මම ලියන දෑ කියවන්න කැමති අය...
Thursday, May 31, 2012
කැරලි කැරලි කෙස්....
කෙස් කලුපාටයි.ඉදලා
හිටලා සුදුපාටත් නැතුව නෙමෙයි.සුදුපාට
කලුපාටින් වහගන්න නෙතලි දන්නවා.
කලුයි සුදුයි
නැතුව දුඹුරුපාට තිබුනා නම් නෙතලි කැමතියි.මරියාට පිරිමි ළමයි කැමති කෙස් දුඹුරු
නිසා කියලමයි නෙතලි හිතුවෙ.නෙතලිගෙ හිත කියුවෙ.ඒත් දුඹුරුපාට හමට දුඹුරුපාට කොණ්ඩෙ
ගැලපෙන්නෙ නැතුව ඇති.දෙවියන්වහන්සේ මෙච්චර ලස්සනට ඇදලා තියෙන චිත්‍රෙ සුදුපාට
ගෑනුන්නට දුඹුරුපාට කෙස් සහ දුඹුරුපාට ගැහැනුන්ට සුදුපාට කෙස් දීම විතරක් වරදින්න
බැහැ.
නෙතලි නිතර
දකින හීනයක් තිබුනා.ඒ හීනවල නෙතලි කන්නාඩියෙන් බලනකොට කෙස් පිටිපස්ස දක්වා වැටිලා
තිබුනා.කන්නාඩිය ලස්සනයි කියුවා.ඒත් කලබලේට අවදි වෙලා බලනකොට කෙස් තිබුනෙ බෙල්ල
ලගට. පරණ පුරුදු ගානට.කැරලි
කැරලි.
නෙතලිට
හදිසියේ දේවල් හිතෙනවා.හිතුන ගමන් ඒ දේවල් කරනවා.හැබැයි හොද හෝ නරක විපාකත් සම
හිතින් විදිනවා.
එක දවසක් උදේ
නැගිට්ටම නෙතලිට හිතුනා කෙලින් කොණ්ඩයක් තිබුනා නම් හොදයි කියලා.නෙතලි සාප්පුවකට
ගිහින් කොණ්ඩෙ කෙලින් කරගත්තා.සමහරු කැතයි කියුවා.තව සමහරු ලස්සනයි කියුවා.කොහොම
හරි නෙතලි ගැන හැමෝම කතා කලා.
අවුරුද්දක්
විතර නෙතලි කෙලින් කොණ්ඩෙත් එක්ක ජීවත් වුනා.අමුතුවෙන් හදා ගත්ත කොන්ඩෙ ඇරුනම
අලුතෙන් එන කොණ්ඩෙ නෙතලි කියුවෙ දේ ඇහුවෙ නැහැ.
ආයෙත් කැරලි
කැරලි කොණ්ඩෙ.ඒත් කෙලින් දිග කොණ්ඩෙට් කැරලි කොණ්ඩෙ වැහිලා තිබුනා.කාලයක් යනකොට
නෙතලිගෙ කොණ්ඩෙ ගැන කවුරුවත් කතාකලේ
නැහැ.ඉදහිටලා එක්කෙනෙක් දෙන්නෙක් කොණ්ඩෙ කෙලින් කරලා නේද කියලා ඇහුවා.හීන් හිනාවක්
නෙතලිගෙ මූනෙ ඇදුනා.ඒත් ඉස්සර ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකොට නොතිබුනු දුකක් හිනාවයට
නැවතිලා හිටියා.
නෙතලිට කැරලි කොණ්ඩෙ
නැති පාලුව දැනුනා.දිග කොණ්ඩෙන් කෙලින් කොණ්ඩෙන් ඉස්සර තිබුන සතුට ලැබුනෙ නැහැ.පිට
මැදට කොණ්ඩයක් නෙතලිට ලැබුනා.ඒත් තාමත් අර කැරලි කැරලි ගනකම් කෙස් නෙතලිට මතක්
වුනා.
කිසි හැගීමක්
දැනීමක් දැනෙන්නෙ නැති කැපුවත් රිදෙන්නෙ නැති
කොණ්ඩෙට මෙච්චර කැමත්තක් තියෙයි කියලා නෙතලි හිතුවෙ නෑ.සමහර මලගෙවල් වලදි දුක හිතුනෙත් නෑනෙ.ඇඩුනෙත් නෑනෙ.ඉතින් ඇයි කොණ්ඩෙට මෙච්චර
ආදරයක්.
නෙතලිට එන්න
එන්නම කැරලි කොන්ඩෙ නැති පාලුව දැනුනා.කැරලි කොණ්ඩෙ ඕනමයි කියලා හිතුනා.දවසක් උදේ
නෙතලි කොන්ඩෙ කොටටම කැපුවා.ආපහු කැරලි කැරලි කෙස්....
කැරලි...
කැරලි...
"අපරාදෙ දිගට තිබුන
කොන්ඩෙ..."
"පොෂ් වෙන්න කපලා"
ඒත් නෙතලිට
ආපහු නෙතලිගෙ කැරලි කැරලි කොන්ඩෙ හම්බවෙලා...
නවකතාවක් ලියමුද?ඉක්මනින් ජනප්‍රිය වෙන...
මා විසින්
කියවන ලද ලිපියක් ඔබ සමග බෙදා ගන්නට සිතුවා. මෙම ලිපිය
ලියා තියෙන්නේ Randy Ingermanson විසින්. ඔහුගේ නවකථා හයක්ම
ඉතාවටිනා සම්මානයන්ට පාත්‍ර වෙලා තියෙනවා.සම්මන්ත්‍රන වල ඔහුවිසින් සාකච්චා කරන ලද
නවකථා ලිවීමේ ක්‍රමවේදය ඔබට කියන්නටයි මම මේ සූදානම් වෙන්නේ.
