(ඔහු මට මා දකින්නට සැලැස්වීය. එවිට මට වයස දාසයකි.ම නොදුටු මා ඔහු දැක තිබින.අද ඔහු ඔත්පලය.වයසය.මා ඔහු දකින්නට යා යුතුය.)
මම චිත්‍රයක ඉමි...
හිස පර්දාවකින් වසාගත්
ගැහැණු ළමයෙකුව...
පූස් පැටවෙක් අතින් ගෙන...
කැන්වසයක හිදිමි
සම්පූර්ණයෙන් ද්විමාණව...
මුස්ලිම් නොවූ කෙල්ලක
පර්දාවකින් හිස්වසන්නේ ඇයිදැයි
නොඇසුවෙමි....
මම
සීමා බිද යන්න කැමතිබැව්
ඔහු දනිත...
නමුදු
එසේ නොයන බැව්ද දන්නේ
ඔහු පින්සලෙන්
මා හිස මතට
පර්දාවක් ලැබින...
චිත්‍රය
සුරැකිව
සේප්පුවක
යතුරු ලා ඇත....
ඉතින් මම චිත්‍රයේ ඉමි...
සීමා බිදනොයමි..
හරිම දුර්වලය. භාෂාව අන්තිම දුර්වලය. පද වල ඔහේ ලිවීමට නිදහස ඇතත්, භාෂාවේ මූලිකාංග හිතුමතයට බිඳිය නොහැකිය. බිඳ යන වචනය දෙවරක්ම ටයිප් කර ඇත්තේ බිද කියාය. හිඳිමි යන්නට හිදිමි කියා ටයිප් කර ඇත. ම නොදුටු යන්න මා නොදුටු වියයුත්තේ ව්‍යාකරණ දෝෂයක් ඇතිවන බැවිනි.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ අදහසට.කවිය ලියා නැවත කියවා නොබැලුව බව පිලිගනිමි.මම ලිවීමට බාවිතා කරන මෘදුකාන්ගයේ සියලුම අකුරු ලිවිය නොහැක.වරද ඇත්තේ එතැනය.එවැනි මෘදුකාoගයක් ඇත්නම් ලබාදෙන මෙන් ඉල්ලමි.
Deleteතවද ඔවැනි වැදගත් කොමෙන්ටුවක් දැමීමේදී වත් "ඇත්ත නම"බාවිතා කරන ලෙස ඉල්ලමි..;)
ගූගල් අයි එම් ඊ (Google IME) පාවිච්චි කරන්න. එවිට ටයිප් කිරීම පහසුයි.
Deletebinda = බිඳ, hindimi = හිඳිමි.
තේරුන්නෑ..
ReplyDeleteඉන්න බලන්න තව පාරක් කියවන්න..
අයියෝ මේ කතාව හරිම සරලයි නෙ....:P
Delete"මුතු කරාබුව පැලඳි යුවතිය" මතක් වුනා
ReplyDeleteමම ඒ කතාව කියවලා නෑ.කියවන්න ඕන.
Deleteහිතේ නේද කතාවෙන් බාගයක්ම ?
ReplyDeleteමුළු කතාවම කියුවම ලස්සනක් නෑනෙ...හිතේ තියෙන ටික ඉතින් ඔයාල හිතා ගන්න ඕන.
Delete