මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, December 30, 2010

නොලෑබීම වනාහී.....

මා සතු රිය නෑති...
මා සතු නිවස්නක් නෑති...
ඊයේ..
ඇය මා සතු විය...

 මා සතු රිය ඇති...
මා සතු නිවස්නක් ඇති...
අද...
ඇය අන් සතු විය...

Monday, December 27, 2010

නෙල්ලි = ආදරය...

නෙල්ලි,

රස පහම....
එකක් පසුපස අනෙක...
හැම රසම මුසුව විත්,
අන්තිමට දැනුනු පෑණි රසින්,
අන් සියලු රස අමතකව.....

Thursday, December 23, 2010

සිනහව සිපගනිමි....

ඔබ....

අහඹුවකි....
හදිසියේ ආ නිසා හදිසියේ පිලිගතිමි....

අතීතයෙ පෙම් නොකලමුත්....
අද පෙම් කරමි...
හෙට පෙම් කරන්නට බලා ඉමි...

අප අපට පෙම් නොකල කාලයේ....
අපට පෙම් කල අය ඇත....
අප පෙම් කල අයද ඈත...

ඔබට තව අය කවි ලියා ඇත......
අන් අයට කවි ලියා ඈත මම...
ඉතින් අප සම වෙමුය....

ඇය ආපසු ඇවිත්....
ඔබට ලියූ කවි කියා ගිය....

අතීතය වෑඩි දුරක නෑත...
උවමනා නම් ආපසු යා හෑකිය....

මා නොයන්නෙමි...
ඔබ නොයන බව දන්නෙමි...

ඔය දෙතොලතර
නෑගෙන සිනහව බලා ඉමි....

සෙනෙහසින් සිනහව සිපගනිමි....

Wednesday, December 22, 2010

ඈය ඔබට අකමෑති ඈයි????

ජීවිතය හරිම පුදුමයි....හුගක් කාලෙකින් මුකුත් ලියන්න බෑරිවුනා....සමහර හෑගීම් අපිට වචන වලට පෙරලන්න අපහසුයි..අපහසුයි නෙමෙයි නොහෑකියි....අවුරුදු අටක ආදර කතාවක්...ඒක පාර්ශවික....පොඩ්ඩක් නවතින්න....අහන්න,ඔබට පුලුවන්ද තවත් කෙනෙකුට අවුරුදු අටක් ආදරය කරන්න ,අනෙකා ඔබට ආදරය නොකරද්දිත්.....අනෙකා ඔබේ ආදරය ගෑන මුකුත්ම නොදෑන සිටිද්දීත්?????

එහෙම මිනිසුන් මේ පොලොව මත...අපේ මවුබිම මත සිටිනවා....මේ එක මිනිසෙකුගේ කතාවක් නොවෙයි.මිනිසුන් කිහිප දෙනෙකුගේ කතාවක්....සියයට සියයක්ම සහතිකව මා දන්නා කතාවක්....

ඒ මා දන්නා කතාවන් නෑවතත් ලිවීමට වඩා,ඒ කතාවන් වල පෑටලී සිටිනා,ඒ ප්රේ්මයන් තුල සිරවී සිටිනා මිනිසුන්ට....අත්වෑලක් සපයන්නට සිතුනා.වසර ගනනාවක් ඒක පාර්ශවික ආදර කතාවන් වල සිරවී සිටින බොහෝ අය පිරිමින්...මා දන්නා පරිදි.....

ගෑහෑනුන් බොහෝ විට ප්රා.යෝගිකයි...ඔවුන් සන්වේදියි තමයි....හෑගීම්බරයි....ආදරය බොහොම වටිනා සාධකයක් වුනත්...වඩාත්ම වෑදගත් සාධකය ඔවුන් ප්ර යෝගිකයි.ගෑහෑනියක් වශයෙන් මමත් ප්ර.යෝගිකයි.

යුවතියක් විවාහයකින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?(ආදරයකින් නෙමෙයි විවාහයකින්)....

කරුණු වශයෙන් කියන්නම්....

ජීවිතයේ වසර කිහිපයක් ඉතිරි කරගන්න සමහරවිට මේ කරුණු ඔබට උදව් වෙයි......

1.ගෑහෑණියක් සෑම විටම බලාපොරොත්තු වෙනවා තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය තමන් ජීවිතයේ මුල් කාලය ගත කලා වගේම ගත කරන්නට....නෑත්නම් එය ඈයව අසහනයට පත් කරනවා....

2.තමන්ට වඩා අධ්යා්පනයක් ලද කෙනෙක් ඈය බලාපොරොත්තු වෙනවා....

3.බොහෝ ගෑහෑනුන් රූපය පිලිබදව එතරම් සෑලකිලිමත් වෙන්නේ නෑහෑ.එහෙත් ඈයට සිත තුල මවාගත් යම් සාධකයන් තිබෙන්නට පුලුවන්....(උස වෑනි )

4.ඈය ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා....මොන උසස් රෑකියාව සිදු කලත්,කොයිතරම් අධ්යාාපනයක් ලබා සිටියත්....ඈය තමාව සුරෑකීම බලාපොරොත්තු වෙනවා.....

5. ගෑහෑනුන් අනිකාට වඩා තමාව කෑපී පෙනෙන්නට උත්සාහ කරනවා.ඕනෑම ගෑහෑනියක් එහෙමයි.

6. වඩාත්ම වෑදගත් වන්නේ ඈය ඔබට අකමෑති වන්නට දක්වන්නේ එක් හේතුවක් වන්නට පුලුවන්.නමුත් ඈත්තම හේතුව හුගක් වෙනස් දෙයක්..

7.කිසිම හේතුවක් නෑතිවත් ඈය ඔබට අකමෑති වන්නට පුලුවන්....

ඉතින් යාලුවනේ,ජීවිතය ඉතිරි කරගන්න...ප්රායෝගික වෙන්න....

Wednesday, December 1, 2010

සිහින වෙරලක සෑදෑවක්....

හෑම කවියකටම නිධාන කතාවක් තියෙනවා.හුගාක් අය කියනව,තමුන් හිතෙන දේ ලියනවා කියල.ඒත් සුරන්ගනා කතාවක් නොවෙන ඕනම කතාවක් ඈතුලත ඈත්ත කතාවක් තියෙනව.මේ කවිය ඈතුලත ඈත්ත කතා ගොඩාක් තියෙනව.මම ජීවිතයේ විවිධ අවස්ථා වල මුහුදු වෙරලකදී දුටුව.....



මම ලගදි දවසක් දෑක්කා මුහුදු වෙරලක ගලක පෑටලිලා තිබුන සාරියක්...ඒ සාරිය සුදුම සුදුයි...නිල් පාට බෝඩරයක් එක්ක.මගේ හිතේ කතා හුගාක් ඈදුනා.යමක් දෑකීමෙන් අනතුරුව අපිට ඒ ඔස්සේ කතා හුගාක් මවා ගන්න පුලුවන්....


අනිත් දේවලුත් දෑකපු දේවල්ම තමයි....


දෑකලා තියෙනවද,සුදු පාට සුළගක්....මූද දෙසින් හමාගෙන එන සුලග දුර ඉදන් බෑලුවම සුදු පාටයි....


ජීවිතය විදින්න...
ජීවිතේ හුගාක් ලස්සන දේවල් සල්ලි වලට ගන්න බෑහෑ.ඒ දේවල් ස්වබාවධර්මය අපිට නොමිලේම දීල තියෙනවා...

මේ,සිහින මිනිසුන් සිටින ......සිහින වෙරලක සෑදෑවක් ගෑන, කවියක් වගේ කතාවක්...


අමුතු වෙරලක්,
දන්නෙ නෑති.....
කවුරුත්ම එන්නෙ නෑති...
නමක් නෑති....
මුහුද,
නන්නාදුනන,
ගල් මත හෑපී විසිරෙත...

සුදු සාරියේ නිල් පාට බෝඩරය...
මුහුදු රළ පෑහෑයට වඩා තද...
අයිතිකාරිය අහිමි සාරිය....
ගලක පෑටලී හිදින,
මුහුදු රළ සමග යන්නට තනන....

දුර එනකොට පෙනෙන සෑඩ රල,
ලගට විත්,
සුමුදුවට දෙපා සිප ආපසු හෑරෙන....

ඔරලෝසු කටු කෑරකෙන්නෙ නෑති,
දවසක්...
නන්නාදුනන දෙතොලක,
මොලකෑටි බව විදින,
සිහින මිනිසුන්.....

පෙම්වතා සමග ඈවිදගිය මග දිග,
වෙරල අඩිසටහන්,
බලා හිනෑහෙන බොලදිනිය....

සයුර දෙසින් එන,
සුදු පාට,
ලුනු රස සුලග.....



Tuesday, November 30, 2010

කොලඹ----->මාතර

ගමේ යන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ.ඒත් ඒ මග දිගට දෑකපු දසුන් එක්ක හිත පොඩ්ඩක් විතර සෑලුනා.මම මේ නෑවතිලා ඉන්නෙ මට නියමිත තෑනමද?පෑය තුනක ගමනකින් පස්සෙ මම මට සමීප මිනිසුන්,ලෙන්ගතු සිනහවන් දකින්නට පටන් ගත්තා.මග දිගට මම දෑකපු දසුන් අකුරු කරන්නට හිතුනෙ ඒකයි.මඩ වතුරත් කලු පාට මේ කොලොම් පුර අත්හෑර,ගම ගියෙමි මඩ වතුරෙහි ස්වබාවික පෑහෑ දකින්නට....

දම් පාට බස් එකක් දුටුවෙමිය...
කලු පාට කාක්කෙක්....
දරන්නට බෑරි සීතලක්,
රියෙන් එපිට වෑටෙන වෑස්සක්....
මුහුණ නොබලන මිනිසෙක්...
කෘතීම රතුපාට තොල් සහිත ගෑහෑනුන්....
කලු පාට මඩ වතුර....

