මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, December 18, 2011

තාත්තට තෑග්ගක්....


ආදරය
මිලට ගෙන
ඔතා
කොලයක
සුරුවමට...
ගෙනාවෙමි...

සුව නැතත්
ඇන්දාම හැඩ ඇති
ආදරය...

බොහෝ කඩදාසි කොල ගෙවා
ගෙනාවෙමි...

කුඩා කල
පැණි රස කෑම වල..
රසවත් කතා වල
ඔතා ගනැවිත් දුන් ආදරය...

ආපසු ගෙනාවෙමි...
ඇගලා බලනු මැන ආදරය....

Thursday, December 15, 2011

නත්තල් ගහ ...


"අඹ ගහ
අඹ ගහ
දන්නවද කතාවක්...
මට ලැබුනු
නත්තල් ගහ
බොහොම සුරුවම්ය...
බොහොම ආඩම්බරය...


 හැමදාම කතාකල නුඹ වගේ නැත...


 නුඹ වගේ සෞම්‍යත් නැත...
වැඩිපුර කතා නැත...
උත්තරත් වැඩියදිග නැත..
හුස්ම හඩ ඇහෙන්නෙත් නැත


 එත් බොහොම ලස්සනට ඇත
දිලිසෙන ඇදුම් ඇද...
ඔය වෙගේ නිරුවතින් නැත...."

Monday, December 12, 2011

මගුල්...



වෙදැගිල්ල

අමතකව මා දමා ගිය
දවසක්...

ඉස්සර ආදරය කල
දැන්
උකස් කරනට බැරුව ලතැවෙන
හිත...

සමහර කැද ජාති
බොන්නටත්,
විසිකරන්නටත්,
 බැරි...

Wednesday, December 7, 2011

හෙට අන්තිම දවස(ගබ්සාව නීතිගත කිරීම සධාරණය )



අම්මාට කියුවෙමිය...
රෝසපාට ගවුම් වලට
සින්දු කියන කුරුල්ලන්ට
කතන්දර පොත් වලට
ආසයි....

"පුතේ නුඹ දන්නැතිය
නම නොදත් තාත්තා
දන්නෙවත් නැත
නුඹ කුසේ විත්තිය."

"අපෙ මොකෝ අම්මේ,
අපි ට අපි ඉදීවි හැමදාම...
මම බලාගන්නම්
බැරිදාක
රස්සාව...
(රහසින්...)
මම
අම්මා දන්නෙ නැති,
 තාත්තා දන්නවා
විනාඩි දහයකින් තාත්තා කෙනෙක් වුන"

"පුතේ උඹ නිසා
මට මගේ රස්සාව ,
තව කරන්නට බැරිය...
ඉස්සර  බලපු ඇස් දැන් බලන්නේ නැතිය..."

"මාව දැනෙනවද අම්මේ???
අපි පස්සෙ කාලෙක සෙල්ලම් ගෙයක් හදමුද???"

"දොස්තර මාමා හෙට
 රිද්දනවා ඔයාට
හැබැයි හෙට විතරයි
ඉන් පස්සේ අපි අපිව දන්නෙ නෑ"

"සාමා අමර මල් පිපීදැයි බලන්නට
මට ඕන..."

"අපි අපේ නොවන බව
දැනගෙනත් තව කුමට...
පුතේ දැන් නිදියන්න..."

Monday, December 5, 2011

(තව කෙනෙක්)..කාලයක් හොදම යාලුවා වුන...


සමහර දවස් වල,
කවුරුවත් එන්නෙ නැති හවසට,
අම්මා නැති දවල් වරුවල,
තනිකමට තනියට හිටිය......

ජීවිතයෙ රුව ගුන
ඉගැන්වූ දින බොහෝවිය...

සෙල්ලම් බත් උයන්නට ආ
ඇත්ත බත් උයන්නට දත්
'ඇය' ඔබ විය....

මිදුල වටා දිව යන
සාරිය හැදි,
දුම් නොදා යන කෝච්චිය...

පුන්චි ටීචර් ගෙ ඉස්කෝලෙ
ප්‍රින්සිපල් මිස්...

අවුරුද්දෙ දානෙට
නිවාඩු නැති
නපුරු මිණිපිරියක,
කාලය තුලින්
බොහෝ දුර අතීතෙට
ගිය
එක්තරා නිමේශය...

දන්න කෙනෙකුට ලියුමක්...

ආදරණීය තරහ,

පැමිණෙන
නොදැන
නොකියාම
නොදන්වාම....

ඇවිත් යන්නෙත් එහෙමමය...
ගියාම දුකය
සිදුවූ දේ ගැන...

ගිය දේ ගත් නොහැක...
යනවිට
පසුතැවිලි ඉතුරු කර යන....

නොකියා එන්න,
නොකියා යන්න...
වෙනස් නොකරම
පුරුදු...

ඉතුරු නොකරන්න
පසුතැවිලි...

ඔබව (නො ) පතන,
මම

Sunday, December 4, 2011

පරණ කවි...

""තියෙනවද මම ගැන ලියපු කවි...
හුගක් ඉස්සර ,
ලග උනත් කමක් නැහැ...
කරදාසි කොලවල කුරුටු ගා නැතුව ඇති...
පරිගණක ගත
කොහේහරි
වීසි කර වත් නැත්ද...???""

"අනේ නැහැ.."
කවි ලියුවද මන්දා..
හුගක් අය ගැන ලියුවා...
ඔයා ගැන...
හරියටම කියනවද,
කවද විතරද ඔය...
කොයි කාලෙ වගේ දැයි...
මුල් නම කියුවොත් කියන්නට හැක...
අනිවාරතයෙන්ම...

