නිලියක්මි
නිවස රග මඩල කොට...
කදුලු ගෑස් නැතුවම,
කදුලු එන...
බසයේ වැඩට යන....
චරිතයක්
රගපාමි...
එක මෙගා ටෙලියක පමණක්ම...
ජනප්‍රිය නිලියක්මි...
එක නළුවෙක්ට
පමණක්ම
නිවස රග මඩල කොට...
කදුලු ගෑස් නැතුවම,
කදුලු එන...
බසයේ වැඩට යන....
චරිතයක්
රගපාමි...
එක මෙගා ටෙලියක පමණක්ම...
ජනප්‍රිය නිලියක්මි...
එක නළුවෙක්ට
පමණක්ම
දසුනි,
ReplyDeleteවචන ටිකේ කෝටියක් දේවල්. හොඳටෝම දැනුනා. හරිම ලස්සනයි.
පුන්චි වචන ගානකින් කියන දේවල් හිතේ පතුලටම දැනෙනවා...බොහොම ස්තුතියි...
Deleteජීවිතාන්තය දක්වාම
ReplyDeleteකොන්දේසි විරහිත
ගාස්තු රහිත
බරපතල වැඩ සහිත
කොන්තරාත්තුවකින් බැඳුන......
මට වැඩිය වැඩ නැත...
Deleteනිලියට දෙබස්
Deleteවැරදුන හැඩකි...
.......................................
.......................................
p.s
(නිළිය රගපෑමෙන්
ඉවත් නොකරනු රිසියෙන්
ඉතිරි ටික ලියා මැකුවෙමී)
මේ නිළිකම පිළිබද කියන්නට ගියොත් මගෙ චරිතයට හොද නැත. එබැවින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙමි...
ReplyDeleteමම හිතන්නේ "රජකමට හොද නැත"ලෙස නිවැරදි විය යුතුය...:D
Deleteලෝකය රඟ මඩලක් සහ අපි එහි නළුවෝ වෙමු
ReplyDeleteනිලියෝ වෙමු...:D
Deleteමෙගා නිලියක්මි
ReplyDeleteනිමාවක් නැති කතාවක
කවුරුවත් නොවිදින
දුක් කන්දක් විදින..
නොදන්නවා උනාට කතාවේ
Deleteසතුටු කොටස් ද ඇත...
මේක හොඳ අදහසකි
ReplyDeleteනළු වෙන්න රෙදි හලන
යුවතින්ට
නළු වෙන්ට තේ හදන
කොල්ලන්ට
ඇත්තටම නළුවෙන්ට!
අපි හැමෝම කරන්නේ රගපාන එක නිසා
Deleteඅපි හැමෝම නළුවෝ තමයි...
ඇත්තම කියනවද, දුකෙන්ද ඔයා ඒ ගැන....? [එක මම වගේ නේද]
ReplyDeleteඅපෝ නෑ මම හරිම සතුටින්
Deleteඑක නළුවෙක්ට
ReplyDeleteපමණක්ම
උරුමව...
සිතින්
එයටම පමණක්
වැඩිපුර සාප කරන
(විහිළු)
ඒ නලුවා චරිතය හරියටම රගපාන
ReplyDeleteනිලිය නලුවාට මුලුහදින් පෙම් කරමින...