ඉoග්‍රීසි යුවතියක් වන්නට
දහ අටවන සියවසට ඇවිද යන්නට...
රැලි දිග සාය ඇති දිග ගවුම ඇද
මිටියාවත් අතර දිව යන්නට ....
සපත්තු දැමූ අශ්වයෙක් මිලට ගන්නට
අසරුවා සමග ආලයෙන් වෙලෙන්නට
පොප්ලර් ගසක් යට හිද පෙම්කවක් කියන්නට.....
රතුරෝස මල් කලඹක් තෑගි ලබනට
දුඹුරු පැහැ තොල් අතර හාදුවක් සගවන්ට
ජනේලයෙන් මෙපිට හිද තුහින වැහි නරඹන්ට....
අදිසි මායාවකින් සියල්ල වෙනස් වන්නට..............
ඉoග්‍රීසි යුවතියක් වන්නට....
ට්‍රයි කරලා බැලුවද?
ReplyDeleteතාම නෑ..ඒත් එහෙම වුනානම් මම කැමතියි.:)
Deleteඅදිසි මායාවකින් සියල්ල වෙනස් වෙලා ආපහු පියවි සිහියට එන්නද?
ReplyDeleteනෑ නෑ මේ ඉන්න විදිහෙන් වෙනස් වෙලා ඉoග්‍රීසි යුවතියක් වෙන්නට .ඒ යුවතියන් හරිම සෞන්දර්යාත්මකයි.
Deleteමේක දැක්කහම නමි මටත් එහෙම හිතෙනවා.....
Delete;)
Deleteඇත්තටමද..? නැත්නම් ඔයාට හිතෙන හැටිද ඒ....?
ReplyDeleteඇත්තටම මම ඒ ලස්සනට කැමතියි...:)
Deleteඅප්පොච්චියේ ඔක්කොමත් හරි අර කිටි කිටියේ හුස්ම හිර වෙන්ට අන්දන යට ගවුම නැත්නම් .
ReplyDeleteඒක මම හිතන්නේ shape wear එකක්...:D
Deleteහැමදාමත් ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදිලා කියවලා යනවා, ඒත් අද නම් එහෙම යන්න බෑ හිතුනා, හරිම ලස්සනයි අදහස
ReplyDeleteබොහොම ස්තුතියි කමෙන්ට් කල එකට...කමෙන්ට් එකක් දානවා කියන්නෙ හිතට හයියක්...:)
Deleteඒ කාලෙ ගැන තියෙන ෆිල්ම් හරි ලස්සනයි නේ. මේ A Dangerous Method ෆිල්ම් එකෙන්ද
ReplyDeleteලස්සන අදහසක්.... මැවිලා පෙනව එංගලන්තේ සුන්දර ප්‍රදේශ....
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteලස්සනයි...
ReplyDeleteඑක දවසක් නවොතින්, හරිම පඩුයි නොවැ..
මතක් උනා මිට කලකට ඉහතදි කියවපු කතා පොත් කිපයක උන්න ඉන්ග්‍රිසි යුවතියන්.. :)
-නිලූ-
බොහොම ස්තුතියි
Deleteharima lassanai dasuni..sceneries tikak lassnata flow ekak widiyata hithe mawenawa..really good one..classic
ReplyDeletebohoma sthuthiyi anuranga
Deleteහරිම ලස්සනයි මේ බ්ලොග් එක.. මට අහම්බෙන් හම්බුනෙ ලින්කුවකින්... මම මේ හුස්මක් නැතුව කියවන් යනවා...:D
ReplyDeleteඅනේ...බොහොම ස්තුතියි....:)
Delete