හදිසියේ තාත්තා දුටුවෙමිය
මහමග...
මේ කොලොම් පුරවර...
රෝද සතරක්
දෑතේ වීරියෙන් තල්ලු කරගෙන
බිම බලන් යන
තාත්තා දුටුවෙමිය...
හතරැස් කොල කෑලි
හතර පැත්තෙන් එල්ලෙන..
කහපාට යකඩ කට
කම්මැලි කමෙන් හිස සලන
මේ සියල් රෝද හතරක් මතට ගෙන
තාර පාරේ
හිස් පයින් ඇවිදයන,
තාත්තා දුටුවෙමිය...
තාත්තේ
අමතකද
බොහෝ ණය ඇත්තවුන්
ඇත නුඹට...
නින්දයන තෙක් කතන්දර කී
බත් දෙවන්නට
නුඹත් ණය වුනු
ණය කාරයන් ඇත නුඹට...
ණය නොදී පලාගිය
උන් දැන්
ලෝකයේ බොහෝ තැන් වල...
නුඹ තාමත්
හිස් පයින්
වාසනා විකුණන...
එදා හිටි තැන හිද...
හදිසියේ මතක් වූ
තාත්තා
මා පසුකර ඇදෙන...
මහමග...
මේ කොලොම් පුරවර...
රෝද සතරක්
දෑතේ වීරියෙන් තල්ලු කරගෙන
බිම බලන් යන
තාත්තා දුටුවෙමිය...
හතරැස් කොල කෑලි
හතර පැත්තෙන් එල්ලෙන..
කහපාට යකඩ කට
කම්මැලි කමෙන් හිස සලන
මේ සියල් රෝද හතරක් මතට ගෙන
තාර පාරේ
හිස් පයින් ඇවිදයන,
තාත්තා දුටුවෙමිය...
තාත්තේ
අමතකද
බොහෝ ණය ඇත්තවුන්
ඇත නුඹට...
නින්දයන තෙක් කතන්දර කී
බත් දෙවන්නට
නුඹත් ණය වුනු
ණය කාරයන් ඇත නුඹට...
ණය නොදී පලාගිය
උන් දැන්
ලෝකයේ බොහෝ තැන් වල...
නුඹ තාමත්
හිස් පයින්
වාසනා විකුණන...
එදා හිටි තැන හිද...
හදිසියේ මතක් වූ
තාත්තා
මා පසුකර ඇදෙන...
සංවේදී සටහනක්... ලස්සනයි
ReplyDeleteසංවේදී සටහනක්... ලස්සනයි (http://scienceandtec.blogspot.com)
ReplyDeleteThank You...
Deleteහිතට දැනෙන්න ලියලා තියනවා . ගොඩාක් ලස්සනයි
ReplyDeleteBohoma sthuthiyi
Deleteලොතරැයි කරත්තයක් තල්ලු කරන අඳුරු මනුස්සයෙක්ව මැවිල පේන්නම තියෙනවා... හිතට එන හැඟීම දුකට බර එකක්!
ReplyDeleteමගේ ඇස් වලින් දැකපු දේ
Deleteඔයාලගෙ හිත්වලට පෙන්නන්න
හිතුන නිසා
ලියපු සටහනක් මේක...
සංවේදි කවි පෙලක්.. හිතට දැනුනා..
ReplyDeleteසන්වේදී හිත් වලට
Deleteසන්වේදී විදියට
දැනෙන කියුවනම් තමයි
හරියටම හරි... :)
තට්ටු මහ ගොඩක් ඇති
ReplyDeleteජීවිත රග මඩල
නලු නිලියො මහ ගොඩක්
එකම චරිතය රගන
http://www.dinamina.lk/epaper/art.asp?id=2012/05/11/pg14_0&pt=p&h=
ReplyDelete