මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, March 31, 2012

මගේ පලමු ආදර කතාව...

(කතාව කියවන අය කතාවට පුන්චි හරි කොමෙන්ටුවක් දාවි කියලා බලාපොරොත්තුවක් හිතේ කොනක තියෙනවා. )


පලවෙනි ආදර කතාව සිද්ධ වුනේ වයස් පරාසයක් ඇතුලත.පටන් ගැනීමක් සහ අවසානයක් නැති කාල පරාසයක් තුල.ඊට පස්සෙ හුගක් කතාන්දර ආවා ගියා වුනාට "ආවෝ ගියෝ මෙරු" වගේ දැනෙන නොදැනෙන ස්වබාවයක් තමයි ඒ කතන්දර වලට තිබුනෙ.කුටුම්බයක් ඇතුලෙ ප්රේම කතාවක් නැහැනෙ.අපි අපිට හරි ආදරෙයි කියලා පෙන්නන්න හදන නෝනලා මහත්තුරු හුගක් අය එක්කෝ සල්ලි වලට ,රැකියාවට නැත්නම් හැඩට රුවට කරකාර බැදි අය.


සත්ය ප්රේමයෙන් කසාද බැන්දා වුනත් “ප්රේමය” කියන වචනය කාලයත් සමගම සැමියාට සහ බිරිදට යන දෙදෙනාටම අමතක වෙලා යනවා. ඒකත් “ප්රේමය” කියන වචනයේ තියෙන මැජික්මය ස්වබාවයක්. තමන්ට තමන් අමතක වෙන ස්වබාවය.නිකන් චොක්ලට් බාරි එකක් කෑවාම එන මත් ගතිය ප්රේමයේ තවත් මැජික් ලක්ෂන ටිකක්.

මාතෘකාවෙන් පිට පැනීම දුර්වල කතාවක ලක්ෂනයක් වුනාට.මාතෘකාව වටේම දිගටම කැරකුනාමත් හරිම එපාවෙන ස්වබාවයක් එනවා. ඒත් මම කියන්නට තනන මාතෘකාව වටේ මගේ හිත දිගටම කැරකුනා කියලා මට කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නැහැ.දැනටත් ඒ මාතෘකාවට උක්තය වුනු පුද්ගලයා මතක් වෙද්දි චොක්ලට් කෑලි හුගාරියක් එකපාරට කෑවම දැනෙන හැගීම එනවා.

වයස:- අවුරුදු 7

පන්තිය:-දෙකවසර

ස්ථානය:-අමතර පන්තිය ඉන්ග්රීසි

කොට කලිසමක් මම වාඩිවෙන බන්කුවට ඉස්සරහ බන්කුවේ හැමදාම ඉද ගත්තා.දුඹුරු පාට ඇස්බෝල දෙකක් කලුපාට ඇහි පියන් අස්සේ හැන්ගිලා තිබුනා.ඒ ඇස්වල දක්ෂකමක් තිබුනා.ඉන්ග්රීසි පන්තියට එච්චරම ආසාවක් නැතත් පන්තියේ දක්ෂතම ශිෂ්යයා ගැන කැමැත්තක්(පව්ලේ අම්මට, තත්තට ,ගෙදර වැඩට හිටි මල්ලිකාට ඇර තමන් අදුරන්නෙ නැති කෙනෙකුට ආදරේ කරන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියෙ නෑ එ කාලෙ..මම එ තරමට පුන්චියි )ඇතිවලා තිබුනා.

සර් ප්රශ්න අහනකොට සර්ගෙ ඇස්දෙක දිහා එක එල්ලේ බැලුවොත් ප්රශ්නය මට යොමුවෙයි කියලා බයක් තිබුන නිසා මම බැලුවෙ ඒ මූන දිහා.හැබැයි ඒ ඇස් කවදාවත් මගේ ඇස් මුන ගැහිලා නෑ.ප්රශ්න අහන වෙලාවට දිගටම ඒ ඇස් සර් දිහාවට යොමුවෙලා තිබුනෙ.මට ඊට එහාපැත්තෙන් තිබුන වෙන ඇස් දෙකක් නම් මූනට මූන(ඇහැට ඇහැ )හමුවෙලා තිබුනා.ඒ ඇස් දෙක තිබුනු මූනට දිග කන්දෙකකුත් තිබුනා.හැබැයි තිබුන ප්රoශ නම නිසා හිනාවෙන්න බැරි ගතියක් මම කියන දෙවනි ඇස් දෙකට තිබුනා.

