මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, April 30, 2013

මඩපැහැ සද එලිය

සද
එකෝමත් එක දවසක
මඩ කඩිත්තකට පැන
විහිදුවා මඩපැහැ සද එලිය...

තිත්තයෙක්
පියාඹාගොස්
තරුවක කණට කර
මඩ පැහැ රහස පවසත...

නැහැය හකුලා තරුව
"මොන බොරුදැයි කියන..."

සද,
තද දම් පැහැයෙන්
රෝස තොල් පාට ගන්වන
දෙතොල් මතුයෙහි
සියුම් කඩතොලු මැකෙත...

දෙවර්ණ ඉදුදුන්න

ජේත්තුකාර කුරුල්ලෙක්
කොණ්ඩය උඩට කර බැද
කවුලුවෙන්
හොරෙන් විත්
මගෙ කැදල්ලට වැද....

සිනාසී කිචි බිචි ගාන
ලාම්පුවේ වයරයට වී හිද,
"සුදූ මම ආදරේ යැයි"කියන.
මදස විලියෙන් බලන….
හොටෙන් ඇන
කෙසෙල් කැබලිති ගෙනයන….

සවස් යම,
කවුලුවෙන් එපිට හිද
පියඹ සවනතට කර
රහසක් කොදුරන...
හොටට හොට තබා
කෙසෙල් කැබලිති කවන...

දෙවර්ණ ඉදුදුන්න
මට ඔච්චමට සිනාසෙන
වැහි බින්දු
එක දෙකක්
බිම වැටෙන...

Monday, April 29, 2013

නියගලා

තවමත් නියගලා මල් පිපේ
වැට මත්තෙහි.....
අප හමුවූ,
නමුදු නොහැදිනි,
ඒ මග දිග
දුහුවිල්ලෙහි සැගව ගිය
පිය සටහන්
තවම ඇත...

කවි

සමහරක් කවි සොදුරු වුව
පන්හිද සොදුරු නැත
කවියකට පෙම් කලා වුව
පන්හිදට පෙම් කල යුතු නැත

Sunday, April 28, 2013

මෑත අතීතය

හදිසියේ ඔබ
සැලසුම් ගත අහඹුවක්ව සැපැමිණ
වදන් දෙකකින් හදවතේ යතුර තනවා
මල කෑ හදවත විවර කොට
මග බලා ඉන්නට ආදරේ ඇස් තනා දී
නැවත නොපැමිණ....

Saturday, April 27, 2013

සුවද සායම්..

මහගෙදර
නාගහ පාමුල ඉදගෙන
හිස් අහස දෙස නෙත් හෙලාගෙන...

නාමල් සුවද
පින්සල් තුඩට අරගෙන
හිත් කැන්වසය මත අදින
සිතුවම...

බොද කල
නිල් මහනෙල් මල් සුවද...

උඩින් යන දෙවියන්ට...

 "වෙත:-උඩින් යන දෙවියෝ,
වලාකුල,
අහස...."

 

 

 

මම දන්නවා
ඔය දුවන වලාකුලු මතුපිට
දෙවිවරුන් ඉන්න බව..


රජවරුන් සේ ගමන් යන බව
ඉද හිට හොරැහින්
පොලව දෙස නෙත් හෙලන බව....

 

ලියන කවි කියවන බව
කවි අතර තම නම සොයන බව....

කවි වරන කාලෙට
සෝ සුසුම් හෙලන බව...


එහෙම කාලෙට
පොලොවට හයියෙන් වහින බව
ඒ වැහි වතුර වල
ලුණු රසක් තියෙන බව...


ලියා දන්වන වග නම්,
අහසට,

 දුකින් වුව...

 

ඉස්සොරෝම කාලෙක
වලාකුළු වල ලියුව කවි වල
දෙවිවරු උන්නාට....


පොලවෙහි පය ගසා
පත් ඉරු මත ලියන කවි වල
තවත්,
උඩින් යන දෙවියන්ට ඉඩක් නැති බව...

.......................................

වෙදැගිල්ල
සුදු රත්තරන් මුදුව
සමගින් සතුටින්ය...

කම්මුලේ අත තියන් හූල්ලන
සුදු වුවන...