මම ලියන දෑ කියවන්න කැමති අය...
Friday, August 3, 2012
මම චිත්රයක...ද්විමාණව...
මම චිත්රයක ඉමි...
මුස්ලිම් නොවූ කෙල්ලක
සීමා බිද යන්න කැමතිබැව්
එසේ නොයන බැව්ද දන්නේ
මා හිස මතට
චිත්‍රය
ඉතින් මම චිත්රයේ ඉමි...
හීන කුමාරයා....
මගේ ඉස්සර පුරුද්දක් තිබුනා කතන්දර පොත් ඇතුලට බැහැලා ඇවිදගෙන යන.ඔහොම ඇවිදගෙන යන අතර තුර පොතේ එක ජේදෙක ඉදලා අනිත් ජේදෙට හුගක් දුර වෙලාවල් එනවා.එහෙම උනාම ඒ හිස් ඉඩ පියව ගන්න හුගක් අමාරුයි.එක ජේදෙක ඉදලා අනිත් ජේදෙට ඇවිදගෙන යන අතරතුරේ දවසක් මට මහන්සියටද මන්දා ඇලවෙන්න හිතුනා. ජේද දෙක අතරෙ ඉඩ නිදාගන්න කියපුම තැන.
පිරිමි කෙනෙක් අවුරුදු විසි පහත් තිහත් අතර ලී පුටුවක ඉදගෙන හිටියා .එයාට තිබුනෙ ක්‍රේල් කොණ්ඩයක්.අතේ තිබුනා බොක්ස් ගිටාර් එකක්.එයා මාව දැක්කෙ නැති තාලෙට ඉන්ග්‍රීසි සින්දුවක් වාදනය කරමින් හිටියා.දිග ඇගිලි හරිම සුරුවමින් ගිටාරයේ සන්ගීත අකුරු වයමින් හිටියා.ඇත්තමයි එයා මාව දැක්කෙ නෑ.ඉදගෙන හිටිය පුටුවෙ ලී ඇන්ද හරිම උසයි .ඒකෙන් එයාගෙ උසට ලස්සනක් එකතුවෙලා තිබුනා.ඇත්තම කියනවා නම් මම කියලා කෙනෙක් මෙතන හිටියෙ නෑ.එයා කියලා කෙනෙක් හිටියෙත් නෑ.තිබුනෙ අකුරු විතරයි.ඒත් මම එයාව දැක්කා.
ටිකකින් එයා ගිටාර් එක ගහන එක නවත්තලා පුටුව ලග තිබුන බිත්තියට හේත්තු කලා.ඊට පස්සෙ හිමීට නැගිටලා මම ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තට ඇවිදගෙන ගියා.කැන්වස් එකක් ආධාරකේක එල්ලලා තිබුනා.පාට පින්සල් සහ දිය සායම් පැත්තකින් තියලා තිබුනා.හදිසියේම එයාගෙ ඇදුම් වෙනස් වුනා.සුදුපාට සරුවාලයක් වගේ එකක් ඇදලා හිටියා.උස ඇගටත් දිගැටි මුහුණටත් ඒ ඇදුම හොදින්ම ගැලපුනා.ඒ එයාමද කියලා හිතන්න බැරි තරමට වෙනස් වෙලා හිටියා .ක්‍රේල් කොණ්ඩෙ කෙලින් ඉත්තෑකූරු කොණ්ඩයක් බවට පත්වෙලා තිබුනා.මම හිතුවෙ නැහැ මාව දැකලා ඇති කියලා ඒත් වැරදියි.මාව දැකලා.මට සතුටු හිතුනා.එයා මගේ දිහා බලාගෙන චිත්‍රයක් අදින්න පටන් ගත්තා.ඒකාලෙ අවුරුදු පහලොවේදී තිබුන කුලෑටි කමත් එක්ක මම බිම බලාගෙන හිටියා.
එයා මුකුත් කියුවෙ නෑ.හෙමින් මගේ දිහාට ඇවිත් නිකටින් අල්ලලා මූණ කෙලින් කලා එයාගෙ පැත්තට හැරෙව්වා.ඉම්රාන් හස්මිගෙ දුඹුරුපාට ඇස් දෙකෙන් මගේ දිහා බැලුවා.
මම හිතුවෙම මට කතා කරයි කියලා.කතා කරලා "මගේ දිහා බලන්න එතකොට චිත්‍රෙ අදින්න ලේසියි"කියාවි කියලා.
ඒත් එහෙම වුනේ නැහැ.මට කතා කලේ නැහැ.එයා දිගටම චිත්‍රෙ ඇන්දා.චිත්‍රෙ මාව ඇති කියලා මම හිතුවා .නැත්නම් මම ගැන එයා හිතන විදිහවත් ඇති.චිත්‍රෙ අදින කල් මම උස කකුල් තියෙන ස්ටූල් එකක ඉදගෙන හිටියා.එයා චිත්‍රෙ ඇදලා ඉවර වෙලා මට හිස නමලා ආචාර කරලා චිත්‍රෙත් රෝල් කරගෙන මට පිටුපස්ස හැරිලා යන්න ගියා.