ඉන්ග්රීසි පන්තියේ සර් ලග තිබුනා හරිම විහිලු සෙල්ලම් ටිකක්.පිරිමි ලමයි ගෑනු ලමයින්ගෙන් ප්රශ්න අහනවා.ගෑනු ලමයි පිරිමි ලමයින්ගෙන් ප්රශ්න අහනවා.පිරිමි ළමයෙක් ගෑනු ලමයින්ගෙන් ප්රශ්න ඇහුවම උත්තර දෙන්න බැරි උනොත් පිරිමි ළමයට පුලුවන් ගෑනු ලමයින්ගෙ පැත්තට ගිහින් ගෑනු ලමයි තුන්දෙනෙක්ට ටොකු ඇනලා එන්න...



සර්

පහයි...

හතරයි…

තුනයි ….

දෙකයි…

එකයි….

කියනකොටම ආපහු දුවලා පිරිමි ලමයින්ගෙ පැත්තට එන්න ඕනෙ.එන්න බැරි වුනොත් ගෑනු ළමයින්ට පුලුවන් පිරිමි ලමයව අල්ල ගන්න.ඔන්න ඔහොම දවසක් මම මගේ පළමු ආදරයේ කමිස කොළරයෙන් අල්ලා ගත්තා.

ඒ වෙලාවෙ මගේ අතට ආදරයේ ප්රථම සහ අවසාන සැමරුම දීලා අනිත් පැත්තට දිව්වා.සුදුපාට කමිස බොත්තමක්.ඒක මගේ දෑවැද්දට හම්බවුන අල්මාරියේ තාමත් සැලකිය යුතු ස්ථානයක ආරක්ශිතව තියෙනවා.

මම පස්සෙ කාලෙක ඇහුවම කියුවා එයාට එහෙම දෙයක් මතක නෑ කියලා.මූණු පොතට පින්සිද්ධ වෙන්න(පව් සිද්ධ වෙන්න වුනත් පුලුවන්)අපිට අපි ආයෙත් හමුවුනා.මාව මතකද? නමෙන්ම...

ඔව් ඔයා විතරක් නෙමෙයි. මට පන්තියේ හුගක් ගෑනු ලමයින්ව මතකයි.

ඒක ආදරවන්තයෙක් කරගන්න ඉන්න කෙනෙක්ගෙන් බලාපොරොත්තු විය යුතු දෙයක් නෙමෙයි. මට අනිත් ගෑනු ලමයින්ව මතකම නෑ කියුවා නම් වැඩිය ලස්සනයි.ඒත් ඉතින් ලස්සන දේවල් කියන්න එයා සාහිත්ය කාරයෙක් නෙමෙයි නෙ.

දවසක් මගේ පින්තූරෙක මගේ එහා පැත්තෙ ඉන්න යාලුවා කව්ද කියලා එය ඇහුවා.මම නම නොකිය කියුවා එයාට පිරිමි ළමයෙක් ඉන්නවා කියලා.

අපි යාබද ඉස්කෝල වලට ගිහින් එකම විශ්ව විද්යාලෙට ගිහින් කවදාවත් දැකලා නැතුව ආයෙමත් හමුවුනේ රස්සාවල් කරන කොට...

මම පාර අයිනෙ පිපුනු මලක් ලස්සනයි කියලා කවියක් ලියුවා..

එයා ඒ කවිය ලස්සනයි කියුවා...

මාස එක දෙක තුන හතර පහුවුනා.පස්සෙ කාලෙක අර දෙවනි ඇස් දෙක මාව හමුවෙලා අපි කසාද බැන්දා.මම ඒ දෙවනි ඇස් දෙකට ආදරය කරනවා.ප්රේමය මැජික් එකක් වුනාට ආදරය මැජික් එකක් නොවෙන නිසා මම දෙවනි ඇස් දෙකට ආදරය කරන්න පටන් ගත්තා.

