මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, September 28, 2010

ගෙඹි කුමාරයාගේ කවිය....


ගෙම්බෙක් නොවී,
කුමාරයෙක් උනා නම් ,
මට ඔය හාදුව,
නොලෑබෙන්න තිබුන...



එහෙනම්,
මාදිහා හොරෑහින් බලල,
මුකුත්
නොකියාම යන්න යාවි...

හාදුවේ බලෙන්,
කුමාරයෙක් නොවුනත්,
මට ඔය හාදුවම කොයි තරම් නම් වටිනවද....

Sunday, September 26, 2010

යෝජිත විවාහය....(Proposal Marriage)

විවාහය සිදුවිය හෑකි ක්‍රම මම අහල තියෙන විදියට නම් දෙකයි තියෙන්නෙ.ප්‍රේම සම්බන්දයක් තුලින් සිදුවන විවාහය තමයි බොහොම ජනප්‍රිය ක්‍රමය.තවත් බොහොම සාම්ප්‍රධායික වෑඩිහිටියන් පිලිගත්ත ක්‍රමයක් තියෙනවා යෝජිත විවාහය කියල.ආදරය මුල් කරගෙන සිදුවන විවාහයන් ගෑන,හෑමෝම හෑම වෙලාවෙම කත කරන නිසා,මම බොහොම ටික දෙනෙක් කතා කරන මාතෘකාවක් ගෑන කතා කරන්නට සිතුවා.

මම මේ කියන දේවල් පුද්ගලානුබද්ධයි.ඒත් මම ඉන්න පරිසරයෙ මගේ ඈහෑට අහුවෙන,මම ලෝකය දිහා බලන කෝණයට අනුව පේන දේවල් තමයි මේ ලිපියෙ තියෙන්නෙ.සමාවෙන්න ඕනෙ වෑරදි දෙයක් කියවෙනවා නම්....

එදා වගේම වෙනසක් නෑතුව අදත් බොහොම දෙමාපියන් කෑමතියි,අපේ දුව නෑත්නම් පුතා බෑන්දෙ යෝජිත විවාහයකින් කියන්න.ඒක ඒ උදවිය දකින්නෙ බොහොම නම්බුකාර දෙයක් විදියට.ඒ සදහා ඔවුන් විවිධ උත්සාහයන් දරනවා.
"ඔන්න දුවේ(නෑත්නම් පුතේ)විශ්ව විද්‍යාලෙ ගියාට කමන් නෑ.ඕන නෑති සම්බන්ධතා ගොඩ නගා ගන්නව එහෙම නෙමයි."
මේ වචන ටික,මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් තමන්ගෙ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්ගෙන් අහල ඈති.වෑඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වෙනව නම් මේ වචන ටික මේ විදියටම අහන්න පුලුවන්(එතකොටනම් කොහොමත් කියනවා).

මොකද දෙමාපියන් කෑමති නෑ විදේශික කාන්තාවක් නෑතිනම් පිරිමියෙක් තමන්ගේ ලේලිය හෝ බෑණනුවන් වෙනවා දකින්නට.එක අතකින් ඒ හෑගීම අසාධාරනයි කියලමත් කියන්න බෑ.
මම දන්න කාන්තාවක් ඉන්නව,ඈය තමන්ගෙ ලේලිය සමග වචනයක් වත් කතා කරල නෑ.මතුවට කතාකරන්න වෙන එකකුත් නෑති බව මට විශ්වාසයි.එක්කො ඈය සමග සන්නිවේදනයේ අවශ්‍යතාවයටම ලේලිය සින්හල ඉගන ගන්නට ඕනෙ.නෑත්නම් නෑන්දම්මා English ඉගනගන්නට ඕන.විදේශිකයන් සමග විවාහ වුනාම එහෙම දේවල් සිද්ධවෙනවා.මක් කරන්නද ඉතින්?