ඔහු මෘදුකාන්ග
නිර්මාණශිල්පියෙක් විදියට තමන් විසින් පරිගණක මෘදුකාන්ග නිර්මාණයට යොදා ගන්නා ලද
ක්‍රමවේදයන් තමයි නවකථා නිර්මානයටත් යොදාගෙන තියෙන්නේ.ඒ ක්‍රමය සාර්ථක වෙලා තියෙන
බව ඔහු ලබා ඇති සම්මාන වලින්ම පේනවා.සරළ පියවර දහයකින් මෙය සිදුකල හැකියි.(මම මේ
පියවර තාමත් අත්හදා බලා නැති බවත් ලගදීම අත්හදා බලන්නට බලාපොරොත්තු වෙන බවත්
කිවයුතුයි)
පියවර 1
පැයක් පමණ ගත
කර ඔබේ නවකථාවේ සාරාන්ශය එක වාක්‍යකින් ලියන්න.(මේක අමාරු වැඩක් බව කියන්න දෙයක්
නැහැ.හිතේ තියෙන හැමදේම එක වැකියකින්). තත්පර 10කින් සිදුකල හැකි අලවිකරන වැකියක් ලෙස මේ
ලියන ලද වැකිය ඔබට ඉදිරි කාලය පුරාම උපකාරී වේවි. පොත් ප්‍රකාශකයන්ට,පොත්සාප්පු වලට ඔබට එක වැකියකින් ඔබේ පොත
හදුන්වා දීමට මෙම වැකිය උපකාරීවෙනවා. වඩාත්ම
වැදගත්වන ඔබේ පාඨකයන්ටත් ඔබේ පොත එක වැකියකින් හදුන්වා දීමට හැකියි.
මෙම වැකිය
ලිවීමේදී පහත කරුණු ගැනත් හිතන්න.
·
කෙටියෙන්
ලියන්න ..වචන 15කට අඩුවෙන්
·
චරිතවල නම්
බාවිතා කරන්න එපා.(මිනිත්තු එකොලහක කතාවක් කියන එක මරියා කියලා කියනවට වැඩිය
හොදයි)
·
Read the one-line blurbs on the New York Times Bestseller list to learn how
to do this.
·
එක වාක්‍යකින්
නවකථාවක් විස්තර කිරීම කියන්නෙත් කලාවක්
පියවර 2
තවත් පැයක්
පමණ ගෙන වාක්‍ය එක චේදයක් බවට පත්කරන්න.මම චේදයේ පහත කරුණු අඩන්ගු විය යුතුයි
·
ආරම්බය
·
ප්‍රධාන
සිදුවීම්
·
කථාව අවසන්
විය යුතු ආකාරය
ඔහු කැමතියි
කථාවක් සිදුවීම් තුනකින් සහ සිත් ඇදගන්නා අවසානයකින් යුක්ත වෙනවා නම්.එක සිදුවීමකට
පොතෙන් හතරෙන් එකක කොටසක් වෙන් කල යුතුයි.එවිට පොතෙන් හතරෙන් එකක කොටසක් ඉතිරි
වෙනවා අවසානය ලියන්නට.
පියවර 3
ඔබේ නවකතාවේ
චරිත විස්තර කරන්න.නවකතාවේ වැදගත්ම කොටස් කරුවන් වෙන්නේ චරිත.සෑම චරිතයක් සදහාම
පැයක කාලයක් ගෙන එක් පිටුවක විස්තර කථනයක්
කරන්න.
·
චරිතයේ නම
·
චරිතයේ
ස්වබාවය විස්තර කරන්න එක වාක්‍යකින්
·
චරිතයේ අරමුණ
·
චරිතයට තමාගේ
අරමුණට යෑමට ඇති බාධකය
·
බාධකය ජය
ගැනීමට චරිතය විසින් යොදාගන්නා උපක්‍රම්.ඔහු/ඇය ඉගන ගන්නා දේවල්.
·
ඉහත සියල්ල
කැටි කොට එක වාක්‍යක්
වැදගත්:-මේ
ඕනෑම අවස්ථාවකදී තමන් පසු කර ආ පියවරවල් නැවතත් වෙනස් කිරීමට ඔබට හැකියාව
තියෙනවා.ඇත්තටම එය හොදයි. එය කතාවේ දියුණුවට
උපකාරීවෙනවා.එය කොහොමටත් පිටු 400ක රචනයක් වෙනස් කරනවාට වඩා පහසුයි.
පියවර 4
ඔබ සතුව දැන්
ඔබේ කතාවේ සාරන්ශයක් තියෙනවා.මේ ඔබ සතුව ඇති චේදයේ සියලු වාක්‍ය එක වාක්‍යක් සදහා
එක චේදයක් බැගින් ලියන්න. මේ සදහා උවමනා පමණ
වෙලාව ගන්න.අවසානයේ ඔබ සතුව එක පිටුවක සාරන්ශයක් තියේවි.
පියවර 5
දවසක හෝ දෙකක
කාලයක් ගෙන එක ප්‍රධාන චරිතයක් සදහා පිටුවක විස්තරයකුත්.සෑම සෙසු චරිතයක් සදහාම
පිටු බාගයක විස්තරයකුත් ලියා ගන්න.