නිමි

පසු සටහන:-ඉරිසියාවේ රතුපාට රැගත් ,වැහිබර වලාකුලු වල අළුපාට රැගත් ඇස් දෙකක් මේ කතාන්දරය කියවන බව දනිමි.මේ කතාවේ අවසාන සිද්ධිය හැර සෙසු සියලු සිද්ධි තනිකරම සත්ය කතාවක් ඇසුරින් ගෙතුනු මනන්කලිපිතයකි.මම මුල සිටම අර විමසිලිවන්ත ඇස් ඇති ප්රන්ශ නමට කැමැත්තෙන් සිටියෙමි.මම ඔබට ප්රේම නොකරමි.ඒත් ආදරය කරමි.අපේ බැදීම මගේ අනෙකුත් ප්රේමකතාවල ස්වබාවය මෙන් චොක්ලට් වන්ව දිය නොවන්නේ එබැවිනි...

පසු සටහන නොනිමිය...



Friday, March 30, 2012

දරකැටි තිස්ස


දහවල කර්කශ රස්නය...පිටතල දිගේ වැස්සක් වගේ වැටෙන දහඩිය බින්දු පිසින්නට වත් වේලාවක් නොතිබූ දරකැටි තිස්ස නොනවත්වාම දර පැලුවේ, පොරවෙන් ඩස්..ඩස් ශබ්දයක් එක දිගට ඇසෙන්නට විය.
දිය බිදිති වලින් ගෙනෙන සිසිලස දහඩිය බිදිති නොගෙනාවේය.
"රාජ මාලිගාවට අසීමිත දර සම්බාරයක්නෙ උවමනාකරන්නෙ..." තිස්සගේ උඩු සිතේ මුනුමුනුව යටි සිතටත් ඇසින.
රජ මාලිගාව සදහා දිනකට දර මිටියක් දෙකක් තබා දර මිටි දහයක් දොලහක් වත් නොසෑහේ.තම පවුලට එක දර මිටියකින් වත් පිසින්නට යමක් නැති කම ගැන ,දරකැටි තිස්ස තත්පරෙන් දහයෙන් පන්ගුවක වෙලාවක් ගෙන සිතුවේය....
…………………………………………………………………………………………………………………………………………………………….
මේ ක්රි.පූ  52 වර්ශයයි.පොල්කොල වලින් සෙවෙලි කල,මැටි වලින් වරිච්චි බිත්ති තැනූ නිවසකි.රූපත් යයි කිවනොහැකි වුවත් කවීන්ගේ මිමි  වලට සරිලන අන්ගෝපාන්ගයන්ගෙන් හෙබි ගැහැනියක් ගෙදර ඉදිරිපස මිදුලෙහි දණිස් ඉදිරියට නෙරනසේ ඉදගෙන පොල් අත්තක් වියයි.
අතරතුර තමාගේ නලලතින් ගලනා දහඩියත් සැමියාගේ උරපත්තෙන් මෙවේලෙහි ගලනු ඇතැයි ඇයට සිතෙනා දහඩියත් සමාන දැයි කල්පනා කරයි.
"උඹේ ඇගපත හරියට වැහැරිලා ගිහින් නොවැ බන්.."
සැමියාගේ කාලවර්ණ බාහුයුග්මය තුල සිරවූ දවසක ඔහු එසේ කීවේය.
දවස පැය විසිහතරකට මෙපිටින් විය.
තමන් තැඹිලිගෙඩියක් වන් රූපත් කමක් උරුම කරගෙන සිටියේ මීට වසර පහහයකට එපිටින් නොවේ..
"එකා පස්සෙ එකා පඩි පේලියක් වගේ හැදුනයින් පස්සෙ නෙව මේ...උඹලට මොකෝ ඉතින් විලිරුදාවක් දැනෙන එකක්යැ"
ඉන් අනතුරුව ඔහු තමන් කරන්නට ඇරඹි කාර්ය නොනවත්වා කරගෙන ගියේ වචනයක් වත් මුවින් නොඹිනියේය.
හැම වැඩක්  වාගේම යහන (මැටියෙන් තැනි ) මත කෙරෙන කාර්යත් දැන් හරිම ඉක්මන්ය.පෙර මෙන් තොදොල් බස් ආල කතන්දර ඇසෙන්නේම නැති තරම්ය.කොහොමටත් පාන් නිවා ඇති කලුවරේ ඔහු දෑසත් තදකොට පියාගන්නේ තම රුව නොපෙනෙන්නට වත් දෝ හෝ යි ඇයට සිතෙයි..
……………………………………………………………………………………………………………………………………………………………
තිස්ස කරගැටි නැගි අත්ල දෙස සතුටින් බැලුවේය.කරගැට පුරුෂ ශක්තියේ සoකේතයයි.සියුමැලි දෑතක් හිමි පිරිමියෙකු වීම නිවට කමක් ලෙසය සැලකුනේ.ඔහු තම දෑත පිලිබදව ආඩම්බර විය.