තාච්චියක් හිස තබා එන දරුවෙක්...
සිහින් ගෑහෑනු ළමයින්....
හෙන වෑදුනු පොල් ගස්....
කොල පාට වෙල මෑද සුදුපාට කොක්කු....
වෑව් දියේ පිපෙනා නෙලුම් මල්....
කහපාට මඩ වතුර.....







හොරාට බෑලීම....




මග දිගට,
ඔය ඈස් නතර වෙන රුව ලග,
මා දෙනෙත් නතර වෙයි...

ඔය දෙනෙත්,
කරන දගකම්,
පසුපසින් සීරුවෙන් ලුහුබදියි,
මගේ ඈස්....

මගේ දෙනෙතට,
නොනෑගි කදුලක්,
කොනිත්තයි,
හදවතේ ඈතුලු බිතු.....

දස දහස් රුව දුටුව,
නුඹේ ඈස් විඩාදී,
ගිමන් නිවනා කලෙක...
දකිනු ඈත අහම්බෙන්...
මගේ නෙතු...
විඩා නොගෙනම තවම ඔය දෑස විදිමින්....

එදිනට,
නතර වනු ඈත...
ඔය දෑස මා දෙනෙත් අස...
ඔය හිත,
මගේ හිත ලග....

Tuesday, November 23, 2010

සද දුටුව සූරියකාන්තා මල....

දෙබසක්....

සද   :- "සූරියකාන්ත මල් මොන පාටද?..."


සූරියකාන්තා  :-"ම්ම්හ්....රෝස පාටයි...."

සද   :-"අයියෝ ඒකවත් දන්නෙ නෑ....සූරියකාන්ත මල් කහපාටයි...."

සූරියකාන්තා  :-""හි...හී ඈත්තට????"

සද   :-"එහෙනම් දන්නවද,ඈයි සූරියකාන්ත මල් කහපාට?????'"

සූරියකාන්තා  :-""ම්ම්හ්....කහ පාට ලස්සන නිසා..."

සද   :-"වෙන්න ඈති ඒත් ඒකම නෙමෙයි හේතුව...."

සූරියකාන්තා  :-""එහෙනම්..."

සද   :-"ඔයාට මතකද මම ලස්සන ගෑනු ලමයෙක් ගෑන කියුවා...අන්න ඒ ලමයා අද ඈදන් ඈවිත් හිටියෙ කහපාට ඈදුමක්...අන්න ඒකයි සූරියකාන්ත මල් කහපාට....."


කවියක්
 
හෑගෙන දෑනෙන ලෙන්ගතු කමට පිටු පාමි...

නුඹ ඉර නොවෙන කල...

සූරිය කාන්තා මලක් නොවී,
හෙන්දිරික්කා මලක් වුනා නම්....


ඒත්,
නුඹ සදය...
මම සූරියකාන්තා මලය....

Sunday, November 21, 2010

සොදුරු ඔබ දෑකීම....

අතීතය තුලින්.....

හමුවූ අය...
කලකී දෑ...
සිදුවූ දෑ.....
තුලින් වත්......

අනාගතය තුලින්....
සිදුවනු ඈතයි,
මා සිතන....

ඔබ සිතන...
දෑ තුලින් වත්...
නොව,

මේ මොහොත තුල
ඔබ තුලින් ඔබ දකී නම්....

ජීවිතය,
සරලය,
සුන්දරය....
ලස්සනය....




Saturday, November 20, 2010

විවාහක බිරිද දුටු තරු වෑස්ස...



තරු වෑස්සක්...
මහ රෑ 3ට....
ජනේලෙන් පිටත....
හොරාට...
ජනෙල් කවුලුව මත හිද....

ප්රා්ර්ථනා හුගාක් තිබුනා....
හිතේ,
ඉස්සර වෑස්සා නම් මේ වෑස්ස.....

ඒත්,
තරු වෑටෙන අහස,
කවුලුවෙන් පිටත....

කවුලුවෙන් මෙපිට යහනත,
තද නින්දකින් නිදන ඔහු...
තරු වෑස්සක සොදුරු බව කිසිදාක නොදකින....

දෑන් මොටද,
මට තරු වෑසි......
ප්රාරර්ථනා නෑති හිතට...
තරු වෑසිත්,මහ බරක්.....

ලොක්කා.........

ජීවිතය විදීම...මම දන්න මනුස්සයෙක් ඉන්නවා.හරිම සුන්දර,ඒ වගේම සරල....කලුම කලුයි.රෑට දෑක්කොත් අදුරන්නත් බෑ.හ්ම්ම්...මම හිතන්නෙ කතාව පටන් ගන්න තිබුනෙ මෙතනින් නෙමෙයි.අපි වෙන තෑනකින් පටන් ගමු.මේ කතාව ලියන්න හිතුනෙ මේ අපි විදින අත්දකින නාගරිකත්වය බොරුවක් කියල හිතුන වෙලාවක.ඒ නිසා කතාව පටන් ගත්තෙ එච්චර ලස්සන තෑනකින් නෙමෙයි.අපි ලස්සන තෑනකින් පටන් ගමු.




එයාගෙ නම විමලසිරි.මට මතක එහෙමයි...එයාව මම ඉස්සෙල්ලම දෑක්කෙ කවදද කියල මට මතක නෑත්තෙ මම එයාව පුන්චි කාලේ ඉදලම දෑකල තියෙනෙ නිසා.මට මුලින්ම විමලසිරි ගෑන තියෙන මතකය ඈරඹෙන්නෙ මම එයත් එක්ක හරියට කතා කරන්න තරම් වචන දන්නෙ නෑති කාලෙ.ඒ වෙලාවෙ මම ටිකක් දිග කෝටුවකින් මිදුලෙ එයාගෙ නම ලියන්න කියල දෙමින් හිටියා.ඔයාගෙ ඈත්ත නම මොකද්ද මම ඈහුවා.එයා හිනා වුනා.ඒ වෙලාවෙ එයා හිටියෙ අපේ ගෙදර පිටිපස්සෙ තියෙන එයාගෙ කාමරේ ජනෙල් පඩිය උඩ ඉදගෙන. මගේ දිහා බලගෙන.හිනා වෙමින්.


මම එයාගෙ මම දන්න නම මිදුලෙ ලියුවා."ලොක්කා"....මෙන්න මෙහෙමයි නම ලියන්නෙ. මම කියුවා.එයා ආදරය වගේ හෑගීමක් ඈස් වල තියාගෙන බලාගෙන හිටියා.කලුම කලු පාට මූනෙ සුදු පාට හිනාව හුගාක් ලස්සනට පෙනුනා.


එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොක්කෙක්.කවුරුවත්ම වෑඩිය ගනන් ගත්තෙ නෑ.වෑඩිය නෙමෙයි කොහෙත්ම ගනන් ගත්තෙ නෑහෑ.මොන ලොක්කෙක් උනත් එයාට ලොක්කෙක් නෙමෙයි. එයා තමයි ලොකුම ලොක්කා එයාට.එයාට ඉතින් හෑමෝම කියුවෙ ලොක්කා කියලා.අපේ ගෙදර තමයි හිටියෙ.අපේ ගෙදර බලාගන්න. එයා වෑඩිය හිටියෙ බිම නෙමෙයි උඩ....උඩ කියුවෙ ගස් උඩ.


එයා බත් කෑවෙ හරිම අඩුවෙන්.මම දෑකල තියෙනව එයා ගස් උඩම ඉදගෙන පලතුරු කනවා.වෑවෙන් මාලු අල්ලගෙන ඈවිත් කනවා.රෑට අපි ගෙදර නෑති දවසට එයා මිදුල පිටිපස්සෙ ගින්දර ගොඩාක් ගහලා තියෙනවා.මොනව කරනවද නම් මම දන්නෙ නෑහෑ.කොහොම හරි හරිම සුන්දර මනුස්සයෙක්...මම මීට අවුරුදු 18කට විතර කලින් දෑක්කා වගේමයි තාමත්.එක කෙස් ගහක්වත් ඉදිලා නෑ.....


එයා මට ද0 අතුපිටින් ගෙනත් දුන්නා...ඒ ගෙඩි වල දම් පාට මගේ හිනාවේ පාට වෙනවා දෑකලා ඒ මුහුනෙත් හිනාවක් සටහන් වුනා.පලු ගෙඩි මොන වගේද,මොන රහද කියලා මම දෑනගත්තේ ඔහු නිසා..


ඔහු කෑමති වුනේ නෑහෑ ගෑහෑණියක් සිටින නිවසක ජීවත් වන්නට.අපේ අම්මලා ආපහු ඒ ගෙදර පදින්චි වෙන්න ගියාට පස්සෙ එයා යන්න ගියා.ඒ වෙනස් වෙන්නට තියෙන අකමෑත්ත.ගෑහෑණියක් අතින් පිසෙන බත් කන්නට ඈති අකමෑත්ත.


මම ගෙදර ගියාම පුලුවන් කමක් තිබුනොත් ඔහුව බලන්නට යනවා.ඔහුව හෑන්ගිලා ඉන්න තේ පදුර යටින් හෝ ගහ උඩින් බස්ස ගත්තාට පස්සෙත් අපිට කතා කරන්නට දේවල් නෑහෑ.


මට ඉත්තෑවො ඈල්ලීම පිලිබදව,ඌරන්ට උගුල් ඈටවීම පිලිබද අවබෝධයක් නෑතිවා වගේම,ඔහුට කොටස් වෙලදපොල හා තොරතුරු තාක්ශනය පිලිබද දෑනුමක් නෑහෑ.ආපේ මාතෘකා හරි දුරයි.ඒත් මම ගෙනියන සරම අත්දෙකින්ම(අත්දෙකින් ගත්තා කියන්නෙ ගරුත්වයක් අදහස් වීමක් නෙමෙයි )අරගෙන මට ඔහු ලග මේ වෙලාවෙ තියෙන හොදම පලතුරු වලින් කොටසක් දෙනවා.මම දෙන සරම අලුත් ඈදුම් වලට අකමෑති ඔහු කවදාවත් නොඈන්දත්,අලිගෑටපේර වලට අකමෑති මම ඒ පලතුරු කවදාවත් නොකෑවත් අපේ හිත්වල සතුටක් සටහන් වෙනවා.


