මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 30, 2010

කොලඹ----->මාතර

ගමේ යන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ.ඒත් ඒ මග දිගට දෑකපු දසුන් එක්ක හිත පොඩ්ඩක් විතර සෑලුනා.මම මේ නෑවතිලා ඉන්නෙ මට නියමිත තෑනමද?පෑය තුනක ගමනකින් පස්සෙ මම මට සමීප මිනිසුන්,ලෙන්ගතු සිනහවන් දකින්නට පටන් ගත්තා.මග දිගට මම දෑකපු දසුන් අකුරු කරන්නට හිතුනෙ ඒකයි.මඩ වතුරත් කලු පාට මේ කොලොම් පුර අත්හෑර,ගම ගියෙමි මඩ වතුරෙහි ස්වබාවික පෑහෑ දකින්නට....

දම් පාට බස් එකක් දුටුවෙමිය...
කලු පාට කාක්කෙක්....
දරන්නට බෑරි සීතලක්,
රියෙන් එපිට වෑටෙන වෑස්සක්....
මුහුණ නොබලන මිනිසෙක්...
කෘතීම රතුපාට තොල් සහිත ගෑහෑනුන්....
කලු පාට මඩ වතුර....

තාච්චියක් හිස තබා එන දරුවෙක්...
සිහින් ගෑහෑනු ළමයින්....
හෙන වෑදුනු පොල් ගස්....
කොල පාට වෙල මෑද සුදුපාට කොක්කු....
වෑව් දියේ පිපෙනා නෙලුම් මල්....
කහපාට මඩ වතුර.....







හොරාට බෑලීම....




මග දිගට,
ඔය ඈස් නතර වෙන රුව ලග,
මා දෙනෙත් නතර වෙයි...

ඔය දෙනෙත්,
කරන දගකම්,
පසුපසින් සීරුවෙන් ලුහුබදියි,
මගේ ඈස්....

මගේ දෙනෙතට,
නොනෑගි කදුලක්,
කොනිත්තයි,
හදවතේ ඈතුලු බිතු.....

දස දහස් රුව දුටුව,
නුඹේ ඈස් විඩාදී,
ගිමන් නිවනා කලෙක...
දකිනු ඈත අහම්බෙන්...
මගේ නෙතු...
විඩා නොගෙනම තවම ඔය දෑස විදිමින්....

එදිනට,
නතර වනු ඈත...
ඔය දෑස මා දෙනෙත් අස...
ඔය හිත,
මගේ හිත ලග....

Tuesday, November 23, 2010

සද දුටුව සූරියකාන්තා මල....

දෙබසක්....

සද   :- "සූරියකාන්ත මල් මොන පාටද?..."


සූරියකාන්තා  :-"ම්ම්හ්....රෝස පාටයි...."

සද   :-"අයියෝ ඒකවත් දන්නෙ නෑ....සූරියකාන්ත මල් කහපාටයි...."

සූරියකාන්තා  :-""හි...හී ඈත්තට????"

සද   :-"එහෙනම් දන්නවද,ඈයි සූරියකාන්ත මල් කහපාට?????'"

සූරියකාන්තා  :-""ම්ම්හ්....කහ පාට ලස්සන නිසා..."

සද   :-"වෙන්න ඈති ඒත් ඒකම නෙමෙයි හේතුව...."

සූරියකාන්තා  :-""එහෙනම්..."

සද   :-"ඔයාට මතකද මම ලස්සන ගෑනු ලමයෙක් ගෑන කියුවා...අන්න ඒ ලමයා අද ඈදන් ඈවිත් හිටියෙ කහපාට ඈදුමක්...අන්න ඒකයි සූරියකාන්ත මල් කහපාට....."


කවියක්
 
හෑගෙන දෑනෙන ලෙන්ගතු කමට පිටු පාමි...

නුඹ ඉර නොවෙන කල...

සූරිය කාන්තා මලක් නොවී,
හෙන්දිරික්කා මලක් වුනා නම්....


ඒත්,
නුඹ සදය...
මම සූරියකාන්තා මලය....

Sunday, November 21, 2010

සොදුරු ඔබ දෑකීම....

අතීතය තුලින්.....

හමුවූ අය...
කලකී දෑ...
සිදුවූ දෑ.....
තුලින් වත්......

අනාගතය තුලින්....
සිදුවනු ඈතයි,
මා සිතන....

ඔබ සිතන...
දෑ තුලින් වත්...
නොව,

මේ මොහොත තුල
ඔබ තුලින් ඔබ දකී නම්....

ජීවිතය,
සරලය,
සුන්දරය....
ලස්සනය....




Saturday, November 20, 2010

විවාහක බිරිද දුටු තරු වෑස්ස...