Thursday, December 1, 2011

දයාබර ඉවාන්,(මගේ කතාවක් නොවෙයි.උපුටා ගැනීම Dananji Perera ගෙන් )

දයාබර ඉවාන්,
එලියේ අනෝරා වැසි වසී. මම උණුසුම් කබායකට මැදි වී කෝපි කෝප්පයක් අතැතිව සිටිමි. එකපාරට හමන සුලඟට ගැහැණුන්ගේ අත ‍රැඳි තුනට නමන කුඩ කනපිට හැරෙයි.නැවත හොඳ පිට.. නැවත කනපිට..
ජීවිතය එහෙමය. කනපිට හා හොඳපිට අතර දෝලනය වෙයි.ජීවිතය හොඳපිට තබා ගැනීමට මට ඔබ අවශ්්‍යය.මා ඔබට ආදරේයැයි මම කියන්නේ නැත.සැබැවින්ම මම ඔබට ආදරේ නැත.මම ආදරේ මටමය.ඔබට උයාපිහා කන්නට දෙන්නේත් කිළු‍ටු රෙදි සෝදන්නේත් එබැවිනි.මම තනිව සිටීමට බිය වෙමි.එම නිසා ඔබ සමඟ එක් උනෙමි.මගේ දුඹුරු පැහැ සමට ඔබේ සුදු පැහැ සම කදිම සංකලනයකි. ඔබ හැර යනවාට මම බිය වෙමි.ඔබේ කුදු මහත් සියලු කටයුතු කරන්නේ එහෙයිනි.ඒ වෙනුවට ඔබ මට මූලික මෙන්ම අමූලික මිනිස් අවශ්්‍යතාද සපුරා දෙයි.මම ඔබේ කනට කොඳුරා "ආදරෙයි" කියමි..
එහෙත් මම ආදරේ මටමය.ඔබ නැතිව ගෙවෙන රාත්‍රී වලට,කනපිට පෙරලීම් වලට ඇති බිය නිසාත්, නිතරම ආරක්ශාවක් බලාපොරොත්තු වන නිසාත් මම ඔබට ආදරේ යැයි කියා ...හිත රවට්ටමි.
ඔබ රඳවා තබා ගැනීමට වෙර දරමි. ඔබ මා හැර ගියොත් මා කිසි දිනක ඔබ ගැන දුක් වන්නේ නැත.ඔබ නැතුව මම සිටින්නේ කෙලෙස දැයි මම මම ගැනම දුක් වෙමි.
කිසි දිනක රන් නොපලඳින, නින්දෙන් ඇවිදින්නා සේ නිවස පුරාම ඇවිදින,තනියෙන් හිනාවෙන ගැහැණු පරාණයක් සමඟ මෙපමණ කලක් සිටීම පිලිබඳව සෙබැවින්ම මම ඔබට ස්තූතිවන්ත විය යුතුය.මට මා වන්නට ඔබ දී ඇති අවස්ථාව අගය කල යුතුමය.මට "ටිකක් පිස්සු" යැයි ඔබ සිතන බව මම දනිමි.සෑම මිනිසෙකු තුලම කොටියෙක්ද බල්ලෙක්ද බූරුවෙක්ද ජීවත් වන බව මා කොහේදී හෝ කියවා ඇත.මා සම්බන්දයෙන් නම් බොහෝ විට කොටියා හා බල්ලා අභිබවා බූරුවා ජය ගනී.ඔබ තරම් එය ඉවසූ කෙනෙක් තවත් නැත. ඔසරි අඳින උයන පිහන දරු නලවන සාම්ප්‍රදායික ගැහැණු රුවක් ඔබේ හිතේ ඇඳී නොතිබීම මට වාසියකි.මම ප්‍රේමය (මට ඇති) නිසාම බොහෝ මෝඩකම් කල අයෙකි.තවත් කිහිපයක් ඉදිරියේදී කරන්නටද බලාපොරොත්තු වෙමි.ඔබ ඒ සියල්ලම් ඉවසා වදාරා තව දුරත් මා සමඟම ඉඳිතැයි මම සිතමි.
මම , හැමෝම කෙලින් යනවිට ඇදේටද හැමෝම ඇදේට යන විට කෙලින්ද යාමට කැමැත්තෙමි. සබන් බුබුළු වල දේදුනු රටා බැලීමටත්, ඔබ ගොරවමින් නිදා සිටින විට පැමිණ වතුර ගැසීමටත් කැමත්තෙමි. ඔබ මා හැර ගියොත් යකඩ සපත්තු ගෙවෙන තුරු ඔබව සොයා ඇවිදීමටත් රටවල් තිස් නවයක් පසු කර හතලිස් වැනි රටට පැමිණ කසේයි රාක්ශයා මරා ඔබ බේරා ගැනීමටත් පොරොන්දු වෙමි.
අවසාන වශයෙන් මම මට ආදරය කරමි....


(අව)ලස්සන වසිලිස්සා..

Wednesday, November 30, 2011

වාසනාව විකිනීම

වාසනාව උරගන
දන රැස්ව...

නේක විධ වාසනාවන්...
විවිධ පාටින්....

ඇය,
නොපෙනෙන
මුහුන.....
වාසනාව විකුනන...

බදාදාට සෙනසුරාදාට
විශේෂව...

වාසනාවක් නැති ඇය..
වාසනාව විකුනන...

දූ බලන්න ඇවිත්....


දුව
බුලත් අත නැත අත

තේ ඇත
මදහසත් ඇත වත

සාරිය නැත
දිග සාය ඇත

ආත්තම්මා
මුහුණ ඇඹුල් කර,
ඇස් පුන්චි කර...
බලයි සoකර...

නමුත්,

රතු දෙකම්මුල්
තාමත්
සිවු නෙත් ගැටෙන කල...
සිතින් තාමත් අහිoසක....

Tuesday, November 29, 2011

සීතල ප්‍රබේද....


සිහිල් සුලගක රැදි
සිත සෙමෙන් පිස යන සීතලක් පතමි....

හිම පතුරක රැදි
පිලිස්සෙන සීතලක් ලබමි...

සීතලෙත් ප්‍රබේද ඇත....
පතන සහ ලැබෙන....

එකිනෙකාගෙන් නොදැල්වෙන....


පුළුන්,
එකිනෙකා දල්වනු නොහැකිව...
එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...

ගින්දර
දෙදෙනාම දල්වන
එකිනෙකට වෙනස් ගින්නෙන්....
ඔහු කෝපයෙන්,
ඇය හිත් කොනක දලුලන ප්‍රේමයෙන්...

