මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, December 18, 2011

තාත්තට තෑග්ගක්....


ආදරය
මිලට ගෙන
ඔතා
කොලයක
සුරුවමට...
ගෙනාවෙමි...

සුව නැතත්
ඇන්දාම හැඩ ඇති
ආදරය...

බොහෝ කඩදාසි කොල ගෙවා
ගෙනාවෙමි...

කුඩා කල
පැණි රස කෑම වල..
රසවත් කතා වල
ඔතා ගනැවිත් දුන් ආදරය...

ආපසු ගෙනාවෙමි...
ඇගලා බලනු මැන ආදරය....

Thursday, December 15, 2011

නත්තල් ගහ ...


"අඹ ගහ
අඹ ගහ
දන්නවද කතාවක්...
මට ලැබුනු
නත්තල් ගහ
බොහොම සුරුවම්ය...
බොහොම ආඩම්බරය...


 හැමදාම කතාකල නුඹ වගේ නැත...


 නුඹ වගේ සෞම්‍යත් නැත...
වැඩිපුර කතා නැත...
උත්තරත් වැඩියදිග නැත..
හුස්ම හඩ ඇහෙන්නෙත් නැත


 එත් බොහොම ලස්සනට ඇත
දිලිසෙන ඇදුම් ඇද...
ඔය වෙගේ නිරුවතින් නැත...."

Monday, December 12, 2011

මගුල්...



වෙදැගිල්ල

අමතකව මා දමා ගිය
දවසක්...

ඉස්සර ආදරය කල
දැන්
උකස් කරනට බැරුව ලතැවෙන
හිත...

සමහර කැද ජාති
බොන්නටත්,
විසිකරන්නටත්,
 බැරි...

Wednesday, December 7, 2011

හෙට අන්තිම දවස(ගබ්සාව නීතිගත කිරීම සධාරණය )



අම්මාට කියුවෙමිය...
රෝසපාට ගවුම් වලට
සින්දු කියන කුරුල්ලන්ට
කතන්දර පොත් වලට
ආසයි....

"පුතේ නුඹ දන්නැතිය
නම නොදත් තාත්තා
දන්නෙවත් නැත
නුඹ කුසේ විත්තිය."

"අපෙ මොකෝ අම්මේ,
අපි ට අපි ඉදීවි හැමදාම...
මම බලාගන්නම්
බැරිදාක
රස්සාව...
(රහසින්...)
මම
අම්මා දන්නෙ නැති,
 තාත්තා දන්නවා
විනාඩි දහයකින් තාත්තා කෙනෙක් වුන"

"පුතේ උඹ නිසා
මට මගේ රස්සාව ,
තව කරන්නට බැරිය...
ඉස්සර  බලපු ඇස් දැන් බලන්නේ නැතිය..."

"මාව දැනෙනවද අම්මේ???
අපි පස්සෙ කාලෙක සෙල්ලම් ගෙයක් හදමුද???"

"දොස්තර මාමා හෙට
 රිද්දනවා ඔයාට
හැබැයි හෙට විතරයි
ඉන් පස්සේ අපි අපිව දන්නෙ නෑ"

"සාමා අමර මල් පිපීදැයි බලන්නට
මට ඕන..."

"අපි අපේ නොවන බව
දැනගෙනත් තව කුමට...
පුතේ දැන් නිදියන්න..."

Monday, December 5, 2011

(තව කෙනෙක්)..කාලයක් හොදම යාලුවා වුන...


සමහර දවස් වල,
කවුරුවත් එන්නෙ නැති හවසට,
අම්මා නැති දවල් වරුවල,
තනිකමට තනියට හිටිය......

ජීවිතයෙ රුව ගුන
ඉගැන්වූ දින බොහෝවිය...

සෙල්ලම් බත් උයන්නට ආ
ඇත්ත බත් උයන්නට දත්
'ඇය' ඔබ විය....

මිදුල වටා දිව යන
සාරිය හැදි,
දුම් නොදා යන කෝච්චිය...

පුන්චි ටීචර් ගෙ ඉස්කෝලෙ
ප්‍රින්සිපල් මිස්...

අවුරුද්දෙ දානෙට
නිවාඩු නැති
නපුරු මිණිපිරියක,
කාලය තුලින්
බොහෝ දුර අතීතෙට
ගිය
එක්තරා නිමේශය...

දන්න කෙනෙකුට ලියුමක්...

ආදරණීය තරහ,

පැමිණෙන
නොදැන
නොකියාම
නොදන්වාම....

ඇවිත් යන්නෙත් එහෙමමය...
ගියාම දුකය
සිදුවූ දේ ගැන...

ගිය දේ ගත් නොහැක...
යනවිට
පසුතැවිලි ඉතුරු කර යන....

නොකියා එන්න,
නොකියා යන්න...
වෙනස් නොකරම
පුරුදු...

ඉතුරු නොකරන්න
පසුතැවිලි...

ඔබව (නො ) පතන,
මම

Sunday, December 4, 2011

පරණ කවි...

""තියෙනවද මම ගැන ලියපු කවි...
හුගක් ඉස්සර ,
ලග උනත් කමක් නැහැ...
කරදාසි කොලවල කුරුටු ගා නැතුව ඇති...
පරිගණක ගත
කොහේහරි
වීසි කර වත් නැත්ද...???""