හරියට එකොලහ පසුවී මිනිත්තු තිහට දේවියට දහවල් බෝජනය සැපයිය යුතුය.කුස්සියේ වුන් ලහි ලහියේ වැඩය.වෑoජන තිස් දෙකක් සමග බත්.එක එක වාoජනය සමග බත් ස්වල්පය බැගින් කන වගය කියවුනේ.ඇගේ දෑසට කාන්තිය ගෙනෙන රූප සම්පත්තිය මේ ආහාර නිසාවෙන් විය හැකිද...
එසේ විය නොහැක.ඇය කස්තුරි සුදු හදුන් මිශ්‍රිත කිරි දියෙහි බැස හිදින බැව් කන වැකී වැඩි දිනක් නැත.රූප සම්පත්තිය එයින් ලද්දක් විය යුතුය.බාරිය කරකාරෙට ගන්නා විට කොයිතරම් රුවදැයි තිස්සට හැගින.ඒ රූපය සැනින් එසැනින් කවුරුදෝ ගිලගත්තාක් වැනිය.
තමාගේ රූපයේ වෙනසක් නැතැයි හැගෙන්නේ තාමත් ගැටිස්සියන් තම දෙස හෙලන බැල්මටය.කාල වර්ණති බාහු යුග්මයන් තරුණියන්ගේ නෙත් අලවනු ඇත.තමා දිනෙන් දින ශක්තිමත් වන බවක් තිස්සට හැගෙයි.දර පැලීම වෘත්තිය කොටගත් තමුන්ට දිනපතා ලැබෙන ව්‍යායාම එයට හේතුවයි. පර දේශීනගේ මිශ්‍රණයක් නොවූ තමන් නියම සිහල පිරිමියෙකි.
……………………………………………………………………………………………………………………………………………………………
අනුලා තවමත් රැජිනක් නොවේ.රජ බිසවකි.එහෙත් රාජතේජස වැඩිමනක් තැවරී තිබුනේ ඇය මතය.ඇගේ රූපත්කමින් සහ බලයෙන් රාජ කිරීටය එලියවුනි.ද්‍රවිඩ ජාතිකයෙක් වූ රජතුමා තමන්ගේ සිවුවන සැමියා බව අනුලාව සිහි කලේ සතුටිනි.එක් පිරිමියෙක් ස්න්තෘප්ත කල නොහැකි ගැහැනුන් අස තමන් කොහොමටත් රැජිනකි.
පිරිමි ඈ දෙස බැලුවේ බියෙනි. දැනුත් මේ මොහොතේත් ඇසෙනුයේ වධක බෙර සබ්දයයි.ඇස් උගුලා දැමීමට නියමිත ඔහු මහත් වරදක් කලේ වෙයි.අනුලාවගේ සුමුදු මුදු මුහුන දෙස බැලීම ඒ අනුවන කමයි.
……………………………………………………………………………………………………………………………………………………………
හදිසියේ සීමැදුරු කවුලුව දෙසින් නැගි ශබ්දයෙන් තිස්ස කලබල වින.ඉහල මාලයේ අර තමන් දෙස...සැබැවින්ම තමන් දෙස බලා ඉන්නේ අනුලා දේවියයි.තිස්සට බිම බැලින.එහෙත් තවමත් තමන් දෙස යොමුවුන දෙවගනක දෙනෙතක් ගැන හැගී නැවතත් ඔහු ඉහල බැලීය.ඒ අතින් සන් කරන්නේ රසහ් දොරටුවෙන් ඉහලට එන ලෙසය.තිස්සගේ දෙපා වෙව්ලීය.
අත් ගැහෙනවාක් වැනි හැගීම්ක් ඔහුට දැනින.සෙමින් රහස් දොරටුව දෙසට දෙපා එසවින.ඇස් අදහා ගත නොහැකි තරමටම.මුතු මැණික්...රත්‍රන් වලින් තැනි බඩු මුට්ටු.ඇය තමන් කැදවාගෙන යාමට පහලට පැමිණියාය.නිතඹ සලමින් පියගැටපෙලින් ඉහලට ඇවිදයන ඇය හදවත ලබ්ඩබ් හඩින් ගැහෙන්නට සැලැස්වීය.
රාජකීය යහන් ගැබ,මේ පැමිනෙන්නේ ඒ අසලටය.තිස්ස බිය විය.හෙට තමාගේ හිස වධක බෙරය අස වැටී දෙපලූ වී තිබෙනු ඔහු දුටුවේය.
ආපසු හැරී දිවයාම. පෙරනම් එය පසහුවෙන් කල හැකිව තිබින.
දැන් කොහොමටත් හිමිවන්නේ මරණයයි.
……………………………………………………………………………………………………………………………………………………….
දුහුල් සුදු පැහැ සළු අතරින් දෙනෙත්  දිවයන්නේ ජීවයෙන් පිරි සිරුර පුරාවටය.ඇස් නවත්වාගැනීමට තිස්සට නොහැක.
ඇගේ මුවකමල සිය රැවුල් කෙටි පුරාවට සෙමින් තැවරෙනු ඔහුට දැනින. දුහුල් සුදු පැහැ සළු අතරින් දෙනෙත්  දිවයන්නේ ජීවයෙන් පිරි සිරුර පුරාවටය.ඇස් නවත්වාගැනීමට තිස්සට නොහැක.

