මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 10, 2012

ඒ දුවත්,මා එක්ක සිනාසෙන....

ඒ දුවත්
ඔය වගේ
මගෙ වගේ
සුදුයි පොඩ්ඩක් ඉතර වැඩිපුර
මක් කරන්නද
අපි කලු වුන එකට....

වාහනය සුපිරි සුපිරිසිදු
ඉද බහින අපූරුව
අතට ගන්නට සිනාසෙන්නට
ගුරුතුමී බැස ඇත මහමග...

මගෙ දුව පයින් යන
ගෙදර ලග ඉස්කෝලෙ
ගුරුතුමී ඔය වගේ නැත
අම්මටත් ඉදහිට බනින ...

දූ ට තාමත් නොතේරෙන
කාසි මවනා වෙනස...

එත්,
මගේ දූ වාගේම
ඒ දුවත්
මා එක්ක සිනාසෙන...

අනාරාධිත...

මිතුරුයි කියා කීවට
එහෙමමත් නැතුව ඇති
හිතේ දහසක් දේ ඇති
නෝක්කඩු නොකියාම ඇති
සමහර කහට
යවන්නට බැරි....

මිතුරු දම්
කවියකට කැටි කොට
ලියු දවසක
මමත් ඇති
අන්තිම පේලියක යට...
ඒත්,
සමහරක් විට...
ඇත්තේම නැතුවැති...

මගෙ හිතේ තිබුනට
අන් අය හිතන් හිටියට
යාලුයයි කියල හරියට,
ඇත්තේම නැතුවැති
ඒ හිතේ මම...

කතාවත් නොකලෙ
ඒ හින්ද වෙන්නැති නෙව...
හේතුවක් ඇති
මමදන්නෙ නැති...