මම ලියන දෑ කියවන්න කැමති අය...
Saturday, February 21, 2015
වැලන්ටයින්ට කලින් දවස
ප්ලේන්ටි වැඩි
ප්ලේන්ටී එක මිස්ට
කියලා කියන කොට....
ආදරේ ඉපැදෙයි එතන. ...
හෙට ලැබෙන්නට නියමිත
රෝසමලකට වැඩිය....
+++++
සද ගොඩගලන්නේ වෙරළට
හරියටම රෑ දොළහට
මුහුදු රැළි එක්ක
හරි හරියටම තරගෙට..........
වෘකයින් උනත්
ආලයෙන් වෙලී ඇති හද සමග
ඒකයි හැඩුම් හඩ ඇහෙන්නේ
පසලොස්වකේ හවසට.........
Thursday, February 19, 2015
Tuesday, February 17, 2015
කවියක මලගම
රිදෙන රිද්දන අකුරු
ඇස් පියාගෙන
අප අතර
කිසිවක්ම සිදු නොවූවා සේ සිටින
අද මරණ දිනයකි
ඔබගැන ලියූ කවියක
මම දුරින් ඉමි
ඔබ නික්මගිය පිය සටහන්
විදිමි විදවමි
යන්නම් කියා ගිය අය
ආයෙමත් විත්
කොනිත්තා යන එක
එක් දිනක ප්‍රේමයක
සියක් වසරක
මතකයන් තිබිය හැක.
මම යලිත් කවි නොලියමි
අකුරු
කවි නොකොට
සුදු රෙදිකඩක ඔතා වලලමි
Monday, February 16, 2015
ප්‍රේමය කියන්නේ............
ප්‍රේමය කියන්නේ අන්ධවීමක්.අවට නොපෙනීයාමක්.
සමහර වෙලාවට ආදරය නැවැත්විය නොහැකියි.හුග වෙලාවට අපිට ගැලපෙනම පුද්ගලයා මුණ ගැහුනාම.ඒක හරියට තරුවක් වගෙයි.අහසින් එකපාරටම කඩාගෙන වැටෙන.අපි තරුව අල්ලගන්න තරුව වැටෙන මානෙට දුවගෙන යනවා.සමහර වෙලාවට ඇස් ඇරගෙන උඩබලාගෙන ඉන්නවා.වැටෙන තරුව අල්ලගන්න දෝතම පානවා.තරුව ආකාසෙදිම දියවෙලා යනවා.ඒත් එක්කලම සමහර වෙලාවට ජීවිතෙත් දියවෙලා යනවා.
සමහර අය වෙනුවෙන් අපි බලාගෙන ඉන්නවා.ඒ අයට වෙන අයව පේන්න පටන් ගන්නවා.හැඩ වැඩි,තත්වෙන් උසස් අය.එතකොට ආවස්ථික පිරිවැය වගේ බර වචන කල්පනාවට එනවා."හිත හොදකම" වගේ දේවල් වචන විතරක් බවට පත්වෙනවා.අපි වෙනුවෙන් බලාගෙන ඉන්න අය ගැන හිත බැදෙන්නේ නැති කමෙත් මොකක්දෝ වැරැද්දක් තියෙනවා.
ප්‍රේමයන් හැම වෙලාවකම රසවත්.හරියට ඇඹුල් පේර ගෙඩියක් වගේ.කට හිරිවැටිලා යන.ඒත් ආයෙමත් කන්න ආස හිතෙන.ඒත් හැමතිස්සෙම ඇඹුල් පේර මුණ ගැහෙන්නේ නෑ.
හොදටම ඉදිච්ච පේරගෙඩියකුත් ඇඹුල් පේර ගෙඩියක් කියලා හිතාගෙන කන එකෙත් සමහර වෙලාවට රහක් තියෙනවා.
සති පූජා
http://www.dinamina.lk/epaper/art.asp?id=2015%2F02%2F17%2Fpg13_0&pt=p&h
සති පූජා කියලා කියන්නේ නෝනා මහත්තයෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන එකට. ඉස්සර කාලේ
මහත්තයා මියගියාට පස්සේ නෝනා මහත්තැන් තවදුරටත් ජීවත් වෙන එකේ තේරුමක් නෑ කියලා සමාජය හිතන හින්දා නෝනා මහත්තයාට එහෙම කරන්න සිද්ධ වෙලා තිබුනා.ඒ සිරිත ම්ලේච්චයි කියලා සමහරු කියනවා.ඒ වුනාට මට ඒක එහෙම හිතෙන්නේ නෑ.ඒක තම තමන්ගේ හිතේ කැමැත්ත.ඒත් ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්තවල තවමත් නෝනා මහත්තුරු තමන්ගේ මහත්තයාගේ දර සෑයට පැනලා ජීවිතේ පූජා කරන්නේ හිතේ කැමැත්තෙන්මද කියලා ආයෙමත් සැරයක් හිතන්න වටිනවා.
ඉස්සර උනත් එහෙම කලේ ඒ ගැහැණු උදවියගේ හිතේ කැමැත්තෙන් නෙමෙයි කියලා පොත් වල ලියලා තියෙනවා.සති පූජා කියන්නේ චාරිත්‍රයක්.චාරිත්‍ර කියන්නේ අනිවාර්යෙන් සිද්ධ කල යුතු දේවල් සහ සිද්ධ විය යුතු දේවල් හැටියට මිනිස්සු
සලකනවා.