Sunday, November 27, 2011

ඇසුරෙ සිටි අය ගැන, උදේට දුටුවාම කිව හැක.....

ඇසුරෙ සිටි අය ගැන
උදේට දුටුවාම කිව හැක...

අර හුරුබූහුටි රථය
ගැටපිච්ච පදුරකට තුරුලු වී හිද ඇත....
හිස සැරසි මල් සාක්ෂිය...

ඇය,
වැඩට යන....
කවුලුවෙන් බලමින්
තනියම සිනාසෙන...

බස් රථයෙ,
ඉදිරි අසුනක හිද...

Friday, November 25, 2011

සමහර කතා අසම්මතය....(කෙටි කථා)


සමහර දේ වලට හිත කැමතිම නැත.ඒත් ඇස ප්රියය.හිත බලන්නට එපාම කියුවත් අහන්නේ නැතිව ඇස් හොරෙන් බලයි.

"හොරෙන් බලනකොට තවත් ලස්සනයි"...

 වචන හතරකට පුලුවන්ද හිතක් චපල කරන්න.පුලුවන්,සමහර හිත් පුලුවන්....

සමහර වචන ජන්ගම දුරකතන තිරයක් මත ඉදන් වුනත් කතා කරනවා.ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.සමහරු කනට ලන්වෙලා කොදුරලා කියන දේත් හරියට පරණ පොතක ලියල තියෙන වචන ටිකක් වගේ.පොත පෙරලලා බලන්න හිතෙන්නෙත් නැති,අමාරුවෙන් බැලුවත් කිසිම හැගීමක් දැනෙන් නැති.

මම කියපු වචන හතර ඒ විදියට තිරේ මත ඉදන් මට කතා කලා.

හිතට...හදවතට...හැගීම් වලට...

හිත උනුසුම් වෙනවා දැනුනා.හදවත ස්පන්දන රිද්මය ලබ් ඩබ් නොවෙන වෙන හඩක් වගේ දැනෙන්න ගත්තා.

නිදහස සමහර වෙලාවට බලපත්රයක්.අයුතු/යුතු පරිහරනය තමන් සතු වැඩක්..

මගේ හිත පින්සල කැන්වසය මත ඔහේ ලිස්සා අරින පින්සල් පහරක් බවට හැරුනා.හිත කවදාවත්ම යුතු දේවල් කරන් නැහැ.ඉහත සදහන් වචන හතර හිත සැනකින් අයුතු බවට පත් කලා.කවියකුත් නොවෙන කතාවකුත් නොවෙන වෙන දෙයකින් හිත පිරෙන්න පටන් ගත්තා.
අවුරුදු දහසයේදී පන්ති යන්නට කලින් කණ්නාඩියට පෙන්වූ රූසිරි ආයෙමත් කන්නාඩිය බලන්න පටන් ගත්තා.මමත් කන්නාඩියට බලන්න දුන්නා.

මවිසින් පිලිතුරු නොසපයන ලද කෙටි පණිවිඩය වෙනත් නමකින් කෙටි පණිවිඩ ගොඩේ සැගවුනා.හිටි ගමන් අහඹු කුල්මත්වීම් වලට පත්වෙන හිත ඉදිරියේ අසම්මතයේ (කෙටි )පණිවිඩය පෙනීසිටියා.

ඉර ආහාරයට ගත් ක්ෂිතිජය,සදට පා පහරක් දී අහසට දැම්මා.හද හීතලත් අරගෙන කවුලුවෙන් කාමරය ඇතුලට රින්ගුවා.මම සාන්කාවේ පොරෝනාව පොරෝගෙන නිදාගත්තා.දෙසැම්බර් සීතල උනුසුම් කරන්නට බැරුව කෝපි කෝප්පය සීතල වුනා පරාජය පිලිගෙන. හදවත උනුසුම් කලා (කෙටි )පණිවිඩය,මුදල් අය නොකරම.ඔච්චම් කලා කෝපි කෝප්පයට.

හීනයේ පලවෙනි කොටස....

තවත් දවසක,උදේ...මා ඉදිරිපිට නැවතුනා බයිසිකලයක්.කෙටි පණිවිඩයේ හිමිකාර ඇස් දෙකත් අරගෙන.අසම්මත හිත ඒ සයිකලයේ පසු පස අසුනට ගොඩ වුනා."මම ඔයාට ආදරේ නැහැ"ඒත් දුඹුරු පාට ඇස් බෝල වලට ,ගැහැනු ළමයෙකුගේ වගේ දිග ඇස් පිහාටු වලට කැමතියි."අසම්මතයේ හිත එහෙම හිතුවට කියුවෙ නැහැ...

හීනය දෙක කොටස…

මල් පිපිලා තිබුනු වත්තක(පෙරාදෙණියේ නොවන )එකිනෙක හාපැටලුනු අත්දෙකක් ඇවිදගෙන ගියා.සිරුරු උනුසුම්ව තිබුනා එකිනෙකට ගෑවෙමින්.හිත් පිරී තිබුනා ප්රේකමයක් නැති රාගයෙන්.හදිසියේ උනුසුම් හාදු හුවමාරු වුනා.

මල් වත්තක ඇහෙන්නට බැරි ස්වරයකින් අවදි වුනා මම...

"ඔහ්හ්...මහ හයියෙන් කෑගහන මගේ එලාම් එක...."

දෙසැම්බර් මාසෙ සීතලට පරාදවෙන කෝපි කෝප්පයක් අරගෙන ආපහු ඇදට ගොඩවුනා මම....

“උනුසුම් සිරුරු හිමි අය සතු උනුසුම් හිත් නැත....උනුසුම් හිත් හිමි අය සතුව උනුසුම් සිරුරු නැත....”

කොහොමටත් දෙසැම්බර් හරි සීතලය....

Thursday, November 24, 2011

හඩ(ඔබේ කටහඩ)

මිහිරිතම හඩ
ඔබේ කටහඩ...

