ගැහැනු ළමයෙක් ඇත.ප්රේම කතාවක්ද,සරසවියද,නොගැලපෙන උපාධියක්ද අන්තුරුව ඇත.මම 2010දී කවුරුවනු ඇතිදැයි උසස් පෙලෙ කරන අතර මම සිතුවමි.හොද රැකියාවක්.....හැම දේම බාධක මැද කලට වෙලාවට සිදුවිය.....

හ්ම්ම්....මම අයෙමත් වැල් වටාරම් කියනවා වගෙයි.

ජීවිතේ එක එක කාල වල අපිට සිහින තියෙනවා.දොස්තරකෙනෙක්,ඉන්ජිනේරුවෙක් වගේ අම්මලා පටවන සිහින් අතර,කවිකාරියක්,කතන්දර ගොතන්නියක් වගේ මටම වෙන්වුනු සිහින.ඒ සිහින සැබෑ කරගන්න අපි සැලසුම් හදනවා.ඒත් ඒ සමහර සිහින හැබෑ කරගන්න හදන සැලසුම් අපිට ක්රිවයාත්මක කරන්න වෙන්නෙ නැත්තෙ අපේ වරදින් නෙමෙයි.සමහර දේවලට දයිවය අපිට ඉඩ සලසන්නෙ නැහැ.

උදාහරනයක් විදියට 2004සුනාමියෙන්,හීනගොඩාක් මහ මුහුදෙ තැන්පත් වුනා.ඩෙන්ගු මරණ උරුම කේන්දර වල අවුරුදු 80ක් ආයුස තියෙනවා.මේ සියල්ලම අපේ පාලනයෙන් තොරයි.සමහරු විශ්වාස කරනවා දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරනවා යෙයි කියා.සමහරුන් කියනවා මේ අපල යැයි කියා.

රැකියාවක ස්ථිර වී විවාහය සැලසුම් කරනවිට රැකියාවෙන් නෙරපනු ලබනවා.විවාහය අතරමග තව රැකියාවක් සොයාගත යුතු වෙනවා.ජීවිතය යනු මෙයයි.අපිට පූරව සැලසුම් තබා ගත නොහැකියි.පැමිනෙන හැටියට මුහුන දිය යුතුයි.

අද දිනය තුල ජීවත් විය යුතුයි...

අද අපට උරුම වැඩ කොටස හරියට කල යුතුයි....

හෙට නැතිවෙන්න පුලුවන....

අනික් මිනිසුන්ට හැකි පමණ උදවු කල යුතුයි....

"ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි...."

ෆැන්ටසි.....

පහදන්ට නැති...

සබැදුමක් පතමි...

කිසිදා මා නොවන,

අනිකෙකු සමග....



ඔහුද මා නොවන,

මාද ඔහු නොවන....

නමුත් අපි අපේ වන...

ෆැන්ටසියක ඇවිද යමි

Tuesday, June 28, 2011

අ.....ම්.....මා.......



සමහරක් කවි තාල නැතිමුත් මියුරුය....

සමහරක් සුසුම් සුවද නැතිමුත් උනුසුම්ය....

සමහරක් අය මුලු දිවියටම කෙනෙකිය....

නුඹ ඇවිත් ගියදාට හිත හරිම පාලුය...

Sunday, June 26, 2011

ගැහැනියක්...

මම වැලිමඩ.මට අකුරු බෑ.ගෙදරකදි පත්තරයක් කියවන්න කියුවාම ඇස් රිදෙනවා කියන්නේ බොරුවට.ඇත්තටම නම් කියවන්ට බෑ.සමහර ගැහැනු ලගට ගියාම අත් දරදඩු කොරනවා උස්සන්ට බැරිවෙන්ට.මම එච්චර උස මහත ගෑනියෙක් නෙමෙයි.මෙච්චර දුර ආවෙ හිතේ දයිරියෙන්.පොඩි දුවට දැන් අවුරුදු 24ක් මට හතලිස් නමයක් වෙච්චි.මගේ මහත්තයා ගියා පොඩිදුව එතකොට බඩේ.මම එතැන්හිටන් දරුවො දෙන්නව හැදුව.දැන් දෙන්නම බැදල.මට එන්න කියලා කියනවා.ඒත් තාම අතේ හයිය තියෙන නිසා යන්න හිතෙන් නෑ.


එක එක රස්සාවල් කලා.මම හිතන්නෙ කරන රස්සාව නෙවෙයි.රස්සාව කරලා ජීවිතේට එකතු කරගන්න දෙවල් තමයි වැදගත්.මම කරපු රස්සාවල් මොනව වුනත් මම ඒවයින් ලමයින්ව හැදුව.

මගේ ජීවිතේ හරිම සාම්ප්රයදායිකයි.මේක මම ගොතල ඊයෙ රෑ හිටපු ගෙදර තරුන නෝනට කියපු කතා වක් කියල ඒ නෝනත් සමහර වෙලාවට හිතනව ඇති.ඒත් ඒක තමයි ඇත්ත කතාව.මගේ සරල ජීවිත කතාව.මම කාලයක් හිටිය ඩුබායි වල.එහෙ බාබ කෙනෙකුයි ලමයි එකොලහකුයි හිටිය.ඒ බාබට නෝන කෙනෙක් හිටියෙ නෑ.මම මට ඕන විදියට ඉව්වා.හරිම නිදහස්.අවුරුදු 3 1/2ක් හිටියා.පස්සෙ තව අවුරුද්දකට විස හදල දුන්නා.මම නොකියපු කතාවගැන අහන්නෙ නැතුව ඒ තරුන නෝනත් කතාව අහගෙන හිටිය.ඒකාලෙ පඩිය 11,000යි.ඒ නෝන ඇහුව කීයක්වත් ඉතුරු කලෙ නැද්ද කියල.ළමයි හදන කොට ඉතුරුකරන්න බැරි විත්තිය ඒ නෝනටත් ඉස්සරහට තේරෙයි..

පිරිමියායා කියල හැම ගෑනිම අසරණ වෙන්නෙ නෑ.අසරණ වෙන්න ඕනත් නෑ.පිරිමියෙකුට වැඩිය හිතේ හයියක හැම ගැහැනියකටම තියෙනව.ඒත් ගැහැනියකගෙ හිතෙ හයිය එලියට එන්න අසරණ වුනාම.එතකල් ගැහැනු හරිම බොලදයි.අපිවගේ ගැහැනුන්ගෙත් විවාහ බිදවැටෙනව.අපි පොත්වල අස්සන් කරන්නෙ නැති නිසා පිරිමින්ට පලායන්න ලේසියි.කොහොමටත් අපේ කතා පත්තරවල යන්නෙ නෑ.

පත්තර වල යන්නෙ නිලියන්ගෙ කතා.ජීවිතේ දිනපු හැටි.මමත් ජීවිතේ දිනලා-පැරදිලා...එත් අපි ගැන කවුරුත් කතා කරන් නෑ.