මෙම විස්තරයේ
අඩන්ගු විය යුත්තේ සෑම ප්‍රධාන චරිතයක
ඇසකින්ම කතාව දකින විදිහ.ඔබට මතක ඇති දෙවොන්දරා සන් කතාව එක විදියකට කියද්දී
නොරිකොසන් කතාව තව විදියකට කියුවා. ඒකයි මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා කොටස්
දෙකක් විදියට පලවුනේ.
පියවර 6
සතියක කාලයක්
ගෙන කථා සාරන්ශයේ එක පිටුව පිටු 4ක් තරමට විශාල කරන්න. මේ සදහා හතර වන පියවරේදී සාදාගත් සාරාන්ශය බාවිතා
කරන්න.
පියවර 7
සියලුම චරිත
ඉතාමත් විස්තරාත්මකව විස්තර කරන්න.මෙහි චරිතය පිලිබදව සියලු කරුණු අඩන්ගු විය
යුතුයි.උපන්දිනය,චරිත ස්වබාවය,ඉතිහාසය,චරිතයේ
උනන්දුව පවතින අන්ශ සහ වඩාත්ම වැදගත් කරුණ ලෙස චරිතය කතාව අවසානයේ වෙනස්විය යුතු
ආකාරය. තුන්වන පියවරේ කරන ලද
චරිත විස්තර කිරීම තවදුරටත් සවිස්තරාත්මක කිරීමක් තමයි මෙහිදී සිදු වෙන්නේ. නැවතත් 1-6 දක්වා
පියවර වෙනස් කිරීමට සමහර විට ඔබට සිදු වේවි.මොකද මේ වෙලාවේදී ඔබේ චරිත සැබෑ චරිත
බවට පත්වෙනවා. සියළුම සාර්ථක
නවකතාවන් චරිත මත පදනම් වෙන නිසා මේ පියවර ඉතාමත් අවදානයෙන් සහ කැමත්තෙන් ඔබට
උවමනා තරම් කාලය අරගෙන සිදු කරන්න.ඉදිරියේදී නාස්තියක් වන්නට සිදු විය හැකි කාලය
ඔබට මේ මගින් ඉතිරි කරගත හැකියි.
පියවර 8
තවදුරටත් මෙසේ
සිටීමට ඔබට බැහැ.එක්තරා අවස්ථාවක සැබෑ නවකථාව ලියන්නට ඔබට සිදු වෙනවා.ඊට පලමුවෙන්
සිදු කල යුතු දේවල් සමූහයක් තියෙනවා.
1.පිටු හතරේ
සාරන්ශය ගෙන ඒ සෑම දෙයකටම අවශ්‍ය සියලුම සිදුවීම් නිර්මාණය කරන්න.මුළු කතන්දරයටම
අවැසි වන සියලුම සිදුවීම්.මේ සදහා එක්සෙල් පිටුවක් යොදාගත හැකියි.
2.සෑම සිදුවීම
ම එක වාක්‍යකින් විස්තර කරන්න.
3.ඒ එක් එක්
සිදුවීමය සහබාගී වන චරිත විස්තර කරන්න
4.චරිත
යොදාගෙන සිදුවීම විස්තර කරන්න.
5.එක් එක්
සිදුවීම සදහා ඔබ කොපමණ පිටු ගනනක් යොදාගන්නවාදැයි ලියන්න
සිදුවීම
|
සිදුවීම ම
එක වාක්‍යකින්
|
සහබාගී වන
චරිත
|
සිදුවීම
විස්තර කරන්න
|
පිටු ගනන
|
පියවර 9
(අනිවාර්ය නැත .කතුවරයා
තවදුරටත් මේ පියවර ක්‍රියාත්මක නොකරයි)
කතාව ලියන්නට
පටන් ගන්න.ඉතාමත් සරලව.දෙබස් එකතු කරන්න.කතාව තුල ඇතිවන ගැටීම් නිරවුල්ව පහදන්න.
එක
පරිච්චේදයක් සදහා එක පිටුවක් හෝ දෙකක් කතුවරයා විසින් ලියා ඇත,සෑම අලුත් පරිච්චේදයක්ම අලුත් පිඋටුවකින්
ආරම්බකර ඇත.ඔබට පිටු පනහක පමන පොතක් ලියා ගැනීමට මෙම ක්‍රමය මගින් හැකිවේ,එමගින් අනිත් පරිච්චේද වලට බලපෑමක් නැතිව
අදාල පරිච්චේදය පමණක් වෙනස් කිරීමට හැකිවේ.
මතක තියා
ගන්න.මෙය කාටවත් පෙන්නන්න එපා.ඔබ සතුව පමණක් තබා ගන්න.සතියකින් පලමු පිටපත ලියා
අවසානයි. කොයි තරම් නම් සතුටුද?
පියවර 10
දැන් ඇත්තම
කතාව ලියන්න පටන් ගන්න.මෙහි කතුවරයා දැක තියෙනවා මේ ක්‍රමය මගින් කතාව ලිවීමේ සීග්‍රතාවය තුන්ගුනයකටත් වැඩිය වැඩිවෙනවා
කියලා.ගුණාත්මක අතින් ඉහල නවකතා ලියන්නත් මේ මගින් හැකිවෙනවා කියලා.ඉතින් උත්සාහ
කරලා බලන්න.ඔයාලත් ලියන අය හරි ලියන්න උත්සාහ කරන අය හරි නම් මේ මගින් ලොකු
උදව්වක් ලැබෙයි...
Tuesday, May 29, 2012
ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??