මුසාවකි
හඩ වෙනස්.....
අවස්ථානෝචිතව

උනුසුමක් ඇවසි කල
තේ කෝප්පය හැදෙන හඩ...
උනුසුම්ව....

සීතලක් ඇවසි කල
වැහි බිදු පතිත හඩ
පොලව මත....

කුසගින්න දැනෙන කල
බත ඉදෙන සුවද වුව
හඩක් විය....

ඉතින්
බොරුවට
ඔබේ හඩ
මිහිරි බව.....

දාව උපන් කවි...

හැම කවියකම
සැගවුන කතාවක් ඇත...
ගොතනා කතා හැමකටම
කවි නැත
කවි උපදින්නේ
සැබෑ කතාවලට දාවය...

Wednesday, November 23, 2011

විය නොයුතු...


සමහර අහඹු
සිදුවෙන්න හොද නැත...

අතීතය
මගතොට,
නැවත හමුවිය යුතු නැත....

තහනම් ගස් සිදලන්න
පොරෝ තල ඇත...

සමහරක් ඇස්
නීතියෙන් තහනම්ය...

Saturday, November 19, 2011

මැහැල්ල සහ බැල්ල...


ඇය ජීවිතයේ අග බාගය ගෙවමින් සිටින්නීය....අග බාගය පටන් ගත්තා යයි තමා සිතූවේ පනස් ගනන් වල මැද හරියේ බව ඇයට මතකය..දැන් අසූ ගනන් වල මැදය..තාමත් අග බාගය ගෙවෙමින් පවතී.අග බාගය අවසන් වී තවත් මුල් බාගයක් පටන් ගන්නා තුරු මග බලා සිටින්නී තමාගේ ඉවර නොවන ජීවිතය ගැන ගතු කියන්නීය.

පරණ තාලයේ රවුම කරකවන දුරකථනය නාදවන වාරයක් පාසා ඇයගේ හිතට ඕස්ට්රේලියාවද ,නවසීලන්තයද,කොට්ටාවද පැමිණෙයි.බොහෝ විට ඇමතුම එහා ගෙදරිනි."නෝනා නිදියි කියන්න"දුරකථනයටද එහා අන්තයේ ඇය එනතෙක් මග බලන එහා ගෙදර නෝනාටද ඇසෙන්නට මෙහෙකාරියට කියයි.

සමහර වෙලාවට, කියුවෙ සති දෙකකට,මාසෙකට පාරක් වගේ ඕස්ට්රේලියාවෙන් ඇමතුමක් එනවා."අම්ම බෙහෙත් ගත්තද?"හැමදාම දෙවනියට නැත්නම් තුන් වෙනියට ඔය ප්රශ්නෙ නැගෙනවා.හැමදාම සුපුරුදු ප්රශ්න."මට අම්මව හැමදාම මතක් වෙනව""අම්ම බලන්න ලගදිම එනව"වගේ දේවල් කියවෙන්නම නැති තරම්.අහම්බෙන් වත් එහෙම දෙයක් කියවෙනකල් ඇය බලන් ඉන්නව.

අහම්බෙන්වත් සිද්ධ නොවෙන අහම්බ...

ක්ෂීර පථය පොලොවට කඩන් වැටිලා ගිනිගන්නවා වගේ පේන හවස්වරු වල මිදුලෙ උදුපියලිය පාගන්න ඇය එලියට බහිනවා.සිමෙන්ති වලින් හදල තියෙන බන්කුව උඩ වාඩි වෙලා ඉර එහාගෙදර වහලය තුල ගිලෙනකම් මග බලනවා.

"ඉස්සට ඔය තරම් ලොකු ගෙවල් තිබුනෙ නැහැ.මොකට ඔච්චර උසට හදනවද මන්දා."නගුට වනමින් ලගට එන ටීනාට ඇය කියනවා.බැල්ල වටහා ගත්තාක් මෙන් හිස වනනවා. 

මෙහෙකාරියට තමා ගේ ඇතුලෙ නැති බව දැනෙනෙකල්ම ඇය මිදුලේ ඉන්නවා.

ඉස්සර වත්තේ තිබුනෙ උදුපියලිය නෙමෙයි.අපි මෑකරල් හිටෙව්වා.ලොකුපුතා තමයි උදවු කරන්නෙ.දෙවනියයි පොඩ්ඩයි හරිම කම්මැලියි.ලොකු පුතා තාම වග කටයුතු කරනවා .ගෙදර.... කියුවෙ නැන්දම්මගෙ ගෙදර. දැන් මෙහෙ එන්නෙ නැහැ.එක ගෙදර තුනට කඩල කොලවල ලියන්න මගේ තිබුන අකමැත්තෙ ප්රථිපල.

ලියපු කෙනා, කියන්නෙ ගෙදර අයිතිකාරයා බාලයා උනේ සම්ප්රධායානුකූලව.ඌත් දැන් නවසීලන්තෙ.එහෙ සීතල ඇති නොවැ මෙහාට වැඩිය...

ටීනා හැමදාම මගේ ලග….වැඩට ඉන්න ගෑනි මේ සතාට බනින්නෙත් බලු බාසාවෙන්මයි.

"මට දුක හිතුනට කරන්න දෙයක් නෑ බල්ලො.දැන් ඉස්සර වගේ උඹේ වැඩ කරන්න මට බෑ."

" ගෑනි කියන විදියට ඉන්න එකයි.මගේ පුතාල කරන්නෙත් ඒකමයි..උන්ට තේරෙනව උඹට වැඩිය.ගෑනු ගහන ගහන පදේට නටන්නෙ ඒකයි.ගෑනිද අම්මද කියන ප්රශ්නෙ එකතැනකදි ,ගෑනි කියන උත්තරේට උන් හැමෝටම එන්න උනා."

මේ බැල්ල ඇයට හොදටම සමීපය. දුක් බර ඇස් ඇය අදුනන්නීය.

තවත් දවසක් උදාවිය.

ඉර එහා ගෙදර වහලය උඩින් නැග එමින් තිබින.ඇද මතද,බලු කූඩුවේද,නිසල සිරුරු දෙකක් සීතල වෙමින් තිබින...

