මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, March 30, 2011

ආදරය යනු....සoකීර්ණව....

හිනාව.... මේ දවස් වල දත්බුරුසු ලාබයි...දත් කහපාට එක එයාට උපතිනම් ලැබුනු දෙයක්ද දන්නෙ නෑනෙ....කොහොමටත් හිනාව ලස්සනයි....කවුදෝ දැකපු කෙනෙකුත් වගේමයි....


මම වත්සලාට කැමති නෑ.එයා මට හුගක් ආදරෙයි.ආදරේ උනාට මම ආදරේ නෑනෙ.මම තමයි ඉස්සෙල්ල ඇහුවෙ.ඒත් ඉතින් එයා නැති උනොත් මම මැරෙන තත්වයක් තිබුනෙ නෑ.එයා කැමති උනානෙ.නිකන් පටන් ගත්තෙ.පස්සෙ අර ගනන් වල තියෙන ශ්රි තයක් වගේ උඩට ගිහින් ආයෙමත් පහලට ආව. දැන් නිකන් කෝල් එකක් දෙනව විතරයි.අපි බදිනව කියල හිටියෙ නෑනෙ.ඒ නිසා මට පවු නෑ. ඒත් ඉතින් කෝල් කරනවා.

අහ්... මම කල්පනා කලේ වෙන දෙයක් නෙ.හැගුම් ඇත්තටම මාර සෙක්සි.අමුතු බැල්මක්...හුරතලයක්....කෙට්ටු ඇගක්....ලස්සනයි ඉතින්...හිනාත් වෙනව...කතා තමයි කරන් නැත්තෙ.

හැගුම් ඇත්තටම මොනවගේද...මම දැකල තියෙනව...ඇහැටත් හොදට හුරුයි....

කවුද ඒ...

කවුරු වගේද් එයා....

වත්සි මෙලහකට නිදි ඇති....
ඉස්සරනම් දෙලහ එක වනකල් මල් කැඩුවා.
දැන් ඉතින් සතියකට එක පාරයි දෙපාරයි....

වත්සි හැගැගුම් වගේද...
හැගුම් වත්සි වගේද....

වත්සි තාම බැදල නෑ...
හැගුම් නම් බැදලා...


වත්සලා....මම ඔයාට ආදරෙයි...

Tuesday, March 29, 2011

Initial Public Offer

අයදුම්පත් කැදවමු....

බෙදා දෙමු කොටස්....

තනි අයිතියක් බර වැඩිය....

හැමෝටම ලාබය...

පහසුය....

දූගෙ වැරදි

ගහ බොහෝ ලොකු වුන ඉක්මන...

වත්ත පහල ජම්බු....
කප්පාදු කල යුතුය...
කොල තිබුනාට ගෙඩි නැත....
ඉන්දපු දෝණි මෙන්වම....

දුටිමි...
රතුපාට පොකුරු දෙක...
හැන්ගිලා යට අත්තක...
දෝණිත්....
කියලා කිසි දෙයක් කරන් නැත...


Sunday, March 27, 2011

කලු පාට

අඩන්නෙපා...


ඇඩුවාට කවුරුවත් බලන් නැති...

එරෙන්නට කිරි නැති...

පිටි ගෙනෙන්නට කෙනෙක් නැති....

කලු පාට අපි දිහා කවුරුවත් බලන් නැති...

ඒත්,

කලුවරට කලු පාට පෙනෙන් නැති....

පිටි ගෙනෙන්නට හෙට උදේ හැකි....

Saturday, March 19, 2011

අලුත් දෝණිට...

අලුත් දුවෙක් ඊයෙ ආව මගේ ලෝකෙට....

මට දැන් වයසයි...
හුගක් නැතුවට ටිකක්....
අලුත් දෝනිය හරියටම ජීවිතේ හරි මැද....