"අනේ නැහැ.."
කවි ලියුවද මන්දා..
හුගක් අය ගැන ලියුවා...
ඔයා ගැන...
හරියටම කියනවද,
කවද විතරද ඔය...
කොයි කාලෙ වගේ දැයි...
මුල් නම කියුවොත් කියන්නට හැක...
අනිවාරතයෙන්ම...

Thursday, December 1, 2011

දයාබර ඉවාන්,(මගේ කතාවක් නොවෙයි.උපුටා ගැනීම Dananji Perera ගෙන් )

දයාබර ඉවාන්,
එලියේ අනෝරා වැසි වසී. මම උණුසුම් කබායකට මැදි වී කෝපි කෝප්පයක් අතැතිව සිටිමි. එකපාරට හමන සුලඟට ගැහැණුන්ගේ අත ‍රැඳි තුනට නමන කුඩ කනපිට හැරෙයි.නැවත හොඳ පිට.. නැවත කනපිට..
ජීවිතය එහෙමය. කනපිට හා හොඳපිට අතර දෝලනය වෙයි.ජීවිතය හොඳපිට තබා ගැනීමට මට ඔබ අවශ්්‍යය.මා ඔබට ආදරේයැයි මම කියන්නේ නැත.සැබැවින්ම මම ඔබට ආදරේ නැත.මම ආදරේ මටමය.ඔබට උයාපිහා කන්නට දෙන්නේත් කිළු‍ටු රෙදි සෝදන්නේත් එබැවිනි.මම තනිව සිටීමට බිය වෙමි.එම නිසා ඔබ සමඟ එක් උනෙමි.මගේ දුඹුරු පැහැ සමට ඔබේ සුදු පැහැ සම කදිම සංකලනයකි. ඔබ හැර යනවාට මම බිය වෙමි.ඔබේ කුදු මහත් සියලු කටයුතු කරන්නේ එහෙයිනි.ඒ වෙනුවට ඔබ මට මූලික මෙන්ම අමූලික මිනිස් අවශ්්‍යතාද සපුරා දෙයි.මම ඔබේ කනට කොඳුරා "ආදරෙයි" කියමි..
එහෙත් මම ආදරේ මටමය.ඔබ නැතිව ගෙවෙන රාත්‍රී වලට,කනපිට පෙරලීම් වලට ඇති බිය නිසාත්, නිතරම ආරක්ශාවක් බලාපොරොත්තු වන නිසාත් මම ඔබට ආදරේ යැයි කියා ...හිත රවට්ටමි.
ඔබ රඳවා තබා ගැනීමට වෙර දරමි. ඔබ මා හැර ගියොත් මා කිසි දිනක ඔබ ගැන දුක් වන්නේ නැත.ඔබ නැතුව මම සිටින්නේ කෙලෙස දැයි මම මම ගැනම දුක් වෙමි.
කිසි දිනක රන් නොපලඳින, නින්දෙන් ඇවිදින්නා සේ නිවස පුරාම ඇවිදින,තනියෙන් හිනාවෙන ගැහැණු පරාණයක් සමඟ මෙපමණ කලක් සිටීම පිලිබඳව සෙබැවින්ම මම ඔබට ස්තූතිවන්ත විය යුතුය.මට මා වන්නට ඔබ දී ඇති අවස්ථාව අගය කල යුතුමය.මට "ටිකක් පිස්සු" යැයි ඔබ සිතන බව මම දනිමි.සෑම මිනිසෙකු තුලම කොටියෙක්ද බල්ලෙක්ද බූරුවෙක්ද ජීවත් වන බව මා කොහේදී හෝ කියවා ඇත.මා සම්බන්දයෙන් නම් බොහෝ විට කොටියා හා බල්ලා අභිබවා බූරුවා ජය ගනී.ඔබ තරම් එය ඉවසූ කෙනෙක් තවත් නැත. ඔසරි අඳින උයන පිහන දරු නලවන සාම්ප්‍රදායික ගැහැණු රුවක් ඔබේ හිතේ ඇඳී නොතිබීම මට වාසියකි.මම ප්‍රේමය (මට ඇති) නිසාම බොහෝ මෝඩකම් කල අයෙකි.තවත් කිහිපයක් ඉදිරියේදී කරන්නටද බලාපොරොත්තු වෙමි.ඔබ ඒ සියල්ලම් ඉවසා වදාරා තව දුරත් මා සමඟම ඉඳිතැයි මම සිතමි.
මම , හැමෝම කෙලින් යනවිට ඇදේටද හැමෝම ඇදේට යන විට කෙලින්ද යාමට කැමැත්තෙමි. සබන් බුබුළු වල දේදුනු රටා බැලීමටත්, ඔබ ගොරවමින් නිදා සිටින විට පැමිණ වතුර ගැසීමටත් කැමත්තෙමි. ඔබ මා හැර ගියොත් යකඩ සපත්තු ගෙවෙන තුරු ඔබව සොයා ඇවිදීමටත් රටවල් තිස් නවයක් පසු කර හතලිස් වැනි රටට පැමිණ කසේයි රාක්ශයා මරා ඔබ බේරා ගැනීමටත් පොරොන්දු වෙමි.
අවසාන වශයෙන් මම මට ආදරය කරමි....


(අව)ලස්සන වසිලිස්සා..