වයසක අත්තම්මකෙනෙක්(අවුරුදු 80ක් විතරවෙන ),මට දවසක් මෙන්න මෙහෙම කියුව...
"දුව දන්නවද,මම බුලත් හෙප්පු පහලොවක් අල්ලල තියෙනව.අන්තිමට දහ හතරවෙනිය තමයි දිනුවෙ...."මේ ආත්තම්ම මේ ගෑන කියුවෙ බොහොම ආඩම්බරෙන්.මට නම් මේක කිසිසේත්ම ආඩම්බර විය යුතු කාරණාවක් විදියට පේන්නෙ නෑහෑ.මට හිතෙන්නෙ හරිම අමුතු දේවල්.ඈත්තටම බුලත් හෙප්පුවක් මොකටද?එහෙම නෑතුව දෙන්නට දෙන්න දෑක්කම මදිද????...

මගේ යාලුවෙක් ඉන්නවා(මේ කියන්නෙ විසි එක්වන සියවසේ කතාවක් ).ලගදි යෝජිත විවාහයක මනමාලයෙක් ඈයව බලන්න ආවා.ඒ මනමාලයගෙ අම්ම ඈහෑව්ව ප්‍රශ්න තමයි මේ.


"දුව උයන්න දන්නවද?"...
"ඔව් ආන්ටි..."
ඊලගට මේ ආන්ටි අහනවා,
"ඔයා උයන්න දන්නෙ මොනවද?".....
"නිකන් මාව උයන්න ගෙනියන්න වගේනෙ"...මගේ යාලුව මාත් එක්ක කියපු කතාව ඉවර කලේ එහෙම....
ඈය උගත් තරුණියක්.උගත් අය උයන්න දෑන ගත යුතු නෑ කියල නෙමෙයි මම මේ කියන්නෙ...උයන එක විතරමද විවාහයකදී වෑදගත් වෙන්නෙ?දෙදෙනාගෙ ගෑලපීම වෑදගත් වෙන්නෙ නෑද්ද?
යෝජිත විවාහ සාර්ථක වෙන අවස්ථා වගේම,ප්‍රේම විවාහ අසාර්ථක වෙන අවස්ථාවල් නෑතුව නෙමෙයි.වෑදගත් වෙන්නේ දෙදෙනෙක් අතර තියෙන අවබෝධය.උයන්න ඉගන ගන්න පුලුවන්.ඒත් දෙදෙනෙක් අතර ඈතිවෙන අවබෝධය ඊට වඩා හුගක් වටිනවා.....

මම අහල තියෙනවා සාර්ථක විවාහයක් ගෑන වෑදගත් කතාවක්."කාන්තාවක් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගන්න නම් ඈයට බොහොම ආදරය කොට  අඩුවෙන් ඈයව තේරුම් ගෑනීමට උත්සාහ කරන්න...පිරිමියෙකුට ස්වල්පයක් ආදරය කොට ඔහුව සම්පූර්ණයෙන් තේරුම් ගන්නට උත්සාහ කරන්න..."
මොනවද හිතන්නෙ???

Saturday, September 25, 2010

කොලොම්පුර....

නවාතෑන් හිමි,
සොදුරු නිවහන...
මයිල ගනනක දුර....

හිමි අහිමි,
මාපිය සෙනෙහෙ....
උණුහුම අහිමි....

 
කොලොම්පුර,
තනිකමින් පිරි...
සපිරි ගෙය සරි....
නොදන්නා මිනිසුන්,
නිරතුරුඈස රෑදෙන...
ව්‍යාජ සිනහ...

උගත්කම් ඈති,
රෑකියාවෑති,
දියනියක නෙතු කදුලු රෑදි....

දිටී ඈ....
ජීවිතය අන් තැනක....

Thursday, September 23, 2010

කතා නොකරන හදවත්...



කතා නොකරන හදවතක් තුල,

කොයි තරම් නම් කතන්දර වෙද...

නොලියවෙන පන්හිදෙන් ලියවුනු....


එකී හදවත මියෙන මතු දින,

මියෙනු ඈත ඒ කතන්දර රෑස......

Tuesday, September 21, 2010

අනියමාර්ථයේ අසම්භාව්ය.....

මම දකින මේ ඡායාරූපය,

මම නුදුටුවා නම්...

ඔබ සිටින තෑන මා තබා යලිත් බලන්නට...
ඔබ සිටියානම්....

ඔබේ පසෙකින් මේ සිටින්නේ ,
මම නම්....

මේ ඡායාරූපයේ,
ඔබ පමණක් සිටියා නම්....

