මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 4, 2013

වස්සානයේ දවසක

වස්සානයේ දවසක
සවස
මාවත මතට පිනි බිදැති වස්සන
බඩගිනි සුළග...

අර පෙනෙන
කවුලුවෙන් සපැමිණ
ඉකිලන පහන්සිල
නිවායනු ඇත...

අනතුරුව
නිහඩ බව බිදෙනු ඇත....
කලුවර දොඩමලුවනු ඇත.....

ළද
ඉසියුමැලි ඔබේ අත්තල..
රළු දෑතක
ගිලී යනු ඇත...

දෙහදක්
මිහිදුම තුල දියව
එක් හදක් නිමවනු ඇත...

වදුරු මහතා සහ මහත්මිය...


 

 

වදුරු මහතා


අලිපේර ගසමත හිද


දිගම දිග වලිගය


තවත් අත්තක


පරිස්සම්කර තියාගෙන...


 


මාදෙස බලා


සුබ උදෑසනකැයි කියන...


අළු පාට කබායට


කලු පැහැ මුහුණ


හොදින් ගැලපෙත...


 


වදුරු මැතිණිය


පැටවා තුරුලු කරගෙන


වහ වහා පැන එන


මගුල් මුදුව රැදි සුරත


මදෙස හරවා හිදගෙන...


 


පෙරබත


බුදින්නට


ඔහුට ඇරයුම් කරන...

Friday, May 3, 2013

තනිකම

තනිකම කුරුල්ලෙක් වී විත්

ගීතයක් ගයයි සවනත...

ඒ ගීයේ මිහිරි බව

මට පමනක් දැනෙන...

 

අහස් කුස,

 වැහිබිදු කවක් කොට

නොතෙත් බිම මත ලියවත

තනිකමේ කව...

 

අතින් අතගෙන ඇවිදින

රැහැයි යුවලක්

වයයි ප්‍රේමයේ වීණාව...

 

විදුලි රේඛා අහස්කුස

නුඹේ රුව සිතුවම් කරන

කලු සුදු ආලයක

මතක පොත දිගහැරෙන...

 

ඉදින් නුඹ නැතුවද

රැය තවම තරුණය

සිත තවම සසලය..


Tuesday, April 30, 2013

මඩපැහැ සද එලිය

සද
එකෝමත් එක දවසක
මඩ කඩිත්තකට පැන
විහිදුවා මඩපැහැ සද එලිය...

තිත්තයෙක්
පියාඹාගොස්
තරුවක කණට කර
මඩ පැහැ රහස පවසත...

නැහැය හකුලා තරුව
"මොන බොරුදැයි කියන..."

සද,
තද දම් පැහැයෙන්
රෝස තොල් පාට ගන්වන
දෙතොල් මතුයෙහි
සියුම් කඩතොලු මැකෙත...

දෙවර්ණ ඉදුදුන්න

ජේත්තුකාර කුරුල්ලෙක්
කොණ්ඩය උඩට කර බැද
කවුලුවෙන්
හොරෙන් විත්
මගෙ කැදල්ලට වැද....

සිනාසී කිචි බිචි ගාන
ලාම්පුවේ වයරයට වී හිද,
"සුදූ මම ආදරේ යැයි"කියන.
මදස විලියෙන් බලන….
හොටෙන් ඇන
කෙසෙල් කැබලිති ගෙනයන….

සවස් යම,
කවුලුවෙන් එපිට හිද
පියඹ සවනතට කර
රහසක් කොදුරන...
හොටට හොට තබා
කෙසෙල් කැබලිති කවන...

දෙවර්ණ ඉදුදුන්න
මට ඔච්චමට සිනාසෙන
වැහි බින්දු
එක දෙකක්
බිම වැටෙන...

Monday, April 29, 2013

නියගලා

තවමත් නියගලා මල් පිපේ
වැට මත්තෙහි.....
අප හමුවූ,
නමුදු නොහැදිනි,
ඒ මග දිග
දුහුවිල්ලෙහි සැගව ගිය
පිය සටහන්
තවම ඇත...

කවි

සමහරක් කවි සොදුරු වුව
පන්හිද සොදුරු නැත
කවියකට පෙම් කලා වුව
පන්හිදට පෙම් කල යුතු නැත