සීරුරු උනුසුම් කරන්නට,ඉරේ රස්නය මද විය...

(සෑම හාදුවකටම )

නියමිත
පාටක්ද
හැඩයක්ද
සුවදක්ද ඇති...

හැමදාම
එකම අයෙකුට
වුව
එකිනෙකින් වෙනස්ව...


Friday, November 18, 2011

නම්බුව...

මගුල් ගෙදරක්...
සාරියක්???
නැහැ ගවුමක්....
සාරියට වඩා හැඩ...

... එහෙම හොද නෑ දුව
සාරියක් ඇන්දම හොද...
මහත්තයටත් නම්බුය....

සාරියේ ඇති
ගවුමෙ නැති

නම්බුව...
මට තාම නොතේරෙන....

Thursday, November 17, 2011

මගේ තා....ත්...තා.....

ඒ අප නොවන බව
සක්සුදක් සේ පැහැදිලි....
අතින් අල්ලන් පාසලට යන
අර දෙදෙන....

... තාම මල් පිපෙනවා ඇති
"තාත්තේ අර ගෙඩි???"
පලමු වර අට්ටික්කා දකින
දියණියක...
මා නොවන....

ජීවිතේ සියලු බර,
දිනක හිමිවන බව දැන...
නමුදු
පොත් බෑගයේ බර නොදෙන
තාත්තා....
ඔබ නොවන...

දවසක ඇයත්
මේ කවම
ලියනු ඇති...

ගතින් බෝ දුරින් හිද
හිත රැදුනු තනිකමට...

Expressed & Not....

බොරපාට ඇස් වල
දිලිසෙන ඇස් වලට වැඩිපුර එලිය ඇත
සෙනෙහෙ ඇත
කදුලු වල උනුහුම දැනෙනවා ඇත

දිලිසෙන ඇස්වල
ඇස් අදුන් ඇත
බොරපාට ඇස්
සොබාදම මැවු අයුරින්ම ඇත....

මව් සෙනෙහෙ,
සෙනෙහෙ කොල වල ලියන්නැත....

Tuesday, November 15, 2011

එක් අයෙක් නොව,මුලු ලොවය....



ආදරය කවියක් නම්,
නුඹ පද පෙලක් නොව,
ඒ කවියමය....

එහි තනුව ඔබ
වයන තාලයය..

මා ලියන කවි පොතේ
එක කවක් නොව
නුඹ කවි පොතය...
කවි පොත මා හිතය...

නුඹ  ගිරි හිසක් නොව
මුලු කදු පෙලය...
පැන් පොදක් නොව
දියත ඇති සියලු පිනි බිදුය...

කියන ,නොකියන අතර සැබෑ වෙනසකි....

මවකි
බිරිදකි
සොයුරියකි
යෙහෙලියකි
කියන හැටියට...

සේවිකාවකි
ගනිකාවකි
නොකීවාට....

ඔය ඇස්...ඒ ඇස්....and මේ ඇස්....



ඔය ඇස්
ඒ ඇස් දිහා බලනවා දුටිමි
මේ ඇස් දෙස
එදා බැලු අයුරින්ම....

අපේ ඇස් හමුනොවුනු කාලයට
ඔය ඇස් වෙනස් වී නැත
....
එදා වාගෙම දිලිසෙත

මූණු පොත
උජෝ වඩමින් පෙන්වන
ඔහු...ඇය ඉන්න...
මම නොමැති පින්තූර....

Sunday, November 6, 2011

නූපා සාන් සහ හිතේ සිටිනා පෙම්වතා...(සුමිත්‍රා රාහුබද්ධ යෙන්ගේ 'කන්දක් සේමා ඇසුරින් පබැදුමකි'')


නුපා සාන්...
හිත් යහන පුරවන ආදර මතක
පිරිමි හිත් වල නැත...
හිතේ ඇති පිරිමි සිත තුල මිස...

සිතින් නිර්මිත පෙම්වතා පෙම්කරනු ඇත,
ආලින්ගන.... නෙත්වසා ගත් කල,
කා සමග වුව කල හැක...

ගැහැනු සිත තුල
නිර්මිත පිරිමි සෙනෙහස,
පිරිමින්ට නොදැනෙති...
අන් පුරුෂයෙක් නොවන කල,
අනාචාරයේ හැසිරීමක්ද නැත...

Thursday, November 3, 2011

වතුර+ලුණු+යකඩ

යකඩ උනු කරන වතුර ඇත...
හැබැයි ලුණු රස...
ගැහැනියට ලෙහෙසියෙන් හිමිවන...
හාස්කම් ජලය,
හැමවිටම පාවීච්චි කලවිට
හාස්කම් අහිමි වන....

Wednesday, November 2, 2011

ස්වයන් තෘප්තිය...

ඔරලෝසු වල
කාර් වල
ඇදුම් වල
සපත්තු වල
සාප්පු වල...
අතෘප්තිමත්,
මනස...

පොඩි කවියක්...



වැස්සට පිපෙන මල්...
පාඩම් පොත් කුඩ ඉහලගෙන...
කොට සායවල් ගමන් යන...
පයට පෑගෙන දේදුනු,
පාරවල් මත....
 

Tuesday, November 1, 2011

සාමාන්‍ය....



අතීත චරිත,
ත්‍රිමාණ සජීවීකරනය කර,
නරඹති...
හඩති...
හිනැහෙති....

අනාගතය සෙමින් තට්ටුවක් දමයි
ඉදිරිපස දොරට....

මෝඩ මිනිසුන්....

Monday, October 31, 2011

පුනරුක්ති....(පොතක් කියවූ පසු...)

ගැහැණු
විකෙනෙති...
ගැනුම්කරුවන් ඇති තුරු...

චිත්‍ර තුල
චිත්‍රපට තුල
පොත් තුල...

අතීත කසල
කපුටන්ට විකුනති...
කපුටන් සල්ලි දී ගති...

(ගැහැනු විකිනුනාට කමක් නැත(අබිමතයට අනුව )....නමුත් අන් ගැහැනුන්ගේ අබිමානය ,අතීතය නොවිකනිය යුතුව ඇත...
)

Wednesday, October 12, 2011

සාය සහ කලිසම්...

