ලේඛකයා යනු කලාකරුවෙකි.කලාකරුවා විසින් සිදු
කරනුයේ සමාජයේ පොදු මධ්‍ය ලක්ෂයක හමුවන
සන්තුශ්ටීන් සහ වේදනාවන් පිළිබද සන්වේදී චිත්‍රනයකි.මෙම චිත්‍රනය පොදු
ජනයාගේ හදවත් කම්පනය කල හැකි ආකාරයට නිර්මිතය.හදවත් කම්පනය වන තීව්‍රතාව මත කලාකරුවාගේ
ප්‍රබලත්වය තීරණය වේ.
මේ අනුව ලේඛකයා විසින් අනේකවිධ උපක්‍රම
යොදාගනිමිනුත් සිදු කරනුයේ සමාජ චිත්‍රනයකි.සමහර සිතුවම් සමහර ප්‍රේක්ෂකයන්ට
තේරුම් ගත නොහැකිවා මෙන්ම සමහර ලේඛනද
එක්තරා පාඨක සමූහයකගේ අවබෝධතා සීමාවන් ඉක්මවා යයි.එය මුලුමනින්ම ස්වාබාවිකය.එක්
පාඨකයෙක් විසින් ඉතා අගනා නිර්මානයක් යැයි පිළිගන්නා ග්‍රන්ථයක් තවත් පාඨකයෙක්
විසින් හිතළුවක් යැයි නොසලකා හරින්නට ඉඩ ඇත.ලේඛකයා ගේ ගමන් මග තීරණය වන්නේ මේ
අවබෝධතාව පදනම් කරගෙනය.
ශ්‍රී ලාන්කික ලේඛන කලාව ක්‍රි.පූ 3වන සියවසෙනුත් ඔබ්බට
විහිදුනු බවට පුරාතන සෙල් ලිපි සාක්ෂිදරයි.දේවානම්පියතිස්ස රජු සමයේ ලියවිනැයි
සැලකෙන ලිපි මේ වනවිට සොයාගනු ලැබ ඇත. ක්‍රි.ව 4වන සියවස වන විට බෞද්ධ
දර්ශනය මත පදනම් වූ ලිපි රාශියක් ලියැවී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී
ඇත.සීගිරිය නැරඹීමට පැමිණි ජනයා විසින්
ලියන ලද සීගිරි කුරුටු ගී ශ්‍රී ලාන්කීය සාහිත්‍යයේ ස්වයන්පෝෂිත වකවානුවක් පිළිබද
සාක්ෂි දරයි.
සන්දේශ කාව්‍යන් විසින් සිoහල සාහිත්‍යයේ එක් යුගයක් බිහිකරන ලදී.සෑම සන්දේශ කාව්‍යකම පණිවිඩකරුවා වී ඇත්තේ පක්ෂියෙකි.ඒ සෑම කාව්‍යක්
හරහාම ප්‍රකට වන්නේ ඒ ඒ කාලවකවානුවල පැවති සමාජයීය පැතිකඩයි.පරවි සන්දේශය,සැළලිහිනි සන්දේශය සහ
කෝකිල සන්දේශය ඉහත ප්‍රකාශිතයන්ට සාක්ෂිය.
නැවතත් අපි වර්තමාන ලේඛකයා දෙසට හැරෙමු. ලේඛකයා විසින් පාඨකයා
අබිමුවට සැබෑ සමාජය ගෙනයා යුතුව නැත.ගෙනයා යුත්තේ සෞන්දර්යය සහ තමා
බද්ධවී ඇති සමාජය අතර, මැද මාවතයි.
එවිට පාඨකයාගේ හදවතට ලේඛයාගේ ගමන් මග කෙටි
වෙනු ඇත.සත්‍ය මිනිසුන්ව කම්පනය කරයි,සෞන්දර්යයට
මැදිකොට ගලපාගත් විට තිත්ත බෙහෙතක් මත
සීනි තැවරූ කලෙක මෙන් පාඨකයාට සත්‍ය වින්දනය කිරීමට උපකාරී වේ. ලේඛකයා සිටිනුයේ ඒ
සදහාය.පාඨක හදවත් කම්පනය වන තීව්‍රතාවය
අඩුකොට රසවින්දනය කැටිකොට සත්‍ය වින්දනාත්මක ආකාරයට ලබාදීමටයි.
ලේඛකයා ඉතිහාසය අකුරු කරන්නා පමණක් වීම
නොසෑහේ.ඉතිහාසය නිසා විදින,විදවන මිනිසුන්
වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ වගකීමද ඔහු සතුය.මාටින් වික්‍රමසින්හයන් මේ සමාජ වගකීම
මැනවින් හදුනාගත් කලාකරුවෙකි.ඔහු විසින් නිර්මිත ගම්පෙරලිය,කලියුගය සහ යුගාන්තය යන තුන් ඈදුතු නවකතා
මීට සාක්ෂි දරයි.මධ්‍යකාලීන වැඩවසම් සමාජක්‍රමය ප්‍රේම කතාවක් අනුසාරයෙන් ප්‍රේක්ෂකයාගේ
වින්දනාත්මක නිම් වලලු ඔස්සේ සමාජ ක්‍රමය ඔහු විසින් විවරණය කරනු ලබන්නේ ප්‍රශස්ත
ආකාරයකටය.සමාජය වැඩවසම් පාලනයට විරුද්ධව නැගීසිටින අයුරු සහ අවසානයේ නූතන සමාජ ක්‍රමයට
අනුගතවන අයුරු කතා ත්‍රිත්වය මගින් ඔහු මොනවට සමාජගත කරයි.වැඩවසම් ගතානුගතික වලව්
පන්තියට එරෙහිව සිදුවන උසිගැන්වීම පාඨකයාට නොදැනී හදවතට තට්ටු කරයි.