තරු වෑස්සක්...
මහ රෑ 3ට....
ජනේලෙන් පිටත....
හොරාට...
ජනෙල් කවුලුව මත හිද....

ප්රා්ර්ථනා හුගාක් තිබුනා....
හිතේ,
ඉස්සර වෑස්සා නම් මේ වෑස්ස.....

ඒත්,
තරු වෑටෙන අහස,
කවුලුවෙන් පිටත....

කවුලුවෙන් මෙපිට යහනත,
තද නින්දකින් නිදන ඔහු...
තරු වෑස්සක සොදුරු බව කිසිදාක නොදකින....

දෑන් මොටද,
මට තරු වෑසි......
ප්රාරර්ථනා නෑති හිතට...
තරු වෑසිත්,මහ බරක්.....

ලොක්කා.........

ජීවිතය විදීම...මම දන්න මනුස්සයෙක් ඉන්නවා.හරිම සුන්දර,ඒ වගේම සරල....කලුම කලුයි.රෑට දෑක්කොත් අදුරන්නත් බෑ.හ්ම්ම්...මම හිතන්නෙ කතාව පටන් ගන්න තිබුනෙ මෙතනින් නෙමෙයි.අපි වෙන තෑනකින් පටන් ගමු.මේ කතාව ලියන්න හිතුනෙ මේ අපි විදින අත්දකින නාගරිකත්වය බොරුවක් කියල හිතුන වෙලාවක.ඒ නිසා කතාව පටන් ගත්තෙ එච්චර ලස්සන තෑනකින් නෙමෙයි.අපි ලස්සන තෑනකින් පටන් ගමු.




එයාගෙ නම විමලසිරි.මට මතක එහෙමයි...එයාව මම ඉස්සෙල්ලම දෑක්කෙ කවදද කියල මට මතක නෑත්තෙ මම එයාව පුන්චි කාලේ ඉදලම දෑකල තියෙනෙ නිසා.මට මුලින්ම විමලසිරි ගෑන තියෙන මතකය ඈරඹෙන්නෙ මම එයත් එක්ක හරියට කතා කරන්න තරම් වචන දන්නෙ නෑති කාලෙ.ඒ වෙලාවෙ මම ටිකක් දිග කෝටුවකින් මිදුලෙ එයාගෙ නම ලියන්න කියල දෙමින් හිටියා.ඔයාගෙ ඈත්ත නම මොකද්ද මම ඈහුවා.එයා හිනා වුනා.ඒ වෙලාවෙ එයා හිටියෙ අපේ ගෙදර පිටිපස්සෙ තියෙන එයාගෙ කාමරේ ජනෙල් පඩිය උඩ ඉදගෙන. මගේ දිහා බලගෙන.හිනා වෙමින්.


මම එයාගෙ මම දන්න නම මිදුලෙ ලියුවා."ලොක්කා"....මෙන්න මෙහෙමයි නම ලියන්නෙ. මම කියුවා.එයා ආදරය වගේ හෑගීමක් ඈස් වල තියාගෙන බලාගෙන හිටියා.කලුම කලු පාට මූනෙ සුදු පාට හිනාව හුගාක් ලස්සනට පෙනුනා.


එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොක්කෙක්.කවුරුවත්ම වෑඩිය ගනන් ගත්තෙ නෑ.වෑඩිය නෙමෙයි කොහෙත්ම ගනන් ගත්තෙ නෑහෑ.මොන ලොක්කෙක් උනත් එයාට ලොක්කෙක් නෙමෙයි. එයා තමයි ලොකුම ලොක්කා එයාට.එයාට ඉතින් හෑමෝම කියුවෙ ලොක්කා කියලා.අපේ ගෙදර තමයි හිටියෙ.අපේ ගෙදර බලාගන්න. එයා වෑඩිය හිටියෙ බිම නෙමෙයි උඩ....උඩ කියුවෙ ගස් උඩ.


එයා බත් කෑවෙ හරිම අඩුවෙන්.මම දෑකල තියෙනව එයා ගස් උඩම ඉදගෙන පලතුරු කනවා.වෑවෙන් මාලු අල්ලගෙන ඈවිත් කනවා.රෑට අපි ගෙදර නෑති දවසට එයා මිදුල පිටිපස්සෙ ගින්දර ගොඩාක් ගහලා තියෙනවා.මොනව කරනවද නම් මම දන්නෙ නෑහෑ.කොහොම හරි හරිම සුන්දර මනුස්සයෙක්...මම මීට අවුරුදු 18කට විතර කලින් දෑක්කා වගේමයි තාමත්.එක කෙස් ගහක්වත් ඉදිලා නෑ.....