ඇගේ මුවකමල සිය රැවුල් කෙටි පුරාවට සෙමින් තැවරෙනු ඔහුට දැනින. සිරුර ආලයෙන් පිරී ඉතිරෙමින් තිබිනි.සෘන්ගාරයෙන් මත්වෙමින් තිබින.
ගැහැනිය ෆැන්ටසියකි...
……………………………………………………………………………………………………………………………………………………………..
කලුවර සමග සැමියා නිවසට නේම ගැන කම්පාවෙමින් බිරිද පැනලි  වලින් දොරටුව  ආවරනය කලාය. සුසුම් සුවද හුරු දෙතොලක් නනල මත හාදුවක් තබනු ඇයට දැනින
සිහිනයක් ව...
……………………………………………………………………………………………………………………………………………………………..
ඩුම් ඩුම් ඩුම්....
"රාජ අණයි.තිස්ස නැමති රජවාසල සේවකයා අද උදෑසන රජකමට පැමිණි වගයි.රජතුමාගේ මරණයෙන් මතු මෙය සිදුවිය.මේ අනුලාදේවියගේ අණ පරිදිය..."

Thursday, March 29, 2012

කහ සිවුර

මම මාලුවෙක්....
මම ඉපදුනේම වෙනස් විදියට. homo sapien sapien කියලා ජීව විද්යාසත්මකව හැදින්වුන අපේ මාලු ජාතිය හිටියෙ මූදේ එක කොනකටම වෙන්න (මූද ගෝලාකාරයි කියල කියවලා දැන කියාගෙන හිටියට මගේ බාවනා කිරීමෙන් ලද බුද්ධිය හේතුකොටගෙන මම අවබෝධකරගත්තා මූද හතරැස් බව)
මම දැන් වෙනස් .මම මගේ කොරපොතු එකින් එක පාට පාටින් පාට කරගෙන.ලුමිනස් පාටට තමා මම වැඩිපුර කැමති.ඉස්සර මගේ කොරපොතු තනිකරම රිදී පාට.අව්ව වැටුනම දිලිසුනේ කණ්නාඩියක් වගේ. මෑල්ලියො, මූද පුරාවටම ඉන්න හුගාක් මෑල්ලියො මගේ දේශනා අහගෙන ඉන්නෙ ආස කලා.බොහොම දුර බෑර ඉදගෙන ආපු සමහර අය වරල් සලන්න පවා අමාරුවෙන් අත්වාරුවලින් පිහිනමින් දේශනාව අහගෙන හිටියා. දේශනා වලට වගේම මගේ කොරපොතුවල රිදීපාටට ආස කරපු මෑල්ලියොත් හිටියා.