කවදාවත් කවුරු වත් ගනන් නොගන්නා ඔහු,ලගදි දවසක් හරිම පුදුම වෑඩක් කලා.මම හිටපු තෑනටම ඈවිත් "නෝනා මම යන්නම්"කියලා ගියා.මම ඔහුගේ පසුපසින් ටිකදුරක් ගියා.ඒක ටිකක් සුවිශේශී සමුගෑනීමක් උනා.මම කවදාවත් බලාපොරොත්තු නොවුනු.


මම දන්නවා අකුරු නොදන්නා ඔහුට,පරිගණකයක් කියන්නේ කුමක්දෑයි කියල කවදාවත් නොදන්නා ඔහුට,කිසිම දවසක මේ සටහන කියවන්න නොලෑබෙන බව.ඒත් මේ ඒ සහෘද බවට පුන්චි සිහිවටනයක් එක් කිරීමක් සහ නාගරිකත්වයේ මායාව තුලින් සෑබෑ මනුස්සකම දකින්නට කරපු පුන්චි වෑයමක් පමනයි.


කියවූ ඔබ සෑමට ස්තුතියි....

Friday, November 19, 2010

එක දවසක්....

වෑස්ස කෑන්දූ,

සුවද,
කවුලුවෙන් පිටත ඈසෙනා හඩ...
සීතල.....

සියල්ලම නෑවුම්ය....
ඔබ හෑර....

Wednesday, November 17, 2010

වෙලාවක් නෑති ප්රේේමයක්...

හමුවන්නට,

කතා වන්නට...
සිනා වන්නට...
වෙලාවක් නෑති ප්රේ.මයක්...

එනතුරා නෙත් රිදෙන තුරු බලා හිද,
දුක් නොවී දුක් වෙනා ප්රේලමයක්....

පෙනෙන්නට සිනහවී,
නොපෙනෙන්ට නෙත රෑදුනු,
කදුලක සීතල,
නොහෑදිනු ප්රේ මයක්....

නොදන්නා කතාවක්,
ඉබේටම ලියවෙන....
නොදන්නා දෙහදක......

එහෙත්,
විශ්වාස කටයුතුය...
මේ,
තවත් එක්,
සත්ය ප්රේ.ම කතාවක්....

Monday, November 15, 2010

ආගමනය.....

නම නොදන්නා හෑගීමක්,

දෑසක් ඈතුලතින් ගලා විත්...
මා අබියසින් ගොලුවුන.....

කෑලි කෑපෙනා අදුර නොදුටුව.....
සුමුදු සිතුවිලි....


ආගන්තුකයකුගේ සුපුරුදු බවට වසගව.....
බෝ සොදුරු මල් පිපිනි...
මල් නොපිපෙනා තෑන් වල.....

ජීවන සුවද මුසුවිනිය...

පිපුනු මල් වල...

Sunday, November 14, 2010

ගෑහෑණු ළමයින්ගේ ප්‍රේමය...(Girls Love)

අසිනි(19 years)
එයා අසිනි...අසිනි වෑස්සක් වගේ.දිගටම කලුපාට අහසක් වගේ හිතක්.වහින අතරේ කොටන විදුලියක් වගේ හිටපු ගමන් වෙන හිනාව මූණට එකතු කරන්නේ ලස්සනක්.හෑබෑයි විදුලියක්ම තමයි.එක පාරටම අතුරුදහන් වෙන හිනාව.එයාට ප්රශ්න නෑ.හරිම නිශ්ශබ්දයි.පන්තියේ ගුරුතුමෙක් නෑති වෙලාවට පුස්තකාලෙට ගිහින් කතා පොත් කියවනවා.එයා නොදන්න කතන්දර පොත් පුස්තකාලෙ නෑ.හි....හී....හී....කතන්දර කියුවට එසේ මෙසේ කතන්දර නෙමෙයි.පන්සිය පනස් ජාතක පොත කියෙව්වෙ හරියටම අටේ පන්තියෙදි.


යාලු වෙලා ඉන්නෙ ඉස්කෝලෙන්මයි.වයස අවුරුදු දහනමයයි.

“එයා අදත් මම ගෑන සින්දුවක් ඉල්ලයිද, Y FM එකේ.English Songs මට හරියටම තේරෙන්නෙ නෑත්තෙ මට හරියටම ඈහෙන්නෙ නෑති නිසා.වචන ඈහෙන්නෙ නෑනෙ.අදවත් අහගෙන ඉන්න ඕනෙ.රේඩියෝ එක කන ලගම තියාගෙන.මම ඊයෙ පෑය හතරම අහගෙන හිටියා.කෝ මගේ නමවත් එයාගෙ නමවත් කියුවෙ නෑනෙ.පන්ති 4ටනෙ....මේ ඈදුම තමයි එයා ලස්සනයි කියුවෙ.කෝ බලන්න ඈදලා....හ්ම්ම්....මෙහෙම තමයි හිනා වෙන්න ඕනෙ...මෙහෙම ලස්සනයි....

එයා කෑමති නෑ මම කොටට අදිනවට....කලිසම් අදිනවට...ඉතින් මේ පොලොව අතුගාන සායවල් ටික ගත්තෙ ඒ නිසා තමයි.ඒත් ඉතින් එයා කෑමති නෑතුවෑති අනිත් අය මා දිහා බලනවට....ආදරේටනෙ....අපි තව අවුරුදු 7 කින් කොහොම ඉදීද...අවුරුදු 25ක්.එයා මොන රස්සාවක් කරයිද...මම...හ්ම්ම්...ඩොක්ට කෙනෙක් එයා.මම නම් ඉතින් teacher නෙ...එයා කොච්චර ලස්සනට මම දිහා බලනවද...වෑඩිය බලන්නෙ නෑති. ආඩම්බර බෑල්මෙන් එක පාරක් බලන බෑල්ම හුගක් වටිනවා.”

/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
රෝසි(22 years)
රෝසි,අලුත පිපිච්ච රෝස මලක්.විශ්ව විද්යා/ලයේ දෙවනි වසරෙ.ලස්සනයි.සුමුදු හිතක්.ටිකක් විතර රෑඩිකල් හෑබෑයි.කරදරයක් නෑති කොල්ලෙක් හොයාගෙන තිබුනා.කෑම්පස් එකෙන් නොවෙන.දුර කෑම්පස් එකක.

“මට හරියට තරහ යනවනෙ එයත් එක්ක.ඈයිද මන්දා.ආදරයක්?????ඒකත් මන්දා....කරදරයක් නෑතුව ඉන්න පුලුවන් නෙ.මමගෑන වෑඩිය හොයන්නෙත් නෑ.මාව බලන්න එන්නෙත් නෑ.කිසිම හෑගීමක් නෑ වගේ මටත්.කෑම්පස් එකේ කට්ටිය අත් අල්ලගෙන යනකොට මට හිතෙන්නෙම පිස්සු කියල.

හ්ම්ම් හෑගීමක් නෑහෑ වෑඩිය.කොහොමටත් නෑ වගේ.හීන...ඒ මොනවද කියල අහන තරමට හිත රෑඩිකල් වෙලාද කොහෙද.පව් එක අතකට.මන්දා මම අසාමන්යහ වුනාට ඒ ලමයා සාමාන්යහයිනෙ.එයා ගෙදරටත් බයයි.කොල්ලෙක් වුනාම කොල්ලෙක් වගේනෙ ඉන්න ඕනෙ.....කිසිම හීනයක් නෑ....කොහොමත් මම කෑමති ඒ වගේ කෙනෙකුට නෙමෙයි…හරිම හොදයි....කාටත්,හෑමදාමත්....හොද වෙන එකම ඈතිද....හෑගීමක් නෑත්තෙ මොකද???මට හෑමදාම මේ විදියට බොරුවට ආදරේ කියන්න වෙයිද?????....”

////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
සෙලී(27 years)
සෙලී...හරියටම සෙල් ලිපියක් වගේ...ලියල තියෙන බාශාව කාටත් තේරෙන්නෙ නෑ.එයාටත් තේරෙන්නෙ නෑ.හිත තදයි ගලක් වගේ.පුන්චිම පුන්චි දේකට හෝ ගාල ඈඩුව.සමීපතමයෙක් මෑරුනම,එක කදුලක් වත් නෑතුව ඔහේ බලාගෙන හිටියා....ලස්සන හෙන්දිරික්කා මලක් දිහා හුගාක් වෙලා බලන් හිටියා.ආසාවෙන්.බදින්න ඉන්න කෙනා දීපු රත්තරන් මාලෙ එක පාරක් ලස්සනයි කියලා පෙට්ටියකට දාල වෑහුවා.

බදින්න ඉන්න කෙනා සෙලීට ආදරෙයි.සෙලිත් එහෙමයි.

"ටිකක් පරක්කු වුනා තමයි.ඒත් සුන්දර කම් වලට වයසක් නෑ....ඒ මූණ දිහා ආදරෙන් බලන් ඉන්නවා මම.දිගටම...විවාහ වෙන්නෙ එයත් එක්ක.මම එයාට ආදරෙයි.ඒත් එයා????මට ඈත්තටම ආදරෙයිද?විවාහය හෑම දෙයක්ම අතරෙ තවත් එක් දෙයක් විතරද එයාට....ගෑහෑනියක්????රූපයක් පමණක්ම නෙමෙයි.හිතක්....ගල් කරගෙන ඉන්න,වෙඩරු පිඩක් වගේ හිතක්...හුගාක් ආදරේ කරන්න පුලුවන් හිතක්.සීමා මායිම් දාල හිර කරල.සෙලීට හරිම අපහසුතාවයක් දෑනෙනවා.එයා මගේ අතින් අල්ලන්නෙ නෑත්නම්,මම ඒ අතින් අල්ලන එක හොදද?එයාට මම ගෑන පිස්සුවක් වගේ ආදරයක් නෑත්නම්,මම එහෙම ආදරය කරන්න ගියාම එයා ඒක කොයි විදියට දකියිද???