එයා මට ද0 අතුපිටින් ගෙනත් දුන්නා...ඒ ගෙඩි වල දම් පාට මගේ හිනාවේ පාට වෙනවා දෑකලා ඒ මුහුනෙත් හිනාවක් සටහන් වුනා.පලු ගෙඩි මොන වගේද,මොන රහද කියලා මම දෑනගත්තේ ඔහු නිසා..


ඔහු කෑමති වුනේ නෑහෑ ගෑහෑණියක් සිටින නිවසක ජීවත් වන්නට.අපේ අම්මලා ආපහු ඒ ගෙදර පදින්චි වෙන්න ගියාට පස්සෙ එයා යන්න ගියා.ඒ වෙනස් වෙන්නට තියෙන අකමෑත්ත.ගෑහෑණියක් අතින් පිසෙන බත් කන්නට ඈති අකමෑත්ත.


මම ගෙදර ගියාම පුලුවන් කමක් තිබුනොත් ඔහුව බලන්නට යනවා.ඔහුව හෑන්ගිලා ඉන්න තේ පදුර යටින් හෝ ගහ උඩින් බස්ස ගත්තාට පස්සෙත් අපිට කතා කරන්නට දේවල් නෑහෑ.


මට ඉත්තෑවො ඈල්ලීම පිලිබදව,ඌරන්ට උගුල් ඈටවීම පිලිබද අවබෝධයක් නෑතිවා වගේම,ඔහුට කොටස් වෙලදපොල හා තොරතුරු තාක්ශනය පිලිබද දෑනුමක් නෑහෑ.ආපේ මාතෘකා හරි දුරයි.ඒත් මම ගෙනියන සරම අත්දෙකින්ම(අත්දෙකින් ගත්තා කියන්නෙ ගරුත්වයක් අදහස් වීමක් නෙමෙයි )අරගෙන මට ඔහු ලග මේ වෙලාවෙ තියෙන හොදම පලතුරු වලින් කොටසක් දෙනවා.මම දෙන සරම අලුත් ඈදුම් වලට අකමෑති ඔහු කවදාවත් නොඈන්දත්,අලිගෑටපේර වලට අකමෑති මම ඒ පලතුරු කවදාවත් නොකෑවත් අපේ හිත්වල සතුටක් සටහන් වෙනවා.


කවදාවත් කවුරු වත් ගනන් නොගන්නා ඔහු,ලගදි දවසක් හරිම පුදුම වෑඩක් කලා.මම හිටපු තෑනටම ඈවිත් "නෝනා මම යන්නම්"කියලා ගියා.මම ඔහුගේ පසුපසින් ටිකදුරක් ගියා.ඒක ටිකක් සුවිශේශී සමුගෑනීමක් උනා.මම කවදාවත් බලාපොරොත්තු නොවුනු.


මම දන්නවා අකුරු නොදන්නා ඔහුට,පරිගණකයක් කියන්නේ කුමක්දෑයි කියල කවදාවත් නොදන්නා ඔහුට,කිසිම දවසක මේ සටහන කියවන්න නොලෑබෙන බව.ඒත් මේ ඒ සහෘද බවට පුන්චි සිහිවටනයක් එක් කිරීමක් සහ නාගරිකත්වයේ මායාව තුලින් සෑබෑ මනුස්සකම දකින්නට කරපු පුන්චි වෑයමක් පමනයි.


කියවූ ඔබ සෑමට ස්තුතියි....

Friday, November 19, 2010

එක දවසක්....

වෑස්ස කෑන්දූ,

සුවද,
කවුලුවෙන් පිටත ඈසෙනා හඩ...
සීතල.....

සියල්ලම නෑවුම්ය....
ඔබ හෑර....

Wednesday, November 17, 2010

වෙලාවක් නෑති ප්රේේමයක්...

හමුවන්නට,

කතා වන්නට...
සිනා වන්නට...
වෙලාවක් නෑති ප්රේ.මයක්...

එනතුරා නෙත් රිදෙන තුරු බලා හිද,
දුක් නොවී දුක් වෙනා ප්රේලමයක්....

පෙනෙන්නට සිනහවී,
නොපෙනෙන්ට නෙත රෑදුනු,
කදුලක සීතල,
නොහෑදිනු ප්රේ මයක්....

නොදන්නා කතාවක්,
ඉබේටම ලියවෙන....
නොදන්නා දෙහදක......

එහෙත්,
විශ්වාස කටයුතුය...
මේ,
තවත් එක්,
සත්ය ප්රේ.ම කතාවක්....

Monday, November 15, 2010

ආගමනය.....

නම නොදන්නා හෑගීමක්,

දෑසක් ඈතුලතින් ගලා විත්...
මා අබියසින් ගොලුවුන.....

කෑලි කෑපෙනා අදුර නොදුටුව.....
සුමුදු සිතුවිලි....


