මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, October 30, 2010

මිතුරු ආගන්තුකය....

නොදන්නා ප්‍රේමයක්,
හිත අරක් ගෙන...
හදවතේ පතුලම ස්පර්ශ කරන්නෙක්ව...
නොදන්නා හදකට පෙම් බෑද....

 
දකින හෑම දිනම,
සිනහවක් පමනක්ම ලෑබෙන...
හිත කලත්තන සිහින.....

නුඹත් නොදන්නා,
මමත් නොදන්නා සිහිනයට...
මග දුර වෑඩිය...

පෙට්ටියෙන් පිටත.....(Out of the Box)

අපි අපි වටේට රාමුවක් ඈදගෙන ඉන්නවා.ඒක හුණු කූරකින් අපේ වටේට ඈදපු රවුමක් කියල හිතමුකො.අපි මේ රාමුවන් එලියට යන්න බයයි.අපි හිතනවා අපි ඒ රාමුවෙන් එලියට අඩියක්වත් තියුවොත්,අපිට හිතාගන්න බෑරි ඈබෑද්දි අපිට වෙයි කියල..... අපි වෑඩිපුරම හිතන්නෙ මිනිස්සු අපිට මොනව හරි කියයි කියල.

අපි එක එක්කෙනාගෙ මේ රාමුව වෙනස්.මේ රාමුව අපි වටේට ඈදගන්නෙ විවිධ හේතු පදනම් කරගන්නවා.... පවුල් පසුබිම,අධ්යා පන මට්ටම,මුදල් හදල්,පන්ති පසුබිම මේ සදහා හේතු වෙනවා...ඒ දේවල් මත පදනම් වෙලා මේ රවුමේ පරාසය වෙනස් වෙනවා….

මම පුන්චි කතාවක් කියන්නම්,මට වයස අවුරුදු 16විතර කාලෙදි,අපේ තාත්තගෙ යාලුවෙක් මට චිත්ර යක් ඈදල දුන්නා.ඒ චිත්රෙම තියෙන්නෙ මගේ රූපෙ කියල තමයි ඒ අන්කල් කියුවෙ.ඒත් ඒචිත්රලයෙ හිටියෙ ගෑනු ලමයෙක්.මුස්ලිම් ආගමේ හෑටියට හිස ආවරනය කරගෙන,පුන්චි පූස් පෑටියෙකුත් තුරුලු කරගෙන. ඒ අන්කල් මාව දෑක්කෙ ඒ විදියට.මම මා තුල සෑබෑවින්ම නොමෑති සාම්ප්රනධායිකත්වයක් ඈති කරගෙන ජීවත් වෙන,පුන්චි ගෑනු ලමයෙක් හෑටියට.හිස් ආවරණයෙන් කියවුනෙ ඒ ගෑන. මම තාමත් තේරුම් ගන්න උත්සාහ කරනවා,ඒ තරම් කුඩා අවධියකදී ඒ අන්කල් මාව ඒ තරම් හොදින් තේරුම් ගත්තෙ කොහොමද කියල.

ඉතින් මේ රාමුව කාලෙන් කාලෙට වෙනස් වෙනවා.අපේ ජීවිත වල අපි ලබන අත්දෑකීම් එක්ක..... අපි මේ රාමුව නිසා අපේ ජීවිත වල හුගක් දේවල් අහිමිකරගන්නවා.සමහර වෙලාවට අපි මේ රාමුව ඈතුලෙ ජීවත්වෙලා ආපහු හෑරිල බලද්දි අපි ජීවත් වෙලා තියෙන්නෙ අනිත් මිනිස්සුන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමයි.

ඉතින් මේ පුන්චි කතාව මම ආරම්බ කලේ අපි ජීවත්වෙන්නෙ අපිට ඕනෙ විදියට නෙමෙයි කියන්නයි.මගේ කතන්දර ගෑන ලෑබෙන විවේචන අතරෙත් තියෙනවා කාන්තාවකගේ ලිවීමේ මායිම් සම්ප්රයධායිකයි කියන මතය.

