මම ලියන දෑ කියවන්න කැමති අය...
Saturday, May 12, 2012
ඇහැල ගහ
සරසවි බිම
ඇහැල ගහ
තවමත් කියනවා ඇති
හුවමාරුවුන
කවි ...
ඉදහිට
පාලුවක්,
දැනුනාම...
//////////////////
දෙ අත් පැටලුනු
නැති අතීතෙක
මතක අරගෙන
කවි වලින් ලියවුනු
ප්‍රේමයක මතක ගෙන,
ආයෙමත් ඇවිදින්...
ඔබ...
/////////////
දෙසතියක මතක ගෙන...
කාටවත් නොකියාම
හදිසියෙම ඇවිදින්...
මතක අමතකදැයි
අහන ...
අමතක කරන්නට
අමතකව ගිය බව
මට මතක් කර...
Friday, May 11, 2012
දිවි සිය...
නසන්නට
වුවමනාය...
බයය...
හිත
සැලෙන
හඩ
සවනත
වැකෙත...
අතීතය
අනාගතයට
නොගෙන
සිද බිදලිය යුතුය...
මට
නසාලිය යුතුය
දිවි
සිය...
ඒත්
තව
හිත
බයය...
වුවමනාය...
බයය...
හිත
සැලෙන
හඩ
සවනත
වැකෙත...
අතීතය
අනාගතයට
නොගෙන
සිද බිදලිය යුතුය...
මට
නසාලිය යුතුය
දිවි
සිය...
ඒත්
තව
හිත
බයය...
ප්‍රේමයේ ආගිය කතා
හුග කාලෙකින්
හමුව
අහඹුව...
අපට අප
හැදිනිය නොහැකි ලෙස
වෙස් මුහුනු පැලද
ඇවිද යමු...
හමුව
අහඹුව...
අපට අප
හැදිනිය නොහැකි ලෙස
වෙස් මුහුනු පැලද
ඇවිද යමු...
බොරළු ඇනෙනා
මාවත...
හිස් පයින්...
බොරළු කැට
ඉසියුමැලි
පාද
හිල් නොකරන...
මාවත...
හිස් පයින්...
බොරළු කැට
ඉසියුමැලි
පාද
හිල් නොකරන...
රිදෙනවා පමණක්ය
කොහොමටත්
දෑසට උනනා කදුළු
මට නොපෙනේය...
ඉස්සරම වාගේ
හිත නොරිදේය...
කියා ගන්නට බියෙන් නොකියුව
කියන්නට හිතේ තිබු
බොහෝ දේ
දැන් කියන්නට
කාලයය...
ආදරය
වසා පැලදුව
වෙස් මුහුනු...
නොලිහා
තවමත්,
ආදරය කරන බව,
නොපෙන්වා...
ආගිය කතාබහ
කතා කරනට
කාලයය...
Wednesday, May 9, 2012
තේරුම...
මට හරිම සතුටුයි...
තේරෙන්නෙ නැති එකට...
පුලුවනිය
තේරුම් කරදෙන්න
මට ඕන හැටියට
නැත්නම්
හිත හැදෙන හැටියට...
අපිත් කොහොමත්
තේරුම් ගන්නෙ
අපි කැමති හැටියට...
තේරෙන්නෙ නැති එකට...
පුලුවනිය
තේරුම් කරදෙන්න
මට ඕන හැටියට
නැත්නම්
හිත හැදෙන හැටියට...
අපිත් කොහොමත්
තේරුම් ගන්නෙ
අපි කැමති හැටියට...
සෙරෙප්පු නැතුව ඇවිදින්න...
අවුරුදුම තිහක්
හිස් පයින්
ඇවිදගෙනවිත්,
හිස් පයින්
ඇවිදගෙනවිත්,
මිරිවැඩි
මිලට ගන්නට
කාසි රැස්කල
අයාලේ ගිය වසන්තය...
මිලට ගෙන
මිරිවැඩි සගල
පයලාමි...
දැන්
ඇවිද යා යුතුය
පෙන්විය යුතුය
ඉරිසියාකාර ගැහැනුන්ට
කෑදර පිරිමින්ට...
මම ඇවිදයමි...
මග බොහොම එලියය...
අරුමය
මිරිවැඩි දිහා නොබලන...
හිස් පයින් ඇවිද යන
බොහොම ලාබාල උන්
එකිනෙකා දෙස බලන
ඇස් ගසන...
එන්න,
මිලට ගන්නට
කාසි රැස්කල
අයාලේ ගිය වසන්තය...
මිලට ගෙන
මිරිවැඩි සගල
පයලාමි...
දැන්
ඇවිද යා යුතුය
පෙන්විය යුතුය
ඉරිසියාකාර ගැහැනුන්ට
කෑදර පිරිමින්ට...
මම ඇවිදයමි...
මග බොහොම එලියය...
අරුමය
මිරිවැඩි දිහා නොබලන...
හිස් පයින් ඇවිද යන
බොහොම ලාබාල උන්
එකිනෙකා දෙස බලන
ඇස් ගසන...
එන්න,
වසන්තය වැය නොකර ,
සෙරෙප්පු නැතුව ඇවිදින්න...
Subscribe to:
Posts (Atom)




