ඉස්පිරිතාල ඇදන් මත
මිනිසුන්,
පින්සෙන්ඩු වී
දොස්තර දෙවියන්ට,
තව හුස්ම ඉල්ලන...
ජරාපත් මහලුවුන්
දිරාගිය ජීවිත
අතරට ,
මෑතකදි ගිය දවසක...
මමද
රෝගීව දිරාගොස්
සිටියෙමි...
අහෝ ජීවිත
සිතුන මුත්,
සසර කල නොකිරුනෙමි...
හැරපියා යනු බියෙන්
තව තවත් බැදුනෙමි...
සිගා යෙමි ජීවිතය...
ඉගන කියා අවසන
සැමියෙකුත් ලැබ
සැලකුම් ලැබිය යුතු මාපියන් ඇති කල
කෙලෙස හැරයම්ද???
ආසාව අන් අය මතට පටවමි.
මරණ බිය ජීවිතය
උගන්වන බව
උගත්තෙමි...
පට්ටම පට්ටයි
ReplyDeleteහුගක්ම ස්තුතියි...:)
ReplyDeleteමම දැකලා තියෙන විදියට ජීවිතය පිළිබදව ආසාව ඇති කරන්නේ අපේ බැදීම් ..
ReplyDeleteහිත වෙන අතකට අරන් ගිය කවිපෙලක් ...
ඔව් බැදීම තමයි.බැදීම්නෙ අපිව ජීවත්කරවන්නෙත්...ස්තුතියි...:)
Deletehmmm thats true!!!
ReplyDeleteyes yes admin...:P
Deleteනැති වෙන්න යද්දී තමා හැමදේකම අගේ දැනෙන්නේ..
ReplyDeleteජීවිතේ අගෙත් මට ලගදි දැනුනා...:)
Delete"බැදීම්"
ReplyDeleteමරණයට බියවන්නට
ජීවිතේට ආදරේ කරන්නට
උගන්වන අපූරුව!
ජීවිතය කවියක් නොව අපූරු නිසදැසක් බව උගන්වන...:)
Deleteවෙනස් එත් ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තුතියි....:):)
Deleteමහගමසේකරයන්ගේ රෝහලක් ගැන කියවෙන කවි පන්තිය සිහිවුණා
ReplyDeleteඒකත් මහගමසේකර රෝහලකදී ලියපු කවි පන්තියක් නෙ...:)
Deleteවස බීලා ජීවිතේ නැති කරගන්න ගිය අයත් අවසානයේ අනේ මාව බේරගන්න කියනවලුනෙ. අපි කවුරු උනත් මේ බැඳීම් අතික්‍රමණය කරලා යන්නම යන්න බැරි ලෝබ කමක් තියෙනවා.
ReplyDeleteජීවිතය හරිම ලස්සන දෙයක්.කොච්චර ප්‍රශ්න තිබුනත්...මම නම් මේ ජීවිතේට හරිම ආදරෙයි.ඒවගේම දාලා යන්න ලෝබයි :)
Delete