මූදෙ ගෙවීම් කෙරුනෙ මාලු කෑම වලින්.මාව බලන්න එන මාලු ගහනය වැඩි වුනත් එක්කම මාව බලන්න මාලු කෑම අය කරන්න පටන් ගත්තා.පෙද පාසි කැබලි 6කුත් පොඩිමාලු 2කුත් තමයි ගාස්තුව උනේ. මාලු මාලුන්ව කන්න හොද නෑ කියල ධර්මයේ තිබුනට හුගක් ලොකු මාලු පොඩිමාලුන්ව කෑවා.මම දේශනා කලා කියලා ,අනිත් මාලුන්ට නැති මහා මාලු ලක්ෂණ 46ක් මට පිහිටලා තිබුනා කියලා ,මම කන බොන කෑම බීම වෙනස් වුනේ නැහැ.මම පොඩි මාලු කන එකට මගේ දේශනා අහන බොහෝදෙනා විරුද්ධ වුනා.මම ඒත් දිගටම පොඩිමාලු කෑවා.ඒ නිසා ගාස්තු වශයෙන් පොඩිමාලු අය කරන එක වෙනස් වුනෙත් නෑ.
………………………………………………………………………………
……………………………………
ආරාමය ශාන්ත සද එලියෙන් නැහැවෙමින් තිබින.බෝපත් අතරින් බේරී වැටුන සද එලිය වැලිතලා මත රටා මැවීය.සැදැහැවතුන් පෙහෙවස් සමාදන් වී සිටියහ.පෙහෙවස් සමාදන් වුන ශ්රාවකයන් අතර නැගුනු මුනු මුනුව මාසය පුරාවට ඔවුනොවුන්ගේ ජීවිත අතර සිදුවුන කතාන්දර වන්නට ඇත. උපාසක මාතාවන් සතුව වැඩිපුර කතාන්දර තිබුන නිසා සහ උපාසකමාතාවන් වැඩි ප්ර මාණයක් පෙහෙවස් සමාදන් වී සිටීම නිසා,මුනු මුනුව වඩාත් තීව්රුව ඇසින.

“ලොකු හාමුදුරුවන්ගේ birthday තිබුනේ last month...”


පැහැදිලිව නැගුනු හඩක් කුතුහලය මුසු දෑසකට කතාවක් කියන්නට සැරසින.


“මම තමයි cake එක දුන්නෙ.I spend five thousand on that”.


සවන්දෙන ඇස් දෙකෙන් මෙසේ කියවින.


"මම සතියක් ගත කරන සල්ලි"


සවන්දෙන ඇස් හිමි මුව මෙසේ කීය.


"අනේ කොච්චර දෙයක්ද?දෙන තරමටම තමයි ලැබෙන්නෙ"


ඉතා නිවුනු ශාන්ත කටහඩක් යකඩ කටින් ආරාමය පුරා පැතිර ගියේය.


"ඔන්න ලොකු හාමුදුරුවො.අනේ ඒ ඇත්තා මේ වෙනකනුත් නැගිටලා දේශනා කරනවා.අපි ගැන නම් කොයිතරම් හිතනවද?...අපි ඉදිරිපිටට නොවඩින්නේ දායක ඇත්තන්ගේ කරදර නිසා වෙන්ටැ"

ආරාමය දෙසින් ගොරවන ශබ්දයක් ඇසින.තමන් ගේ බණ අසීමට සිදුවන බාධාව ගැන උපාසක ඇත්තෝ බොහෝ සේන් කම්පාවට පත්වූහ.

"දෙව්දත් තෙර ගල් කුලක් මත හිද බුඩුන්වහන්සේගේ හිසට ගලක් පෙරලීය" යකඩ කට තාමත් දේශනාවේය.


"සාදු..සාදු"....