මේ මට ලැබුනු විද්‍යුත් ලිපියක්..ඒත් මේ කරුණු දෙකෙන් පලවෙනි දේ ඇත්ත කියලා මට හිතෙනවා.ගැහැනියකට ආදරය කිරීම කියලා කියන්නෙ ඇගේ මතයටත් සවන්දීමයි.ගැහැනියකගෙන් බලෙන් කිසිවක් ලබා ගත නොහැකිවා මෙන්ම ,ඇගේ මතයට ඉඩ දීමෙන් ඔබ පැතූ දේවල් ලබා ගත හැකියි...
ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.
ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?
ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.
අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.
ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.
ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.
ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේක :
ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම .....
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
ඊලඟට තමයි අමාරුම හරිය.
රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.
සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.
ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?
සෙනෙවියා ඇහුවා.
බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ?
(මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.
සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
.... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....
ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....
ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??
සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි.
හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා
ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි කියලා.
ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.
ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.
ප.ලි:
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා
"ඒ වේසි" ඇන්ටි
උදේ නැගිටිනකොට ඇස් බරවෙලා තිබුනා.ඔරලෝසුව නැගිටින වෙලාව කියුවට ඔරලෝසුවටත් තවටිකක් නිදියන්න කියලා වැදගත් නෝනා මහත්මියක් හරි මුඩුක්කුවක ගැහැනියක් හරි විදියට කියලා අනිත්පැත්ත හැරිලා නිදාගන්න උවමනාවක් මිෂෙල්ට තිබුනා.
මිෂෙල්ට දැන් මිෂෙල් කියුවට වෙන නම් දෙක තුනක් තිබුනා.චූටි බබා,රන් පැටීයෝ වගේ නම් පුන්චි කාලෙ තාත්තා විසින් පාවිච්චි කරන ලද..
දැන් කලාතුරකින්වත් නොකියවෙන..සෙව්වන්දි...සෙව්..වගේ නම් අවුරුදු දෙක තුනකටත් කලින් මිෂෙල්ට පාවිච්චි වුනා.
ඒ වුනත් දැන් සෙව්වන්දි කියුවම තමන්ට කතාකරනවා වගේ හිතුනත් තමන්ට නෙමෙයි කියලත් හිතෙනවා.නිකන් අයිති නැති තැනක ඉදන් කතා කරනවා වගේ.
මිෂෙල්ට තේරුනා තමන් ඊයෙ රෑ බීපු බීම සැර වැඩි කමක්.බොනකොට සැර වැඩි කමක් තේරුනේ නැහැ.බොන්න කලින් ඉදලම මිෂෙල් හිටියේ මත්වුනු ස්වබාවයකින්.දුරකථන ඇමතුමක් එන සැනින් අදාල සේවාදායකයාගේ නිවසට ගිහින් සේවා දායකයාගේ සියළු(මේ වචනෙ ටිකක් බර වැඩියි.තේරුම් ගන්න අපහසුයි)අවශ්යහතා සපුරාලීම තමයි මිෂෙල්ගේ රැකියාව වුනේ.
සියලු අවශ්යේතා ප්රේධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.මානසික සහ ශාරීරික වශයෙන්.දෙවන අවශ්ය තා ස්වබාවය සැපයීමට පහසු විදියට සැලකුනත්(අනෙකුත් සම රැකියා නියුක්තිකයන් විසින්)මිෂෙල් සැලකුවේ මානසික අවශ්යාතා සැපයීමට හරිම පහසු දේවල් හැටියට.
තමන්ගෙ නම ගම සහ කතන්දරය (බොහෝ මිනිසුන් විසින් අසනු ලබන )විදිහට තමන්ගේ නොවන නම් ගම් සහ කලින් සූදානම් කරගත් කතන්දරයක් කියාපාන්නට මිෂෙල්ට හැකියාව තිබුනා.
ඊයේ රාත්රිූයේ සිදුවුනේ මිෂෙල් බලාපොරොත්තු නොවුන සිදුවීමක්.බලාපොරොත්තු නොවුනාමත් වෙන්න බැහැ.අන්සතු වස්තූන් අයිතිකර නොගෙන වස්තූන් රැකබලාගැනීම තමයි මිෂෙල් සිද්ධ කලේ.ඒත් අයිතිකාරයා හදිසියේම ආවා.වස්තුව අරන් යන්න ආවෙ නැහැ.ඒත් වස්තුව කැමතියි අයිතිකාරයා ලගට යන්න.
ඒත් අන්සතු වස්තුව දෙන්න මිෂෙල් කැමති වුනේ නැහැ.කැමැත්තෙන් අකමැත්තෙන් එතරම් ගත යුත්තක් තිබුනේත් නැහැ.පොඩි කාලෙ තාත්තා ගෙනත් දුන්න පොඩි ටෙඩිබෙයෙක් බදාගෙන නිදාගත්තාවගේ මිෂෙල් ගනුදෙනුකාරයව තමන්ගේ හදවතට තුරුල් කරගෙන හිටියා.
ජනේලෙන් එහා පැත්තෙ හයියෙන් වරුසාවක් වහිමින් තිබුනා.ජනේලෙ දිගේ බේරෙන වැහිවතුරත් මේ වෙලාවෙ තමන්ගෙ දිවට දැනෙන ලුණු රසින් යුක්ත ඇති කියලා මිෂෙල් හිතුවා. හොද කඩවසම් නොවන සුදුපාට මවිලෙන් පිරි පපුතුරකට තුරුලුවෙලා හිටපු දවසක් මිෂෙල්ට මතක් වුනා...
"පොඩි කෙල්ලෙ,ඔයා මට වැඩිය හුගක් පොඩියි.ඔයාට මේවා තේරෙන්නෙ නැහැ.මගේ ගෑනි මට හුගක් සලකද්දිත් තමයි මම ඔයා ලගට එන්න පුරුදු වුනේ."
