මට සුවද විලවුන් බෝතලයක්ව
ඔය අත්බෑගයේ ඉන්නට ඕනෑය....
කදුලු පිසදාලන
ටිෂූ කැබලිති වලට
සුවද එක්කරන්නට ඕනෑය.....
මට සුලන් රැල්ලක්ව හමා යන්නට
දහඩිය බින්දු අයිති කරගන්න ඕනෑය.....
වෙරලෙහි පෙම්වතා සමග දිව යන කල්හි
අකීරරු රැල්ලක්ව රැලිසාය පිස යන්න ඕනෑය...
ක්ලබ් සෑන්විච් එකක් වී
කුසගින්න නිවන්නට ඕනෑය.
සුරතල් ටෙඩිබෙයෙකු වී
තුරුල්ව නිදන්නට ඕනෑය....
කෙටියෙන්ම,
ඔබට නොදැනී
ඔබට පෙම් කරන්නට ඕනෑය......
සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
ReplyDeleteනිසල කරන් මම ඉන්නම් සැම දින..?
-නිලූ-
නොදැන්නෙන්න පෙම් කිරීම නම් හොඳයි ඒත් ???
ReplyDeleteප්‍රතිපලයක් නැහැ කියන්නද හදන්නේ. එහෙම නෑ ඔය හැගීම පුද්ගයට අනුව වෙනස් වෙනවා.
Delete:) :)
ReplyDelete:):)
Deleteඒකපාර්ශවීය ආදරයෙත් මාර ආතල් එකක් තමා තියෙන්නේ ..
ReplyDeleteඔව් ඇත්ත....ඒක සමහර වෙලාවට ද්විපාර්ශවීය ප්‍රේමයකට වඩා ලස්සනයි...
Deletegood
ReplyDeleteමට හිතෙන්නේ අහිංසක ප්‍රාර්තනාවක් කියලා. මට මතක් උනා මගේ පාසැල් වියේ ප්‍රේමය. වීතරාගී අපූරු හැගීමක් උනා ඒක මට විතරක්. අනේ මම මෝඩයා... මතක් වෙන හැම වෙලේම ටොක්කක් ඇන ගන්නවා මම මටම දැන්. ජය...!
ReplyDeleteඒ කාලෙ කවුරුත් මෝඩයි තමයි...
Deleteඊයා. . . . . කැතයි කියන්නේ කැතම කැතයි. ඔයා කවි ලියන්න ඉගෙනගත්තේ කම්මල් බාස් කෙනෙක්ගෙන්ද?
ReplyDeleteනෑ අනේ තනියමම තමයි ඉගන ගත්තේ...කොහොම උනත් තැන්කූ වෙරිමච්...
DeleteMage nopennena adare ..
ReplyDeletePenena durakata ennepa...
Dutu namuth mage adare...
Dutuwa bawa agawanu epa... Mmmmm
lassana sinduwa....:)
Deleteවිලවුන් ඉවර වුනත්
ReplyDeleteඅත් බෑගයේ ඉඩ නැතිවුනත්
හිස් බොතලේ වත්
කණ්නාඩි මේසෙ මත විසිනොකර තියේ නම්...
එහෙම වෙනවා හරිම කලාතුරකින්...:)
Deleteඒක පාර්ශවීය ප්‍රේමය සිත් රිදීම් අඩුයි, විනාශය අවමයි.
ReplyDeleteසහතික ඇත්ත කතාව...
Deletelassanai
ReplyDeletesthuthiyi....
Delete