සන්වේදී


දිග සායවල

කටු පැටලෙති

පැටලි පැටලී එති

නොගැලවෙති....



කලිසම්

බොහොම සුරුවම්ය...

කටු බයය

ඇමිනෙන්න...

Tuesday, October 11, 2011

පෝය දවසක්...

පසුතලය:-අද රෑ

පෝය...මතක් උනේ හදිස්සියෙම.හද පායලා තිබුන ගේට්ටුව අරිනකොට රෑ..හිතල හද බලන්නම කියල අහස බලන්න තරම් නිස්කාන්සුවක් ඉස්සර තිබුනට දැන් නෑ.වෙනදට විදුලි එලි නැතුව කලුවර මිදුල එදා එලිය වැටිල තිබුන ,අහස සල්ලි අය නොකරම පහනක් පත්තු කරලා...හෙට පෝය...

සුදු පාට පිච්ච මල් වට්ටියක සුවද හිත හොරාටම ආක්රමණය කලා.හදුන්කූරු සුවද..දැල්වුන පහන් වැටි අතරින් ඉස්සරම කාලෙක් දැකපු ආදරණීය මුහුනක් (ඒ මූණ ඒ දවස් වල හිටියෙ පොරොත්තු ලේඛනයෙ ).හුගක් දේවල් ඒ සැනකින් හිතට ඇවිත් කර්ක්ශ කොලොම්පුරවරයෙ මතක පිහිදාගෙන ගියා.මොහොතකට විතරයි.

"ඔයඉඩ මදිනෙ"...

වාහනේ ගන්න ඉඩ මදි වෙලා තිබුනා.මම මුලු ඇගේම හයියෙන් තව ටිකක් දුරට ගේට්ටුව ඇරියා.

හෙට පෝයට අහස අද ඉදන් ලක ලෑස්ති වුනාට අපේ හිත් හෙටවත් ලෑස්ති වෙයිද මන්දා.මට එහෙම හිතුනෙ රෑට උයන ගමන්.ඉදලා ඉදලා නිවාඩුවක් එනකොට කරන්න නම් දේවල් කොච්චර තියෙනවද?නෑදෑ ගෙවල් වල යන්න.මග ඇරුන යුතුකම් කරන්න.ගෙදරට බඩු ගන්න.මෙකී නොකී හැමදේම.ඔලුව පුරාම එහේ මෙහේ දිව්වා.

හෙට උදෙන්ම පන්සල් යන්න ඕනෙ...

එහෙම හිතන ගමන්ම නිදි දෙව්දුව ඇවිත් මාව එයාගෙ තුරුල්ලට ගත්තා..(නිදි දෙව්දුව කියන්නෙ ලස්සනට වෙන්න ඇති.නැත්නම් ඇත්තටම ඔය දේවතාවියෙක්ද දෙවි කෙනෙක්ද කියල කවුද හරියටම දන්නෙ???)

පසුතලය:-හෙට උදේ

සුදු ඇදුම් ටිකක් කහපාට වෙලා.ඒත් දැන් ඇදගෙන යන්න ඕනනෙ...ඉක්මනට ගිහින් ආවොත් අනිත් වැඩ ටිකත් කරගන්න පුලුවනි...

තේ එකත් එක්කම ප්රශ්නයක් ඇදට ගියෙ ඒ විදියට...

"අපි දැන් පන්සල් යමු"

"පන්සල් යන්න ඕනම නෑනෙ...අපි ගෙදර ඉදන් වදිමු.."

"අනේ අපි යමුකො"

"හවසට...."

"හ්ම්ම්"

පසුතලය:-හෙට හවස...

හරිම මහන්සියි.නෑදෑ ගෙදරකට,කඩවල් දෙක තුනකට,කුස්සියට...අන්න ඒ විදියට දවස ගෙවුනා.ඒත් ගේට්ටුවට අගුල නොදා ආවෙ,රෑට හරි පන්සල් යන්න පුන්චි බලා පොරොත්තුවක් හිත ඇතුලෙ ඉබේට මෝදු වුන නිසාවෙන්න ඇති.



පසුතලය:- පහුවෙනිදා උදේ...


"ඔයා ඊයෙ රෑ ගේට්ටුව වහල නෑනෙ...කිසිම පරිස්සමක් නෑ…"

"මම හිතුවා පන්සල් යන්න..."

"කොහොම වුනත් ගේට්ටුව වහල එන්න තිබුනා..."

නිමි ද මන්දා....(නෑ ලබන මාසෙත් පෝයක් එයි )

විවාහය

වි  නිවිද පෙනෙන,


වා තලය තුල

ර්ද ස්පන්දන....

න්ත්රානුසාරව.....

Thursday, August 11, 2011

නිවට + සරාගික

ඔබ ගිනි මැලය...



දල්වන්ට පෙර පෙගී ගිය...

ගිනි කූර...

මම...


 
ඔබේ උනුසුමින්

ගිනියම්ය

හද....



නිවට මිනිසෙකුට

ඉගි මරයි...

සරාගික කත...

Sunday, July 31, 2011

------කරදාසි -------

සල්ලි හරි ගනන්...


මිනිස්සු හරිම මෝඩයි..

කරදාසි කොල වලට වැඩ කරන....

දහඩිය හෙලන මිනිසුන්

අඩුවෙන් ලබන....

සීතල කාමර ,

වැඩි පුර ලබන.....

කරදාසි කොල,

හරි මෝඩ.....

Friday, July 29, 2011

------හෙට-----






ඉර පායනව වාගෙම

විස්වාසයි...

අවිස්වාසයි...

පායයිද ඉර????

---------------මදි පාඩු-------------

ඇට්ටේරියා මල් සුවද එනකොට,

කවුළුවේ කොටු මැදින් පැන....
ඉස්සරම දවසක,
ගම් දොරින් ආ සුවද ගෙන....