මට මගේ හිතේ තියෙන කතන්දර අකුරු කරන්නටත් මේ සීමා මායිම් බලපානවා.

මට හිතෙන හෑටියට නම් අපි මේ ජීවත් වෙන පුන්චි ජීවිත කාල පරාසය තුල මේ රාමුවෙන් එපිට ජීවිතයත් ටිකකට හරි අත්දකින්නට ලෑබෙනවා නම් කොයිතරම් නම් හොදයිද....



Friday, October 29, 2010

මතුසම්බන්ධ කතාවක්....

මල් ඉහිරිච්චි කුඩයක්....
ඉහිරිච්ච මල් හිතේ විසිරෙත.....

කුඩය යන මග ඈසරෑදෙන....
ඉහිරිච්ච මල් පරදවන,
නොපෙනෙනා රුව.....
මුවා වී කුඩයට....

"මල් කුඩේ ලස්සනයි...."
අයිතිකාරිය ගෑන අදහස් පල නොකල හෑකි නිසා,
මම එහෙම කියුවෙ ඒ ඈස් දිහා බලාගෙන......

Wednesday, October 20, 2010

පුසුඹ....


ලාබ සුවද,
උදෑසන තේ සමග ,
නොමිලේ ලෑබෙන...
හදවතම විනිවිදෙන...

මිලාධික විලවුන්...
කන්තෝරුවම පුරවන....
නැහැයටත් නොදෑනෙන සුවද...

Sunday, October 17, 2010

ආපසු....Old Students Meeting-2009(University of Peradeniya)---කෙටිකතාවක්

"ඔයාව දෑකපු කල්...."

හ්ම්ම්...හරියටම අවුරුදු 40ක්..හුගක් කල් නේද?

“ඔයාව දෑක්කම මට සතුටු හිතුන හුගක්.ඒත් දෑන් වෙනස්...ඉස්සර කොයි තරම් ලස්සනද...දිග කොන්ඩයක් තිබුන මට මතකයි.”

“ඒත් දෑන් කෑතයි කියන්න එපා.ගෑහෑනු ලමයි කවදත් කෑමති නෑ පිරිමියෙක් කෑතයි කියනවට...”

“ඔයා තවමත් ...අවුරුදු 40කට පස්සෙත් ගෑනු ලමයෙක් ද?හිනා වෙන්නට කාරණාවක්...”

“සමහර විටකදි,සමහරු ඉස්සරහදි තාමත් එහෙම වෙන්න පුලුවන්....කොන්ඩෙ පෝනිටේල් එකක් දාල බොහොම ආඩම්බරෙන් යන ගෑනු ළමයෙක්...

කාලය ගත වෙන්නෙ නෑති නම්..

ගලහ හන්දියෙන් බස් එකෙන් බෑහෑල දේශන වලට යන්න පුලුවන් නම්...තාමත් ඉස්සර වගේම,ඔයා දිහා නොබල...”

“මම දිහා නොබල යන එක ඔයාට සතුටක් වුනා එහෙනම්...මට දුකක් ඔයාට සතුටක්.ඒකත් පුදුමයි....එක්කෙනෙකුට සතුටක් ,තව කෙනෙකුට දුකක්....”

"ලෝකෙ එහෙම තමයි.මම දෑනගෙන හිටියෙ නෑ ඒ කාලෙ.චරිතය කියන්නෙ වෑදගත් සාධකයක් නොවෙන බව....ජීවිතයට ,ගෑහෑනියකගෙ... විවාහයට..."

"සෑහෙන්න වෙනස් වෙලා.."

“වයසත් එක්ක මිනිස්සු පරිනත වෙනවා...”

