කැම්පස්....
අයි... ටී....
හරි මෝඩයි….
මම ආසම කවි ලියන්න…
කතන්දර පොත් ලියන්න...
ලෝයර් කෙනෙක් වෙන්න...
මට ගැලපෙන්නෙ නෑනෙ...
කොහොම උනත් ඒ වෙලාවෙ වලාකුලක් බිමට පාත් වෙලා මගේ කකුලෙ ගෑවෙමින් තිබුනා.මම වලාකුලට අඩිය තියුවා විතරයි වලාකුල මාව අරගෙන උඩට පියෑඹුවා.මාව වලාකුලක පාවෙලා උඩට ගියා.උඩට ..උඩට ආයෙමත් තව උඩට. වලාකුල සීලිම ලග නැවතුනා.මම ඔලුවෙන් වලාකුලට දෙපාරක් විතර ඇන්නා.ඔලුව රිදුනට වහල නම් දැනෙන්නෙවත් නැතුව වගේ හිටියා.
අම්මා කාමරේට ආවා.
වලාකුල බිමට පහත් වෙන්නෙ නැතුව උඩටම වෙලා හිටියා.
"කොච්චර දෙයක්ද"අම්මා කියුවා.
අවුරුදු හතරටම ඕන පොත් ගන්න එක,ඇදුම් ගන්න එක,සපත්තු ගන්න එක තමයි ඊට පස්සෙ කලේ.
තනියම කාමරයක් නැත්නම් බෝඩිමට යන්න බෑ.කැම්පස් යන්නෙ නෑ කියන්න තරම් හිත තද වෙලා තිබුනෙ ආස සබ්ජෙක්ට් එකක් නෙවෙන් හන්දා.හිත්පිත් නැති යන්තරේකට මොකෝ මගේ කතන්දර කියන්නද...කවියක් ලියලා දෙන්නද අහන්නද...
ටිකක් කල් යනකොට වලාකුල උඩ තිබුනු වහල ගැලවිලා යන්න පටන් ගත්තා.දිරලා ගියෙ නැහැ ගැලවිලා යන්න පටන් ගත්තා.මුලින්ම එක පතුරක් ගැලවුනා.ඊට පස්සෙ දෙවනි පතුර...වීක් එන්ඩ් එකේ ලෙක්චර්ස් වැටුනු නිසා ගෙදර යන එක ටික ටික අඩුවුනා. තවත් ඉක්මනින් වහල ගැලවෙන්න පටන් ගත්තා.
මගේ කර පිටට පොත් වැටෙන්න පටන් ගත්තා.එකක් උඩ එකක්.පොත්වල තිබුනු දැනුම දිය කරලා බොන්න උත්සාහ කරන වෙලාවල බිමට වැටුනු දැනුමට වලාකුල පෙගෙන්න පටන් ගත්තා. වහල නැති නිසා කඩාගෙන බිදගෙන උඩට ගිහින් අහසෙ කවි ලියන්න පුලුවන් කමක් තිබුනත් වලාකුල පොලවට පහත්වෙන්න පටන් ගත්තෙ බර දරාගෙන ඉන්න බැරි වුන නිසා වෙන්න ඇති.
වලාකුල කෙලින්ම පහත්වුනේ එල් කැන්ටිම ලග තිබුනු නාගහ යට බන්කුවට.ඒකෙ බන්කුව තිබුනෙ නාගහ ඇතුලෙ.නා කොල වලින් වටේම වැහිලා.
නාගහ ඇතුලෙන් අමුතු අමුතු සද්ද ඇහුනා.
මම වලකුලෙන් බැස්සා.තණකොල කකුලෙ ගෑවෙන්න පටන් ගත්තා.ඊට පස්සෙ පොඩි පොඩි ගල් කෑලි.මමතීරණය කලා සපත්තු දෙකක් ගන්න. සපත්තු දැම්මාම පහසුවක් දැනුනත් හිර වෙච්ච ගතියක් දැනුනා.
බිම බලාගෙන කැම්පස් එකේ ඇවිදින්න තීරණය කිරීම සපත්තුත් එක්කම හිතට ආපු හැගීමක්.සපත්තු ලස්සන නිසා නෙවෙයි නිකන්ම.කෙල්ලො ඇගේ ගෑවෙන්න එනවට අතින් අල්ලන්න එනවට මගේ එච්චර ලොකු කැමැත්තක් තිබුනෙ නෑ.ඒක නිසා කෙල්ලොත් එක්ක අත් අල්ලගෙන ගියෙ නෑ.