නoගියෙක් ඉල්ලා ඇඩුව දා
අම්මා ගෙනත් දුන්,
"අරලියා"වගේ තව අය
කොලොම්පුර බොහෝ ඇත...

දූරියන්, රඹුටන් මග දිගට,
ගමේදී ආ සුවදමය...
රඹුටනුත් රතු පාටය....

ගම තිබූ සියලු දේ මෙහි ඇත...
එහි නොතිබු දේ තව ඇත...

ඒත්
නුඹෙ සුවද විතරක්,
මට අඩුය....
හිත හරිම පාලුය....

"පුතේ දැන් බත් කන්න...
කියන්නට කෙනක් මෙහි නැත...."

Friday, July 8, 2011

ඉත්තෑ කූරු....

ඉත්තෑවෙක් මාන බලයි...

කලු පාට කූරු විදිනට...

රිදුනත් සොදුරුය කූරු....

මම සැරසෙමි...

පුන්චි රණ්ඩුවකට....

"ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි...."



ජීවිතය අපි හිතන තරම සරල නැත.සුගම නැත....එය සoකීර්ණය..අපට අවනත් නැත...ඔබ ජීවිතය සැලසුම් කරනවාද?මම ජීවිතය සැලසුම් කරමි.මගේ ජීවිතය කතන්දර පොතකි.එහි 3වැනි පිටුවේ කවි කියන පුන්චි ලමයෙක් ඇත....11වැනි පිටුවේ ගස්වලට උගන්වන,ව්යාරජ දිග කොන්ඩයක් ඇති පුන්චි ගුරුතුමියකි.30 වැනි පිටුවේ සාමාන්ය පෙල ඉහලින් සමත්වී උඩ පනිමින් දුවන සුන්දර ගැහැනු ළමයෙක් ඇත.ප්රේම කතාවක්ද,සරසවියද,නොගැලපෙන උපාධියක්ද අන්තුරුව ඇත.මම 2010දී කවුරුවනු ඇතිදැයි උසස් පෙලෙ කරන අතර මම සිතුවමි.හොද රැකියාවක්.....හැම දේම බාධක මැද කලට වෙලාවට සිදුවිය.....

හ්ම්ම්....මම අයෙමත් වැල් වටාරම් කියනවා වගෙයි.

ජීවිතේ එක එක කාල වල අපිට සිහින තියෙනවා.දොස්තරකෙනෙක්,ඉන්ජිනේරුවෙක් වගේ අම්මලා පටවන සිහින් අතර,කවිකාරියක්,කතන්දර ගොතන්නියක් වගේ මටම වෙන්වුනු සිහින.ඒ සිහින සැබෑ කරගන්න අපි සැලසුම් හදනවා.ඒත් ඒ සමහර සිහින හැබෑ කරගන්න හදන සැලසුම් අපිට ක්රිවයාත්මක කරන්න වෙන්නෙ නැත්තෙ අපේ වරදින් නෙමෙයි.සමහර දේවලට දයිවය අපිට ඉඩ සලසන්නෙ නැහැ.

උදාහරනයක් විදියට 2004සුනාමියෙන්,හීනගොඩාක් මහ මුහුදෙ තැන්පත් වුනා.ඩෙන්ගු මරණ උරුම කේන්දර වල අවුරුදු 80ක් ආයුස තියෙනවා.මේ සියල්ලම අපේ පාලනයෙන් තොරයි.සමහරු විශ්වාස කරනවා දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරනවා යෙයි කියා.සමහරුන් කියනවා මේ අපල යැයි කියා.

රැකියාවක ස්ථිර වී විවාහය සැලසුම් කරනවිට රැකියාවෙන් නෙරපනු ලබනවා.විවාහය අතරමග තව රැකියාවක් සොයාගත යුතු වෙනවා.ජීවිතය යනු මෙයයි.අපිට පූරව සැලසුම් තබා ගත නොහැකියි.පැමිනෙන හැටියට මුහුන දිය යුතුයි.

අද දිනය තුල ජීවත් විය යුතුයි...

අද අපට උරුම වැඩ කොටස හරියට කල යුතුයි....

හෙට නැතිවෙන්න පුලුවන....

අනික් මිනිසුන්ට හැකි පමණ උදවු කල යුතුයි....

"ජීවිතය යනු අද දවස තුල ජීවත් වීමයි...."

ෆැන්ටසි.....

පහදන්ට නැති...

සබැදුමක් පතමි...

කිසිදා මා නොවන,

අනිකෙකු සමග....



ඔහුද මා නොවන,

මාද ඔහු නොවන....

නමුත් අපි අපේ වන...

ෆැන්ටසියක ඇවිද යමි

Tuesday, June 28, 2011

අ.....ම්.....මා.......



සමහරක් කවි තාල නැතිමුත් මියුරුය....

සමහරක් සුසුම් සුවද නැතිමුත් උනුසුම්ය....

සමහරක් අය මුලු දිවියටම කෙනෙකිය....

නුඹ ඇවිත් ගියදාට හිත හරිම පාලුය...

Sunday, June 26, 2011

ගැහැනියක්...

මම වැලිමඩ.මට අකුරු බෑ.ගෙදරකදි පත්තරයක් කියවන්න කියුවාම ඇස් රිදෙනවා කියන්නේ බොරුවට.ඇත්තටම නම් කියවන්ට බෑ.සමහර ගැහැනු ලගට ගියාම අත් දරදඩු කොරනවා උස්සන්ට බැරිවෙන්ට.මම එච්චර උස මහත ගෑනියෙක් නෙමෙයි.මෙච්චර දුර ආවෙ හිතේ දයිරියෙන්.පොඩි දුවට දැන් අවුරුදු 24ක් මට හතලිස් නමයක් වෙච්චි.මගේ මහත්තයා ගියා පොඩිදුව එතකොට බඩේ.මම එතැන්හිටන් දරුවො දෙන්නව හැදුව.දැන් දෙන්නම බැදල.මට එන්න කියලා කියනවා.ඒත් තාම අතේ හයිය තියෙන නිසා යන්න හිතෙන් නෑ.


