පොඩි ලේනි
ලේන කුලයේ
යුවතියක්...
පෙම්වතා හැරගියයි
රිදුන හිත
තද කරන්....
කම්බි වැටකට
ගෙල සිරකරන්
මිය ගොසින්...
අවසාන වතාවට,
තද කහපාට
අඹ පලුව
අතදරන්,
අත්තෙන් අත්තට පැනපු
පොඩි එකී
අතුරුදන්....
සොයා දෙන්නැයි පුවත
පත්තරේ කලුසුදුව
මුද්‍රිතව තවම ඇත
තේ බීපු මේසෙ උඩ....
අපරාදේ.. තවත් එක ජීවිතයක්.....!!!
ReplyDeleteහ්ම්ම්...ඒත් ලේනිට එහෙම හිතිලා නෑ...:)
Deleteලස්සනයි යාලු..:)
ReplyDeleteබෝම ස්තුතියි යාලු...
Delete