සෙලීට බයයි.වෑඩිපුර ආදරය කරන්න.ඒත් මොකද්ද මන්දා නොදන්නා හේතුවකට සෙලී ඔහුට ආදරෙයි.අනාගතය සාර්ථකයි...සුන්දරයිද???ඔව්,ඔහුගේ හිත හොයාගන්නට හෑකිනම්....හිත ස්පර්ශ කරන්නට හෑකි නම්....සුන්දරයි....

සෙලී හුගක් මහන්සි වෙනවා,ඔහුට අවශ්යස විදියට හෑඩ ගෑහෙන්නට.ඒත් තමන් තමන්ම නොවෙන කොට හරිම අපහසුයි.....ඔහු ඈත්තටම තමන්ට හුගාක් ආදරේ කරයිද?කවද හරි....කවදාකම හරි.....සෙලී බලාගෙන ඉන්නවා.අතින් අල්ලගෙන වෙරල දිගේ ඈවිදන් යන්නට......වෙසක් දවසට මිදුලෙ හෑම ගහකම බකට් එල්ලන්නට....."....

Thursday, November 11, 2010

කොල වලට ජීවිතය විකිනීම.....

මේ ලියුමක්...හුගක් ඉස්සර ලියන්නට හිතාගෙන හිටපු.බොහොම ලගදි ඒ ගෑන ආයෙත් හිතන්නට සිද්ධවුනු සිදුවීමක් නිසා ඒ ලියුම ලියන්නට හිතුනා.....

ආදරණීය අනුත්තරා,

ජීවිතය කියල ඔයා දකින දේ මම දකින දේට වෙනස්.ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපි දෙන්නම ජීවිතේ දිහා බෑලුවෙ එකම විදියට.මම හරි කියල හිතපු දේ ඔයත් හරි කියල හිතුව.

ඒත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මම කෑම්පස් ගියාට ඔයා එහෙමම බෑන්කුවට ගියා.අපි හිතන පතන විදිය වෙනස් වුනා,අපි ආශ්රපය කරපු මිනිස්සු වෙනස් වුනත් එක්කම.....

ඔයා මට එවපු ලියුම ලෑබුනා.ජන්ගම දුරකථනයක් තියෙද්දි ලියුමක් ලියුවෙ ඈයි කියල මම අහන්නෙ නෑ.මම දන්නව මූණ බලාන කියන්න බෑරි දේවල් වගේම,තමන්ගෙ කටහඩින් තමන් කලා කියල කියන්න බෑරි දේවල් ලෝකෙ සිද්ධ වෙනව කියල.

ඔයා ඉස්කෝලෙ යන කාලෙම යාලු වුනා.ඒ ශශික එක්ක.ශශික කෑම්පස් තේරුනා.මේ ලියන්නෙ ඔයත් මමත් දෙන්නම දන්න දේවල්.ආපහු ලියනවට සමාවෙන්න ඕන.ශශික මම දන්න විදියට හොද ලමයෙක්.එයා කෑම්පස් හිටපු අවුරුදු හතරම ඔයා වෙනුවෙන් හිටියා.මම ඒ ගෑන දන්නෙ මමත් හිටියෙ ඒ කෑම්පස් එකේම නිසා. බෑන්කු විබාග ඔක්කොටම එයා ඔයාට උදව් කලා. බෑන්කු විබාග ඔක්කොටම එයා ඔයාට උදව් කලා.ඔයත් ලේසියෙනම විබාග සමත් වුනා.ඒත් මොකද්ද මන්දා හේතුවකට මට හිතුනා ඔයාල කසාද බදින එකක් නෑ කියල.

ඔයා එයාට එයාගෙ කොන්ඩෙ වෙනස් කරන්න කියපු දවසෙම මම හිතුවා එහෙම.හිතුව නෙමෙයි මට හිතුනා.අපි ආදරේ කරන්න ඕනෙ ඉන්න මනුස්සයට මිසක්,වෙන මනුස්සයෙකුට ආදරය කරල තමන් ලග ඉන්න කෙනා ඒ විදියට වෙනස් කරන්න යනව නම් ඒක පවක්.එයාට දුක හිතෙන්න ඈති.පව්... ඒත් ශශික හිටිය විදියටම හිටියා.උදව් කලා.එයා කෑම්පස් out වෙලා Software Engineer කෙනෙක් විදියට රස්සාව කලා.

ඔයාගෙ දෙමව්පියන්ට වගේ විශ්රා ම වෑටුපක් ලෑබෙන්නෑති දෙමව්පියන්ට එයා වියදම් කලා.කාලය ගත වුනා.ඔයාට එයාව එපා වුනා.ඈත්ත,ඒ පවුල් පසුබිම ඔයාට ගෑලපෙන්නෙ නෑ තමයි.ඒත් ඒ ශශික ගෑන කියන්න කිසිම වරදක් ඔයාට නෑ.මම ඒක දන්නවා. ඔයාටත් වඩා හොදට.

දෑන් ඒ ආදර කතාව අතීතයට එකතු වෙලා ඉවරයි.මොකද මම මේ ලියමන ලියන්නෙ ඔයාගෙ මන්ගල ඈරයුම් පත අතේ තියාගෙන.ශශික හිතනව ඈති ඔයා එයාට ආදරය කලේ නෑ කියල.මම එහෙම හිතන්නෙ නෑ.කාලය මිනිස්සුන්ව වෙනස් කරනව මම හිතන්නෙ එහෙමයි. ඔයාට හොද සෑමියෙක් ලෑබෙයි.ඔයා හොද කෙනෙක් මම දන්නවා.ශශික තනිවෙන එකකුත් නෑ මම ඒකත් දන්නවා.

අපි දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා අනුත්තරා.මම කඩදාසි කොල දකින්නෙ කඩදාසි කොලවිදියට.ඔයා ඒ කොල හතරෑස් වට කපල ඒවයෙ ඉලක්කම් අච්චුගහල තිබුනම ඒවට ගොඩක් ආස වුනා. මම හිතන්නෙ ඔයා කඩදාසි කොල ටිකකට ජීවිතේ විකිනුවා.ඔය කඩදාසි කොල වලට ලෑබුනු ලොකු ගෙදරක,ලොකු වාහනයක් ඈතුලෙ තනි වෙච්චි මීට අවුරුදු 20කට පස්සෙ දවසක මේලියමන ආයෙමත් කියවන්න.එදා වෙනකල් මේ ලියමන තියා ගන්න.

ඒ දවස ඔයාට උදා නොවෙන්න කියල කියන ප්රාිර්ථනාවත් එක්කම,ඔයාගෙ ඔය ඈස් දෙකෙන් කදුලු වෑටෙන මතු අනාගතේ ඕනම දවසක,ඔයාට ශශික නෑති වුනාට,ඔය අලුත් ස්වාමි පුරුශයා නෑති වුනාට හෑමදාම වගේම පරණ යාලුවා ඒ විදියටම ඉන්නවා... එදාට අපි අත් අල්ලගෙන ඉස්සර දවසක වගේම මහ වරුසාවක ඈවිදින්න යමු...
ඔයාට හෑමදාම ආදරේ,
ඔයාගෙම යාලුවා....

Tuesday, November 9, 2010

මගෙ කවිය මට දෙන්න......


ජීවිතය කවි පොතක්.....
ඔබ,
එහි අලුත් පිටුවක්.........

ලියන්නේ කවියක් ද????????
විරිත ගෑලපිය යුතුද??????????
හතර පද කවියකින්,
කොහොම නම්.........
ලියන්නෙම්??????

නිසදෑසක්....???????
දොස් දකිනු ඈත,
මනු දෙනෙත්.......

නොගෑලපෙනු ඈත…
කවි සිරිත.....

මගේ කවි පොත....
මගේ කවිය....
අසම්මත නිසදෑසක් කොට ලියමි......

කෝප නොගනු මෑන,
මනුසත් දෙනෙත්........

Monday, November 8, 2010

පහන් කණුවක් අසල හිද.....

පහන් කණුවක,
අදුරු එලි මෑද....
මහා එලියක්...
බිම.........
පොලොව මත හිටගෙන...
හරියටම,
පහන් කණුව යට....

දුටුවෙමිය...
නෙතුපුරා....
බලා සිටියෙමිය,
වශීවී.........
පෙම් කරන්නට තහනම්ය..

කුලුදුල් පෙම්වතියන්,
පහන් කණු යට හමු නොවේ...

සේපාලිකා.........

පින්සර සේපාලිකා මල්ගස......

පාර පුරාම මල්.......


පිලිබද සිතුවිලි උපද්නා බෑලුම් නෑතුවට....
සුවද මා වෙනුවෙන්ම නොවුනට.......



මක් කරන්නද...
දුරින් යන කල වුව සුවද දෑනෙනා කල......
දෑඩි හිත් නෑත්තෙක්ව.........
නෙතු වෙහෙසමි දුරින් ඉද වුව.......
එක මලක් වත් දකින්නට....

Tuesday, November 2, 2010

සමාවෙයන් මට........

මිලින නොවනා මලක්

බෑස නොයනා සදක්
ගයා නිම නොවුන ගීතයක්
මා වෙනුවෙන්ම වහින වෑස්සක්
සුමුදු ආලෝකයක්
සිසිල් සුලගක්
මම මා වුන හදක්.....

මිලින කල මල...
සදට යන්නට කියූ.....
ගීතය නොගෑයූ...
වෑස්සට නොතෙමිච්ච...
අදුරෙම රෑදුන....
සුලග සෑඩ කල.....
නපුරු මගෙ හිත....