ආගන්තුකයකුගේ සුපුරුදු බවට වසගව.....
බෝ සොදුරු මල් පිපිනි...
මල් නොපිපෙනා තෑන් වල.....

ජීවන සුවද මුසුවිනිය...

පිපුනු මල් වල...

Sunday, November 14, 2010

ගෑහෑණු ළමයින්ගේ ප්‍රේමය...(Girls Love)

අසිනි(19 years)
එයා අසිනි...අසිනි වෑස්සක් වගේ.දිගටම කලුපාට අහසක් වගේ හිතක්.වහින අතරේ කොටන විදුලියක් වගේ හිටපු ගමන් වෙන හිනාව මූණට එකතු කරන්නේ ලස්සනක්.හෑබෑයි විදුලියක්ම තමයි.එක පාරටම අතුරුදහන් වෙන හිනාව.එයාට ප්රශ්න නෑ.හරිම නිශ්ශබ්දයි.පන්තියේ ගුරුතුමෙක් නෑති වෙලාවට පුස්තකාලෙට ගිහින් කතා පොත් කියවනවා.එයා නොදන්න කතන්දර පොත් පුස්තකාලෙ නෑ.හි....හී....හී....කතන්දර කියුවට එසේ මෙසේ කතන්දර නෙමෙයි.පන්සිය පනස් ජාතක පොත කියෙව්වෙ හරියටම අටේ පන්තියෙදි.


යාලු වෙලා ඉන්නෙ ඉස්කෝලෙන්මයි.වයස අවුරුදු දහනමයයි.

“එයා අදත් මම ගෑන සින්දුවක් ඉල්ලයිද, Y FM එකේ.English Songs මට හරියටම තේරෙන්නෙ නෑත්තෙ මට හරියටම ඈහෙන්නෙ නෑති නිසා.වචන ඈහෙන්නෙ නෑනෙ.අදවත් අහගෙන ඉන්න ඕනෙ.රේඩියෝ එක කන ලගම තියාගෙන.මම ඊයෙ පෑය හතරම අහගෙන හිටියා.කෝ මගේ නමවත් එයාගෙ නමවත් කියුවෙ නෑනෙ.පන්ති 4ටනෙ....මේ ඈදුම තමයි එයා ලස්සනයි කියුවෙ.කෝ බලන්න ඈදලා....හ්ම්ම්....මෙහෙම තමයි හිනා වෙන්න ඕනෙ...මෙහෙම ලස්සනයි....

එයා කෑමති නෑ මම කොටට අදිනවට....කලිසම් අදිනවට...ඉතින් මේ පොලොව අතුගාන සායවල් ටික ගත්තෙ ඒ නිසා තමයි.ඒත් ඉතින් එයා කෑමති නෑතුවෑති අනිත් අය මා දිහා බලනවට....ආදරේටනෙ....අපි තව අවුරුදු 7 කින් කොහොම ඉදීද...අවුරුදු 25ක්.එයා මොන රස්සාවක් කරයිද...මම...හ්ම්ම්...ඩොක්ට කෙනෙක් එයා.මම නම් ඉතින් teacher නෙ...එයා කොච්චර ලස්සනට මම දිහා බලනවද...වෑඩිය බලන්නෙ නෑති. ආඩම්බර බෑල්මෙන් එක පාරක් බලන බෑල්ම හුගක් වටිනවා.”

/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
රෝසි(22 years)
රෝසි,අලුත පිපිච්ච රෝස මලක්.විශ්ව විද්යා/ලයේ දෙවනි වසරෙ.ලස්සනයි.සුමුදු හිතක්.ටිකක් විතර රෑඩිකල් හෑබෑයි.කරදරයක් නෑති කොල්ලෙක් හොයාගෙන තිබුනා.කෑම්පස් එකෙන් නොවෙන.දුර කෑම්පස් එකක.

“මට හරියට තරහ යනවනෙ එයත් එක්ක.ඈයිද මන්දා.ආදරයක්?????ඒකත් මන්දා....කරදරයක් නෑතුව ඉන්න පුලුවන් නෙ.මමගෑන වෑඩිය හොයන්නෙත් නෑ.මාව බලන්න එන්නෙත් නෑ.කිසිම හෑගීමක් නෑ වගේ මටත්.කෑම්පස් එකේ කට්ටිය අත් අල්ලගෙන යනකොට මට හිතෙන්නෙම පිස්සු කියල.