අතීතය වල දමන්නට හෑකි නම්...

නපුරු කටු,
හදවතේ පෑටලෙන්නෙ නෑති නම්...

මම මා නොවේ නම්....

Monday, September 20, 2010

සුරනoගනාවියක් නෑති සුරනoගනා කතාවක්....

ඔන්න එකමත් එක රටක,ලස්සන කුමාරයෙක් හිටියා..මේ කුමාරයා හරිම මුරණ්ඩුයි.පුන්චි කාලෙ ඉදලම...කුමාරයගෙ අම්මටයි තාත්තටයි සල්ලි තිබුනෙ නෑ.මේ කුමාරයට ජීවිතේ හීන හුගක් තිබුනෙත් නෑ....යන්න තෑනක් ජීවිතේ අරමුණක් මේ කුමාරයත් තිබුනෙ නෑ...

මුල්ම සිගරට් එක බිව්වෙ අවුරුදු 4දි.අවුරුදු 13දි සිගරට් බොන එක නෑවත්තුවා.ජීවිතේ කල යුතු දේවල් නොකල යුතු විදියටත්,නොකල යුතු දේවක් කල යුතු විදියටත් සිද්ධ උනා.උසස් පෙල කණු 6ක්ම ලෑබුනා ,දෙපාරකට....

මාලු මාකට් එකක මාලු කෑපුවා...මේසන් බාස් ලට අත්වෑඩ දුන්නා.ජීවිතේ ගත නොවිය යුතුවිදියට ගත උනා.
කම්පියුටරයක් ඈහෑටවත් නොදෑක computer programmer කෙනෙක් වෙන්න හිතුවා.අනාගතේ Microsoft එකට යන්න හීන මෑව්වා.

අන්තිමට programmerකෙනෙක් උනා.ලොකු පඩියකුත් ගත්තා.උපාධියකුත්  නෑතුව.ජීවිතේ ගමන් කරන්නෙ අපිට ඕන දිහාට නෙමෙයි.අපිව ජීවිතේට ඕන දිහාට අරගෙන යනවා.

අනිස්ථිර රස්සාවක ඉස්තිර පඩියක් ගන්න මේ කුමාරයා,මේ දෑන් මූද අද්දර ඉදගෙන මුහුද දිහා බලාගෙන හම්බ කරපු සල්ලි වලට කරන්න දෙයක් කල්පනා කරනවා.හෑමෝම කුමාරයගෙන් සල්ලි ඉල්ලනව.ණය දෙනව ඈර කරන්න දෙයක් සල්ලි වලින් නෑද්ද හෑබෑටම.....????

කුමාරයට තමන් ගෑනම දුකට ඈහෑට කදුලක් උනනවා.වෑස්සක් වහිනවා....ඈහේ කදුලු වෑහි බින්දු වලට සේදිලා යනවා....

කවදාවත් පායන්නෙ නෑති වෑස්සකට කුමාරයා තෙමෙනවා....

Sunday, September 19, 2010

හෑබෑහින් දුටු සිහිනය...

දකින්නට බලා උන්නෙමිය...
අසන්නට සිතා උන්නෙමිය.....
බලා උන් රුවමය...
සිතා උන් හඩමය...
සිහිනයක් හෑබෑහින් දකිමිය.....


දකින්නට බලාගෙන ඉන්න ඈති..
අසන්නට සිතා ගෙන ඉන්න ඈති....
බලා උන් රුව නොව,
සිතා උන් හඩ නොව.....

සිහිනය හීනයක් වෙන්නෑති........

පෙම්වතිය ගේ අන්තිම කවිය...

නිමිත්ත:-
"would you love me if I didn't work out or I didn't change my natural hair..????"මගේ යලුවෙක් එයගෙ status message එකේ මෙහෙම ලියල තිබුන....

මගේ අම්මාගේ,

කෑරලි කෙහෙරෑලි....


කෙහෙරෑලි වලින් තෑනුන මුදු,
ඈගිලි අතරේ පටලාන....
තාත්තා කියා දුන් පෙම් කවිය.....
අම්මාට මතකෑති තවම....

ඒ කවම නොවුනත්,ඒ වගේ කවියක්වත් කියන්නට,
අකුරු ගෑලපිය නොහෑකි පෙම්වත....

