මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 17, 2015

#

බුලත් හෙප්පුවක් නැති
ප්‍රේමයක
මුල් නෙත් ගැටුමින්ම
ආලයක් පිපින.

තාක්ෂණේ හරි දියුණුයි දැන්
අත් අල්ලන්නෙ නැතුවම
ආලෙන් වෙලෙන්නට
තරමටම!

සවන්පත් ලගින් ඉගිලෙන
පිරිමි හුස්මක උණුහුම නැතිව
වරු ගනන් දොඩවන
මීපැනි සවන්පත් පුරවන....!

තව හුග කල් යයිද එන්නට
අහසින් නැතුව එන්නම බැරිද?
ජීවිතේ මේ තරම් හරි දුරද?
උස අතුවලම මල් පිපෙන්නේ මොකටද?

Tuesday, July 28, 2015

ආදරණීය සත්සර

ආදරණීය සත්සර,

ෆිල්ම් එක බලන අතරමගදි ආදරෙයි කියලා ලියලා එවන්න හිතුනා.ලියමනක් තැපෑලෙන් එනවා තරම් මේක සුන්දර නෑ, මම දන්නවා.ඒත් මට ආයෙමත් අකුරු වලින් ආදරේ කරන්න පුළුවන් වෙලා.මගෙ හිතට තන්තෝසයි.

මට ඔයාව සෑහෙන්න මතක් වෙනවා.කොටින්ම කියනවා නම් මිස් වෙනවා.ඒක වචන වලින් විස්තර කරන්න බෑ.පිරිමි සුවදකට ගැහැණියක් ආදරේ කරන්න පටන්ගත්තාම ඒ බැදීම හරිම තදයි.යකඩ එකට පෑස්සුනාම එන තදගතියටත් වැඩිය. ඉතින් මම ඔයාගේ සුවදට ආදරේ කරන්න පටන් අරගෙන..

ඔයත් මම වගේම තනියම ගෙදර එනවා ඇති.මොනවා හරි ලිපේ නැත්නම් මයික්රොවේව් එකේ තියලා රත්කරගෙන කනවා ඇති.රහ නැති කෑම වලින් බඩගිනි නිවෙනවා ඇති.ගැහැණියක් ජීවිතේට අවශ්යම කාලෙ තනිකම හිත ඇතුලෙ වගේම ගේ පුරාමත් පිරිලා ඉතිරිලා තියෙනවා ඇති.

මම අද නුගේගොඩ ඉදලා තනියම පයින් ඇවිදගෙන ආවා. එකිනෙකා හා වෙලුන පැටලුන ගැහැණු සහ පිරිමි දෑත්,සමහර තැන් වලදි මුණ ගැහිලා හිත රිද්දුවා.මගේ දකුණු අතෙත් ඔයාගේ වමත පැටලිලා තියෙනවා වගේ මට දැනුනා.ඔයාගේ එක අතක් මගේ උරහිස වටේ රැදිලා තියෙන වෙලාවක දැනෙන ඔයාගෙ සුවද,නාස් පුඩු ඔස්සේ හදවතට කිදා බැස්සා.

"මමත් ඔහොම ගිය හැටි මතකයි"කියලා කොහේදෝ ඉදගෙන ගායකයෙක් සින්දුවක් කියුවා.හැම දේම හැම තත්පරේම වෙනස් වෙන හන්දා,එක තත්පරේක "ඔයාව මට තවත් එපා!"කියලා ඔයා කියයි කියලා මට නිතරෝම හිතෙනවා.හිතිලා හිත බය වෙනවා.ඊට පස්සේ ඇස් වලට කදුළු පිරෙනවා.

අපි අස්ථිර ලෝකේ ස්ථිර නැති පදාර්ථ වලට බැදෙනවා.බැදිලා හිත් රිද්දගන්නවා.ඒත් ආයෙමත් හිත ඇතුලෙන්ම ආදරේ කරනවා.

එක වෙලාවක ඔයාගේ ඇස් මගේ ඇස් ඇතුලට කිදාබැහැලා වචන වලින් නැතුව ඇස් වලින් හුවමාරු කරගත්ත ආදරේ අනුරාගයත් එක්ක මිශ්රවෙලා,මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් දිව්යමය මිහිරක් වින්ද මතකය මගේ හිතට හිටිගමන් ඇවිත් යනවා.

මම එකදවසක් පහේලි කියලා හින්දි පින්තූරයක් බැලුවා.ඒකෙ නළුවත් අකවුන්ටන්ට් කෙනෙක්.එයා බැදපු පළවෙනි දවසෙත් මුළු රෑම ගනන් හදනවා.ඊට පස්සේ මහන්සියි කියලා එතනම වැටිලා නිදියනවා.කරදාසි කොල වලින් අපේ ජීවිතේ පාලනය කරනවා. ඉතින් ඔයත් හම්බ කරන්න ඕනේ.ඔයා දන්නවද?සල්ලි කොල වලට පුළුවන් කතා කරන්න.