………………………………………………………………………………
……………………………………
මම දවසක් ගොඩිබිම බලන්න ගියා.අපි එහෙම ඉදලා හිටලා යනවා.දේශනා කරන කෙනෙකුට එහෙම චාරිකා අකැපැයි කියලා පොත්වල තිබුනෙ නැති නිසා මම චාරිකාවක ගියා.ගියේ චාරිකා නොකරන පොඩි මාලු පැටවුන් සමූහයක් එක්ක.ගොඩබිමට කිට්ටු වෙනකොට මගේ මුලු ශරීරයම අමුතු හැගීමකින් විකසිත වෙනවා දැනුනා.

මම පීනගෙන ගිහින් ගොඩබිමට පැන්නා.පොඩි මාලු පැටව් ටික "අනේ සාමිනේ පනින්න එපා" කියලා මොරදුන්නා.ඒ හඩ අහෙන නෑහෙන දුරකට ගිහින් මම ගොඩ බිමට පැන්නා...


විනාඩියක්...

දෙකක්...
තුනක්...

පොත්වල හැටියට මාලුන්ට ගොඩබිම ඉන්න බෑ.ඒත් තාමත් මම පණ පිටින්..මම අනිත් මාලුන්ට වඩා වෙනස්.මට ඒ බව ඔප්පු වුනා.මට හදිසියේම සත්යම අවබෝධ වෙන්න පටන් ගත්තා. ගොඩබිම බොහොම සනීප ගතියක් මට දැනෙන්න පටන් ගත්තා.මූදට වඩා මට ගොඩබිම සැපයි.මගේ කොරපොතු ඉබේටම ලුමිනස් පාට වුනා. පොඩි මාලුපැටව් මූදෙ ඉදගෙන මගේ පින්තූර ගත්තා.ගොඩබිම පින්තූර ගන්න පුලුවන් විශේෂිත කැමරාවන් ඒ වනවිට නිපදවා තිබුනා.මාලුන් සතුව තිබූ මේ තාක්ෂණය වෙන කිසිකෙනෙක් අතට පත්වෙලා තිබුනේ නැහැ. මම ගොඩබිම විවිධ හැඩයෙන් හිදගෙන හිටියා.මූදෙදි ඉදගන්න අපහසු හැඩතල වලින්.ඒ හැම පින්තූරයක්ම කැමරා කාචවල සදහන් වුනා.

………………………………………………………………………………
……………………………………
හඩ එක:- "ඔය මහනයව මරන්නම තමා වටින්නෙ..."
හඩ දෙක:-"එහෙම කියන්න එපා බන්.කහ නූලක් අතේ බදින ශ්රිමණයා දක්වා අපි විසින් පිදිය යුතුයි කියලා තමයි බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ..."
හඩ එක:- "හාමුදුරුවන්ට ගෑනු ගන්න කියලත් දේශනාවෙ තියෙනවද බන්.අනික අර පත්තර වල තිබුනු පින්තූර හරියට බොඩිබිල්ඩර් කෙනෙක් වගේ....මගේ ගෑනි කොයිවෙලෙත් පන්සල අස්සෙමයි.ඔය මිනිහට දරුවොත් ඉන්නවලු..."
හඩ දෙක:-"උඹ පව් කතා කියන් නැතුව ගෑනිව හදාගන්න බලපන්"
………………………………………………………………………………
……………………………………
පන්සල පුරා පැතිර ගිය හද එලිය තාමත් එහෙමමය.පරිසරය නිහඩය.පෙහෙවස් සමාදන් වුන ඇත්තෝ වටිනා බුමුතුරුණු මත නින්දට පිවිස ඇත.බෝ කොල සෙලවෙන සිලි සිලිය මාරයාගේ සිතට ශාන්තිය ගෙන නාවේය.
හොදට කැපෙනා පිහිය මාර්කට්ටුවෙන් මිලට ගන්නා විට "මාලු කපන්න හොද පිහිය සෑර්"යයි කියූ අයුරු තාමත් ඇසේ. ගෑනි අර ශ්රටමණයාට තුරුලුව නිදනවා ඇත.පොඩි එකාගේ මුහුන තමාගේ මුහුනට වඩා අර ශ්ර"මණයාගේ මුහුණට සමය.
පිහිය මත වැටෙන සද එලිය ඇස්මතට පරාවර්ථනය විය....
………………………………………………………………………………
……………………………………
මාලුවා පහසුවෙන් නිදාගෙන හිටිය ඉරියව්ව මාරු කොට අනිත් ඇලයට හැරින.සුලු ශබ්දයකටත් ඇහැඇරෙන නිසාවෙන් නින්ද අපහසුය.
මාලුවා සියුම් ශබ්දයකින් ඇහැ ඇරින.
"ටස්"....
කහ පාට මාලු ලේ බිදිති සෑම තැන විසිරින...
මාලුවාට තමන් සිය සිරුරෙන් පිටත,හරියටම සිරුරට ඉහලින් පීනමින් සිටිනවාක් වැනි හැගීමක් දැනෙන්නට විය...
..............................
.............................................................................................
ආවාස ගෙය පුරා රතු පැහැය විසින් වසාගෙන තිබින...කහපාට ඇද ඇතිරිලි තැඹිලි පැහැයක් ගෙන ඇත.
නෙස්කැෆේ තේක ගෙන ආ සේවකයා සෙමින් කරපොවා ආවාස ගෙය දෙස බැලුවේ හාමුදරුවන්ගෙන් ප්රැතිචාරයක් නැති තැනය.
"බුදු අම්මෝ හාමුදුරුවෝ"
කොල්ලාට කලන්තය...
හාමුදුරුවන්ට තමන් සිවිලිමට ඉහලින් පාවෙන්නාක් මෙ නොදැනින.හරියට නම් දැනෙන්නට ඕනෑ එහෙමය.
තමන් සිරුරක් තුල සිටිනා බවද ඒ සිරුර පිහිනමින් සිටිනා බවද හාමුදුරුවෝ ප්රමත්යනක්ෂ කරගත්හ..