මිෂෙල්ට තේරුම් ගන්න උවමනාවක් මුලින් තිබුනෙ නැහැ.
උවමනාව ඇති වුනාට පස්සෙ ඉතාමත් ආසාවෙන් ඒ වචන අහගෙන ඉන්න පටන් ගත්තා.
මිෂෙල්ගෙ තාත්තා මැරුනෙ නැති වුනාට අවුරුදු හතරකින් පස්සේ මිෂෙල්ට තාත්තා කෙනෙක් හිටියෙ නැහැ.අම්මා "ඒ වේසි" කියලා ඇන්ටි කෙනෙක් තාත්තා අරන් ගිය බව කියුවා."ඒ වේසි"ගැනවත්,තාත්තා ගැනවත් අවුරුදු විසි හයක් වෙනකල් ආරන්චියක් ආවෙ නැහැ.
තමන්ව බලන්න එන අන්සතු වස්තුව එනකොට චොක්ලට් අරන් එනවට මිෂෙල් කැමති වුනා.අවුරුදු විසිදෙකකට කලින් දැනුනු චොක්ලට් රහ ඒ චොක්ලට් වලත් දැනෙන්න පටන් ගත්තා.කතාව මේ විදිහට ගලාගෙන ගියා.
ඉද හිට වස්තුව තමන්ගේ ගෑනි නමින් හැදින්වුනු සත්වයා පිළිබද දීර්ඝ විස්තර කලා.අම්මා තාත්තාට බැන්නා වගේමයි කියලා මිෂෙල්ට හිතුනා.මිෂෙල් සුදුපාටට තවත් කැමති වෙන්න පටන් ගත්තා.කලුපාට කැතට පේන්න පටන් ගත්තා.
තාත්තගෙ කමිසෙත් මේ වගේම දාඩිය සුවදක් මිෂෙල්ට දැනුනා….
සුවද ගනුදෙනු කාරයො ඉන්න එක ගැන පුදුමෙකුත් ඈට හිතුනා.නහය අකුලුවන ගද මිසක් සුවදක් ආපු කාලයක් මතක නෑ මිෂෙල්ට.
"ඉතින් මගේ පොඩි කෙල්ලෙ.මගේ ගෑනිට හෝඩුවාවක් අහුවෙලා.හරියටම දන්නෙ නැහැ.ඒත් මේ ලිප්ස්ටික් කූර මගේ වාහනේ ඇතුලෙ තිබුනා"
මිෂෙල්ගෙ ඇස් නලලටම ගියා.
"චූටි බබාටත් ඇහෙන්නම බැන්නා.ඒ වේසි ලගටම ගිහින් ඉන්න කියලත් කියුවා"
...................................................................................................................
ටෙඩි බෙයා අත ඇරෙනවා මිෂෙල්ට දැනුනා.
හිත හදාගත්තා.
"ආයෙ නාවට කමක් නෑ"
කොහොමටත් "ඒ වේසි" ඇන්ටි වෙන්න මිෂෙල්ට ඕන කමක් තිබුනෙ නැහැ.
Monday, May 28, 2012
විහිලුවකි...
විහිලුවකි...
හොදටෝම හිනායන...
කැමති විට දිය හැකි...
කැමති නම් ආපසු ගත හැකි...
හිටි ගමන් හිනස්සන
ආයෙමත් අඩවන
විහිලුවකි...
"කී දෙනෙක් එක්කද??"
"එයා හරි අන්තිමයි..."
කැලෑ පත්තර වදින...
චරිත සහතික ලැබෙන...
"අනේ හරි හොද කෙල්ල..."
බයානක විහිලුවකි...
හිටිගමන්
මැරෙන්නම හිතෙන...
කවදාවත්ම නෑ
ආයෙමත් කියුවාට...
නැවත බැදෙනට හිතෙන...
ප්‍රේමය...
හොදටෝම හිනායන...
කැමති විට දිය හැකි...
කැමති නම් ආපසු ගත හැකි...
හිටි ගමන් හිනස්සන
ආයෙමත් අඩවන
විහිලුවකි...
"කී දෙනෙක් එක්කද??"
"එයා හරි අන්තිමයි..."
කැලෑ පත්තර වදින...
චරිත සහතික ලැබෙන...
"අනේ හරි හොද කෙල්ල..."
බයානක විහිලුවකි...
හිටිගමන්
මැරෙන්නම හිතෙන...
කවදාවත්ම නෑ
ආයෙමත් කියුවාට...
නැවත බැදෙනට හිතෙන...
ප්‍රේමය...
Sunday, May 27, 2012
පිලිහුඩුවෙක් ...
පිලිහුඩුවෙක් ...
නිල්පාට පිහාටු
ගප්පි නැති
කුඹුර....
හදිසියේ
කමිසයක් සැලිනි
නියර මත
නිල්පාට
වැසිදියට
පෙගී ගිය
අස් වැදෙනු නැති
කුඹුර...
මිනිසා පිලිහුඩුවාව...
පිලිහුඩුවා මිනිසාව...
පෙනී නොපෙනී යන...
Friday, May 25, 2012
පාට පාට සාරි
සාරියක් ඇදගෙන
වත්තෙ වැඩ කරනවා
"හරි පවු
මේ දරුවා
අම්මා දකින්නෙම
එහෙම වෙන්නැති...."
මොකද්ද ඒකෙ පව...???
අම්මා පාට පාට
සාරි අදිනවනෙ...