මම අද පාරේ කකුල කැඩිලා වගේ පෙන්නගෙන හිටපු සීයා කෙනෙක්ට රුපියල් විස්සක් දුන්නා.දහයෙ කාසි දෙකක් දීපු අයියා කෙනෙක්ට පින් නොදීපු ඒ සීයා,මට "බෝම පින් නෝනේ!"කියලා කියුවා.ඒකයි මම ඔයාට කියුවේ.සල්ලි කොල වලට ඇහැකි කතා කරන්න.

මට තව හුගක් ලියන්න පුළුවන්.

ඒත් ඔයා මෙලහකට වලාකුළු රෙද්දක් පොරෝගෙන හීතලට ගුලිවෙලා නිදි ඇති.ඉතින් නිදි ළමයින්ට තව මොකටද කතන්දර.

ආදරෙයි මං

සත්සරණි

Thursday, July 16, 2015

හිතට දුක නොදැනෙන්න

පිය සටහන් නොතියා යන්න....

ඉගිල්ලී එන්න....

ආදරෙයි කියා
බිම බලාගෙන ඉන්න....
සුලැගිලි කොනක් ඉඩ තියෙයි තාමත්
දැනෙන නොදැනෙන ලෙසින්
අතින් අත් පැටලෙන්න....

මතකැතුව,
පියාඹා එන්න...

පිය සටහන් නොතියා යන්න....

***

සද වතුර
ඉහෙයි තාමත්
ඇහි පියන් උඩ
කලාතුරකින් රෑක.

Saturday, February 21, 2015

ගී

කිරිල්ලිය
ගී ගයනු ඇත
තටුසිද දැමූ පසුවත්....

වැලන්ටයින්ට කලින් දවස

ප්ලේන්ටි වැඩි
ප්ලේන්ටී එක මිස්ට
කියලා කියන කොට....


ආදරේ ඉපැදෙයි එතන. ...
හෙට ලැබෙන්නට නියමිත
රෝසමලකට වැඩිය....


+++++

සද ගොඩගලන්නේ වෙරළට
හරියටම රෑ දොළහට
මුහුදු රැළි එක්ක
හරි හරියටම තරගෙට..........

වෘකයින් උනත්
ආලයෙන් වෙලී ඇති හද සමග
ඒකයි හැඩුම් හඩ ඇහෙන්නේ
පසලොස්වකේ හවසට.........

මල්

අගහරු ලොවින් බට
ප්‍රේමයක් නැති මිනිසුන්
ළගින් වුව
ඉදහිට දිනක
සමන්පිච්ච මල් විතක්
මුණ ගැසෙනු ඇත

Thursday, February 19, 2015

.

ඔබ තියාගිය හිස්තැන
හිස්තැනකි
දුකකි
තිතකි
පරවුන මලකි

Tuesday, February 17, 2015

//

ප්‍රේමගීතත්
කරවිල සම්බලුත්
එකම විදිහය.

තිත්ත දෑ වුව
රසට දැනෙනා
විවිධ විදි ඇත.


කවියක මලගම

රිදෙන රිද්දන අකුරු
ඇස් පියාගෙන
අප අතර
කිසිවක්ම සිදු නොවූවා සේ සිටින

 

අද මරණ දිනයකි
ඔබගැන ලියූ කවියක

 

මම දුරින් ඉමි
ඔබ නික්මගිය පිය සටහන්
විදිමි විදවමි

 

යන්නම් කියා ගිය අය
ආයෙමත් විත්
කොනිත්තා යන එක

 

එක් දිනක ප්‍රේමයක
සියක් වසරක
මතකයන් තිබිය හැක.

 

මම යලිත් කවි නොලියමි
අකුරු
කවි නොකොට
සුදු රෙදිකඩක ඔතා වලලමි

Monday, February 16, 2015

ප්‍රේමය කියන්නේ............


සමහර අය ඇවිත් යනවා.තවත් සමහර අය නෑවිදින් යනවා.ඇවිත් යන අයට වැඩියෙන් නෑවිදින් යන අය හොදයි කියලා සමහර වෙලාවට හිතෙනවා."අපි බදිමු"කියලා කියන අයට වැඩියෙන් "අපි යාළුවො වගේ ඉමු"කියලා කියන අය ගාව සමහර වෙලාවට ජීවිතේ රහ වැඩියෙන් තියෙනවා.ඒ වගේ අය මුණ ගැහුනෙ මොකටද ,මුණ නොගැහිම ඉන්න තිබුනා නේද කියලා හුග වෙලාවට හිතෙනවා.සමහර මුණ ගැසීම් නවත්වන්න බෑ.ඒත් වෙන්වීම් නවත්වන්න පුළුවන්.වෙන්වීම් නවත්තන්න සමහර වෙලාවට අපිට උවමනාවෙන්නේ නෑ.