පවුලෝ කොයියෝ මිනිත්තු එකොලහ පොතේ
ඉදන් මට කියුවා."චිත්‍රකාරයෝ ඔහොමයි හරිම ගුප්තයි "කියලා.ගුප්ත මිනිස්සු
ඇතුලේ තියෙන ලස්සන හරියටම ඇදිරුව කෙනෙක් නිසා මම කොයියෝ දිහා බලලා ලාවට වගේ
හිනා වුනා.
චිත්‍ර අදින්න පුලුවන් ගිටාර් ගහන්න පුලුවන් කෙනෙක්.අවුරුදු පහලොවේදී මම මගේ හීනෙ එහෙම අර්ථ කථනය කරගත්තා.
ගැස්සිලා ඇහැඇරුන මම පොතේ අනිත් ජේදෙට ඇවිදගෙන ගියා.හිත තෝන්තු වෙච්ච ගතිය එහෙමම තිබුනා.
ඔය පොතේ හතරවෙනි කොටස එනකොට මට වයස විසිහයත් පිරිලා තිබුනා.එතකොට මම බොලද නැති.ගැහැණු ළමයෙක් කියලත් කියන්නට බැරි ගැහැණියක් වෙලා හිටියා.
මාසෙකට සැරයක් පොත් සාප්පුවල ඇවිද යන චාරිකාවෙදි මට ඔය පොතේ හතරවෙනි කොටස දකින්න ලැබෙනවා."ඔයා හරිම බොලදයි"කියන වචන හිතන්නට ස්වාමිපුරුෂයාට ඉඩ තබන්නට ඇති අකමැත්ත නිසාම මම ඔය හතරවෙනි කොටස සල්ලි දීලා ගන්නෙ නෑ.ඒත් මම පොත් රාක්කයක ඇතුලෙ මුළු ගැන්විලා කතාවෙ අන්තිම පිටුව කියවනවා.
"ඔහු තම සිහින ලෝකයේ පරිකල්පිත ගැහැණිය නැති සොවින් දුම්වලා අතර තම ජීවිතය අතරමන් කරගෙන සිටියේය. දුම් රොටු තුලින් නික්මෙන වලාකුළු අතර ඇයව දුටුවේය.ඇගේ කැරලි කෙස් කලඹ ඉන දක්වා හෙලා.බද නලවමින් බොලට තෙක් දිග රැලිසාය ඇද යනු දුටුවේය."
ඒ වෙනකොට මම මගේ කැරලි කොණ්ඩෙ බෙල්ල දක්වා කොටට කපලයි හිටියෙ.අනිත් කාරණේ ඇදගෙන හිටියේ සතියපුරාම වැඩට ඇදපු ඩෙනිම.ඉතින් එයාගෙ චිත්තරූප වලට මම ගැලපෙන්නෙ නෑ.එයා දුක් වෙන්නෙ නැති දෙයක් වෙනුවෙන්.අනිත් එක මමත් ආදරේ කලේ සෞන්දර්යවාදියෙකුට මිසක් බීලා ජීවිතේ නාස්ති කරගන්න මනුස්සයෙකුට නෙමෙයි.මම දුක්වෙන්නෙත් ඇත්ත පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි.
පොතේ හතරවෙනි කොටස කියවපු මම දෙවනි සහ තුන්වෙනි කොටස් වල නොසිට පලවෙනි කොටසින්ම කතාවෙන් ඉවත්වීම ගැන සතුටුවුනා.මොකද කොහොමත් කතාව ඉවර වෙන්නෙ හතරවෙනි කොටසෙ තියෙන විදිහටනෙ.
ඒත්,
තාමත් සමහර වෙලාවලට දුක නොදැනෙනවාමත් නෙමෙයි.
Thursday, August 2, 2012
අනියම්...
අපි
ලී ගේට්ටු...
මල නොකන....
සියල්ලම
හඩ නොනගාම
උරාගමු...
රහස් රකිනෙමු...
රෝස පාටින් යුතු
තීන්ත බාල්දියට
ආදරෙයි කියනෙමු...
වැස්සට රහසේ පෙම් කරමු...
වැහි බිදි
ලය තුරේ සැගව උන් බැව්
කාටවත් නොකියමු...
අනියම්වද පෙම් කරමු...
ස්ට්‍රෝබරි හාදු...
අහසින් වැටුන
කොහොල්ලෑ බබෙක්
ස්ට්‍රෝබරි තොල් සහිත
මිදි ඇස් සහිත...
බ්ලැක් කරන්ට් මාලයක් පැලද....