සමාවෙයන් මට........

Monday, November 1, 2010

අන්තර්ජාල මිරිගුව(Fantacy of Online Friendships) -කෙටි කතාවක්....

පෙරවදන:-මුලින්ම කියන්න ඕනෙ නම් ගම් සියල්ල මනන්කල්පිත නෑති බව...කල්පිතත් නෑති බව.සියල්ලම මේ සමාජයේ මාත් සමග ජීවත් වෙන චරිත......මට හමුවුනු චරිත,සහ ඉදිරියට හමුවෙන චරිත.....

කාලින්ග ගේ කතාව....

මීට අවුරුදු 4කට විතර කලින් මම කෑම්පස් එකට ඈතුලුවුනම දවස් වල...අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් ගත්තෙ දෑන් ඉතින් පුතත් විශ්ව විද්යාමලෙ තේරුනු හින්දා,පුතාගෙ අධ්යායපන උවමනාකම් වලට කියලයි.මමත් ඉතින් බොහොම උනන්දුවෙන් වෑඩ කරනව කියලයි අපේ අම්මලා හිතුවෙ...කොහොමටත් අලුතින් ලෑබුනු සම්බන්දයෙන් ප්ර්මෝදයට පත්වේ හිටිය මම නම් කලේ අන්තර්ජාලයේ නිදහසේ සෑරිසරපු එක තමයි.අම්මලට ඉතින් ඕවයි වෑඩි යමක් තේරුනේ නෑහෑ.

විදේශීය දොඩමලු කාමරයකට(Chat Room) මම අහම්බෙන් යෑවුනෙ ඔය අතරතුර තමයි.මට අලුත් යාලුවො ගොඩාක් හම්බුනා.නම් ගම් රහිත....හෑමෝම හොදට කතාබහ කලා. රූපයක් දෑක්කෙ නෑ....නමක් ගමක් තිබුනෙ නෑ....ඒත් බොහොම හොදට කතා බහ කලා.... ඔය අතරෙ මට එක්තරා ගෑහෑනු ලමයෙක් හමුවුනා.ඒත් මේ දොඩමලු කාමරය අතුලෙ මයි.එයා වෙන රටක.අපි කතා කලා.

කතාව දික්වුනා ටිකෙන් ටික....හෑම දාම කතා කලා.එයා මම එනකල් බලාන හිටියා.මම එයා එනකල් බලාන හිටියා. ඒක තමන්ගෙ හිත් ගත් කෙනා එනකල් බස් හෝල්ට් එකක එහෙමත් නෑත්නම්,පාක් එකක බලන් ඉන්නවට වඩා වෙනස් හෑගීමක්....එයගෙ නම දන්නෙ නෑතුව,එයා එයිද කියල දන්නෙ නෑතුව.....මම එයා වෙනුවෙන් බලාගෙන හිටියා. එයා මම වෙනුවෙන් බලාගෙන හිටියා.අපි හුගාක් දේ ගෑන කතා බහ කලා.ඒ කතා කල විලාසය මගේ හිත හොදටම අරගත්තා.කතා කල දේවල් සාම්ප්රයධායිකත්වයෙන් බෑහෑරයි.හෑබෑයි සම්මතය තුල....

අපේ කතා බහ අතරෙදි ඈය කෙතරම් සොදුරු දෑයි දකින්නට මට ඕනෑ උනා.ඈයව දකින්නට.සමුදුරකින් එහා යන්නට මට හෑකි වුනේ නෑහෑ.ඈය මට ලිපිනයක් කියුවෙත් නෑහෑ. ඈයට මිතුරු දමක් පමණක්ම වන්නට ඈති.ඒත් මට එතනින් එහා ගිය හෑගීමක් දෑනෙමින් තිබුනා.... ඈය නොදෑනුනා වගේ හිටියා……

අපි දවසක් ආදර සම්බන්ධතා ගෑන කතා කලා.මගේ හිතට ආපු ප්රුථම ප්රේ මයේ මතකය මම ඈයත් එක්ක බෙදා ගත්තා.මගේ හිතේ සිහිවටන ඈයටත් දෑනෙනවට මම ආසා වුනා. බලා පොරොත්තු නොවුන විදියට "මම ඔයත් එක්ක තරහයි" ඈය කියුවා.මට හිතාගන්නට බෑරි වුනා.ඈයි මාත් එක්ක තරහ මම ඈහුවා.....මට තේරුනේ නෑහෑ. ඈයට දුක හිතිලා. ඊට පහුවෙනිදා,හරිම දුක දවසක්...

එයා ආවෙ නෑ.මම තවත් බලාගෙන හිටියා.ඒත් නෑ..ඊට පහු වෙනිදත්,ඊට සතියකට පස්සෙත් ඈය ආවෙ නෑ... බස් හෝල්ට් එකකට,පාක් එකකට වඩා පාලු තෑනක මම තනියමම හිටියා...ඒත් තවමත්.....

Story of Angeline….

එයා හරිම පුන්චි ළමයෙක්.කාලින්ග.....මට අද වගේ මතකයි....අපි කතාකලා.මම අවුරුදු 20 පහුකරලත් එතකොට අවුරුදු 20ක්....මම ආයෙත් අවුරුදු 20ක කෝල ලෑජ්ජාශීලි ගෑහෑනු දරුවෙක් බවට පත් වුනා.....

මම අවුරුදු 20දී කතා කල දෑ ආයෙමත් කතා කලා....මට ටිකින් ටික වරදකාරී හෑගීමක් දෑනෙමින් තිබුනා.හිත නොදන්නා හෑගීමක් හිත ආක්රදමණය කරමින් තිබුනා....

මම හිතුවා ඒ කතාවෙන් අයින් වෙන්නට....ඈමරිකාවේ සිට වුනත් සාම්ප්ර ධායිකත්වයේ අත්වෑරදීමක් මට දෑනෙමින් තිබුනා....මම ඉවත් වුනා....

ඒත් තාමත් මට ඒ වරදකාරී හෑගීම දෑනෙනවා.කාලින්ගට කොහොම දෑනෙනවා ඈතිද....

මට ඔයාට කවරදාකවත් කියාගන්නට බෑරි වුන හෑගීමක් මට අවසානයේ දෑනෙමින් තිබුනා.කාලින්ග,,,,,,මම ඔයාට ආදරය කරමින් සිටියා ඒ වන විට.....ඒත් දෑන් සියල්ල අවසානයි....

Saturday, October 30, 2010

මිතුරු ආගන්තුකය....

නොදන්නා ප්‍රේමයක්,
හිත අරක් ගෙන...
හදවතේ පතුලම ස්පර්ශ කරන්නෙක්ව...
නොදන්නා හදකට පෙම් බෑද....

 
දකින හෑම දිනම,
සිනහවක් පමනක්ම ලෑබෙන...
හිත කලත්තන සිහින.....

නුඹත් නොදන්නා,
මමත් නොදන්නා සිහිනයට...
මග දුර වෑඩිය...

පෙට්ටියෙන් පිටත.....(Out of the Box)

අපි අපි වටේට රාමුවක් ඈදගෙන ඉන්නවා.ඒක හුණු කූරකින් අපේ වටේට ඈදපු රවුමක් කියල හිතමුකො.අපි මේ රාමුවන් එලියට යන්න බයයි.අපි හිතනවා අපි ඒ රාමුවෙන් එලියට අඩියක්වත් තියුවොත්,අපිට හිතාගන්න බෑරි ඈබෑද්දි අපිට වෙයි කියල..... අපි වෑඩිපුරම හිතන්නෙ මිනිස්සු අපිට මොනව හරි කියයි කියල.

අපි එක එක්කෙනාගෙ මේ රාමුව වෙනස්.මේ රාමුව අපි වටේට ඈදගන්නෙ විවිධ හේතු පදනම් කරගන්නවා.... පවුල් පසුබිම,අධ්යා පන මට්ටම,මුදල් හදල්,පන්ති පසුබිම මේ සදහා හේතු වෙනවා...ඒ දේවල් මත පදනම් වෙලා මේ රවුමේ පරාසය වෙනස් වෙනවා….

මම පුන්චි කතාවක් කියන්නම්,මට වයස අවුරුදු 16විතර කාලෙදි,අපේ තාත්තගෙ යාලුවෙක් මට චිත්ර යක් ඈදල දුන්නා.ඒ චිත්රෙම තියෙන්නෙ මගේ රූපෙ කියල තමයි ඒ අන්කල් කියුවෙ.ඒත් ඒචිත්රලයෙ හිටියෙ ගෑනු ලමයෙක්.මුස්ලිම් ආගමේ හෑටියට හිස ආවරනය කරගෙන,පුන්චි පූස් පෑටියෙකුත් තුරුලු කරගෙන. ඒ අන්කල් මාව දෑක්කෙ ඒ විදියට.මම මා තුල සෑබෑවින්ම නොමෑති සාම්ප්රනධායිකත්වයක් ඈති කරගෙන ජීවත් වෙන,පුන්චි ගෑනු ලමයෙක් හෑටියට.හිස් ආවරණයෙන් කියවුනෙ ඒ ගෑන. මම තාමත් තේරුම් ගන්න උත්සාහ කරනවා,ඒ තරම් කුඩා අවධියකදී ඒ අන්කල් මාව ඒ තරම් හොදින් තේරුම් ගත්තෙ කොහොමද කියල.

ඉතින් මේ රාමුව කාලෙන් කාලෙට වෙනස් වෙනවා.අපේ ජීවිත වල අපි ලබන අත්දෑකීම් එක්ක..... අපි මේ රාමුව නිසා අපේ ජීවිත වල හුගක් දේවල් අහිමිකරගන්නවා.සමහර වෙලාවට අපි මේ රාමුව ඈතුලෙ ජීවත්වෙලා ආපහු හෑරිල බලද්දි අපි ජීවත් වෙලා තියෙන්නෙ අනිත් මිනිස්සුන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමයි.

