මල්ලී කෙනෙකුට අක්කා කෙනෙක් අහිමිවීම හදවත් කොයි තරම් පාරවන්නට සමත් වේදැයි මට හගිස්සන්නට මගේ හැගීම් සමත් නොවේ.ඒ මට මල්ලී කෙනෙක් නැති හෙයිනි.සොහොයුරු සොහොයුරියන් නැතිව මා තනිව උපද්දන්නට තරම් මගේ කර්මය මට රිද්දවා ඇත.ඒත්, එවන් මල්ලී කෙනෙක් මට හදිසියේ හමුවිණි.ඒ මල්ලීට මේ කවිය ලියා දීම මගේ හදවතත් කම්පා කලේය....
සේපාලිකා ගහ
තවමත්එතන හිටගෙන...
සුවද මල්
අවුරුද්දකටකලින්
අන්තිම වතාවට
දැක්ක දාවාගේම...
ඒ සුවදමයි තාමත්;
සේපාලිකා.....
බoකුව මත
සේපාලිකා මල
විතරක්ම,
පරවෙලා ....
මල්ලී…
ඉස්සර විදියටමහිනාවෙන...
දැන් ආයෙමත්,
හිනාව මතක් වීඇති හැඩ...
මල්ලියෙ;
උදේ තේ හදාදෙන්නට
එනතුරු බලාඉන්නට
අක්කා කෙනක්නැති කම
හිතකොනිත්තනවා නේද...
අම්මයිතාත්තයි
දකින්නත්සතුටුයි...
"දානෙ වැඩ හොදටකෙරුනා නේද?"
ඉස්සර වාගේම ,
හිනාවීඅහන....
අම්මගේසිරියාව...
පොඩි පුතා;
"අම්මා" කියන්නෙමනැතිලු...
"මාමා"කියන්නෙත් අඩුවෙන්…
එහෙ ඉදන් එනගමන්...
එහෙත්බණ...මෙහෙත් බණ..
බස් නැතුවගමන් යන
මග හරිමලේසියි...
අම්මා තාමඅඩනවද
ඉදහිට වෙන්නඇති නේද...
හිතුවද
හoගන ඔය කදුලු
මට නොපෙනෙනාවිත්තිය....
සoසාරෙ තව දිගයි
ආයෙමත්හමුවෙන්න…
මල්ලියෙ;
නුඹ නැතිව
මගෙ හිතටපාලුයි...
එනතුරුගනින්නට
දින හුගක්බෝමයි...
අක්කේ..හැම ආත්මේම ඔයා මගේම අක්කා...
ReplyDeleteහ්ම්ම්...මම හිතන්නෙ එහෙම වෙයි මල්ලි...
Deleteබොහෝම හැගුම්බරයි. ඔව්..! ගොඩාක්ම. ජය..!
ReplyDeleteබොහොම ස්තුතියි...ඔය ප්‍රතිචාර මට හුගක්ම වටිනවා ස්තුතියි සරත්...
Deleteමේක නම් "මෑක්සා" දසුනි!!! "ෆට්ට".... :ඩ සෑමදෙනාටම තේරෙන එකක්...
ReplyDeleteහි...හී...මට හිතුනා ඔයාට තේරෙන්නම
Deleteකවියක් ලියන්න...Thanks a lot :)...
ලස්සනයි දසුනි කවිය
ReplyDeleteබොහොම ස්තුතියි පිණිබිදු(අනේ මන්දා කෙකී කියන්නෙ නැතුව මෙහෙම කියන්න නිකන් අමුතුයි වගේ);).............
Delete