හ්ම්ම් හෑගීමක් නෑහෑ වෑඩිය.කොහොමටත් නෑ වගේ.හීන...ඒ මොනවද කියල අහන තරමට හිත රෑඩිකල් වෙලාද කොහෙද.පව් එක අතකට.මන්දා මම අසාමන්යහ වුනාට ඒ ලමයා සාමාන්යහයිනෙ.එයා ගෙදරටත් බයයි.කොල්ලෙක් වුනාම කොල්ලෙක් වගේනෙ ඉන්න ඕනෙ.....කිසිම හීනයක් නෑ....කොහොමත් මම කෑමති ඒ වගේ කෙනෙකුට නෙමෙයි…හරිම හොදයි....කාටත්,හෑමදාමත්....හොද වෙන එකම ඈතිද....හෑගීමක් නෑත්තෙ මොකද???මට හෑමදාම මේ විදියට බොරුවට ආදරේ කියන්න වෙයිද?????....”

////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
සෙලී(27 years)
සෙලී...හරියටම සෙල් ලිපියක් වගේ...ලියල තියෙන බාශාව කාටත් තේරෙන්නෙ නෑ.එයාටත් තේරෙන්නෙ නෑ.හිත තදයි ගලක් වගේ.පුන්චිම පුන්චි දේකට හෝ ගාල ඈඩුව.සමීපතමයෙක් මෑරුනම,එක කදුලක් වත් නෑතුව ඔහේ බලාගෙන හිටියා....ලස්සන හෙන්දිරික්කා මලක් දිහා හුගාක් වෙලා බලන් හිටියා.ආසාවෙන්.බදින්න ඉන්න කෙනා දීපු රත්තරන් මාලෙ එක පාරක් ලස්සනයි කියලා පෙට්ටියකට දාල වෑහුවා.

බදින්න ඉන්න කෙනා සෙලීට ආදරෙයි.සෙලිත් එහෙමයි.

"ටිකක් පරක්කු වුනා තමයි.ඒත් සුන්දර කම් වලට වයසක් නෑ....ඒ මූණ දිහා ආදරෙන් බලන් ඉන්නවා මම.දිගටම...විවාහ වෙන්නෙ එයත් එක්ක.මම එයාට ආදරෙයි.ඒත් එයා????මට ඈත්තටම ආදරෙයිද?විවාහය හෑම දෙයක්ම අතරෙ තවත් එක් දෙයක් විතරද එයාට....ගෑහෑනියක්????රූපයක් පමණක්ම නෙමෙයි.හිතක්....ගල් කරගෙන ඉන්න,වෙඩරු පිඩක් වගේ හිතක්...හුගාක් ආදරේ කරන්න පුලුවන් හිතක්.සීමා මායිම් දාල හිර කරල.සෙලීට හරිම අපහසුතාවයක් දෑනෙනවා.එයා මගේ අතින් අල්ලන්නෙ නෑත්නම්,මම ඒ අතින් අල්ලන එක හොදද?එයාට මම ගෑන පිස්සුවක් වගේ ආදරයක් නෑත්නම්,මම එහෙම ආදරය කරන්න ගියාම එයා ඒක කොයි විදියට දකියිද???

සෙලීට බයයි.වෑඩිපුර ආදරය කරන්න.ඒත් මොකද්ද මන්දා නොදන්නා හේතුවකට සෙලී ඔහුට ආදරෙයි.අනාගතය සාර්ථකයි...සුන්දරයිද???ඔව්,ඔහුගේ හිත හොයාගන්නට හෑකිනම්....හිත ස්පර්ශ කරන්නට හෑකි නම්....සුන්දරයි....

සෙලී හුගක් මහන්සි වෙනවා,ඔහුට අවශ්යස විදියට හෑඩ ගෑහෙන්නට.ඒත් තමන් තමන්ම නොවෙන කොට හරිම අපහසුයි.....ඔහු ඈත්තටම තමන්ට හුගාක් ආදරේ කරයිද?කවද හරි....කවදාකම හරි.....සෙලී බලාගෙන ඉන්නවා.අතින් අල්ලගෙන වෙරල දිගේ ඈවිදන් යන්නට......වෙසක් දවසට මිදුලෙ හෑම ගහකම බකට් එල්ලන්නට....."....

Thursday, November 11, 2010

කොල වලට ජීවිතය විකිනීම.....

මේ ලියුමක්...හුගක් ඉස්සර ලියන්නට හිතාගෙන හිටපු.බොහොම ලගදි ඒ ගෑන ආයෙත් හිතන්නට සිද්ධවුනු සිදුවීමක් නිසා ඒ ලියුම ලියන්නට හිතුනා.....

ආදරණීය අනුත්තරා,

ජීවිතය කියල ඔයා දකින දේ මම දකින දේට වෙනස්.ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපි දෙන්නම ජීවිතේ දිහා බෑලුවෙ එකම විදියට.මම හරි කියල හිතපු දේ ඔයත් හරි කියල හිතුව.

