නැවතත් නොදැකම
දැල්වුන
හැගුම් සිලු...
ඇසීමෙන්
පෑරුනු
හදවතේ
අහු කොනක
අමතකව ගොස් තිබි
තුවාලය...
පෙම්බර වදන්
අමතක....
නමින් අමතන
කාලය වෙනස් කල
නොවෙනස්ව හිදිනට
සපථ ප්‍රෙමය....
සුපුරුදු සිනා හඩ
දුරකතන රැහැනක වෙලී
සැතපුම් ගනනක්
දුර පැමින...
දැන් ඉක්මනින්
එත හැකි...
අධිවේග මග ඇති...
ඒත්
මහ මග
සුනඛ මලකුණු
තිබිය හැකි...
ඉදිරියට පමණක්ම
ReplyDeleteයා හැකි
පසු පසට යා නොහැකි..
ආපසු හැරවුම් නැති
නිෂ්ක්‍රමණයන් පමනක්ම ඇති
මගක අපි
සුනඛ මලකුණු මැදින්
අධි වේගයෙන්........
සමහර තැන් වලින්
Deleteහැරෙන්නට හිතුනත්
හැරෙන්නට බැරි...
ලස්සන අදහසක්..
ReplyDeleteහරිම ලස්සන අදහසක්.. දිගටම ලියන්න.. ඔබට ජය..!
ReplyDeleteබොහොම ස්තුතියි...:)
ReplyDelete