Wednesday, March 21, 2012

පැන්සල් තුඩගක්මි..
බිදී විසිරෙන...
නොසිතු විට
..

ඔබ..
මුවහත්කරනය...

මා
මුවහත්ව
පැරණි කවියම ලියන...

ඔබ යලිත්
තුඩ කඩන...

හැමදාම
එකම තැන
මුහුණින් මුහුන බලමින...

හරි විහිලු ප්‍රේමය

මට හරිම හිනා යන
අපේ,
හරි විහිලු ප්‍රේමය...

තෑගි නැති,
ආටෝප ආලේප නැති...
ණය පත් නොඇවසි
අපේ ,
හරි විහිලු ප්‍රේමය...

බැදීමක් නැති
සිහින නැති
හිතට ලොකු බරක් නැති...

අපි,

එකිනෙකාගේ,
කවි වලට පෙම් කරන..
කවි වලින් හිනාවෙන
කවි වලින් මුලාවෙන
එකිනෙකා නැතිව බැරි
අපේ
හරි විහිලු ප්‍රේමය....

මට හරිම හිනා යන...

With out Butterfly ....පලමු වසන්තය...Without butterfly....

පලමු වසන්තය
යලි එලඹ...

සමණලයා
පැන ගොසිනි...

මල් පිපී...

පලමු වසන්තය
යලි එළඹ...

සමණල තටුවක හඩ ඇසෙන...

Monday, March 12, 2012

පිස්සෙක්....

පිස්සෙක්
මඩ ඇදුම්
අතරින්
කලු කකුල් දෙක...

සෙරෙප්පු
එකක් ඇත..

මා ඉදිරියෙන්,
මාව පසුකර...

නැවතත්
මා පසුපසින්...

දුවමි???
නොදුවමි???
පිටුපස හැරී
සිනාසෙමි...

දිටිමි
සිනාසෙන
පිස්සෙක්.

උදෑසන සිරි..

සාරි බස් වල
පාට පාටින්...

මොට්ටැක්කිලි
අතිරින්  පෙනෙන
නයනාලේපිත නෙත්...

පයින් යන බස් කාර්
ඕවර්ටේක් කරගෙන,
වැඩට යන
කලිසම් කකුල්...

ජීවිතේ බර කරින් ගෙන
සිනාසෙන
දසුන්...

කොලොම්තොට උදෑසන
සිරි..