ඉතින්
ටීච
අදින්නෙත් සාරිනෙ...
පව්...
ටීචට,
අම්මට වගේ
පාට පාට සාරි නැති එක...
පොඩි එකා කියුවේය
"ටීචට මම අම්මගෙ ලස්සන සාරි ඉල්ලලා දෙන්නද???"
Thursday, May 24, 2012
නීතියට අනුකූල නොවන කතාවක්…
මට නීතියට
අනුකූල නොවන කතාවක් ලියන්නට සිතක් පහලවී තිබේ.මේ කතාව කිසිසේත් නීතියටත් සම්මතයටත්
අනුකූල නොවනු ඇත.මට නොගැලපේ යයිද,ගැහැනු ළමයෙකු විසින් නොලිවයුත්තක් යැයිද කියන්නට ඉඩ තිබේ.
නමුත් දැන් මට
මේ කතාව ලියන්නට සිතී අවසන්ය.ඉතින් කෙසේ හෝ මෙය ලිවිය යුතුය...
සරළවම මේ
කරන්නට යන්නේ මත විමසුමකි…..
මේ කතාව....
ගැහැණියක්
සම්බන්ධවය.ගැහැණිය සමාජ සම්මත නොවන වෘත්තියක යෙදෙන්නීය.ගණිකාවක්ව නොඉපදී,ගණිකාවක්ව ජීවත්ව
ගණිකා වෘත්තියෙන් මිදී මිය යන ගැහැණියකි.මට ලියන්නට ඇවසි ගර්බනී ගණිකාවක්
සම්බන්ධවය.මෑත දවසක රිවිර පුවත්පතේ ලිපියකින් කියවුනේ ගර්බනී ගණිකාවන් වෘත්තිකයන්
වශයෙන් මව්බිම තුල ජීවත් වන බවය.
මෙවැනි
මාතෘකාවක් තේමා කරගත් කතා පුවතකට ඔබ දක්වන ප්‍රතිචාරය කෙබදු දැයි දැනගන්නට මට
උවමනාය.
ඒ වාගේම තවත්
උදව්වකුත් උවමනා කර තිබේ.
සත්‍ය
කතන්දරයක් ලියන්නට ඇත්ත කතාවකුත් උවමනා නිසා මට මෙවැනි ගණිකාවක් සමග කතාබහක
යෙදෙන්නට අවශ්‍යව ඇත.ඔබට එවැනි කෙනෙක් සම්බන්ධ කරගැනීමට හැකියාවක් හෝ එවැන්නකට
මාර්ගයක් සපයා දීමට හැකිනම් කරුණාකර මට දන්වන්න...
ඔබේ අදහස් මේ
අවස්ථාවේදී ඉතා වටිනා බව සලකන්න....
Monday, May 21, 2012
පෑනේ මිතුරු තෙම
ලියුමක්
දම්පාට කොලයක...
කෙල්ලෙක්;රන් පාට
කොන්ඩයක් ඇති
මල් කූඩයක් අතේ අරගෙන...
මගේ අකුරුත්
මල් වෙගේ සුවදට
දැනෙනවා ඇති නේද?
මහ සයුරු නම් කීයක්ම...
අන්තිමට,
මොට්ටැක්කිලි ඇතැයි
මම සිතූ
නගරයක...
ජැන්ඩියට ඇදි කොල්ලෙක්
ලියුම කියවන
මුස්ලිම් නමක් ඇති....
සුවදැති පෑනකින්
පිළිතුරු ලිපි ලැබෙන...
සුවද හොරෙන්ම
නැහැය සිපගෙන යන...
ඇට මාලයක්
සල්ලි කොලයක්
තාමත් තියෙන
සොලොස් විය ;
පෑනේ මිතුරු තෙම...
තත්පර තුන...
ටක් ටක් ටක්
කවුද හැබෑට???
2004...
හදිස්සියෙම??
2002නෙමෙයිද?
නෑ...
අපරාදෙ..
හම්බ වෙනකල් හිටියෙ
ඇයි??
පොඩ්ඩක් වෙනස් කරගන්න...
මොනවද?
කාලය..
මොන?
තත්පර තුනේ කාලය...
අවුරුද්දකින් තත්පර තුනක්???
හික් හික්...
හරි විහිලුද?
වැඩිමල් අයට ඔහොමත් හිනා වෙනවද?
පොඩි වැරැද්දක්
...
ආයෙමත් අලුතෙන් ආදරේ
කියන්න..
පලවෙනි පාරට...
ආදරේ කියපු
තත්පර තුන ආපහු ගන්න...
ඉන්න මම එන්න කියන්න...
එහා ගෙදරට ගියෙ
පරණ මතකයක් අරගෙන
2002...
Friday, May 18, 2012
ගාමන්ට්...
මහන මැසිමට
පය රිදෙන
ඊටත් වඩා හිත රිදෙන...
පය රිදෙන
ඊටත් වඩා හිත රිදෙන...
බයවුනා හොදටම
දුවගෙන ඇවිත් බදාගත්තම...
දුවගෙන ඇවිත් බදාගත්තම...
සත්තු...
ජීවිතය පයින් පාගා
උපයමින
තරුණ විය ...
උපයමින
තරුණ විය ...
හද අහසෙ තිබුනාම
මට මොකද
මගෙ මූණ හද ඇතුලෙ දැක්කාම...
මට මොකද
මගෙ මූණ හද ඇතුලෙ දැක්කාම...
බදින්නත්
කෝ සල්ලි...
කෝ සල්ලි...
ගමේ ආවාම
අතිකාල...