ඒත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මම කෑම්පස් ගියාට ඔයා එහෙමම බෑන්කුවට ගියා.අපි හිතන පතන විදිය වෙනස් වුනා,අපි ආශ්රපය කරපු මිනිස්සු වෙනස් වුනත් එක්කම.....

ඔයා මට එවපු ලියුම ලෑබුනා.ජන්ගම දුරකථනයක් තියෙද්දි ලියුමක් ලියුවෙ ඈයි කියල මම අහන්නෙ නෑ.මම දන්නව මූණ බලාන කියන්න බෑරි දේවල් වගේම,තමන්ගෙ කටහඩින් තමන් කලා කියල කියන්න බෑරි දේවල් ලෝකෙ සිද්ධ වෙනව කියල.

ඔයා ඉස්කෝලෙ යන කාලෙම යාලු වුනා.ඒ ශශික එක්ක.ශශික කෑම්පස් තේරුනා.මේ ලියන්නෙ ඔයත් මමත් දෙන්නම දන්න දේවල්.ආපහු ලියනවට සමාවෙන්න ඕන.ශශික මම දන්න විදියට හොද ලමයෙක්.එයා කෑම්පස් හිටපු අවුරුදු හතරම ඔයා වෙනුවෙන් හිටියා.මම ඒ ගෑන දන්නෙ මමත් හිටියෙ ඒ කෑම්පස් එකේම නිසා. බෑන්කු විබාග ඔක්කොටම එයා ඔයාට උදව් කලා. බෑන්කු විබාග ඔක්කොටම එයා ඔයාට උදව් කලා.ඔයත් ලේසියෙනම විබාග සමත් වුනා.ඒත් මොකද්ද මන්දා හේතුවකට මට හිතුනා ඔයාල කසාද බදින එකක් නෑ කියල.

ඔයා එයාට එයාගෙ කොන්ඩෙ වෙනස් කරන්න කියපු දවසෙම මම හිතුවා එහෙම.හිතුව නෙමෙයි මට හිතුනා.අපි ආදරේ කරන්න ඕනෙ ඉන්න මනුස්සයට මිසක්,වෙන මනුස්සයෙකුට ආදරය කරල තමන් ලග ඉන්න කෙනා ඒ විදියට වෙනස් කරන්න යනව නම් ඒක පවක්.එයාට දුක හිතෙන්න ඈති.පව්... ඒත් ශශික හිටිය විදියටම හිටියා.උදව් කලා.එයා කෑම්පස් out වෙලා Software Engineer කෙනෙක් විදියට රස්සාව කලා.

ඔයාගෙ දෙමව්පියන්ට වගේ විශ්රා ම වෑටුපක් ලෑබෙන්නෑති දෙමව්පියන්ට එයා වියදම් කලා.කාලය ගත වුනා.ඔයාට එයාව එපා වුනා.ඈත්ත,ඒ පවුල් පසුබිම ඔයාට ගෑලපෙන්නෙ නෑ තමයි.ඒත් ඒ ශශික ගෑන කියන්න කිසිම වරදක් ඔයාට නෑ.මම ඒක දන්නවා. ඔයාටත් වඩා හොදට.

දෑන් ඒ ආදර කතාව අතීතයට එකතු වෙලා ඉවරයි.මොකද මම මේ ලියමන ලියන්නෙ ඔයාගෙ මන්ගල ඈරයුම් පත අතේ තියාගෙන.ශශික හිතනව ඈති ඔයා එයාට ආදරය කලේ නෑ කියල.මම එහෙම හිතන්නෙ නෑ.කාලය මිනිස්සුන්ව වෙනස් කරනව මම හිතන්නෙ එහෙමයි. ඔයාට හොද සෑමියෙක් ලෑබෙයි.ඔයා හොද කෙනෙක් මම දන්නවා.ශශික තනිවෙන එකකුත් නෑ මම ඒකත් දන්නවා.

අපි දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා අනුත්තරා.මම කඩදාසි කොල දකින්නෙ කඩදාසි කොලවිදියට.ඔයා ඒ කොල හතරෑස් වට කපල ඒවයෙ ඉලක්කම් අච්චුගහල තිබුනම ඒවට ගොඩක් ආස වුනා. මම හිතන්නෙ ඔයා කඩදාසි කොල ටිකකට ජීවිතේ විකිනුවා.ඔය කඩදාසි කොල වලට ලෑබුනු ලොකු ගෙදරක,ලොකු වාහනයක් ඈතුලෙ තනි වෙච්චි මීට අවුරුදු 20කට පස්සෙ දවසක මේලියමන ආයෙමත් කියවන්න.එදා වෙනකල් මේ ලියමන තියා ගන්න.