"මම දකින්නෙ අපරිනත වීමක්..මම කෑමතියි ආඩම්බර ගෑනු ළමයාට.... මට පුලුවන් ඒ දවස් වල වගේ සින්දුවක් කියන්න...ලෝකාන්තෙ නගින ගමන්.....මතකද මම කියපු සින්දුව...."

"අමතක නෑහෑ...ඊට පස්සෙ කවුරුවත් මගේ පස්සෙන් සින්දුවක් කියමින් ඈවිත් නෑහෑ..."

"උඩු ගුලියන් ගොතා බදින ,නීල වරල සරසන්නට මා පිපුනේ නෑත...මේ දෙරණේ..."

“ලෝකාන්තයට නගින කල්ම එකම පිරිමි ශිෂ්යවයෙකුට වත් අත නොදුන් එකම ගෑහෑනු ළමයා.....”

“කවුරුවත් අල්ලපු නෑති අතක්...සමහරු ස්පර්ශ කරන්නට බලා සිටි අතක්... ගෑහෑනු ළමයාට වයස 36 දී අගයක් නෑතිව වෙන්දේසි වුනා...”

“විවාහය???..”

“බොහොම සම්ප්ර?ධායිකයි...යෝජිත හා යෝජිත නොවන...විවාහ වෙන වයස පසුවෙමින් හිටි දෙදෙනෙක් හදිසියේ විවාහ වුනා...”

"ප්රාවර්ථනාවන්...???මට මතකයි පූසො පස් දෙනෙක් හදනව කියල ඔයා කියුව...විවාහයෙන් පස්සෙ..."

“ළමයිනුත් ඉන්නෙ එක්කෙනයි... ඒත් හුගාක් කාලෙකින් බෑනුම් හුගාක් අහල...,ඉතින් මොකටද පූසො...”

“මම පූසො පහක් හෑදුව...අපේ ගෙදර... බිරින්දෑගෙන් බෑනුම් අහමින්...

මම හිතුව ඔයත් ස්වාමියාගෙන් ඒ විදියටම බෑනුම් අහනව ඈති කියල...”

“බෑනුම් ඈහුවා.පූසො නිසා නම් නෙමෙයි...”

“?????”

“විවිධ හේතූන්..”

"ප්රිබල නොගෑලපීම්...??????"

“එයා පොලොව බදාගෙන හිටියා....මට කරෙකක් ඕන උනා...”

“දුක්ඛ දායකයි...ශෝචනීයයි... අතරතුර ඉරිසියාකාර සතුටක්…”

“?????”

“මම හිතුවා ඔයාව බදින ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන් කියල....

මොකද්දෝ අමුතු සතුටක්...

මට නොලෑබුනු සතුට අන් කෙනෙකුට නොලෑබීමේ සතුට වෙන්න ඈති...”

“ඔයා සතුටින්ද...එහෙනම් මටත් සතුටුයි...”

“තාමත් ඉස්සර වගේම අනුන්ගෙ සතුටින්ද සතුටු වෙන්නෙ...”

“නොවෙනස්...”……….

“ප්රෙශ්නයක්...අන්තිම සහ අවසාන....

මට අද අතින් අල්ලන්න පුලුවන්ද???”…..

“ගොරෝසු සහ රලු...?????”

“මෘදු.....”….

 

“……………………………………………………………….”


















































































අත්හෑරීම සහ අත් හෑර දෑමීම...

එක අත්හෑර දෑමීමකින් පසු,
අත් හෑරුනු බොහෝ දෑ..
යලිත් මතකයට...

වෑරදීම් හා වෑරදි කිරීම් කීපයක්...
වෑරදීම්,වෑරදි කිරීම් ලෙස දකින....
සමාජයීය ඈස් වල.....
කර්කශ ඈනෙන සුලු බෑලුම්....

 
කවිය,
විවේකයය..
පලා යාමය...




Tuesday, October 12, 2010

මිදි සහ නරියා...