ඉතින් මේ පුන්චි කතාව මම ආරම්බ කලේ අපි ජීවත්වෙන්නෙ අපිට ඕනෙ විදියට නෙමෙයි කියන්නයි.මගේ කතන්දර ගෑන ලෑබෙන විවේචන අතරෙත් තියෙනවා කාන්තාවකගේ ලිවීමේ මායිම් සම්ප්රයධායිකයි කියන මතය.

මට මගේ හිතේ තියෙන කතන්දර අකුරු කරන්නටත් මේ සීමා මායිම් බලපානවා.

මට හිතෙන හෑටියට නම් අපි මේ ජීවත් වෙන පුන්චි ජීවිත කාල පරාසය තුල මේ රාමුවෙන් එපිට ජීවිතයත් ටිකකට හරි අත්දකින්නට ලෑබෙනවා නම් කොයිතරම් නම් හොදයිද....



Friday, October 29, 2010

මතුසම්බන්ධ කතාවක්....

මල් ඉහිරිච්චි කුඩයක්....
ඉහිරිච්ච මල් හිතේ විසිරෙත.....

කුඩය යන මග ඈසරෑදෙන....
ඉහිරිච්ච මල් පරදවන,
නොපෙනෙනා රුව.....
මුවා වී කුඩයට....

"මල් කුඩේ ලස්සනයි...."
අයිතිකාරිය ගෑන අදහස් පල නොකල හෑකි නිසා,
මම එහෙම කියුවෙ ඒ ඈස් දිහා බලාගෙන......

Wednesday, October 20, 2010

පුසුඹ....


ලාබ සුවද,
උදෑසන තේ සමග ,
නොමිලේ ලෑබෙන...
හදවතම විනිවිදෙන...

මිලාධික විලවුන්...
කන්තෝරුවම පුරවන....
නැහැයටත් නොදෑනෙන සුවද...

Sunday, October 17, 2010

ආපසු....Old Students Meeting-2009(University of Peradeniya)---කෙටිකතාවක්

"ඔයාව දෑකපු කල්...."

හ්ම්ම්...හරියටම අවුරුදු 40ක්..හුගක් කල් නේද?

“ඔයාව දෑක්කම මට සතුටු හිතුන හුගක්.ඒත් දෑන් වෙනස්...ඉස්සර කොයි තරම් ලස්සනද...දිග කොන්ඩයක් තිබුන මට මතකයි.”

“ඒත් දෑන් කෑතයි කියන්න එපා.ගෑහෑනු ලමයි කවදත් කෑමති නෑ පිරිමියෙක් කෑතයි කියනවට...”

“ඔයා තවමත් ...අවුරුදු 40කට පස්සෙත් ගෑනු ලමයෙක් ද?හිනා වෙන්නට කාරණාවක්...”

“සමහර විටකදි,සමහරු ඉස්සරහදි තාමත් එහෙම වෙන්න පුලුවන්....කොන්ඩෙ පෝනිටේල් එකක් දාල බොහොම ආඩම්බරෙන් යන ගෑනු ළමයෙක්...

කාලය ගත වෙන්නෙ නෑති නම්..

ගලහ හන්දියෙන් බස් එකෙන් බෑහෑල දේශන වලට යන්න පුලුවන් නම්...තාමත් ඉස්සර වගේම,ඔයා දිහා නොබල...”

“මම දිහා නොබල යන එක ඔයාට සතුටක් වුනා එහෙනම්...මට දුකක් ඔයාට සතුටක්.ඒකත් පුදුමයි....එක්කෙනෙකුට සතුටක් ,තව කෙනෙකුට දුකක්....”

"ලෝකෙ එහෙම තමයි.මම දෑනගෙන හිටියෙ නෑ ඒ කාලෙ.චරිතය කියන්නෙ වෑදගත් සාධකයක් නොවෙන බව....ජීවිතයට ,ගෑහෑනියකගෙ... විවාහයට..."

"සෑහෙන්න වෙනස් වෙලා.."

“වයසත් එක්ක මිනිස්සු පරිනත වෙනවා...”

"මම දකින්නෙ අපරිනත වීමක්..මම කෑමතියි ආඩම්බර ගෑනු ළමයාට.... මට පුලුවන් ඒ දවස් වල වගේ සින්දුවක් කියන්න...ලෝකාන්තෙ නගින ගමන්.....මතකද මම කියපු සින්දුව...."

"අමතක නෑහෑ...ඊට පස්සෙ කවුරුවත් මගේ පස්සෙන් සින්දුවක් කියමින් ඈවිත් නෑහෑ..."

"උඩු ගුලියන් ගොතා බදින ,නීල වරල සරසන්නට මා පිපුනේ නෑත...මේ දෙරණේ..."

“ලෝකාන්තයට නගින කල්ම එකම පිරිමි ශිෂ්යවයෙකුට වත් අත නොදුන් එකම ගෑහෑනු ළමයා.....”

“කවුරුවත් අල්ලපු නෑති අතක්...සමහරු ස්පර්ශ කරන්නට බලා සිටි අතක්... ගෑහෑනු ළමයාට වයස 36 දී අගයක් නෑතිව වෙන්දේසි වුනා...”

“විවාහය???..”

“බොහොම සම්ප්ර?ධායිකයි...යෝජිත හා යෝජිත නොවන...විවාහ වෙන වයස පසුවෙමින් හිටි දෙදෙනෙක් හදිසියේ විවාහ වුනා...”

"ප්රාවර්ථනාවන්...???මට මතකයි පූසො පස් දෙනෙක් හදනව කියල ඔයා කියුව...විවාහයෙන් පස්සෙ..."

“ළමයිනුත් ඉන්නෙ එක්කෙනයි... ඒත් හුගාක් කාලෙකින් බෑනුම් හුගාක් අහල...,ඉතින් මොකටද පූසො...”

“මම පූසො පහක් හෑදුව...අපේ ගෙදර... බිරින්දෑගෙන් බෑනුම් අහමින්...

මම හිතුව ඔයත් ස්වාමියාගෙන් ඒ විදියටම බෑනුම් අහනව ඈති කියල...”

“බෑනුම් ඈහුවා.පූසො නිසා නම් නෙමෙයි...”

“?????”

“විවිධ හේතූන්..”

"ප්රිබල නොගෑලපීම්...??????"

“එයා පොලොව බදාගෙන හිටියා....මට කරෙකක් ඕන උනා...”

“දුක්ඛ දායකයි...ශෝචනීයයි... අතරතුර ඉරිසියාකාර සතුටක්…”

“?????”

“මම හිතුවා ඔයාව බදින ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන් කියල....

මොකද්දෝ අමුතු සතුටක්...

මට නොලෑබුනු සතුට අන් කෙනෙකුට නොලෑබීමේ සතුට වෙන්න ඈති...”

“ඔයා සතුටින්ද...එහෙනම් මටත් සතුටුයි...”

“තාමත් ඉස්සර වගේම අනුන්ගෙ සතුටින්ද සතුටු වෙන්නෙ...”

“නොවෙනස්...”……….

“ප්රෙශ්නයක්...අන්තිම සහ අවසාන....

මට අද අතින් අල්ලන්න පුලුවන්ද???”…..

“ගොරෝසු සහ රලු...?????”

“මෘදු.....”….

 

“……………………………………………………………….”


















































































අත්හෑරීම සහ අත් හෑර දෑමීම...

එක අත්හෑර දෑමීමකින් පසු,
අත් හෑරුනු බොහෝ දෑ..
යලිත් මතකයට...

වෑරදීම් හා වෑරදි කිරීම් කීපයක්...
වෑරදීම්,වෑරදි කිරීම් ලෙස දකින....
සමාජයීය ඈස් වල.....
කර්කශ ඈනෙන සුලු බෑලුම්....

 
කවිය,
විවේකයය..
පලා යාමය...




Tuesday, October 12, 2010

මිදි සහ නරියා...


කියවන්න බෑරි කවියක්...විදින්නට බෑරි සීතලක්...
දරන්නට බෑරි උනුහුමක්...වියලිම වියලි හුලගක්....

හිත හදාගත්තට එහෙම..

බෝ අරුත් ඈති කවක්...සොදුරු සිහිලසක්...
නෑවුම් උනුසුමක්...හෑගුම් කෑටිවුනු සුලන් රෑල්ලක්...

අරන් එන තෙක් බලා උන්,
මිදි තිත්තයි කියූ නරියා මමය.....

හීන

හීනයක් දකින කොට,

දකින්නේ හීනයක්ම වග...
දෑනෙනවා නම් කොයිතරම් හොදද....
බයවෙලා ඈහෑඈරෙන්නේ නෑතුව....
එක පාරටම ......

හිස් නොමෑති හීනයක...

හිස් බවක් දකින්නට.....

පියාඹන්නට බෑරි,

අත්තටු මොටද මට....

Wednesday, October 6, 2010

........CHAT FRIENDS......


බලා හිටියා,
 එක වචනයක්...

//// HI වත් නොලියන්න තරමට,
බරපතල නොසලකා හෑරීමක්...////

කාලයේ මුතු ඈට,
එකින් එක ගිලිහෙයි..
මුතු පටම ලෙහෙන්නට,
කලින් කියුවාට,
වගක් නෑතුවා දනිමි...
මහත් තැන් හට....

////Neglecting hurts always…////

යාලුකම් බිදිනි....
බිදුනු බදුන්,
ලග තියාගෙන මොටද...
ඈතටම විසිකරමි.....

///හරිම පොඩි යාලුකමකට,
මේ වගේ කවි ලියන එකත්,
එක අතකට මෝඩයි තමයි...///

ඒත් තවමත්,

කිසිවක්ම නොවුනා සේ,
දුටු තෑනක මුලු හිතින් සිනාසෙමි....

Saturday, October 2, 2010

මල් විකුනනා කුසුමිය...


