මම
මට තියෙන්නේ තුනට බෙදුනු හදවතක්.හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා.ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි..අංශක 170 යි 110 යි 80යි.ඇත්ත ,බැලූ බැල්මට අංශක 170 ලොකුයි.ඒක එහෙම තමයි.මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා.අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්.උතසව, සාද ,විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්.80 හරිම පටුයි හැබැයි ඒ වගේම ගැඹුරුයි.ඒ වුනාට මම ඒ හිස් කෝඨරකෙ පිරෙන්නම පස් පුරවලා තියෙන්නෙ.දැන් යනකොට ඉතිරි කරලා ගියපු කමිසෙ ගද වත් දැනෙන්නෙ නැහැ.ගද නෙමෙයි ජීවන සුවදද මන්දා...මොක වුනත් මම ඒක සදහටම මකලා ඉවරයි.
ඒ වුනාට අංශක 110 මේ දෙකටම වඩා වෙනස්.එයා ගියෙ නැහැ .මමයි එයාගෙ හදවතෙන් ආවෙ.ඒ හදවතේ හිස්තැනට මොනවා කරාද දන්නෙ නැති වුනත් මගේ හදවතේ කුටීරය තාම එහෙමමයි.ඒ කුටීරය ඇතුලෙ තියෙනවා යූ අකුර සහිත රත්තරන් මුදුවක්,ලස්සන සිනාවක් සහ රෝස පාට ෆලූඩා වීදුරුවක්.තව ජංගම දුරකථන තිබියදීත් ලියූ පෙම් හසුන්.
හදිසියේ මගේ දකුණු අතේ වේදනාවක් ඇති වෙනවා.දකුණු අත දිගේ උරහිස දෙසට.රිදෙන්න ගන්නවා හදවත.කුමන කුටීරයදැයි හිතාගන්නටත් ප්‍රථම මා ඇතුලත් කෙරෙනවා රජයේ ඉස්පිරිතාලයට."හාට් අටෑක් එකක්"සිහිනැති වීමට ප්‍රථම එහෙම කියනවා මතකයි.ඊට පසුව කිසිවක් මතක නැහැ.
අංශක 110
"ඔයා හදිස්සියෙම ඉස්පිරිතාලෙට ඇතුල් වෙලා කියලා දැනගත්තම මම හිතුවෙ තව ලෙඩෙක් කියලා විතරයි.මම කෑම කාලා එන්න හිතුවේ ඒකයි.ලෙඩ්ඩු කියන්නේ හරිම සාමාන්‍ය දේවල් ගණයට වැටුනෙ දොස්තර කෙනෙක් වුනාට පස්සෙ.ඇස් ඉස්සරහාම මල මිනීවල ඇස් නර්ස් නෝනලා වහනවා දැක්කට පස්සෙ.ඒත් ඒ ඔයා කියලා දන්නවා නම් සුවිශේෂී වෙනවා.සමහර වෙලාවට මගේ හදවත තාම ස්පන්දනය වෙන්නෙ ඔයා නිසා .ඔයා නොදන්නවා උනාට.ඒත් ඔයාගෙ හදවතේ නාල අවහිර වෙන්නට තරම් ප්‍රබල තැනක මම ඉන්න නැතුවැති කියලා මම දන්නවා.එතකොට කව්ද මේක කරපු බූරුවා කියලා හොයන්න වෙනවා.අවුරුදු පහකට පස්සෙ ඔපරේෂන් තියටර් එකේදි දකින්න තරම් අපි (අ )වාසනාවන්ත වුනේ ඇයි.ඒත් ඉස්සර මට නොපෙනෙන්න කෝල බැල්මෙන් බලලා රෝස මල් තිබුනු කුඩෙන් වහගත්ත සුදු කකුල් වලින් නහරයක් කපා ගන්න මට සිද්ධ වෙනවා.ඔයාගේ අවහිර වුන හදවතේ නාලය වෙනුවට පාස්සන්න.මේක කම්මලක් වගේනෙ.ඔයාට සිහිය තිබුනා නම් කියයි.ඒත් ඔයා එහෙම කියුවෙ නෑ.ඔයාව මම අදුර ගන්නෙ සැත්කම කරන්න පලමුවෙන් අතින් ඉවත් කරපු යූ අකුර තියෙන මුදුවෙන්.ඒ මුදුවත් තිබුනෙ වෙද ඇගිල්ලෙමයි.හැබැයි මගුල් මුදුවට ඉහලින්.රුපියල් පන්දාහෙ යූ අකුරෙ ආදරේ.ඒත් ඉතින් මට දැන් නම් ඊට වටින මුද්දක් අරන් දෙන්න පුළුවන්.මම හිතුවෙ නෑ ඔයා ඕක දානවා ඇති කියලා.හදවතේ පැත්තක්ම පස් වලින් පිරිලා. මේ සේරටම මුල ඒක විත්තිය මම හොයාගන්නවා.ඒත් සැත්කම් කාමරයේ පස් ඉවත් කල හැකි සවලක් තිබුනේ නැහැ.මම අසරණ වෙනවා."