නුඹ වෙනුවෙන්ම,

වෙනස් විය යුතුද මම?????

මිටින් ගත හෑකි සිහිනිගට,
මට නොමෑති,
පුලුල් උකුලට....
පෙම් කරන,
ආදරණීය පෙම්වත,
පතන්නෙමි නුඹට ඈය හමුවන්ට....

නුඹට නොදෑනෙන,

නුඹට නොවටින,
නුඹට පමනක් පෙම් කල,
හිතත් අරගෙන මම යමි...
ආපසු හෑරී නොබලාම.....

පසුවදන:-

ඈබෑර්තු ඈත....
කොණ්ඩය Straight,
Slimපෙම්වතියක් උවමනා කර තිබේ...(මගේ පෙම්වතාට )
 

මව් සෙනෙහෙ....

කදු මුදුන,

අරුනෑල්ල උපදින..
මීදුම පොරවාන උන් බෑවින....
රහස් රෑක ගෙන සිටිය.....
ඉපදි දිනකර පමනක් දුටුවෙමිය......
නුඹෙ සෙනෙහසේ තරම මා නොදිටිමිය....


මව හෑරපියා දුර ගිය....
හිරු කුමරු ලොව දික් විජය කල....
කාටත් නෑතිව බෑරි විය....


නන්නාදුනන සේ හිටිය...
මවු සෙනෙහෙ බලන්නට වත් නොගිය....

රෑය එලබි...
ලෝකයට ඈවසි නෑති හිරු එලිය....


යලිත් මවු තුරුලටම ගිය....
මවු සෙනෙහෙ හෑමදාම එහෙමමය....




Saturday, September 18, 2010

අපූරු මිනිස්සු...........

අපිට විවිධාකාරයේ මිනිස්සු හමුවෙත්.අයෙක් කපටිය,තවෙකෙක් සොදුරුය,තවත් අයෙක් හිතට අල්ලන්නේම නෑත....
මටත් ලගදී මිනිස්සු ගොඩාක් හමුවින....මේ දවස් වල මම ඔවුන් අධ්යෙයනය කරමි....මිනිස්සු හුගාරයක් එක පාරටම හමුවෙන එකත් එක්තරා ආකාරයක අමුතුම අත්දෑකීමකි...

අද සිකුරාදා දිනයක් නිසාත්,හෙට කරන්නට කියා විශේශ වෑඩක් නෑති වීම නිසාත්....ඔවුන් ගෑන සටහනක් තෑබීම මට වාගේම ඔබටත් යම් කිසි ආකාරයක වෑදගත් කමක් තිබිය හෑකි නිසාත්, මේ සටහන තබමි.....

මූණු පොතේ (නන්නාදුනනා) යහලුවෙක්ව සිටි අයෙක් මට ලගදී දවසක හෑබෑහින් හමුවිය....මේ මූණු පොතේ ඉන්නා ඔබම දෑයි මගේ නම කියා ඔහු විමසීය....මට මහා ලොකු ලජ්ජාවක් දෑනින. මම මුණු පොතේ පින්තූර වල තරම් හෑබෑහින් රූමත් නෑතිවීම එසේ අසන්නට හේතු වූ බව මට හෑගින. ඔහු ඉන්පසුව මා සමග වෑඩි කතා බහක් කලේම නෑත. පින්තූර වලට වඩා ඔහු වෙනස් වූයේ ආඩම්බර කමින් පමනකි.එක අතකට ඉතින් ආඩම්බරකම පින්තූර වලින් පේන්නේ නෑති නිසා එහි අති වෑරෑද්දක්ද නෑත.

දමිල මිනිසෙක් වුවත් සුන්දර අයෙක්.ඒ තවත් මිනිසෙකි.ඔහුගේ බර දරා ගන්නට නොහෑකිව විශාල පුටු පවා කෑඩීයයි.ඒ තරම් ඔහු මහතය.විහිලු වලට ලක් නොවන්නට ඔහු කදිම උපක්රගම යොදා ගනියි.තමන්වම බයිට් කර ගෑනීම එක් ක්රරමයකි.අනුන්ව හිනස්සවා තමන් බයිට් වීමෙන් වෑලකීම තවත් ක්රදමයකි.