ඒ දවස ඔයාට උදා නොවෙන්න කියල කියන ප්රාිර්ථනාවත් එක්කම,ඔයාගෙ ඔය ඈස් දෙකෙන් කදුලු වෑටෙන මතු අනාගතේ ඕනම දවසක,ඔයාට ශශික නෑති වුනාට,ඔය අලුත් ස්වාමි පුරුශයා නෑති වුනාට හෑමදාම වගේම පරණ යාලුවා ඒ විදියටම ඉන්නවා... එදාට අපි අත් අල්ලගෙන ඉස්සර දවසක වගේම මහ වරුසාවක ඈවිදින්න යමු...
ඔයාට හෑමදාම ආදරේ,
ඔයාගෙම යාලුවා....

Tuesday, November 9, 2010

මගෙ කවිය මට දෙන්න......


ජීවිතය කවි පොතක්.....
ඔබ,
එහි අලුත් පිටුවක්.........

ලියන්නේ කවියක් ද????????
විරිත ගෑලපිය යුතුද??????????
හතර පද කවියකින්,
කොහොම නම්.........
ලියන්නෙම්??????

නිසදෑසක්....???????
දොස් දකිනු ඈත,
මනු දෙනෙත්.......

නොගෑලපෙනු ඈත…
කවි සිරිත.....

මගේ කවි පොත....
මගේ කවිය....
අසම්මත නිසදෑසක් කොට ලියමි......

කෝප නොගනු මෑන,
මනුසත් දෙනෙත්........

Monday, November 8, 2010

පහන් කණුවක් අසල හිද.....

පහන් කණුවක,
අදුරු එලි මෑද....
මහා එලියක්...
බිම.........
පොලොව මත හිටගෙන...
හරියටම,
පහන් කණුව යට....

දුටුවෙමිය...
නෙතුපුරා....
බලා සිටියෙමිය,
වශීවී.........
පෙම් කරන්නට තහනම්ය..

කුලුදුල් පෙම්වතියන්,
පහන් කණු යට හමු නොවේ...

සේපාලිකා.........

පින්සර සේපාලිකා මල්ගස......

පාර පුරාම මල්.......


පිලිබද සිතුවිලි උපද්නා බෑලුම් නෑතුවට....
සුවද මා වෙනුවෙන්ම නොවුනට.......



මක් කරන්නද...
දුරින් යන කල වුව සුවද දෑනෙනා කල......
දෑඩි හිත් නෑත්තෙක්ව.........
නෙතු වෙහෙසමි දුරින් ඉද වුව.......
එක මලක් වත් දකින්නට....

Tuesday, November 2, 2010

සමාවෙයන් මට........

මිලින නොවනා මලක්

බෑස නොයනා සදක්
ගයා නිම නොවුන ගීතයක්
මා වෙනුවෙන්ම වහින වෑස්සක්
සුමුදු ආලෝකයක්
සිසිල් සුලගක්
මම මා වුන හදක්.....

මිලින කල මල...
සදට යන්නට කියූ.....
ගීතය නොගෑයූ...
වෑස්සට නොතෙමිච්ච...
අදුරෙම රෑදුන....
සුලග සෑඩ කල.....
නපුරු මගෙ හිත....


සමාවෙයන් මට........

Monday, November 1, 2010

අන්තර්ජාල මිරිගුව(Fantacy of Online Friendships) -කෙටි කතාවක්....

පෙරවදන:-මුලින්ම කියන්න ඕනෙ නම් ගම් සියල්ල මනන්කල්පිත නෑති බව...කල්පිතත් නෑති බව.සියල්ලම මේ සමාජයේ මාත් සමග ජීවත් වෙන චරිත......මට හමුවුනු චරිත,සහ ඉදිරියට හමුවෙන චරිත.....

කාලින්ග ගේ කතාව....

මීට අවුරුදු 4කට විතර කලින් මම කෑම්පස් එකට ඈතුලුවුනම දවස් වල...අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් ගත්තෙ දෑන් ඉතින් පුතත් විශ්ව විද්යාමලෙ තේරුනු හින්දා,පුතාගෙ අධ්යායපන උවමනාකම් වලට කියලයි.මමත් ඉතින් බොහොම උනන්දුවෙන් වෑඩ කරනව කියලයි අපේ අම්මලා හිතුවෙ...කොහොමටත් අලුතින් ලෑබුනු සම්බන්දයෙන් ප්ර්මෝදයට පත්වේ හිටිය මම නම් කලේ අන්තර්ජාලයේ නිදහසේ සෑරිසරපු එක තමයි.අම්මලට ඉතින් ඕවයි වෑඩි යමක් තේරුනේ නෑහෑ.