කොල්ලො හිටියෙ මගේ ඇස් මට්ටමට ඉහල.ඒක නිසා කොල්ලො දිහා බැලුවෙ නෑ. ඇස්මට්ටමට පෙනුනු තැන්වල තිබුනෙ බොත්තම් ඇරුනු ශර්ට් සහ විවිධ පාට. ශර්ට් ආකර්ශනීය පාට වලින් යුතු නොවීම නිසා ශර්ට් දිහා බැලීමේ අවශ්ය්තාවයක් ඇති නොවීම එයට හේතුවක් .
දවසක් සුදුපාට ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්නව දැකලා මම ඒ දිහා බැලුවා.සුදුපාට ඇස් දෙක ඇතුලෙ කලුපාට බෝල දෙකක් තිබුනා.ඒ කලු බෝල දෙක ඇතුලෙ දුඹුරු පාට තිත් දෙකක් තිබුනා.මම සුදු පාටටත් කලු පාටටත් නැතුව දුඹුරුපාටට කැමති වුනා. ඒ ඇස් දෙක සුදු පාටට පෙනුනෙ ඇස් වටේ තිබුනු කලු පාට පසු බිම නිසා.පසුබිම හරියටම වලන් කලු පාට.
ඒ පසුබිමේ පාට අත් දෙකක් මට කවිපොත් ගෙනත් දෙන්න පටන් ගත්තා. 'හයිකු කවි'...
මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන
-බෂෝ
එක පොතකට පස්සෙ තව පොතක්.
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
-ෂිකෝ
කැම්පස් එකේ රොබරෝසියා මල් තිබුනෙ නැති වුනාට ඇහැල මල් තිබුනා.
කන්නාඩිය පාන්දරම ඇද ඉහත්තාවට එන්න පටන් ගත්තා.නින්දයන්නට කලින් මවන හීන වලට තුරුලු වෙන්න හිතාගෙන කොට්ටෙ කිටි කිටියෙ මගේ අත් වලට තුරුලු වුනා.
රමණය
මරණය
සහ
මම...
-මම
සුදුපාට සහ කලුපාට කටහඩවල් එකට ඇහෙන්නට පටන් ගත්තා..මම සපත්තු නැතුව ඇවිදින්න පටන් ගත්තා.කලුපාට කකුල් වල සපත්තු තිබුනේම නැහැ. කලු පාට කකුල් දැනගෙන හිටියෙ නැහැ සපත්තු තිබීම කකුල සිර කලාට වැදගත් පෙනුමක් ලබා දෙන බව.උත්සාහ කලේ නැහැ. සල්ලි තිබුනෙ නැහැ.කලු කකුල් හේතු ගොඩාක් දැක්වුවා. හේතු කැම්පස් එකේ දෙවන වසරට ගැලපුනා.
"මට නලලට හාදුවක් දෙන්න ඕන..."
හාදු දාහකින්,දහදාහකින් ,ලක්ෂෙකින් පස්සෙත් නොලැබුනු හාදුව හිත කීරි ගස්සනවා.
"සිගරට් බිව්වා හුගක් ඉස්සර"
තොල් කලුපාට වෙන්න හේතුව ලැබුනා.කලුපාට පසුබිමකට රෝස පාටට වඩා තද කලුපාට වඩාත් ගැලපෙනවා.
හිටි හැටියෙ කලුපාටට රෝසපාට වලාකුලක් ලැබිලා.මම කාලයක් හිටි වලාකුල වගේ.ඒ වලාකුල ගියේ උඩට නෙවෙයි හරහට.හරහට කියුවෙ කාලය දිගේ ඉස්සරහට.
ඉස්සරහට යනගමන් රෝසපාට වලාකුල මොහොතකට නවත්ත ගෙන,කලුපාට පිටිපස්ස හැරුනා.
"මට නoගිලා ඉන්නවා,එයාලව බන්දලා දෙන්න ඕන..."