ඒත් ඔතන හිතන්න ප්‍රශ්නයක් තියෙනවා. මහත්තයා මියගියාට පස්සේ නෝන මහත්තයා තවදුරටත් ජීවත් නොවිය යුත්තේ ඇයි කියන එක. සති පූජා කියන චාරිත්‍රය බොහොම සැරට ක්‍රියාත්මක වෙන ඉන්දියාවෙ නම් ඒකට සාධාරණයි කියලා ඒගොල්ලො හිතාගෙන හිටපු හේතු තිබුනා.
කොහොමටත් කනවැන්දුම් ගැහැණියක් විදිහට සමාජයේ වපර ඇහින් බැලීම් වලට ලක්වෙනවට වැඩිය සැමියාගේ චිතකයේම ජීවිතය පූජා කරලා දේවතාවියක් බවට පත්වෙන එක මම හිතන්නේ ඒ හිත් වලට සැහැල්ලුවක් ගේන්න ඇති.
ඒක හින්දම ඒ සමාජ ක්‍රමය ඇතුලේ ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්න ඇති. ඒත් අදත් සතිපූජා කියන චාරිත්‍ර විදිහ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉන්දියාවේ කොහොම උනත් ලංකාව ඇතුලෙ නම් හිතට දැනෙන විදිහට. ඒත් කවුරුවත් දර සෑයට පණින්නේ නෑ. ලංකාවේ සතිපූජා චාරිත්‍ර විදිහ ක්‍රියාත්මක වෙන්නේ වෙන විදිහකටයි. ඒ හින්දම නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙන්නෙත් නෑ.
සති පූජා චාරිත්‍ර විදිහ සිද්ධ වන්නේ තරුණ බිරිදකගේ සැමියා
අවාසනාවන්ත ලෙස මියගිය විටයි.ජීවතුන් අතර ඉදිද්දීම සිද්ධ වෙන්නත් පුළුවන්.වෙනස තියෙන්නේ මේ චාරිත්‍ර විදිහෙන් නෝනා මහත්තැන් මියැදෙන්නේ නැතිවීමයි. මැරි මැරී ජීවත් වීමයි.
ලංකාවේ මිනිස්සු හිතන විදින හරි වෙනස්.ආසියාතික සමාජ ක්‍රමයේ චින්තන රටාව වගේ බර වචනයක් ඒ සදහා පාවිච්චි කරන්නත් පුළුවන්. ලංකාවේ මිනිස්සු හිතන්නේ විවාහයකදී අඩු වයසෙන් සැමියා මිය යන්නේ බිරිදගේ වරදක් නිසා බවයි. එහෙම නැත්නම් ඇගේ අවාසනාව නිසා බවයි.
එනිසාම සැමියා මියගිය තරුණ බිරිදක් සමාජයෙන් කොන් වෙන්නේ නිතැතින්මයි. එතනින් පසුව සමාජය ඇය දිහා බලන්නේ වෙනස් විදිහකටයි.නොකල වරදක් කල ආකාරයටයි.කෙටියෙන්ම කියනවා නම් ඇදේටයි. ඇගේ හිත රිදෙන විදිහටයි.
නමුත් ඇය මිය නොයා ජීවත්විය යුතුව තිබෙනවා.නැවත ජීවිතය ආරම්බ කල යුතුව තිබෙනවා. එය හිතන තරම් පහසු නොවන්නේ සමාජය ඇය දිහා ඇදේට බැලීම නිසාවෙන්මයි.
මිනිසුන් විශ්වාස කරන්නේ ඇය අවාසනාවන්ත තැනැත්තියක් බවයි. සැමියාට අවාසනාව ගෙන ආ ඇයගේ ජීවිතය නැවත වාසනාවන්ත විය නොහැකි බව සමාජය සිතනවා. ඇය කෙතරම් ධනාත්මකව සිතුවත් ඇයට නැවතත් ජීවිතය ගොඩ නගා ගැනීමට ආසියාතික සමාජය ඉඩ හසර සලසන්නේ නැහැ.
අප ශ්‍රී ලාංකීයයන් වශයෙන් සිදුකල යුත්තේ එවන් තැනැත්තියක දෙස අනුකම්පාවෙන් බැලීම යයි බොහෝ දෙනා සිතුවත් සිදුවිය යුත්තේ එය නොවෙයි.ඇයට නැවතත් නැගී සිටීමට සහ ජීවිතය අලුතින් ඇරඹීමට උදව් කිරීමයි.
සරළවම ඇය තවත් එක් කාන්තාවක්
පමණක් බව අප පිළිගත යුතුයි. ඇයට ඇයගේ ජීවිතය ඇයගේ කැමැත්තට අනුකූලව
ගත කිරීමට අප ඉඩකඩ සාදා දිය යුතුයි. අප සිදු කල යුත්තේ
සැමියා
මියගිය පමණින් ඇයගේ ජීවිතය එතනින් අවසන්යැයි කියවෙන මානසික ව්‍යාධි තත්වයට ඇයව පත්
නොකර සිටීමට උත්සාහ ගැනීමයි.
ඇයට අවශ්‍ය ආදරය සහ කරුණාව ලතෙත් බවකින් යුතුව සැපයීමයි.
Subscribe to:
Posts (Atom)