ඇල්නිලම් තාරකාව....
(පෘතුවි වාසීන් නිර්මානය කර ඇත්තේ ඔරායන්ගේ බද පටියේ මධ්‍ය තාරකාව වන ඇල්නිලම් තාරකාවේ සිටි දියුණු ජීවීන් විසිනි.පුවතක්...)
තවම බිම බලාගෙන
පොලොව මත නිම කෙරුන
සුවිශිෂ්ඨ නිමැවුම....
බස් එකේ වැඩට යන
කකුල් කෙඩෙත්තුව රැගෙනගෙදර එන
බත් උයා දරුවන්ට කන්න දෙන...
දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ බලන
පහුවෙනිදාත් වැඩට යන්නට සැරසෙන...
සුවිශිෂ්ඨ නිමැවුම....
නිර්මිතය
තමන් කල නිමැවුමෙන්
වෙනස් බව හිතන
ඇල්නිලම්,
සහෝදර තාරුකා දෙස බලන....
"ගුවනෙ සැරි සරනු ඇති
අලුත් දෑ සොයාගනු ඇති
නව නිමැවුම් තනනු ඇති
අපිට අබියෝගයක් වනු ඇති...."
සල්ලි කොල
නිර්මිතය සොයාගෙන ඇති
විහිලුවකි
කොල කැබලි ජීවිත උකස් ගෙන...
නිර්මිත දෙස බලාගෙන සුසුම් ලන....
ඇල්නිලම් ,
හෙලන කදුලක තැවරි
අපට ඉදහිට වැසි ලැබෙන...
ඒකත් එහෙමද .........
ReplyDeleteඒ මට හිතෙන හැටි...:)
Deleteසමාවෙන්න මට මේ කියන දේ තේරුනේ නැහැනේ ...
ReplyDeleteමම ලිපියක් කියෙව්වා පෘතුවිය නිර්මාණය වෙලා තියෙන්නෙ ඔරායන්ගෙ බදපටියෙ මැද තියෙන තරුවෙ හිටපු බුද්ධිමත් ජීවීන් පිරිසකගෙන් කියලා.ඒ තරුවෙ නම ඇල්නිලම්.ඉතින් මට හිතුනා ඒ තරුවෙ ඉදන් අපි දිහා බලන් ඉන්න අයට මෙහෙම හිතෙනවා ඇති කියලා.:)
Deleteඔරායන් තරු රටාවට ( බඳ පටියෙ ) සමානව රුවන්මැලි සෑය, ජේතවනය හා මිරස වැටිය නිර්මාණය කර ඇති ආකාරය ලන්කා උරුමය කියන පොතේ පැහැදිලිව විස්තර කරල තියෙනවා...
Deleteමං හිතන්නේ දිනූෂා කියවපු ලිපියත් මම කියෙව්ව කියලා... කරුණු තාර්කිකව සැලකුවහම ඇත්ත කියල පිළිගන්න පුලුවන්
අපරාදේ කියන්න බෑ ඇල්නිලම් වරු නියමෙටම හදල තියෙනව අඩුපාඩුවක් නැතුව..
ReplyDeleteඔව් හොද නිශ්පාදනයක්..හැබැයි තමන්ගෙ නියම වටිනා කම නොදන්න....:)
Deleteඇල්නිලම් වල ජීවීන් අද අනිවාර්යයෙන්ම පසු තැවෙනවා ඇති... පෘථිවියේ ජනාවාස හැදීම ගැන... ඊටත් වඩා පසු තැවෙනවා ඇති ඒ සඳහා හෙලය තොරාගැනීම පිළිබඳව
ReplyDeleteඔය ඉන්නෙ දන්න කට්ටිය....:)
Deleteඔයාට හිතෙන හැටි හරි කියලා මාත් හිතනවා.
ReplyDeleteඩිලීට් කලේ නෑ ...පබ්ලිෂ් කරන්න පරක්කු වුනා....:)
Deleteදසුනි, මට ඔයා කියවපු මුල් ලිපියේ සබැඳියක් (link)දෙන්න පුළුවන්ද ?
ReplyDeletehttp://www.facebook.com/photo.php?fbid=375797112483326&set=a.228141770582195.58780.228131663916539&type=1&theater
Deleteමෙන්න ලින්ක් එක....මට මේක හොයා ගන්න වුනේ නැති නිසා තමයි රිප්ලයි පරක්කු වුනේ......:)sorry
ස්තුතියි !!!
Deleteඇල්නිලම් වරුන්ටත් වැරදිලාද මන්ද!
ReplyDeleteවෙනස් තාලෙක නිර්මාණයක් අපූරුයි!
බොහොම ස්තුතියි....:):)
Deleteඇත්තටම මටත් ආසයි ඒලිපිය කියවන්න. උදව්වක් විදිහට හිතලා යම් විස්තරයක් දෙන්න පුලුවන් නම් අපූරුයි. ජය...!
ReplyDelete( ආ... කතාවෙන් කතාවෙන් නිර්මාණය ගැන මොකුත්ම කියලා නෑ නොවැ. හොදයි. ඒත් වැඩියමක් කියන්න නිමිත්ත ගැන හරි අවබෝධයක් නෑනේ. සොරි වෙන්ඩෝනේ හොදේ.)
http://www.facebook.com/photo.php?fbid=375797112483326&set=a.228141770582195.58780.228131663916539&type=1&theater
Deleteමෙන්න ලින්ක් එක....
මගේ කොමන්ට් එක ඩිලීට් කරලනේ :/
ReplyDeleteDelete කරලා නෑ...උඩ තියෙනවා...:)
Deleteකමෙන්ට් ටික බැලුවමයි මොකක් ගැනද කියලා තියෙන්නෙ කියලා හරියටම තේරුම් ගත්තෙ. ඒක ඇත්ත නම් විශිෂ්ට මැවීමක් නේද.
ReplyDeleteකතාව ඇත්ත නම් ඇත්තටම විශිෂ්ඨ නිමැවුමක්...:)
Delete