එක එක රස්සාවල් කලා.මම හිතන්නෙ කරන රස්සාව නෙවෙයි.රස්සාව කරලා ජීවිතේට එකතු කරගන්න දෙවල් තමයි වැදගත්.මම කරපු රස්සාවල් මොනව වුනත් මම ඒවයින් ලමයින්ව හැදුව.

මගේ ජීවිතේ හරිම සාම්ප්රයදායිකයි.මේක මම ගොතල ඊයෙ රෑ හිටපු ගෙදර තරුන නෝනට කියපු කතා වක් කියල ඒ නෝනත් සමහර වෙලාවට හිතනව ඇති.ඒත් ඒක තමයි ඇත්ත කතාව.මගේ සරල ජීවිත කතාව.මම කාලයක් හිටිය ඩුබායි වල.එහෙ බාබ කෙනෙකුයි ලමයි එකොලහකුයි හිටිය.ඒ බාබට නෝන කෙනෙක් හිටියෙ නෑ.මම මට ඕන විදියට ඉව්වා.හරිම නිදහස්.අවුරුදු 3 1/2ක් හිටියා.පස්සෙ තව අවුරුද්දකට විස හදල දුන්නා.මම නොකියපු කතාවගැන අහන්නෙ නැතුව ඒ තරුන නෝනත් කතාව අහගෙන හිටිය.ඒකාලෙ පඩිය 11,000යි.ඒ නෝන ඇහුව කීයක්වත් ඉතුරු කලෙ නැද්ද කියල.ළමයි හදන කොට ඉතුරුකරන්න බැරි විත්තිය ඒ නෝනටත් ඉස්සරහට තේරෙයි..

පිරිමියායා කියල හැම ගෑනිම අසරණ වෙන්නෙ නෑ.අසරණ වෙන්න ඕනත් නෑ.පිරිමියෙකුට වැඩිය හිතේ හයියක හැම ගැහැනියකටම තියෙනව.ඒත් ගැහැනියකගෙ හිතෙ හයිය එලියට එන්න අසරණ වුනාම.එතකල් ගැහැනු හරිම බොලදයි.අපිවගේ ගැහැනුන්ගෙත් විවාහ බිදවැටෙනව.අපි පොත්වල අස්සන් කරන්නෙ නැති නිසා පිරිමින්ට පලායන්න ලේසියි.කොහොමටත් අපේ කතා පත්තරවල යන්නෙ නෑ.

පත්තර වල යන්නෙ නිලියන්ගෙ කතා.ජීවිතේ දිනපු හැටි.මමත් ජීවිතේ දිනලා-පැරදිලා...එත් අපි ගැන කවුරුත් කතා කරන් නෑ.



Tuesday, May 24, 2011

This moment...y dis emptiness....

හිස් ගොඩක් මැද...
ජීවිතේ හිස්...
පුරවන්න ආපු අය...
හිස් අතින් ගොස්....

Sanjeewa Seneviratne ‎.

නෑ
හිස්බවත් අරන් ගොස්
දැං
ශුන්‍යයි
ජීවිතේ....

නගරය සෝබා කරන්නිය...

සුරගනක්

මිහිබට...

සලු ඇද...

ලිහිල්වට...

කවි කියා

තාලයට...

පෙම් බස් කියා...

මිනිස් දුව නොකියන...

පෙම්වත්තු නලවති...

පැයට දාහයි...



වීදුරු....



බිදුන බදුන ඇලවීමි...
බිදුන තැන නොපෙනෙන්ට...

"ඔය ඉතින්,
ඔහොම බිම දැම්මාම හරියයිද...
ආයෙමත් එතනින්ම නොවැ බිදුනෙ...
පරිස්සමින්...."

Rasika Gunawardana ‎.


නීරස ජීවිත.
වෙන තැනකින්වත්
බිඳුණි නම්
රසවත් වෙන්න ඉඩ තිබුණි!...
Samitha B. Atuwabendela ‎.

බිඳුණු තැන හොඳය.
දැන් හිත සැහැල්ලුය.
ආයේ නැතිවෙන්නට දෙයක් නැතිය !

Kurulu Niskalanka

බිඳුනම දුකක් දැනෙනවනම් හිතට

බි‍ඳෙන බඳුන් රැකගන්නේ කුමට..



 

Sunday, May 22, 2011

Cultural Conflicts.....



රුහිරු කිරි
මාස නමයක නවාතැන්
අම්මාය...
ඒ,
ජීව විද්‍යාවය...

වාසගම
තාත්තාය...
ඒ,
සම්ප්‍රධායය....

"ඉතින් තාත්තගෙ
ලේ නොවැ..."
ඒ,
ආත්තම්මාගේ,
තර්කය...


මේ මගේ සිතුවිලිය...

Saturday, May 21, 2011

Funeral....




අක්කේ,
ඔතන ඇස් පියාගෙන ඉන්නෙ...
ඔය පෙට්ටියේ ඉඩ ඇත්ද නිදියන්න...
නැගිටින්න අපි ගිහින්
ඇද උඩින් නිදා ගමු...

පුන්චි පුතු මගෙ අතේ...
නුඹ දිහා බලනවා...
අම්මා අර නිදි මොකද ඇස් වලින් අහනවා...
අක්කේ
එකම එක වරක් වත්
ඇස් ඇරබලා
ආයේ නිදි යන්න...
ඔය තරම් නිදියන්න ඕනෙ නම්...

ඇයටත් වෙන විදියකට!





මිදුලේ ගහක අත්තක
අර පැද්දෙන අපූරුව...
සාදයට ගිය ඇය වාගේම...
ඇයත් මේවන විට,
තවෙකෙකු අතින් ගෙන....
පැද්දෙමින් හිදිනු ඇත...

බකට් එක අතරින්,
විනිවිධ පෙනෙයි ගිනි සිළු...
ඇයත් ඇති...
මේ වාගේම...

මා බකට් දෙස බලාගෙන
විදිනු වැනිවූ ප්‍රීතියක්...
තවෙකෙකු විදිනු ඇත...
ඇයදෙස බලාගෙන...

මට නිරාමිස වෙසක්...
ඇයට????