වර්තමාන
ලේඛකයා මෙම කරුණ කොතරම් දුරට අවබෝධ කොට ඇත්ද යන්න ප්‍රශ්නයකි.එක හුස්මට කියවාගෙන
යා හැකි ආන්දෝලනාත්මක යැයි කියනු ලබන අනුවේදී ප්‍රේම කතාවක මෙම සමාජ යතාර්ථය ගැබ්ව
නැතැයි සරලවම කිව හැකිය.ලිවීම නැමති ව්‍යාපාරය තුල ලේඛකයන්ගේ වගකීම සිදු කල
නොහැක.ලේඛකයන් ගැන මිසක ව්‍යාපාරිකයන් ගේ සමාජ වගකීම පිළිබද කතිකාවතක් අරඹන්නට මෙම
ලිපියේ ලේඛකයා අදහස් නොකරයි.
ලිවීම සදහා
තමාට තමා අහිමිකර ගැනීම අත්‍යවශ්‍යම කාරනයකි.තමාගේ ලේඛන තුල ආත්ම අබිමානය සදහා මගක් සොයන්නට තැත්කරන ලේඛකයා තමන්ගේ ලේඛන
හැකියාවට සීමා මායිම් පනවා ගනී.අබිමානය,පවුල් පසුබිම
යන තමා වටා ඇදගත් සීමා පවුරු මත හිද ලියන ලේඛකයන් සම්මානනීය වනවා නම් ඒ
කලාතුරකිනි.
තවදුරටත් ගත්
කල ලේඛකයා යනු පාට කන්නාඩි නොදමන රස්තියාදුකාරයෙකු විය යුතුය.ඔහු සමාජයේ සෑම
අස්සක් මුල්ලක්ම කරක් ගැසිය යුතුය.ලේඛනයක දිග පලල තීරණය වන්නේ ලේඛකයාගේ සමාජ
රස්තියාදුවේ කාල පරාසය අනුවය.තමාට සුවිශේෂීවූ පාට කන්නාඩි දාගත් කල මුළු සමාජ ප්‍රවාහයම
එම පාටින් පෙනීම වලකනු නොහැකිය. තමන් දකින දේ වෙනත්
පාටකින් සමාජය දකින බව ඔහුට අමතක වෙයි.එවිට ඔහු නිදහස් ලේඛකයෙක්ය යන්න තවදුරටත්
සත්‍යක් වන්නේ නැත.ඔහු එවිට වර්ණ ගන්වන්නෙක් නැතහොත් පින්තාරුකරුවෙක් බවට
පත්වේ.අවර්ණලෝකයේ පාටක් අතුල්ලා පෙන්වීමට ඔහු වෑයම් කරයි. තමා තුල
ජීවත්වන නිදහස් කලාකරුවා ඔහු එක කිනිසි පහරකින් මරා දමයි.
තවදුරටත්
ලේඛකයා විසින් පිලිගතයුතු කරුණ වන්නේ තමන් විසින් නිර්මාණය කරන්නේ සමාජයේ තමා ඇසු
දුටු චරිත බවයි.බොහෝ ලේඛකයන් එසේ නොවේ යයි කියන්නට උත්සාහ කලත් එය සත්‍ය නොවේ.
සයිමන්
නවගත්තේගම මේ බව පවසන්නේ මේ ආකාරයටය.
"බොහෝ ගැහැණුද මිනිස්සුද ඔවුන්ගේ
අල්ප ජීවිත වලින් මගේ වෘත්තාන්ත පෝෂණය කළහ. ඔවුන් හා ගත කළ සුළු මොහොතවල් මගේ
කතාන්දර තුළ අමරණීයත්වය ලබයි. මට ළංවුණු සියලූම ගැහැණුන් මිනිසුන් සියලූම ළමා ළපටින්
මගේ ජීවිතයෙන් පෝෂණය කොට මහා කාව්‍යයන් තුළ අමරණීයත්වයෙන් මහා පුරුෂයන් කිරීමට මං
කොච්චර ආසද.. ?
එවිට
ඔවුන්, ජීවිතයේ සුළු මොහොතකට හෝ මගේ ඇසුර ලැබීමේ
භාග්‍ය ලැබීම,
වාසනාවක්
කොට සලකනු නියතය. මගේ හුදකලාවට පිළියම
එයයි."
(ප‍්‍රස්ථාවනාව- සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)
(ප‍්‍රස්ථාවනාව- සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)
සමාජ සාධාරණීය
කලාකරුවෙක් වීමේ බාග්‍ය තුලින් තමාගේ කාබනික සිරුර යලි සොබා දහමට එකතුවී බොහෝ වසර
ගනනක ඇවෑමෙන් පසුවත් ඔවුහු නිවීගිය පහන් තරු නොව පරම්පරාවෙන් පරම්පරාවට මග කියාදෙන
පහන් කණු බවට පත්වනු ඇත..
Reference
http://sundaytimes.lk/090913/FunDay/fundaytimes_1.html
(Funday Times - Our Heritage)
එලකිරි නංගා....
ReplyDeleteThank You...:)
Delete