ඒ අප නොවන බව
සක්සුදක් සේ පැහැදිලි....
අතින් අල්ලන් පාසලට යන
අර දෙදෙන....
... තාම මල් පිපෙනවා ඇති
"තාත්තේ අර ගෙඩි???"
පලමු වර අට්ටික්කා දකින
දියණියක...
මා නොවන....
ජීවිතේ සියලු බර,
දිනක හිමිවන බව දැන...
නමුදු
පොත් බෑගයේ බර නොදෙන
තාත්තා....
ඔබ නොවන...
දවසක ඇයත්
මේ කවම
ලියනු ඇති...
ගතින් බෝ දුරින් හිද
හිත රැදුනු තනිකමට...
සක්සුදක් සේ පැහැදිලි....
අතින් අල්ලන් පාසලට යන
අර දෙදෙන....
... තාම මල් පිපෙනවා ඇති
"තාත්තේ අර ගෙඩි???"
පලමු වර අට්ටික්කා දකින
දියණියක...
මා නොවන....
ජීවිතේ සියලු බර,
දිනක හිමිවන බව දැන...
නමුදු
පොත් බෑගයේ බර නොදෙන
තාත්තා....
ඔබ නොවන...
දවසක ඇයත්
මේ කවම
ලියනු ඇති...
ගතින් බෝ දුරින් හිද
හිත රැදුනු තනිකමට...
ලස්සනයි යාලු..
ReplyDeleteමටත් ලැබුණි නම්
ReplyDeleteඔය කවම ලියන්නට
කෙතරම් සතුටින්ද
දියණියක් ලෙස මෙමත් ...
නමුත් මේ මගේ පවය
නොහැක මේ බවේ නම්
ඔය පද ටික ගලපන්න....
දුකයි...ලස්සන හින්ද
ReplyDeleteතාත්තල වැඩිය ආදරේ දූලටලු
ඒ හින්දමද ලොකු උනාට
බර වැඩියි කියල
බිම නොතියන්නෙ....
බට්ටි,
ReplyDeleteසමහරුන්ට ලැබෙන දේ නොලැබුනත්
ඔබට ලැබෙනවා ඇත ඔවුන්ට ලබනු බැරි දෑ....