ලියුමක්
දම්පාට කොලයක...
කෙල්ලෙක්;රන් පාට
කොන්ඩයක් ඇති
මල් කූඩයක් අතේ අරගෙන...
මගේ අකුරුත්
මල් වෙගේ සුවදට
දැනෙනවා ඇති නේද?
මහ සයුරු නම් කීයක්ම...
අන්තිමට,
මොට්ටැක්කිලි ඇතැයි
මම සිතූ
නගරයක...
ජැන්ඩියට ඇදි කොල්ලෙක්
ලියුම කියවන
මුස්ලිම් නමක් ඇති....
සුවදැති පෑනකින්
පිළිතුරු ලිපි ලැබෙන...
සුවද හොරෙන්ම
නැහැය සිපගෙන යන...
ඇට මාලයක්
සල්ලි කොලයක්
තාමත් තියෙන
සොලොස් විය ;
පෑනේ මිතුරු තෙම...
හ්ම්ම්ම්....
ReplyDeleteපොඩි කාලේ මටත් උන්නා පැනේ මිතුරෝ ගොඩාක්
අවුරුදු 16 කියන්නෙ ඉතින් පොඩි වයසකුත් නෙමෙයි හැබැයි මට නම්...:)
Deleteසමහර පෑනේ මිතුරන් පෑනේ දුරින්ම තබා ගත යුතු
ReplyDeleteසමහර අය දුරින් හිටියත් හිටි ගමන් ලගට එන.ඇවිත් ආ පයින් ආපසු යන...
Deleteමට නම් ඉන්නේ කීබෝඩ් එකේ මිතුරු මිතුරියෝ :)
ReplyDeleteපෑනේ මිතුරො වෙනුවට නුදුටු අය කියලා දැන් ඉන්නෙ මේ අය තමයි...
Deleteවෙනස් තේමාවක් නේද. කොටන්න හිතෙනවා මටත් කොමෙන්‍ටුවක් දවසක කවියකින්ම. ජය..!
ReplyDeleteලියමු ලියමු...කවියක් ලියලම බලමු...
Delete