"මට කරන්න පුළුවන් උපරිමය කලා.ඒත් ඔයා ආයෙමත් ඇස් අරින්නේ නැති බව මම දැනගෙන හිටියා.මම ඔයාට ආදරෙයි මම කියුවා."
ගන්ධබ්බ
මට කවුදෝ මන්දා ආදරෙයි කියනවා ඇහෙනවා.පුරුදු කටහඩක්.මම පාවෙලා යනවා.මම වගේ කවුද සැත්කම් මේසයක් උඩ ඉන්නවා.කවුදෝ මන්දා මාව බදාගෙන අඩනවා."අනේ ඒ එයා...අවුරුදු කීයකට පස්සෙද?දන්නවා නම් මැරෙන්නෙ නෑ.ඒත් දැන් මැරිලා ඉවරයි.මම පාවෙලාම යනවා.යනගමන් එයාගෙ නලලට හාද්දක් දෙනවා.
එක පාරට වතුර පිරුණු බෝලයක් ඇතුලෙ ඉන්නවා දැනෙනවා.මම බඩක් ඇතුලෙ.ඊයා...මට අප්පිරිය හිතෙනවා.ඒ ගමන් කටහඩක්..
"ඉක්මනට ගෙදර එන්න සුබ ආරංචියක්.ලෙඩා මැරුනද?අයියෝ ගනන් ගන්න එපා.ඔය ලෙඩෙක් මැරුණු පලවෙනි පාර නෙමෙයි නෙ."
ටිකකින් වාහනයක් නවත්වන හඩ සහ මම ඉන්නා බඩ දොර දෙසට ඇවිදගෙන යන බව දැනෙනවා.
මම හිමිහිට බඩෙන් එලියට ඔලුව දාලා බලනවා.අංශක 110 .මට සතුටුයි..ඒ වගේම දුකයි.අංශක 110 මම ඉන්න බඩේ අයිති කාරයට හාදුවක් දෙනවා.
මම හිමිහිට බඩෙන් එලියට ඔලුව දාලා බලනවා.අංශක 110 .මට සතුටුයි..ඒ වගේම දුකයි.අංශක 110 මම ඉන්න බඩේ අයිති කාරයට හාදුවක් දෙනවා.
"මට සතුටුයි"එයා කියනවා."
එහෙනම් ඇස් වල කදුලු?"බඩේ අයිතිකාරිය අහනවා.
"ඒ සතුටු කදුළු"...
මට හිනා යනවා.කොච්චර අප්පිරිය වුනත් බඩේම ඉන්න මම තීරණය කරනවා.
අම්මෝ මාරයිනෙ...නියමයි ඈ...කොහොමද මෙහෙම හිතෙන්නෙ අප්පා....හිත බැඳගත්තු දිග කතාවක්..සුභපැතුම්..
ReplyDeleteබොහොම ස්තුතියි...අනේ මන්දා මට එහෙම ඒවා හිතෙනවා...
Delete///කොච්චර අප්පිරිය වුනත් බඩේම ඉන්න මම තීරණය කරනවා.///
Deleteකොච්චර අප්පිරිය වුනත් බඩේම ඉන්න මට සිද්ද වෙනවා...
amazing my dear amazing...
ඒකත් එහෙමයි එතකොට..............
ReplyDeleteඔව් ඔව් එහෙම තමයි තරියා මල්ලි,....
Deleteසුපිරි මෙන්ම ගැඹුරු කතාවක්. මේක කියවද්දී මතක්වුනේ ගබ්සාව වේදිකා නාට්‍යය. ජයවේවා
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
බොහොම ස්තුතියි නලින්...:)
Deleteහරිම අපුරුයි. නියම ලියවිල්ලක් .
ReplyDeleteබොහොම ස්තුතියි බින්දි...:)
Deleteබින්දි දාපු ලින්ක් එකකින් ආවේ
ReplyDeleteමම මේ බ්ලොග් එක කලින් කියවල තියේ
ඒත් අද එකනම් සුපිරිම සුපිරි!!!
ඔන්න හිතකට හිතනවනම් නිර්මාණ
ඔබට ජය සොයුරිය
බොහොම ස්තුතියි ඔබට...
Deleteවෙනස් විදියෙ ලියවිල්ලක්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට...
Deleteමෙහෙම කෝම හිතෙනවාද මන්දා,
ReplyDeleteවෙනස් සුපිරි ලියවිල්ලක්