මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 20, 2015

විරහ

විරහව කියන්නේ
තුන්තිස්පැයක්
නිදි වරන එක....

හදවතේ ගැඹුරුම තැන්වල
කිනිසි තුඩු ඇනෙන එක....

රසවිතක් නැති
රසවතෙක් ගැන
ශෝක කරනා එක....

තාර්කික හදකට
ආදරේ කරන එක...


කණාමැදිරි

සුළු හදිසි අනතුරකි
ප්‍රේමය!
කණාමැදිරියනි
නිවාදමනු මැන එලිය
අදුර
සමගින් මැවෙන
ප්‍රේමණීය තනිකම
!!!!

Monday, January 19, 2015

ඛේත!!!

රහස් ඛේතයන්
ඇති....
වචන නැති
හාදු පමණක් ඇති!!!!


රතු !

වැටී තිබුනා හදවතක්
කොල්ලුපිටියේ පටු මාවතක
රතු දෙතොල් පෙති සහිත
පාට කූරක් ඒ අසල
හිටන් හිටියා හරි කෙලින්!


ආයෙමත් !

ආදරය කරන්නට ආයෙමත්
හදවතේ ඉඩ නැතැයි කී අය
ආයෙමත් ආදරේ කරන කල...
ලෝකය කරබගෙන
ඉර වටේ යන!
මම ඕක කියුවා යැයි
නොකියා කියන!

Sunday, January 18, 2015

තනි

අප
තනි වචනයකි
මම ඉන්න
ඔබ නොකියාම ගිය!

නෑවිදින් ගිය අය!

එක කවක
බොහෝ අය සිටිය හැක.....

ඇවිත් ගිය අය
නොයන්නට ආ අය
ආදරේ යයි කී අය
ප්‍රේම කරනට නොදත් අය.........


නෑවිදින් ගිය අය
බලවත්ව!