මම කැමති ගීයකින්
කමිසයක් ඇද...
කළු ඉරි සහිත
මාරි බිස්කට් පුඩිමකින්
තොප්පියක් පැලද...
මම
ඇගේ තැවරෙනු කැමතිව...
හාදුවක් වුව දෙන්නට
මනාපව...
මිනිසා
2012.07.26
මම කෑම කනවා.කොහොමද දවසෙම කන්න නැතුව ඉන්නෙ.උදේ හතරට නැගිටින එක තමයි එපාම කරපු වැඩේ.
2012.07.30
"Do you wanna fag?" .වරෙන් මචන් යන්න ඉක්මනට .weekend එකම මුකුත් නෑ.මට එපා වෙලා හිටියෙ.come on man....
2012.08.01
මම wife ට කියුවා මුස්ලිම් පොතේ තියෙන්නෙ අඩුවෙන් කාලා නෝම්බි ඉන්න කියලා ඉතින් ඔයා කරදර වෙන්න එපා. උදේට නැගිටින්නත් හොද නෑ.මට කෙසෙල් ගෙඩියයි වතුර එකයි තියන්න.මම ඒක කාල ඉන්නම් කියලා. She does not know that I come here and eat no men...
2012.08.02
මම බොරු කියනවා එයාට .ඒ හිත රිදවන්න තියෙන අකමැත්තට.What ever said and done I love her men.
මිනිස්සු දෙවර්ගයකි.පෙනෙන හා නොපෙනෙන යනුවෙනි.මේ දෙවර්ගයේම මිනිස්සු මිනිස් සිරුර තුල ජීවත් වෙති.පෙනෙන්නේ සමාජය දකින්නට කැමති පැත්තය.නොපෙනෙන්නේ සැබෑ මිනිසාය.නොපෙනෙන මිනිසා පෙන්වන්නට පුලුවන් නම් යෙහෙකි.එහෙත් සමාජ සබදතා වඩා වටනේය.
ජීවිත කාලයේම එක යහන බෙදා ගත්තද අනෙකා හදුනා ගන්නේ ඉතා අල්පයකි.අප හොදින්ම දන්නේ අප ගැන පමණි.අනෙකෙකු ගැන දන්නේ නම් ඒ ඉතා ස්වල්පයකි.උක්ත මිනිසා අප හදුනා ගත් ප්‍රමාණයටද වඩා ඔහුගේ බිරිද හදුනාගත් ප්‍රමාණය අල්පය.ඇය ඔහුට දිවි හිමියෙන් පෙම් කරයි.ඔහුද එලෙසය.
එකිනෙකා ගැන නොදැනීම එක් අතකට ප්‍රේමයේ යහපැවැත්ම තහවුරු කරයි...
මම උක්ත මිනිසා මනුෂ්‍යයෙක් ලෙස දකිමි.
අප කොහොමටත් සත්වයන් ගෙන් පරිණාමය වුවෝ වෙම්හ...
Wednesday, August 1, 2012
ඇය දුටුවාම සිත සසැලින නොපැතුයුර....
මේ කවිය ලියවුනේ මේත් එක්ක අමුණලා තියෙන කතාවේ අයිතිකාරයා වෙනුවෙන්...ඔබට දැනුනු ඒ අත්දැකීම මටත් දැනිලා තියෙනවා.ඒත් වෙනස් විදිහකට.මේ කවිය කියවන හුග දෙනෙකුට නොවෙයි හැමෝටමත් විරහව දැනිලා ඇති....දැනෙනවා ඇති.... ඒත් එකිනෙකට වෙනස්ව...
තහනම් හිතක තහනම් කල අඩවියක
මගෙ හිත සිරවෙලා මෙතුවක් උන් බැවින
නුඹ දුටු වෙලේ පෙරදා එක් නිමේෂෙක
හිත ගල් ගැසුනි නොපැතූ දසුනක් දුටුව....
සොදුරුය නුඹේ වත පෙරදා මෙන්ම
උස්කුස් දරන් බෝමලුවේ ඇවිදයන
සිහිකල පෙමේ සියුමැලි බව නුඹ පිදුව
පින්බිම තෙත්කලේ ගග දිය නෙතින් බට....
සදරැස් පතිත මේ බිම පෙරදා දිනක
අත් පටලමින් අප ගිය යුරු සිහි වෙමින
නිදි නොලබමින් පෙරදා රැය ගත විනිය
පෙම නොවෙනස්ය සැමදා හිත රැදුන...
නුඹ පය තබන තැන්වල මල් පිපීයන්
කිරි හීනෙන් පුත් කුමරෙක් ලැබීයන්
දිවිඇති තුරා හිත සතුටින් පිරීයන්
මගෙ මතකේ කරදරයක් නොවීයන්...
Subscribe to:
Posts (Atom)