ඊටත්,
අම්මගේ
ලෙඩ මූණ
හීනෙන් හැමදාම...
අම්මගේ
ලෙඩ මූණ
හීනෙන් හැමදාම...
ලොකු සර්
අවුරුද්දක්ම වැඩිමාලු..
පතුල් අල්ලා වැන්දාම
පව් නැති...
අවුරුද්දක්ම වැඩිමාලු..
පතුල් අල්ලා වැන්දාම
පව් නැති...
සර්ගෙ නෝනා
හරි සැරලු...
හරි සැරලු...
Thursday, May 17, 2012
-------රෝස පාට වැස්ස---------(කෙටි කතා)
කැම්පස්....
අයි... ටී....
හරි මෝඩයි….
මම ආසම කවි ලියන්න…
කතන්දර පොත් ලියන්න...
ලෝයර් කෙනෙක් වෙන්න...
මට ගැලපෙන්නෙ නෑනෙ...
කොහොම උනත් ඒ වෙලාවෙ වලාකුලක් බිමට පාත් වෙලා මගේ කකුලෙ ගෑවෙමින් තිබුනා.මම වලාකුලට අඩිය තියුවා විතරයි වලාකුල මාව අරගෙන උඩට පියෑඹුවා.මාව වලාකුලක පාවෙලා උඩට ගියා.උඩට ..උඩට ආයෙමත් තව උඩට. වලාකුල සීලිම ලග නැවතුනා.මම ඔලුවෙන් වලාකුලට දෙපාරක් විතර ඇන්නා.ඔලුව රිදුනට වහල නම් දැනෙන්නෙවත් නැතුව වගේ හිටියා.
අම්මා කාමරේට ආවා.
වලාකුල බිමට පහත් වෙන්නෙ නැතුව උඩටම වෙලා හිටියා.
"කොච්චර දෙයක්ද"අම්මා කියුවා.
අවුරුදු හතරටම ඕන පොත් ගන්න එක,ඇදුම් ගන්න එක,සපත්තු ගන්න එක තමයි ඊට පස්සෙ කලේ.
තනියම කාමරයක් නැත්නම් බෝඩිමට යන්න බෑ.කැම්පස් යන්නෙ නෑ කියන්න තරම් හිත තද වෙලා තිබුනෙ ආස සබ්ජෙක්ට් එකක් නෙවෙන් හන්දා.හිත්පිත් නැති යන්තරේකට මොකෝ මගේ කතන්දර කියන්නද...කවියක් ලියලා දෙන්නද අහන්නද...
ටිකක් කල් යනකොට වලාකුල උඩ තිබුනු වහල ගැලවිලා යන්න පටන් ගත්තා.දිරලා ගියෙ නැහැ ගැලවිලා යන්න පටන් ගත්තා.මුලින්ම එක පතුරක් ගැලවුනා.ඊට පස්සෙ දෙවනි පතුර...වීක් එන්ඩ් එකේ ලෙක්චර්ස් වැටුනු නිසා ගෙදර යන එක ටික ටික අඩුවුනා. තවත් ඉක්මනින් වහල ගැලවෙන්න පටන් ගත්තා.
මගේ කර පිටට පොත් වැටෙන්න පටන් ගත්තා.එකක් උඩ එකක්.පොත්වල තිබුනු දැනුම දිය කරලා බොන්න උත්සාහ කරන වෙලාවල බිමට වැටුනු දැනුමට වලාකුල පෙගෙන්න පටන් ගත්තා. වහල නැති නිසා කඩාගෙන බිදගෙන උඩට ගිහින් අහසෙ කවි ලියන්න පුලුවන් කමක් තිබුනත් වලාකුල පොලවට පහත්වෙන්න පටන් ගත්තෙ බර දරාගෙන ඉන්න බැරි වුන නිසා වෙන්න ඇති.
වලාකුල කෙලින්ම පහත්වුනේ එල් කැන්ටිම ලග තිබුනු නාගහ යට බන්කුවට.ඒකෙ බන්කුව තිබුනෙ නාගහ ඇතුලෙ.නා කොල වලින් වටේම වැහිලා.
නාගහ ඇතුලෙන් අමුතු අමුතු සද්ද ඇහුනා.
මම වලකුලෙන් බැස්සා.තණකොල කකුලෙ ගෑවෙන්න පටන් ගත්තා.ඊට පස්සෙ පොඩි පොඩි ගල් කෑලි.මමතීරණය කලා සපත්තු දෙකක් ගන්න. සපත්තු දැම්මාම පහසුවක් දැනුනත් හිර වෙච්ච ගතියක් දැනුනා.
බිම බලාගෙන කැම්පස් එකේ ඇවිදින්න තීරණය කිරීම සපත්තුත් එක්කම හිතට ආපු හැගීමක්.සපත්තු ලස්සන නිසා නෙවෙයි නිකන්ම.කෙල්ලො ඇගේ ගෑවෙන්න එනවට අතින් අල්ලන්න එනවට මගේ එච්චර ලොකු කැමැත්තක් තිබුනෙ නෑ.ඒක නිසා කෙල්ලොත් එක්ක අත් අල්ලගෙන ගියෙ නෑ.
කොල්ලො හිටියෙ මගේ ඇස් මට්ටමට ඉහල.ඒක නිසා කොල්ලො දිහා බැලුවෙ නෑ. ඇස්මට්ටමට පෙනුනු තැන්වල තිබුනෙ බොත්තම් ඇරුනු ශර්ට් සහ විවිධ පාට. ශර්ට් ආකර්ශනීය පාට වලින් යුතු නොවීම නිසා ශර්ට් දිහා බැලීමේ අවශ්ය්තාවයක් ඇති නොවීම එයට හේතුවක් .