දිගැසිය....
නෙතු අගින් බලනා....
බෝ රුවය නුබ,
නොසිතු විලසා...
අතැති නෙළුමන් ,
හැඩ නැතිය නුබ තරමා...
නොවිකෙනා මල් ගෙන,
විකිනෙනා රුව දැක,
දුක හිතුනු මගේ හිත...

විරහ ...



ඉස්සරම දවසක....
ඉර නැති හවස් වරුවක ...
ඉර ගිලුනු,
වැව දිහා බලාගෙන....
මල් ගැන්න දවසක....
මට නොකී කතාවක්...
වැව මට කියන කල....
කොදුරමින්....

අද...
නුබ නොමැති...
මේ මෝසම් හවස....

නවක වදය-සුන්දරයි



නවක වදය ,වෙන වචන ටිකක් තිබුන නම් හොදයි කතා කරන්න ඒත් වෙන විදියකට හදුන්වන්න තරමට අපෙ සමාජය දියුණු නෑති නිසා තමයි මෙහෙම ලියුවෙ....මුලින්ම කියන්න ඕනෙ මම කතා කරන්න යන්නෙ කායික පීඩා(Physical rag) දෙන නවක වදයක් ගෑන නෙමෙයි කියල.

සුන්දර සිදුවීම් ටිකකුත්,ඒ හා ජීවිතයට එකතු වුනු අත්දෑකීම ගෑනත් කතා කරන්න යන නිසා මේ දේට නවක වදය නොකිය වෙන නමක් කියනව  නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.
නවක සිසුන් පිලිගෑනීම කියල කියනව නම් තව ටිකක් වටිනව....

මම මේ කතා කරන විදියෙ සුන්දර පිලිගෑනීම් තියෙන්නෙ මම දන්න විදියට කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තමයි.වෙන විශ්ව විද්‍යාල ගෑන මගේ අවබෝදය මදිවීමත් ඒ නොදෑනුවත් කමට හේතු වෙන්න පුලුවනි....

කෑම්පස් ඉන්න කාලෙ නවක වදයට එච්චර කෑමති කෙනෙක් නොවුනත්,මටත් ඒ පිලිගෑනීමෙ තියෙන සුන්දරත්වය තේරෙන්න පටන් ගත්තෙ උපාධියත් අරන් ඉවර උනාට පස්සෙ...

මම නවක වදය කියල විදපු අත්දෑකීමුත්,ඒ නිසා මගේ ජීවිතයට එකතුවුන දෑත් ගෑන මම කියන්නෙ වෙන අය ගෑන කතා කරනවට වඩා මම ගෑන කතා කරන එක හොද නිසා.

මේ සමාජ ක්‍රමය තුල ළමයි හදන්න දෙමාපියන් පෙලඹිලා තියෙන්නෙ විවිධ විදියට.දෙමාපියන් හෑම වෙලාවෙම තමන්ගෙ දරුවන්ට හොදම දේ දෙන නිසා මධ්‍යම පාන්තික පවුලක ළමයෙක් උනත් දුක් විදිනව අඩුයි.පොත පතටම නෑඹුරු වෙලා වෙන දෙයක් ගෑන හිතන්නෙ නෑතුව එන අය,පොතපතින් තොර ලොවක් දකින්න විශ්ව විද්‍යාලයටම අඩිය තියන්න ඕනෙ.

දෑන් ලියන්න යන්නෙ මගේ නවක වද අත්දෑකීම්,

*මම පිරිමි ළමයෙක් එක්ක එක බත් පත බෙදා ගෙන කෑවා.එක එක දවසට එක එක්කෙනාගෙ කෑම වල රුචි අරුචි කම් දෑන ගත්තා.කෑම එක කාල ඉවර වෙන කොට තමන් එක්ක බත් පත බෙදාගෙන කාපු කෙනාගෙ පවුලෙ සියලුම විස්තර දෑනගෙන මතක තියාගත්තෙ බයටමයි.
 
*පොලොන්නරුව සහ කරීනා ගෑන රචනයක් ලියුවා.-කිසිසේත්ම නොගෑලපෙන අන්ශ දෙකක් ගලපන්න මම ඉගන ගත්තා.
 
*ඉන්ග්‍රීසි හෝඩිය අග ඉදල මුලට කියුවා.ඒ සින්හල අතරෙ ඉන්ග්‍රීසි වචන පාවිච්චි කිරීමේ වරදට..
 
*මාසයක් පුරාවට අය්යා කෙනකුගෙ ඈදුම් වල හරි වෑරදි කියුවා.පිරිමි අය අදින පලදින විදිය ගෑන ඒ නිසාම මම ඉගන ගත්තා.
 
*දිගට අදින්න අකමෑති ගෑනු ලමයි මාස තුනක් යනකම් වලලු කර ලගට ඈදුම් ඈන්දා.ජීවිතේට කොන්ඩෙ ගොතල පාරට නොබෑහපු අය කොණ්ඩෙ ගොතල කෑම්පස් ආවා.
 
ඔහොම ගොඩක් දේවල් සිද්ධ උනා.මමත් ඒ දවස් වල කෑමතිම නෑ.ඒත් ඉතින් මට දෑන් හිතෙනවා ඒ නිසා මම ගොඩක් දේවල් ඉගන ගත්තා කියලා.ජීවිතය ගෑන,මිනිස්සු ගෑන විවිධ සමාජ තල ගෑන.මේ අත්දෑකීම් කවදාවත් විශ්ව විද්‍යාලයකින් හෑර වෙන තෑනකින් ලබන්නට බෑහෑ.රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වටින්නේ ඒකයි.ඕන තරම් වෑරදි ඇති.ඒත් අපිට මිනිස්සු අදුර ගන්න ඒ අධ්‍යාපන උදව්වෙනවා.මට හිතෙන්නෙ එහෙමයි.

Tuesday, September 28, 2010

ගෙඹි කුමාරයාගේ කවිය....


ගෙම්බෙක් නොවී,
කුමාරයෙක් උනා නම් ,
මට ඔය හාදුව,
නොලෑබෙන්න තිබුන...



එහෙනම්,
මාදිහා හොරෑහින් බලල,
මුකුත්
නොකියාම යන්න යාවි...

හාදුවේ බලෙන්,
කුමාරයෙක් නොවුනත්,
මට ඔය හාදුවම කොයි තරම් නම් වටිනවද....

Sunday, September 26, 2010

යෝජිත විවාහය....(Proposal Marriage)

විවාහය සිදුවිය හෑකි ක්‍රම මම අහල තියෙන විදියට නම් දෙකයි තියෙන්නෙ.ප්‍රේම සම්බන්දයක් තුලින් සිදුවන විවාහය තමයි බොහොම ජනප්‍රිය ක්‍රමය.තවත් බොහොම සාම්ප්‍රධායික වෑඩිහිටියන් පිලිගත්ත ක්‍රමයක් තියෙනවා යෝජිත විවාහය කියල.ආදරය මුල් කරගෙන සිදුවන විවාහයන් ගෑන,හෑමෝම හෑම වෙලාවෙම කත කරන නිසා,මම බොහොම ටික දෙනෙක් කතා කරන මාතෘකාවක් ගෑන කතා කරන්නට සිතුවා.

මම මේ කියන දේවල් පුද්ගලානුබද්ධයි.ඒත් මම ඉන්න පරිසරයෙ මගේ ඈහෑට අහුවෙන,මම ලෝකය දිහා බලන කෝණයට අනුව පේන දේවල් තමයි මේ ලිපියෙ තියෙන්නෙ.සමාවෙන්න ඕනෙ වෑරදි දෙයක් කියවෙනවා නම්....

එදා වගේම වෙනසක් නෑතුව අදත් බොහොම දෙමාපියන් කෑමතියි,අපේ දුව නෑත්නම් පුතා බෑන්දෙ යෝජිත විවාහයකින් කියන්න.ඒක ඒ උදවිය දකින්නෙ බොහොම නම්බුකාර දෙයක් විදියට.ඒ සදහා ඔවුන් විවිධ උත්සාහයන් දරනවා.
"ඔන්න දුවේ(නෑත්නම් පුතේ)විශ්ව විද්‍යාලෙ ගියාට කමන් නෑ.ඕන නෑති සම්බන්ධතා ගොඩ නගා ගන්නව එහෙම නෙමයි."
මේ වචන ටික,මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් තමන්ගෙ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්ගෙන් අහල ඈති.වෑඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වෙනව නම් මේ වචන ටික මේ විදියටම අහන්න පුලුවන්(එතකොටනම් කොහොමත් කියනවා).

මොකද දෙමාපියන් කෑමති නෑ විදේශික කාන්තාවක් නෑතිනම් පිරිමියෙක් තමන්ගේ ලේලිය හෝ බෑණනුවන් වෙනවා දකින්නට.එක අතකින් ඒ හෑගීම අසාධාරනයි කියලමත් කියන්න බෑ.
මම දන්න කාන්තාවක් ඉන්නව,ඈය තමන්ගෙ ලේලිය සමග වචනයක් වත් කතා කරල නෑ.මතුවට කතාකරන්න වෙන එකකුත් නෑති බව මට විශ්වාසයි.එක්කො ඈය සමග සන්නිවේදනයේ අවශ්‍යතාවයටම ලේලිය සින්හල ඉගන ගන්නට ඕනෙ.නෑත්නම් නෑන්දම්මා English ඉගනගන්නට ඕන.විදේශිකයන් සමග විවාහ වුනාම එහෙම දේවල් සිද්ධවෙනවා.මක් කරන්නද ඉතින්?