කියවන්න බෑරි කවියක්...විදින්නට බෑරි සීතලක්...
දරන්නට බෑරි උනුහුමක්...වියලිම වියලි හුලගක්....

හිත හදාගත්තට එහෙම..

බෝ අරුත් ඈති කවක්...සොදුරු සිහිලසක්...
නෑවුම් උනුසුමක්...හෑගුම් කෑටිවුනු සුලන් රෑල්ලක්...

අරන් එන තෙක් බලා උන්,
මිදි තිත්තයි කියූ නරියා මමය.....

හීන

හීනයක් දකින කොට,

දකින්නේ හීනයක්ම වග...
දෑනෙනවා නම් කොයිතරම් හොදද....
බයවෙලා ඈහෑඈරෙන්නේ නෑතුව....
එක පාරටම ......

හිස් නොමෑති හීනයක...

හිස් බවක් දකින්නට.....

පියාඹන්නට බෑරි,

අත්තටු මොටද මට....

Wednesday, October 6, 2010

........CHAT FRIENDS......


බලා හිටියා,
 එක වචනයක්...

//// HI වත් නොලියන්න තරමට,
බරපතල නොසලකා හෑරීමක්...////

කාලයේ මුතු ඈට,
එකින් එක ගිලිහෙයි..
මුතු පටම ලෙහෙන්නට,
කලින් කියුවාට,
වගක් නෑතුවා දනිමි...
මහත් තැන් හට....

////Neglecting hurts always…////

යාලුකම් බිදිනි....
බිදුනු බදුන්,
ලග තියාගෙන මොටද...
ඈතටම විසිකරමි.....

///හරිම පොඩි යාලුකමකට,
මේ වගේ කවි ලියන එකත්,
එක අතකට මෝඩයි තමයි...///

ඒත් තවමත්,

කිසිවක්ම නොවුනා සේ,
දුටු තෑනක මුලු හිතින් සිනාසෙමි....

Saturday, October 2, 2010

මල් විකුනනා කුසුමිය...


දිගැසිය....
නෙතු අගින් බලනා....
බෝ රුවය නුබ,
නොසිතු විලසා...
අතැති නෙළුමන් ,
හැඩ නැතිය නුබ තරමා...
නොවිකෙනා මල් ගෙන,
විකිනෙනා රුව දැක,
දුක හිතුනු මගේ හිත...

විරහ ...



ඉස්සරම දවසක....
ඉර නැති හවස් වරුවක ...
ඉර ගිලුනු,
වැව දිහා බලාගෙන....
මල් ගැන්න දවසක....
මට නොකී කතාවක්...
වැව මට කියන කල....
කොදුරමින්....

අද...
නුබ නොමැති...
මේ මෝසම් හවස....

නවක වදය-සුන්දරයි



නවක වදය ,වෙන වචන ටිකක් තිබුන නම් හොදයි කතා කරන්න ඒත් වෙන විදියකට හදුන්වන්න තරමට අපෙ සමාජය දියුණු නෑති නිසා තමයි මෙහෙම ලියුවෙ....මුලින්ම කියන්න ඕනෙ මම කතා කරන්න යන්නෙ කායික පීඩා(Physical rag) දෙන නවක වදයක් ගෑන නෙමෙයි කියල.

සුන්දර සිදුවීම් ටිකකුත්,ඒ හා ජීවිතයට එකතු වුනු අත්දෑකීම ගෑනත් කතා කරන්න යන නිසා මේ දේට නවක වදය නොකිය වෙන නමක් කියනව  නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.
නවක සිසුන් පිලිගෑනීම කියල කියනව නම් තව ටිකක් වටිනව....

මම මේ කතා කරන විදියෙ සුන්දර පිලිගෑනීම් තියෙන්නෙ මම දන්න විදියට කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තමයි.වෙන විශ්ව විද්‍යාල ගෑන මගේ අවබෝදය මදිවීමත් ඒ නොදෑනුවත් කමට හේතු වෙන්න පුලුවනි....