අනාගතය දකිනා නුවනත් සෑහෙන්න විසාල දෙයක්.. මට පහල නොවුනාට හෙලාදකින්නට හොදනැති නිසා මම ආපහු මගේ පරණ සපත්තු දෙක දා ගත්තා. මම ඉස්සරහට ඇවිදගෙන ගියා සපත්තු දාගෙන...කලුපාට;ෆැන්ටසි වලාකුලේ නැගලා.
මම පස්සෙ(පස්සෙ කියුවෙ හුගාක්ම පස්සෙ) නිල්පාට සපත්තු දාපු දුඹුරු පාට ඇස් දෙකක් අත්සන් කරලා ලියව ගත්තා.
ලන්කාවට කවදාවත් එන්නෙ නෑ කියල හිතපු සයික්ලෝන් එකක් අත්සන් කරලා ලියපු කෙනා ගෙදර නැති දවසක එකපාරටම ගෙදරම උගුල්ලගෙන ගියා..
මම හුග වෙලාවකට පස්සෙ හැන්ගිලා හිටපු මේසෙ යටින් එලියට ආවා.
රෝස පාට වලාකුලක කෑලි සුලි සුලග ගෙනල්ලා තිබුනා. "මට ඔයාව කවදාවත් අමතක කරන්න බෑ.ඔයාට කියපු හැමදෙයක්ම මට මතක් වෙනව වගේ.මම වලාකුලින් බැස්සා."
කටහඩක් කියුවා.
"නoගිලා බැන්දද?"
වැඩිපුරම රිදෙන තැනට රිද්දුවා.
පරණ හයිකු කවියක් ;කවි පොත ආයෙමත් තාලෙට කියුවා...
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
හැබැයි ලියපු කෙනාගෙ නම නැතුව
...
අත්සන් කරපු සහතිකේ තෙමුනට තීන්ත බොදවෙන්නෙ නැතුව පැත්තකින් තිබුනා.මම සහතිකේ උස්සලා රෝසපාට වලාකුලට පෙන්නුවා.
රෝස පාට වැස්සක් බිම ඉදන් අහසට වහින්න පටන් ගත්තා...
මෙලෝ දෙයක් තේරුනේ නෑ
ReplyDeleteසමහරු ඔහොම කියනවා...අනේ මන්දා ...මගේ වචන බර වැඩි ඇති...සරළ දේවලුත් ලියන්නම්...:):)
Delete//අපේ අවසන් සමු ගැන්ම
ReplyDeleteබෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස//
හැබැයි ලියපු කෙනාගෙ නම නැතුව
...
හ්ම්හ්.... ! එතකොට එහෙනම් එහෙමයි උනේ නේද.? ජය...!
එහෙම උනාම කියන්න බෑ...:)...මේ කතා කීපයක එකතුවක්...
Deleteනියමයි
ReplyDeleteස්තුතියි..ස්තුතියි...:):)
Deleteකතාව ඉවර වෙද්දි, මාවත් වලාකුලක් උඩ, අතරමන් වෙලා වගේ තේරුනා....:D
ReplyDeleteබහින්න බහින්න...බිමට බහින්න...වහින්න යන්නෙ...තෙමිලා හෙම්බිරිස්සාව හැදෙයි....
Deleteඅයියෝ ඔයත් රෝස පාට වැස්සට තෙමුනද?
ReplyDeleteඔව්නෙ දැන් හොදටම හෙම්බිරිස්සාව.ආයෙ වෙහිනෙකක් නෑ කියලා හිතනවා.වැස්සත් වැස්ස දිහා බලන් ඉන්නවා විතරයි.තෙමෙන්න යන්නෙ නෑ...:D
Deleteඅදයි මේ පැත්තට ආවේ,... නැවතිලා ඉඩක් වෙන් කරලම යන්නම් අයේ මේ පැත්තේ එන්න හිතාන
ReplyDeleteබොහොම ස්තුතියි....හැමදාම එන්න...:)
Deleteතේරුනේ නෑනෙ..
ReplyDelete"කැම්පස්....
අයි... ටී...." මොරටුවෙද?
ඔව් ඔව් මොරටුවෙ තමයි...:)
Delete.මම ඔලුවෙන් වලාකුලට දෙපාරක් විතර ඇන්නා.ඔලුව රිදුනට වහල නම් දැනෙන්නෙවත් නැතුව වගේ හිටියා.
ReplyDelete