වයසක අත්තම්මකෙනෙක්(අවුරුදු 80ක් විතරවෙන ),මට දවසක් මෙන්න මෙහෙම කියුව...
"දුව දන්නවද,මම බුලත් හෙප්පු පහලොවක් අල්ලල තියෙනව.අන්තිමට දහ හතරවෙනිය තමයි දිනුවෙ...."මේ ආත්තම්ම මේ ගෑන කියුවෙ බොහොම ආඩම්බරෙන්.මට නම් මේක කිසිසේත්ම ආඩම්බර විය යුතු කාරණාවක් විදියට පේන්නෙ නෑහෑ.මට හිතෙන්නෙ හරිම අමුතු දේවල්.ඈත්තටම බුලත් හෙප්පුවක් මොකටද?එහෙම නෑතුව දෙන්නට දෙන්න දෑක්කම මදිද????...

මගේ යාලුවෙක් ඉන්නවා(මේ කියන්නෙ විසි එක්වන සියවසේ කතාවක් ).ලගදි යෝජිත විවාහයක මනමාලයෙක් ඈයව බලන්න ආවා.ඒ මනමාලයගෙ අම්ම ඈහෑව්ව ප්‍රශ්න තමයි මේ.


"දුව උයන්න දන්නවද?"...
"ඔව් ආන්ටි..."
ඊලගට මේ ආන්ටි අහනවා,
"ඔයා උයන්න දන්නෙ මොනවද?".....
"නිකන් මාව උයන්න ගෙනියන්න වගේනෙ"...මගේ යාලුව මාත් එක්ක කියපු කතාව ඉවර කලේ එහෙම....
ඈය උගත් තරුණියක්.උගත් අය උයන්න දෑන ගත යුතු නෑ කියල නෙමෙයි මම මේ කියන්නෙ...උයන එක විතරමද විවාහයකදී වෑදගත් වෙන්නෙ?දෙදෙනාගෙ ගෑලපීම වෑදගත් වෙන්නෙ නෑද්ද?
යෝජිත විවාහ සාර්ථක වෙන අවස්ථා වගේම,ප්‍රේම විවාහ අසාර්ථක වෙන අවස්ථාවල් නෑතුව නෙමෙයි.වෑදගත් වෙන්නේ දෙදෙනෙක් අතර තියෙන අවබෝධය.උයන්න ඉගන ගන්න පුලුවන්.ඒත් දෙදෙනෙක් අතර ඈතිවෙන අවබෝධය ඊට වඩා හුගක් වටිනවා.....

මම අහල තියෙනවා සාර්ථක විවාහයක් ගෑන වෑදගත් කතාවක්."කාන්තාවක් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගන්න නම් ඈයට බොහොම ආදරය කොට  අඩුවෙන් ඈයව තේරුම් ගෑනීමට උත්සාහ කරන්න...පිරිමියෙකුට ස්වල්පයක් ආදරය කොට ඔහුව සම්පූර්ණයෙන් තේරුම් ගන්නට උත්සාහ කරන්න..."
මොනවද හිතන්නෙ???

Saturday, September 25, 2010

කොලොම්පුර....

නවාතෑන් හිමි,
සොදුරු නිවහන...
මයිල ගනනක දුර....

හිමි අහිමි,
මාපිය සෙනෙහෙ....
උණුහුම අහිමි....

 
කොලොම්පුර,
තනිකමින් පිරි...
සපිරි ගෙය සරි....
නොදන්නා මිනිසුන්,
නිරතුරුඈස රෑදෙන...
ව්‍යාජ සිනහ...

උගත්කම් ඈති,
රෑකියාවෑති,
දියනියක නෙතු කදුලු රෑදි....

දිටී ඈ....
ජීවිතය අන් තැනක....

Thursday, September 23, 2010

කතා නොකරන හදවත්...



කතා නොකරන හදවතක් තුල,

කොයි තරම් නම් කතන්දර වෙද...

නොලියවෙන පන්හිදෙන් ලියවුනු....


එකී හදවත මියෙන මතු දින,

මියෙනු ඈත ඒ කතන්දර රෑස......

Tuesday, September 21, 2010

අනියමාර්ථයේ අසම්භාව්ය.....

මම දකින මේ ඡායාරූපය,

මම නුදුටුවා නම්...

ඔබ සිටින තෑන මා තබා යලිත් බලන්නට...
ඔබ සිටියානම්....

ඔබේ පසෙකින් මේ සිටින්නේ ,
මම නම්....

මේ ඡායාරූපයේ,
ඔබ පමණක් සිටියා නම්....

අතීතය වල දමන්නට හෑකි නම්...

නපුරු කටු,
හදවතේ පෑටලෙන්නෙ නෑති නම්...

මම මා නොවේ නම්....

Monday, September 20, 2010

සුරනoගනාවියක් නෑති සුරනoගනා කතාවක්....

ඔන්න එකමත් එක රටක,ලස්සන කුමාරයෙක් හිටියා..මේ කුමාරයා හරිම මුරණ්ඩුයි.පුන්චි කාලෙ ඉදලම...කුමාරයගෙ අම්මටයි තාත්තටයි සල්ලි තිබුනෙ නෑ.මේ කුමාරයට ජීවිතේ හීන හුගක් තිබුනෙත් නෑ....යන්න තෑනක් ජීවිතේ අරමුණක් මේ කුමාරයත් තිබුනෙ නෑ...

මුල්ම සිගරට් එක බිව්වෙ අවුරුදු 4දි.අවුරුදු 13දි සිගරට් බොන එක නෑවත්තුවා.ජීවිතේ කල යුතු දේවල් නොකල යුතු විදියටත්,නොකල යුතු දේවක් කල යුතු විදියටත් සිද්ධ උනා.උසස් පෙල කණු 6ක්ම ලෑබුනා ,දෙපාරකට....

මාලු මාකට් එකක මාලු කෑපුවා...මේසන් බාස් ලට අත්වෑඩ දුන්නා.ජීවිතේ ගත නොවිය යුතුවිදියට ගත උනා.
කම්පියුටරයක් ඈහෑටවත් නොදෑක computer programmer කෙනෙක් වෙන්න හිතුවා.අනාගතේ Microsoft එකට යන්න හීන මෑව්වා.

අන්තිමට programmerකෙනෙක් උනා.ලොකු පඩියකුත් ගත්තා.උපාධියකුත්  නෑතුව.ජීවිතේ ගමන් කරන්නෙ අපිට ඕන දිහාට නෙමෙයි.අපිව ජීවිතේට ඕන දිහාට අරගෙන යනවා.

අනිස්ථිර රස්සාවක ඉස්තිර පඩියක් ගන්න මේ කුමාරයා,මේ දෑන් මූද අද්දර ඉදගෙන මුහුද දිහා බලාගෙන හම්බ කරපු සල්ලි වලට කරන්න දෙයක් කල්පනා කරනවා.හෑමෝම කුමාරයගෙන් සල්ලි ඉල්ලනව.ණය දෙනව ඈර කරන්න දෙයක් සල්ලි වලින් නෑද්ද හෑබෑටම.....????

කුමාරයට තමන් ගෑනම දුකට ඈහෑට කදුලක් උනනවා.වෑස්සක් වහිනවා....ඈහේ කදුලු වෑහි බින්දු වලට සේදිලා යනවා....

කවදාවත් පායන්නෙ නෑති වෑස්සකට කුමාරයා තෙමෙනවා....

Sunday, September 19, 2010

හෑබෑහින් දුටු සිහිනය...

දකින්නට බලා උන්නෙමිය...
අසන්නට සිතා උන්නෙමිය.....
බලා උන් රුවමය...
සිතා උන් හඩමය...
සිහිනයක් හෑබෑහින් දකිමිය.....


දකින්නට බලාගෙන ඉන්න ඈති..
අසන්නට සිතා ගෙන ඉන්න ඈති....
බලා උන් රුව නොව,
සිතා උන් හඩ නොව.....

සිහිනය හීනයක් වෙන්නෑති........

පෙම්වතිය ගේ අන්තිම කවිය...

නිමිත්ත:-
"would you love me if I didn't work out or I didn't change my natural hair..????"මගේ යලුවෙක් එයගෙ status message එකේ මෙහෙම ලියල තිබුන....

මගේ අම්මාගේ,

කෑරලි කෙහෙරෑලි....


කෙහෙරෑලි වලින් තෑනුන මුදු,
ඈගිලි අතරේ පටලාන....
තාත්තා කියා දුන් පෙම් කවිය.....
අම්මාට මතකෑති තවම....

ඒ කවම නොවුනත්,ඒ වගේ කවියක්වත් කියන්නට,
අකුරු ගෑලපිය නොහෑකි පෙම්වත....

නුඹ වෙනුවෙන්ම,

වෙනස් විය යුතුද මම?????

මිටින් ගත හෑකි සිහිනිගට,
මට නොමෑති,
පුලුල් උකුලට....
පෙම් කරන,
ආදරණීය පෙම්වත,
පතන්නෙමි නුඹට ඈය හමුවන්ට....

නුඹට නොදෑනෙන,

නුඹට නොවටින,
නුඹට පමනක් පෙම් කල,
හිතත් අරගෙන මම යමි...
ආපසු හෑරී නොබලාම.....

පසුවදන:-

ඈබෑර්තු ඈත....
කොණ්ඩය Straight,
Slimපෙම්වතියක් උවමනා කර තිබේ...(මගේ පෙම්වතාට )
 

මව් සෙනෙහෙ....

කදු මුදුන,

අරුනෑල්ල උපදින..
මීදුම පොරවාන උන් බෑවින....
රහස් රෑක ගෙන සිටිය.....
ඉපදි දිනකර පමනක් දුටුවෙමිය......
නුඹෙ සෙනෙහසේ තරම මා නොදිටිමිය....


මව හෑරපියා දුර ගිය....
හිරු කුමරු ලොව දික් විජය කල....
කාටත් නෑතිව බෑරි විය....


නන්නාදුනන සේ හිටිය...
මවු සෙනෙහෙ බලන්නට වත් නොගිය....

රෑය එලබි...
ලෝකයට ඈවසි නෑති හිරු එලිය....


යලිත් මවු තුරුලටම ගිය....
මවු සෙනෙහෙ හෑමදාම එහෙමමය....