එයා දන්නෑ ජීවෙතේ තාම හරියට...
මටත් මතකයි මමත් ඔහොමයි...
අවුරුදු විස්සකට එපිටදි....


රෝස මල් උඩ ඇවිදගෙන ගිය...
කාලයක් තිබුනා මටත්...
දයාවෙන් පිරි ඔහුගෙ ඇස් වල,
ආදරේ දැක්කා මමත්...


කුරුලු ගී හඩ ඇසුන ඇළ බඩ
නගින අදුරෙහි හුදකලාවෙහි
ඔහුගෙ තුරුලෙහි සැනහෙමින් හිද
පෙමින් දින ගෙවුවා මමත්...

නවුමු නිවසක සුවද වින්දෙමි...
කිරි සිනා හඩ තුටින් ඇසුවමි...
කදුළු වල රැදි රසය වින්දෙමි....
ජීවිතය මෙය යයි හැදින්නෙමි....

ඉතින් මා නොතැවෙනිමි...
එදා මෙන් බොළද ලෙස….
දිවිය අතැඹුලක් සේ
දැන හැදින හිදින්නෙමි...



තවත් ටික දුරයි මට...
මග බොහෝ දිගයි ඇගෙ...
දෝණියේ හරි සෙමෙන්...
සුමුදු පා ඔසවන්න...


Friday, March 18, 2011

මට මාව නැතිවෙලා....

මම ගම ගිහින්...

හැම තැනම සොයා අවසන...
සැතපුම් සියයකට එපිටින්...
සොයා ගත්තෙමි මාව...

මග හොදට තිබුනාද...
කිසිදු කරදර නොමවීද...
සතුටින් සිටිමිද...
ආයෙ එන්නේ කවදාද....

Thursday, March 17, 2011

ඔයයි ...දෝණියි...(මගේ ලෝකය )

හද පායන්න පටන් අරගෙන තිබුනා.ඇල්බීසියා ගස් අස්සෙන්...තේ දලු වල ලා කොල පාට ටිකකුත් හොරකම් කරගෙන,තේ ගස් වලට උඩින්.කිරි පැණි නැතිව හද එලියෙන් විතරක්ම නෑවෙමින් තිබුනා දොර පඩිය උඩ හිටි මාව තාත්තගෙ උණුහුමේ.... ඒ ඉස්සර….අද මගේ දුව ඔයාගෙ ලගට වෙලා ඉන්නෙ කොළඹ කොටු වෙච්ච තාප්පයක් ඇතුලෙ.ඒ උනත් එදා මට තාත්ත ලග ඉන්නකොට දැනුනු හැගීමම මගේ දෝණිටත් ඔයා ලග ඉන්නකොට දැනෙනවා ඇති.

තාත්තා කන්ද දිගට නගින පාරෙ කරාබු නැටි ගස් වවල තිබුන.මම පුන්චි කාලෙ ඒ ගස් වලින් කඩාගෙන කරාබුනැටි වේලලා බෝතලේට දාල තාත්තටම විකුනනවා.ඒව ලස්සන මතක…. රජ්ජුරුවෝ උඩයි උඩයි ...මිටි කොල්ලෝ බිමයි බිමයි කියල මාව කර උඩින් තියාගෙන කන්ද බැස්සෙත් ඒ තාත්තමයි....

දෝණිත් තාත්ත ලගටම තමයි දුවන්නෙ.දොයියන්න...අම්මගෙ ආදරේට තාත්තගෙ උනුහුම දෙන්න බෑ කියල මම අත්දැකීමෙන්ම දන්න නිසා මම ඒ අසාධාරනේ ඉවසගෙන ඉන්නව.ඉස්සර මම දොයියන්න තාත්ත ලගට දුවගෙන යද්දි අපේ අම්මටත් ඔහොමම හිතෙන්න ඇතිනෙ.