ප්‍රේමය කියන්නේ අන්ධවීමක්.අවට නොපෙනීයාමක්.

සමහර වෙලාවට ආදරය නැවැත්විය නොහැකියි.හුග වෙලාවට අපිට ගැලපෙනම පුද්ගලයා මුණ ගැහුනාම.ඒක හරියට තරුවක් වගෙයි.අහසින් එකපාරටම කඩාගෙන වැටෙන.අපි තරුව අල්ලගන්න තරුව වැටෙන මානෙට දුවගෙන යනවා.සමහර වෙලාවට ඇස් ඇරගෙන උඩබලාගෙන ඉන්නවා.වැටෙන තරුව අල්ලගන්න දෝතම පානවා.තරුව ආකාසෙදිම දියවෙලා යනවා.ඒත් එක්කලම සමහර වෙලාවට ජීවිතෙත් දියවෙලා යනවා.

සමහර අය වෙනුවෙන් අපි බලාගෙන ඉන්නවා.ඒ අයට වෙන අයව පේන්න පටන් ගන්නවා.හැඩ වැඩි,තත්වෙන් උසස් අය.එතකොට ආවස්ථික පිරිවැය වගේ බර වචන කල්පනාවට එනවා."හිත හොදකම" වගේ දේවල් වචන විතරක් බවට පත්වෙනවා.අපි වෙනුවෙන් බලාගෙන ඉන්න අය ගැන හිත බැදෙන්නේ නැති කමෙත් මොකක්දෝ වැරැද්දක් තියෙනවා.

ප්‍රේමයන් හැම වෙලාවකම රසවත්.හරියට ඇඹුල් පේර ගෙඩියක් වගේ.කට හිරිවැටිලා යන.ඒත් ආයෙමත් කන්න ආස හිතෙන.ඒත් හැමතිස්සෙම ඇඹුල් පේර මුණ ගැහෙන්නේ නෑ.

හොදටම ඉදිච්ච පේරගෙඩියකුත් ඇඹුල් පේර ගෙඩියක් කියලා හිතාගෙන කන එකෙත් සමහර වෙලාවට රහක් තියෙනවා.

සති පූජා



http://www.dinamina.lk/epaper/art.asp?id=2015%2F02%2F17%2Fpg13_0&pt=p&h
 

සති පූජා කියලා කියන්නේ නෝනා මහත්තයෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන එකට. ඉස්සර කාලේ මහත්තයා මියගියාට පස්සේ නෝනා මහත්තැන් තවදුරටත් ජීවත් වෙන එකේ තේරුමක් නෑ කියලා සමාජය හිතන හින්දා නෝනා මහත්තයාට එහෙම කරන්න සිද්ධ වෙලා තිබුනා. සිරිත ම්ලේච්චයි කියලා සමහරු කියනවා. වුනාට මට ඒක එහෙම හිතෙන්නේ නෑ.ඒක තම තමන්ගේ හිතේ කැමැත්ත.ඒත් ඉන්දියාවේ නොදියුණු ප්රාන්තවල තවමත් නෝනා මහත්තුරු තමන්ගේ මහත්තයාගේ දර සෑයට පැනලා ජීවිතේ පූජා කරන්නේ හිතේ කැමැත්තෙන්මද කියලා ආයෙමත් සැරයක් හිතන්න වටිනවා.

ඉස්සර උනත් එහෙම කලේ ගැහැණු උදවියගේ හිතේ කැමැත්තෙන් නෙමෙයි කියලා පොත් වල ලියලා තියෙනවා.සති පූජා කියන්නේ චාරිත්රයක්.චාරිත් කියන්නේ අනිවාර්යෙන් සිද්ධ කල යුතු දේවල් සහ සිද්ධ විය යුතු දේවල් හැටියට මිනිස්සු සලකනවා.

ඒත් ඔතන හිතන්න ප්රශ්නයක් තියෙනවා. මහත්තයා මියගියාට පස්සේ නෝන මහත්තයා තවදුරටත් ජීවත් නොවිය යුත්තේ ඇයි කියන එක. සති පූජා කියන චාරිත්රය බොහොම සැරට ක්රියාත්මක වෙන ඉන්දියාවෙ නම් ඒකට සාධාරණයි කියලා ඒගොල්ලො හිතාගෙන හිටපු හේතු තිබුනා.