කෑම්පස් ඉන්න කාලෙ නවක වදයට එච්චර කෑමති කෙනෙක් නොවුනත්,මටත් ඒ පිලිගෑනීමෙ තියෙන සුන්දරත්වය තේරෙන්න පටන් ගත්තෙ උපාධියත් අරන් ඉවර උනාට පස්සෙ...

මම නවක වදය කියල විදපු අත්දෑකීමුත්,ඒ නිසා මගේ ජීවිතයට එකතුවුන දෑත් ගෑන මම කියන්නෙ වෙන අය ගෑන කතා කරනවට වඩා මම ගෑන කතා කරන එක හොද නිසා.

මේ සමාජ ක්‍රමය තුල ළමයි හදන්න දෙමාපියන් පෙලඹිලා තියෙන්නෙ විවිධ විදියට.දෙමාපියන් හෑම වෙලාවෙම තමන්ගෙ දරුවන්ට හොදම දේ දෙන නිසා මධ්‍යම පාන්තික පවුලක ළමයෙක් උනත් දුක් විදිනව අඩුයි.පොත පතටම නෑඹුරු වෙලා වෙන දෙයක් ගෑන හිතන්නෙ නෑතුව එන අය,පොතපතින් තොර ලොවක් දකින්න විශ්ව විද්‍යාලයටම අඩිය තියන්න ඕනෙ.

දෑන් ලියන්න යන්නෙ මගේ නවක වද අත්දෑකීම්,

*මම පිරිමි ළමයෙක් එක්ක එක බත් පත බෙදා ගෙන කෑවා.එක එක දවසට එක එක්කෙනාගෙ කෑම වල රුචි අරුචි කම් දෑන ගත්තා.කෑම එක කාල ඉවර වෙන කොට තමන් එක්ක බත් පත බෙදාගෙන කාපු කෙනාගෙ පවුලෙ සියලුම විස්තර දෑනගෙන මතක තියාගත්තෙ බයටමයි.
 
*පොලොන්නරුව සහ කරීනා ගෑන රචනයක් ලියුවා.-කිසිසේත්ම නොගෑලපෙන අන්ශ දෙකක් ගලපන්න මම ඉගන ගත්තා.
 
*ඉන්ග්‍රීසි හෝඩිය අග ඉදල මුලට කියුවා.ඒ සින්හල අතරෙ ඉන්ග්‍රීසි වචන පාවිච්චි කිරීමේ වරදට..
 
*මාසයක් පුරාවට අය්යා කෙනකුගෙ ඈදුම් වල හරි වෑරදි කියුවා.පිරිමි අය අදින පලදින විදිය ගෑන ඒ නිසාම මම ඉගන ගත්තා.
 
*දිගට අදින්න අකමෑති ගෑනු ලමයි මාස තුනක් යනකම් වලලු කර ලගට ඈදුම් ඈන්දා.ජීවිතේට කොන්ඩෙ ගොතල පාරට නොබෑහපු අය කොණ්ඩෙ ගොතල කෑම්පස් ආවා.
 
ඔහොම ගොඩක් දේවල් සිද්ධ උනා.මමත් ඒ දවස් වල කෑමතිම නෑ.ඒත් ඉතින් මට දෑන් හිතෙනවා ඒ නිසා මම ගොඩක් දේවල් ඉගන ගත්තා කියලා.ජීවිතය ගෑන,මිනිස්සු ගෑන විවිධ සමාජ තල ගෑන.මේ අත්දෑකීම් කවදාවත් විශ්ව විද්‍යාලයකින් හෑර වෙන තෑනකින් ලබන්නට බෑහෑ.රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වටින්නේ ඒකයි.ඕන තරම් වෑරදි ඇති.ඒත් අපිට මිනිස්සු අදුර ගන්න ඒ අධ්‍යාපන උදව්වෙනවා.මට හිතෙන්නෙ එහෙමයි.