අන්දරේගෙ කතා අන්දරේවත් දන්න නැති තරමට හදල කියල දුන්න.හැමදාම රෑට කියන්න අන්දරේගෙ කතාවක් තාත්තට තිබුන.ඔයා අන්දරේගෙ කතා දුවට නොකියුවට,එයාට නින්ද යනකල් ඔලුව අතගගා ලගට වෙලා ඉන්නෙ අපේ තාත්ත මට නින්දයනකල් හිටපු විදියටමයි.දුවත් ඔයාගෙ උණුහුමට වෙලා නිදියන්න හරිම ආසයි.මම මේ ලියන අතරෙත් තාත්තගෙ උණුහුමේ සුවද මට දැනෙනවා.ඒ දාඩිය සුවද වෙන්නැති.අපේ දුවත් කවද හරි ඔයාගෙ උණුහුම ගැන මම වගේම කාත් එක්ක හරි කියවයි…මම ඒ දවස එනකල් බලාගෙන ඉන්නවා….

හ්ම්ම් ඔයා දන්නවද ...අද මම පොඩ්ඩක් දෝණිට සැර වුනා.වෙනද වගේ ඇඩුවෙ නෑනෙ..මමත් බැලුව මේ මොකෝ කියල.පස්සෙ බලනකොට ගෙදර ඉස්සරහ සමන්පිච්ච වැල ලගට ගිහින් එයා සමන් පිච්ච වැලට තුරුල් වෙලා කියනව අම්ම එයාට බැන්නලු.පුන්චි ඇස් වල කදුලු...මගේ ඇස් වලටත් කදුලු ආව, බැන්න දුකටමත් නෙමෙයි.පුන්චි කාලෙ අපේ ගෙදර ඉස්සරහ තිබුනු කහපාට වද මල් ගහට නඩු කියපු හැටි මතක් වෙලා.එයා තමයි මට ඒ කාලෙ හිටපු හොදම යාලුවා....

අපේ දෝණිට මම වගේ තනි වෙන්න දෙන්න බෑ.එයාට මල්ලියෙක් ගෙනත් දෙන්න ඕනෙ .ඉක්මනටම නැතත් කවද හරි.තනි ළමයෙක් වෙන එක හරිම අමාරුයි.ආදරය හිගමනේ යන්න වෙනවා.අපේ දෝණිට එහම කරන් නෑ මම.අපි එයාට මල්ලියෙක් ගෙනත් දෙමු.සෙල්ලම් කරන්න...රණ්ඩු වෙන්න...එතකොට ආයෙමත් තාත්තගෙ ආදරෙන් ටිකක් අම්මටත් හොරකම් කරන්න පුලුවන් වෙයි.

අන්තිමම වාක්‍ය...

මම ඔයාටයි දෝණිටයි හරිම ආදරෙයි...


අපර කතාව...


අපි තවම බැදල නෑ.
තවම ඔයාගෙ උණුහුමේ දුවෙකුත් නෑ..

ඒත්...
දැන් දන්නවා නේද...
බොරුවට රණ්ඩු වුනාට,
මගේ හීනෙත් දුවෙක් ඉන්නවා....


Friday, March 11, 2011

බොරු

මතකද,


ඔයාගෙ නම මම වැරදියට කියුව...

පස්සෙ මම නම හරියට කියුව...

එතකොට අපිට අපි වැරදිලා...

ලගදි ඔයා නම වෙනස් කරල...

ඉස්සර දවසක මම නම වරද්දලා කියපු විදියට...

දැන් මොකද්ද ඇත්ත නම....

නම් දෙකම බොරු වත්ද???

ඇත්ත නම අනෙකක්ද...

කවදාකවත් මම දැනගන්නෙ නැති....

Monday, March 7, 2011

අමුතු ඈයෝ

ඈයෝ සිනාසෙති...

ඈයෝ ඔරවති...

ඈයෝ දොඩති...

ඈයෝ නොදොඩති....

කලකට වහලු....

කලකට රහලු....

ඈයෝ අමුතු නෑයෝය..