මම ලියන දෑ කියවන්න කැමති අය...
Tuesday, November 13, 2012
Saturday, November 10, 2012
"අම්මා" ඒ හරි බර වචනයකි....
ඉත්තෑ පැටියෙක්
අන්නාසි ගැටයක වෙස්ගෙන
මගෙ බඩතුරේ සිට
ඉසියුම්ව කටු අනියි...
හිත හීනියට කොනිත්තා ගමි
"අම්මා"
ඒ හරි බර වචනයකි....
මම ඒ කවිය ලියුවෙ මෙහෙම වෙන්න කලින්.දැන් මෙහෙම වෙලා.මම හිතුවා මෙහෙම වෙයි කියලා.ඇත්තටම අපි දෙන්නට එහෙම නොකර ඉන්න තිබුනා.එහෙම නොකලා නම් මෙහෙම වෙන්නෙ නෑ.එහෙම කරත් අරම නොකරා නම් ඒත් මෙහෙම වෙන්නෙ නෑ.
මට දුකයි.හැබැයි තරහ නෑ.සතුටුයි.
එයාට මම ආදරේ නැතුව නෙමෙයි.ඒත් එයා එහෙම නෑ.මම කියුවෙ අරයා වගේ නෑ.ඉතින් මම කැමතියි මෙහෙම වෙච්ච එකට.අරයා ඉත්තෑ පැටියාගේ අයිතිකාරයා වෙච්ච එකට.
එහෙම හැමෝටම වෙන්න බෑ.ඉත්තෑ පැටියෙක්ගෙ අයිතිකාරයා වෙන එකත් එච්චර ලේසි නෑ.ඇයි ඉතින් කටු ඇනෙනවනෙ.හාවෙක්ගෙ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.හැබැයි ඉතින් උන් උන්නත් එකයි මලත් එකයි...හිටියත් එකයි නැතත් එකයි.උන්නද මලාද කියලා කවුරුවත් දන්නෙ නෑ.ඒත් ඉත්තෑ පැටව්.දැම්ම ඉදන්ම අනිනවා කටු වලින්.බඩටයි හිතටයි දෙකටම.
මම මේ හීනියට බඩට අනින ඇනිල්ලට තියෙන අමනාපෙකට හෙම කියනවා නෙමෙයි ඉත්තෑ පැටියෝ.උඹේ ඔය සුකුරුත්තන් රිද්දිල්ලට මම කැමතියි.උඹත් අරයා වගේමයි.ඌත් ඔහොමමයි.හිතට රිද්දන රිද්දිල්ල ගතට රිද්දන රිද්දිල්ලට වැඩිය දැනෙනවා මයෙ ඉත්තෑවො...උඹත් අරයා වගේ වෙන්ටද කැමති?එහෙම වෙන්න එපායැ කියලා උඹ කියයි.නැතුව ඉතින් 'එයා' වගෙ වෙන්ටයැ?
මම උඹට ආලෙ නොකරනවා හෙම නෙමෙයි.ඒ උනත් ඉතින් හෙට උදෑහැනක්කෙම අන්නාසි ගැට හොයන්නට එපැයි.නෙල්ලිවල ඇඹුලට මනාප නොවී අන්නාසි ඇඹුලට මනාප වෙන්ට උඹ මට මොකට නියම කොලාද මන්දා...
එක්කො මෙහෙමත් පුලුවන්, උඹ ඉත්තෑ පැටියෙක් නොහී හා පැටියෙක් කියලා හන්ගලා තියාගන්නට පුළුවන්.එතකොට එයත් මනාපයි.කොහොමටත් බැරි වැඩක් ඇහැකියි කියලා ඔප්පු වෙනවා නොවැ එතකොට.
උඹ කොහොමෙයි කැමති.ඉත්තෑවෙක් වෙනවටෙයි?එහෙමත් නැත්නම් හා පැටියෙක් වෙලා හා හූ නැතුව ඉන්ටෙයි?
උඹ හා පැටියෙක් වෙන්ට මනාප නම් ඉතින් මට අන්නාසි වලට තියෙන මනාපෙ අත ඇරලා නෙල්ලි වලට මනාප වෙන්ට ඇහැකි.
ඔන්න ඔහෙ හා පැටියෙක් වෙයන් බන්....
දෙහි..
ඔබ පෝර උරයක
පිරවූ වැලි අතර
සැගවූ ඇඹුලැති
දෙහි සොයනයුරු
මම දකිමි
කවුලුවෙන් මෙපිට සිට
පැණි රසැති
ඔබ සොයමි...
Friday, November 9, 2012
දිනමිණ බද්දර මල්ල.....(බ්රෑන්ඩඩ් මිනිස්සු...)
ඔයාලා ගැනත් මේ ලිපියෙ තියෙනවද කියලා කියවලම බලන්නකෝ....
http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/09/pg27_1&pt=p&h=
Wednesday, November 7, 2012
ෆලූඩා රස වැස්ස...
මට
කාලෙකට පස්සෙ කතාවක් ලියන්න හිතුනා. මම සුපුරුදු විදිහට වැඩ ඇරිලා ඇවිල්ලා
දෙන්නෙකුට කෑම හදලා.තව වැඩ ඇරිලා ආපු කෙනෙකුගේ සහය ඇතුව කෑම බාජන හෝදලා
ටිකක් විතර මහන්සි වුන බිරිදකගේ චරිතය රගපාලා මට පස්සෙ වැඩ ඇරිලා ආපු මාත්
එක්ක ජීවිතේම බෙදාගන්න පොරුන්දුවුන කෙනාගෙ ලැප්ටොප් එක ඉස්සරහා ඉදගත්තා.