දවසක් සුදුපාට ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්නව දැකලා මම ඒ දිහා බැලුවා.සුදුපාට ඇස් දෙක ඇතුලෙ කලුපාට බෝල දෙකක් තිබුනා.ඒ කලු බෝල දෙක ඇතුලෙ දුඹුරු පාට තිත් දෙකක් තිබුනා.මම සුදු පාටටත් කලු පාටටත් නැතුව දුඹුරුපාටට කැමති වුනා. ඒ ඇස් දෙක සුදු පාටට පෙනුනෙ ඇස් වටේ තිබුනු කලු පාට පසු බිම නිසා.පසුබිම හරියටම වලන් කලු පාට.
ඒ පසුබිමේ පාට අත් දෙකක් මට කවිපොත් ගෙනත් දෙන්න පටන් ගත්තා. 'හයිකු කවි'...
මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන
-බෂෝ
එක පොතකට පස්සෙ තව පොතක්.
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
-ෂිකෝ
කැම්පස් එකේ රොබරෝසියා මල් තිබුනෙ නැති වුනාට ඇහැල මල් තිබුනා.
කන්නාඩිය පාන්දරම ඇද ඉහත්තාවට එන්න පටන් ගත්තා.නින්දයන්නට කලින් මවන හීන වලට තුරුලු වෙන්න හිතාගෙන කොට්ටෙ කිටි කිටියෙ මගේ අත් වලට තුරුලු වුනා.
රමණය
මරණය
සහ
මම...
-මම
සුදුපාට සහ කලුපාට කටහඩවල් එකට ඇහෙන්නට පටන් ගත්තා..මම සපත්තු නැතුව ඇවිදින්න පටන් ගත්තා.කලුපාට කකුල් වල සපත්තු තිබුනේම නැහැ. කලු පාට කකුල් දැනගෙන හිටියෙ නැහැ සපත්තු තිබීම කකුල සිර කලාට වැදගත් පෙනුමක් ලබා දෙන බව.උත්සාහ කලේ නැහැ. සල්ලි තිබුනෙ නැහැ.කලු කකුල් හේතු ගොඩාක් දැක්වුවා. හේතු කැම්පස් එකේ දෙවන වසරට ගැලපුනා.
"මට නලලට හාදුවක් දෙන්න ඕන..."
හාදු දාහකින්,දහදාහකින් ,ලක්ෂෙකින් පස්සෙත් නොලැබුනු හාදුව හිත කීරි ගස්සනවා.
"සිගරට් බිව්වා හුගක් ඉස්සර"
තොල් කලුපාට වෙන්න හේතුව ලැබුනා.කලුපාට පසුබිමකට රෝස පාටට වඩා තද කලුපාට වඩාත් ගැලපෙනවා.
හිටි හැටියෙ කලුපාටට රෝසපාට වලාකුලක් ලැබිලා.මම කාලයක් හිටි වලාකුල වගේ.ඒ වලාකුල ගියේ උඩට නෙවෙයි හරහට.හරහට කියුවෙ කාලය දිගේ ඉස්සරහට.
ඉස්සරහට යනගමන් රෝසපාට වලාකුල මොහොතකට නවත්ත ගෙන,කලුපාට පිටිපස්ස හැරුනා.
"මට නoගිලා ඉන්නවා,එයාලව බන්දලා දෙන්න ඕන..."
අනාගතය දකිනා නුවනත් සෑහෙන්න විසාල දෙයක්.. මට පහල නොවුනාට හෙලාදකින්නට හොදනැති නිසා මම ආපහු මගේ පරණ සපත්තු දෙක දා ගත්තා. මම ඉස්සරහට ඇවිදගෙන ගියා සපත්තු දාගෙන...කලුපාට;ෆැන්ටසි වලාකුලේ නැගලා.
මම පස්සෙ(පස්සෙ කියුවෙ හුගාක්ම පස්සෙ) නිල්පාට සපත්තු දාපු දුඹුරු පාට ඇස් දෙකක් අත්සන් කරලා ලියව ගත්තා.
ලන්කාවට කවදාවත් එන්නෙ නෑ කියල හිතපු සයික්ලෝන් එකක් අත්සන් කරලා ලියපු කෙනා ගෙදර නැති දවසක එකපාරටම ගෙදරම උගුල්ලගෙන ගියා..
මම හුග වෙලාවකට පස්සෙ හැන්ගිලා හිටපු මේසෙ යටින් එලියට ආවා.
රෝස පාට වලාකුලක කෑලි සුලි සුලග ගෙනල්ලා තිබුනා. "මට ඔයාව කවදාවත් අමතක කරන්න බෑ.ඔයාට කියපු හැමදෙයක්ම මට මතක් වෙනව වගේ.මම වලාකුලින් බැස්සා."
කටහඩක් කියුවා.
"නoගිලා බැන්දද?"
වැඩිපුරම රිදෙන තැනට රිද්දුවා.
පරණ හයිකු කවියක් ;කවි පොත ආයෙමත් තාලෙට කියුවා...
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
හැබැයි ලියපු කෙනාගෙ නම නැතුව
...
අත්සන් කරපු සහතිකේ තෙමුනට තීන්ත බොදවෙන්නෙ නැතුව පැත්තකින් තිබුනා.මම සහතිකේ උස්සලා රෝසපාට වලාකුලට පෙන්නුවා.
රෝස පාට වැස්සක් බිම ඉදන් අහසට වහින්න පටන් ගත්තා...
Subscribe to:
Posts (Atom)