විදේශීය දොඩමලු කාමරයකට(Chat Room) මම අහම්බෙන් යෑවුනෙ ඔය අතරතුර තමයි.මට අලුත් යාලුවො ගොඩාක් හම්බුනා.නම් ගම් රහිත....හෑමෝම හොදට කතාබහ කලා. රූපයක් දෑක්කෙ නෑ....නමක් ගමක් තිබුනෙ නෑ....ඒත් බොහොම හොදට කතා බහ කලා.... ඔය අතරෙ මට එක්තරා ගෑහෑනු ලමයෙක් හමුවුනා.ඒත් මේ දොඩමලු කාමරය අතුලෙ මයි.එයා වෙන රටක.අපි කතා කලා.

කතාව දික්වුනා ටිකෙන් ටික....හෑම දාම කතා කලා.එයා මම එනකල් බලාන හිටියා.මම එයා එනකල් බලාන හිටියා. ඒක තමන්ගෙ හිත් ගත් කෙනා එනකල් බස් හෝල්ට් එකක එහෙමත් නෑත්නම්,පාක් එකක බලන් ඉන්නවට වඩා වෙනස් හෑගීමක්....එයගෙ නම දන්නෙ නෑතුව,එයා එයිද කියල දන්නෙ නෑතුව.....මම එයා වෙනුවෙන් බලාගෙන හිටියා. එයා මම වෙනුවෙන් බලාගෙන හිටියා.අපි හුගාක් දේ ගෑන කතා බහ කලා.ඒ කතා කල විලාසය මගේ හිත හොදටම අරගත්තා.කතා කල දේවල් සාම්ප්රයධායිකත්වයෙන් බෑහෑරයි.හෑබෑයි සම්මතය තුල....

අපේ කතා බහ අතරෙදි ඈය කෙතරම් සොදුරු දෑයි දකින්නට මට ඕනෑ උනා.ඈයව දකින්නට.සමුදුරකින් එහා යන්නට මට හෑකි වුනේ නෑහෑ.ඈය මට ලිපිනයක් කියුවෙත් නෑහෑ. ඈයට මිතුරු දමක් පමණක්ම වන්නට ඈති.ඒත් මට එතනින් එහා ගිය හෑගීමක් දෑනෙමින් තිබුනා.... ඈය නොදෑනුනා වගේ හිටියා……

අපි දවසක් ආදර සම්බන්ධතා ගෑන කතා කලා.මගේ හිතට ආපු ප්රුථම ප්රේ මයේ මතකය මම ඈයත් එක්ක බෙදා ගත්තා.මගේ හිතේ සිහිවටන ඈයටත් දෑනෙනවට මම ආසා වුනා. බලා පොරොත්තු නොවුන විදියට "මම ඔයත් එක්ක තරහයි" ඈය කියුවා.මට හිතාගන්නට බෑරි වුනා.ඈයි මාත් එක්ක තරහ මම ඈහුවා.....මට තේරුනේ නෑහෑ. ඈයට දුක හිතිලා. ඊට පහුවෙනිදා,හරිම දුක දවසක්...

එයා ආවෙ නෑ.මම තවත් බලාගෙන හිටියා.ඒත් නෑ..ඊට පහු වෙනිදත්,ඊට සතියකට පස්සෙත් ඈය ආවෙ නෑ... බස් හෝල්ට් එකකට,පාක් එකකට වඩා පාලු තෑනක මම තනියමම හිටියා...ඒත් තවමත්.....

Story of Angeline….

එයා හරිම පුන්චි ළමයෙක්.කාලින්ග.....මට අද වගේ මතකයි....අපි කතාකලා.මම අවුරුදු 20 පහුකරලත් එතකොට අවුරුදු 20ක්....මම ආයෙත් අවුරුදු 20ක කෝල ලෑජ්ජාශීලි ගෑහෑනු දරුවෙක් බවට පත් වුනා.....

මම අවුරුදු 20දී කතා කල දෑ ආයෙමත් කතා කලා....මට ටිකින් ටික වරදකාරී හෑගීමක් දෑනෙමින් තිබුනා.හිත නොදන්නා හෑගීමක් හිත ආක්රදමණය කරමින් තිබුනා....

මම හිතුවා ඒ කතාවෙන් අයින් වෙන්නට....ඈමරිකාවේ සිට වුනත් සාම්ප්ර ධායිකත්වයේ අත්වෑරදීමක් මට දෑනෙමින් තිබුනා....මම ඉවත් වුනා....

ඒත් තාමත් මට ඒ වරදකාරී හෑගීම දෑනෙනවා.කාලින්ගට කොහොම දෑනෙනවා ඈතිද....

මට ඔයාට කවරදාකවත් කියාගන්නට බෑරි වුන හෑගීමක් මට අවසානයේ දෑනෙමින් තිබුනා.කාලින්ග,,,,,,මම ඔයාට ආදරය කරමින් සිටියා ඒ වන විට.....ඒත් දෑන් සියල්ල අවසානයි....