ජීවිතේ බෙදාගන්නවා නම් ඉතින් පොරොන්දුවුන විදිහට ලැප්ටොප් එකත් බෙදාගන්න
ඕනනෙ.
මේ දවස්වල කවි ලියවෙන්නෙත් නෑ.කතන්දර ලියන්න උත්සාහ
කරන්නෙත් නෑ.ජීවිතේ නිකන් අයිස් කැටයක් උඩට වැහිබින්දු වැටෙනවා වගේ ඔහේ
දියවෙලා යනවා.උදේට බස් එකේ වැඩට යන්න හිතාගෙන නිදාගන්නවා.උදේ නැගිට්ටම
කම්මැලි හිතෙනවා.රෝද තුනක් තියෙන වාහනේක ඩ්රයිවර් කෙනෙක් ඇවිත් ගුඩ් මෝනින්
මිස් කියනවා.ඔපීසිය ලගට මාව ඇරලලා හෑව් අ ගුඩ් ඩේ මැඩම් කියලා ආපහු යනවා.
දවස පුරාම ඔපීසියක වැඩකරන උපාධිධාරණියකගෙ චරිතෙ රගපාලා හවසට ගෙදර එනවා.ඊට
පස්සෙ බිරිදගෙ චරිතෙ.ඒක එච්චර අමාරු නෑ.හරිම ලේසියි.හරියට පැණිකජු
අයිස්ක්රීම් කප් එකක් කනවා වගේ.සමහර වෙලාවට කාලා ඉවර වුනාම හෙම්බිරිස්සාව
හැදෙන්න පුළුවන්.
මගේ ජීවිතේ බෙදාගන්න කෙනා ඇදට වෙලා කොටකලිසමක්
ඇදගෙන නැෂනක් ජෝග්රොෆි බලනවා.හරිම අමුතුයි.ඒකෙ කවි පෙන්නන්නෙ නෑනෙ?අඩුතරමෙ
චිත්රවත්...ඒත් නෑ.මොනව බලනවද මන්දා...පිස්සු නැත්නම් හොදයි.
මම
හරිම කැමතියි මාව අනිත් අය දකින විදිහ දැන ගන්න.හුගක් අය එහෙම ඇගවීමක් වත්
කරන්නෙ නෑ.ඒත් පුන්චිම කාලෙ මට හම්බුනා චිත්රයක්.මම මීට කලිනුත් කියලා ඇති
සමහර වෙලාවට.පර්දාවකින් ඔලුව වහගත්ත ගෑනු ළමයෙක්ගෙ චිත්රයක්.ඒකෙ මම පූස්
පැටියෙක් අතේ තියාගෙන ඉන්නෙ.ඒ චිත්රෙ ඇන්දෙ තාත්තගෙ යාලුවෙක්.එයා පස්සෙ
හොදටම බීපු දවසක ඒ චිත්රෙ අර්ථය කියුවා. මම මේ ඉන්න විදිහ නෙමෙයිලු.මම හරිම
රැඩිකල් ලු.මාව පර්දාවකින් වහලලු තියෙන්නෙ.කවදහරි අම්මගෙ අණසකින් මිදුන
දවසක මගේ සැබෑස්වරූපෙ පේනවලු.ඒත් ඒ රැඩිකල් කමට යටින් පූස් පැටියෙකුට
හිතපතුලෙන්ම ආදරේ කරන්න පුලුවන් කරුණාවක් තියෙන හිතක් තියෙනවලු. මම ගැන
කවුරුහරි කියපු නිවැරදිම අර්ථකතනය තමයි ඒ.
ඒත් අද හදිසියෙම මම ගැන
ලියවුනු දෙවනි කවිය ලැබුනා.පලවෙනි කවිය මට මතක නෑ.ඒත් ඒ උපන්දින සුබ
පැතුමක්.මේත් එච්චර ලොකු දිග කවියක් නෙමෙයි.ඒත් ඒ කවියක්.මම ගැන කවුරුහරි
ලියපු.ඇත්තම කියනවා නම් කවි ලියන හැමෝම තමන් ගැන කවියක් ලියවෙනවට
කැමතියි.මමත් කැමතියි.ඉතින් එච්චරයි.ඒක කවියක්.කවියක්...කවියක්...
මම දැන් ආයෙමත් අයිස් කැටයක් බවට පත්වෙනවා.දියකරන වැහි බින්දු?ඔව් තව
ටිකකින් වැස්ස වැටෙයි.ඒත් ඒ මේලෝ රහක් නැති වතුර වැස්සක් නෙමෙයි.ෆ්ලූඩා
වැස්සක්.එතකොට මම සතුටුදායක අයිස් කැටයක් වෙලා දියවෙලා යයි.
මගේ නොවන කවියක්
දසුනක්
මැවී...
සැඟවී ගිය
නිමේෂයේ...
මා නෙත්
විසිර ගියෙ
සැමතැන
මුහුණු පොතේ...
යළි දැන් පෙනේ
දසුනෙහි රුව
සිනහ මැවේ...
Thursday, November 1, 2012
රස සවිය සරසවිය(දිණමින බද්දර මල්ල )
මේ මේ සතියෙ කතාව.සරසවියෙ මතක සටහන් සාගරයක් තරම් නම් මේ ඒ මතක සටහන් වලින් බින්දුවක් විතරයි.මම හිතන්නෙ මගේ ලිවීමේ හැකියාව මේ දවස් වල තියෙන හීතලට ගල් වෙලාද මන්දා.වැඩිය ලස්සන දේව්ල් ලියවෙන්නෙ නැත්තෙ...:)
http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/02/pg28_0&pt=p&h=
Subscribe to:
Posts (Atom)