කොහොමටත් කනවැන්දුම් ගැහැණියක් විදිහට සමාජයේ වපර ඇහින් බැලීම් වලට ලක්වෙනවට වැඩිය සැමියාගේ චිතකයේම ජීවිතය පූජා කරලා දේවතාවියක් බවට පත්වෙන එක මම හිතන්නේ හිත් වලට සැහැල්ලුවක් ගේන්න ඇති.

ඒක හින්දම සමාජ ක්රමය ඇතුලේ දේවල් විදිහට සිද්ධ වෙන්න ඇති. ඒත් අදත් සතිපූජා කියන චාරිත් විදිහ විදිහටම සිද්ධ වෙනවා. ඉන්දියාවේ කොහොම උනත් ලංකාව ඇතුලෙ නම් හිතට දැනෙන විදිහට. ඒත් කවුරුවත් දර සෑයට පණින්නේ නෑ. ලංකාවේ සතිපූජා චාරිත් විදිහ ක්රියාත්මක වෙන්නේ වෙන විදිහකටයි. හින්දම නීති විරෝධී මනුෂ් ඝාතනයක් සිද්ධ වෙන්නෙත් නෑ.

සති පූජා චාරිත්‍ර විදිහ සිද්ධ වන්නේ තරුණ බිරිදකගේ සැමියා අවාසනාවන්ත ලෙස මියගිය විටයි.ජීවතුන් අතර ඉදිද්දීම සිද්ධ වෙන්නත් පුළුවන්.වෙනස තියෙන්නේ මේ චාරිත් විදිහෙන් නෝනා මහත්තැන් මියැදෙන්නේ නැතිවීමයි. මැරි මැරී ජීවත් වීමයි.

 ලංකාවේ මිනිස්සු හිතන විදින හරි වෙනස්.ආසියාතික සමාජ ක්රමයේ චින්තන රටාව වගේ බර වචනයක් සදහා පාවිච්චි කරන්නත් පුළුවන්. ලංකාවේ මිනිස්සු හිතන්නේ විවාහයකදී අඩු වයසෙන් සැමියා මිය යන්නේ බිරිදගේ වරදක් නිසා බවයි. එහෙම නැත්නම් ඇගේ අවාසනාව නිසා බවයි.

එනිසාම සැමියා මියගිය තරුණ බිරිදක් සමාජයෙන් කොන් වෙන්නේ නිතැතින්මයි. එතනින් පසුව සමාජය ඇය දිහා බලන්නේ වෙනස් විදිහකටයි.නොකල වරදක් කල ආකාරයටයි.කෙටියෙන්ම කියනවා නම් ඇදේටයි. ඇගේ හිත රිදෙන විදිහටයි.

නමුත් ඇය මිය නොයා ජීවත්විය යුතුව තිබෙනවා.නැවත ජීවිතය ආරම්බ කල යුතුව තිබෙනවා. එය හිතන තරම් පහසු නොවන්නේ සමාජය ඇය දිහා ඇදේට බැලීම නිසාවෙන්මයි.

මිනිසුන් විශ්වාස කරන්නේ ඇය අවාසනාවන්ත තැනැත්තියක් බවයි. සැමියාට අවාසනාව ගෙන ඇයගේ ජීවිතය නැවත වාසනාවන්ත විය නොහැකි බව සමාජය සිතනවා. ඇය කෙතරම් ධනාත්මකව සිතුවත් ඇයට නැවතත් ජීවිතය ගොඩ නගා ගැනීමට ආසියාතික සමාජය ඉඩ හසර සලසන්නේ නැහැ.

අප ශ්රී ලාංකීයයන් වශයෙන් සිදුකල යුත්තේ එවන් තැනැත්තියක දෙස අනුකම්පාවෙන් බැලීම යයි බොහෝ දෙනා සිතුවත් සිදුවිය යුත්තේ එය නොවෙයි.ඇයට නැවතත් නැගී සිටීමට සහ ජීවිතය අලුතින් ඇරඹීමට උදව් කිරීමයි.

සරළවම ඇය තවත් එක් කාන්තාවක් පමණක් බව අප පිළිගත යුතුයි. ඇයට ඇයගේ ජීවිතය ඇයගේ කැමැත්තට අනුකූලව ගත කිරීමට අප ඉඩකඩ සාදා දිය යුතුයි. අප සිදු කල යුත්තේ සැමියා මියගිය පමණින් ඇයගේ ජීවිතය එතනින් අවසන්යැයි කියවෙන මානසික ව්‍යාධි තත්වයට ඇයව පත් නොකර සිටීමට උත්සාහ ගැනීමයි.

ඇයට අවශ් ආදරය සහ කරුණාව ලතෙත් බවකින් යුතුව සැපයීමයි.