චිත්රයපටි වලට සන්ගීතය නිර්මානය කරන අයෙක්.....එය ඔහුගේ සිහිනයයි.ජීවිතයයි....ඒත් ඔහු ජීවත් වීම සදහා අන් රෑකියාවක් තෝරා ගෙන ඈත.සිහින තුල ජීවත් වන්නට ලන්කාවේ බෑරිය.

චෑට් කරන මූණට හමුවූවිට අහක බලාගෙන යන අමුතු මිනිසෙකි.චෑට් එකේ නම් බොහොම යාලුය.මූණට හමුවූවිට අහක බලාගෙන යයි. කම්පියුටර නිසා මිනිස්සුන්ට කතා කරන්නටත් අමතක වෙනවා යෑයි කියන්නේ ඕකටය.

ඉගනගන්නටම උපන්,ඉගනීම පරතෙරට දත් තවත් අයෙකි......ඉගනගත්තා හෑර අන් දෙයක් කර නෑත.ඉගනීම හෑර අන් දෙයක් දන්නේද නෑත.නමුත් ඔහුගේ ඈති වරදක්ද නෑත.මිනිස්සු විවිධාකාර වූ විනෝදාන්ශයන් කරති.ඉගනීම විනෝදාන්ශයක් කර ගෑනීම එක අතකින් වාසනාවන්තය....තවත් අතකින් අවාසනාවන්තය.....

සුන්දර කාන්තාවක්ද ලගදී මට හමුවිය...ජීවිතය ගෑන බරක් පතලක් නොගන්නා ඈය සිනහවෙන් කල් ගෙවයි.පවුලේ බඩපිස්සියකගේ ලක්ශන සියල්ලම ඈය සතුය.....

මේ සියලු මිනිසුන් මට පෙනෙන්නේ අපූරු ලෝකයන් මෙනි.”EVERY PERSON IS A DOOR TO A DIFFERENT WORLD”කියන කියමනේ ඈත්තක්ද ඈත.මම මේ මිනිසුන් හමුවීමේ සුන්දරත්වය විදිමි....

Saturday, September 4, 2010

උයනත පිපි මලක්....

ඔබේ උයනත,

මලක්වම පිපෙන්නට,
නෑඹුල් සුවද ගෙන....

සද දිය ගන් දිය මත වෑටෙන,
අදුරු සුන්දර රෑයක,
නුබේ සුරතින් නෙලෙන්නට,
පතන පෑතුමන් නොනිමෙත.....

නුබටත් වඩා නුබ ගෑන,
සිතන හදවත විඩාදෙත...

ඒත් ඒ උයනත,
තවත් මල් නොපිපේද.....

අනෙක් මල් බෝ සොදුරු වනු ඈතිද....
ඉරිගසා බෙදන්නේ කෙලෙසකද,
උයනත.....


තවත් මල් නොපිපෙන උයනක්?????
නොබිදෙනා හදවතක්......

රාම්ලාන් සද....

පල්ලියේ උස කොන්තය,

බදින්නට ඉනිමන් මා සතුව නෑත....
අතු රිකිලි ලා වෑඩුන ප්රේෑමයේ ගස,
විහිදි අතු උස මදි විය,
මක් කරන්නද මම.....

වෑසුනු සද වත,
බෝම රුව යෑයි සිතෙන...
නොදුටු රුව මනෑසින් මවමින,
සොදුරු සිතකට පෙම් බෑද....


දෑස පමනක් දුටුව...
මගෙ ලොවම ඒ දෙනෙත් තුල විය...

පෝදාට පිරෙන සදවත,
රාම්ලාන් දවසට නොපිරෙන..
නොපිරෙනා ඒ ඉතිරි අඩ,
ප්රේරමයේ මතකයෙන් පුරවමිය මම....



Thursday, September 2, 2010

ආසා.....

සිහින් මුදු උරුවමක්...



අසන්නට...


මෝසම් උදයක,


නිදිමත සීතල හගින්නට...


කහ පෑ හෙන්දිරික්කා මල් පොකුරු,


දකින්නට...


සිවිය ලූ ඈපල් සුවදක් විදින්නට.....