දුවලා පහක්
එකම පුතෙක්
හිටි පවුලක
හිටියාලුය අම්මෙක්...
නොවෙනස්වම සැලකුවාය
හැකි හැමදේ ලැබදුන්නිය
ඉගන කියා ගෙන දරුවන්
බලන් ඉදිද්දී ලොකු විය...
ලොව දහමට අනුකූලව
මෑණියො එක්තැන් වූවේ
සැලකුම් කල එක විලසම
දරු කැල ඈ හට සෙනෙහෙන්...
එකත් අසූ විය පසු කල
අම්මා නෙත් වසාලීය
දරුවන් බෝ දුකින් වැලප
නෙතු කදු ලැලි සලාලීය...
.........
පුන්චි දෝණි
සතලිස් විය පසුකර සිටි
ලොකු අක්කට ගෙනත් දුන්න
අම්මගෙ මුතු කරාබු දෙක...
ලොකු අක්කගෙ ඇස් රතු විය
"පුන්චි දැරිවි ඒ කොහොමද
අම්මගෙ දේපල බෙදන්නෙ?
මද්දුමීය හැමටම මුල...
පවුලේ සමගිය නැති කල..."
අම්මා ලග ඇස් දෙකවන්
තනියට හිටි සේවිකාව
අම්මගෙ අත් මැසිම දෙන්න
විමසුවේය එකම පුතා...
"ඒ මොකටද?
පඩි දුන්නනෙ
ඒක හොදයි මට මහන්න..."
මද්දුමීගෙ හඩ සැර විය....
"අනේ නෝනා තියාගන්න"
සේවිකාව කියා ගියා...
"හිතේ තියෙන තන්හාවනෙ"
හිත කියනවා මට ඇහුනා
"මේක හොදයි පොඩි නoගිට"
සුදු යකඩයි අල්මාරිය
මද්දුමීගෙ නෙත් ඇලවුන...
"ඕක දුන්නෙ ලොකු අක්කා
ඕක ඔහේ තියෙන් දෙන්න"
පුතාගෙ හඩ පැතිරුනේය...
"ලොකු අක්කා ගෙනත් දීල
අරගෙන ගියෙ අල්මාරිය
තේක්ක ලී
බොහොම වටින"
"නුඹත් එහෙම දුන්නාදැයි
යමක් කමක්
අම්මා නුඹට දුන් ඉඩමට???"
........
තවත් දෙයක් සිහි වින මට
කවුරුවත්ම දුන්නාදැයි
තියාගන්ට යමක් කමක්
කිරි බිදු වට හිලව් වෙන්න...
සංවේදී කවි පෙළක්
ReplyDelete'තවත් දෙයක් සිහි වින මට
ReplyDeleteකවුරුවත්ම දුන්නාදැයි
තියාගන්ට යමක් කමක්
කිරි බිදු වට හිලව් වෙන්න...' වැඩිපුරම හිතට දැනුන මම කැමතිම ටික ..
බොහොම ස්තුතිය...:)
Deleteආපෝ මම නම් ගෙදරින් කිසි දෙයක් එපා කියල මගෙ මහන්සියෙන්ම ගොඩ ආවේ, අඩුම තරමේ පොඩිකාලේමම වෙනුවෙන් බැංකු පොතක ඉතුරු කරපු බැංකු පොතේ සල්ලිත් අම්මටම දිලයි එලියට බැස්සේ, ණයත් නැහැ- බයත් නැහැ..... දැන් සතුටින් හිතත් නිදහසේ ජිවත් වෙනව
ReplyDeleteහ්ම්ම් ඒත් මම නම් ඒ තරම් දුරට ස්වාධීන නැහැ
Deleteහ්ම්..
ReplyDeleteමතක් උනා මගේ මවුව..
මට දැවැදි එපා කියල
රන්ඩු උනා මේ ලගකදි...
උගත්කම ඇතිය කිවා
ජීවිත කාලෙටම මට..
මට මොකටද නුඹෙ දේපල
රකින්න නුඹ පන සේ,
මන් අහුවම..
මට මතකයි ඇගේ මුන,
කේන්තියෙන් රතු උන හැටි..
-නිලූ-