මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 25, 2011

The MIRROR


තෑගි ලද...
කුඩා කණ්නාඩිය...
මුහුන පමණක් පෙනෙන....

හුගක් පරණය...
වසර ගණනින් කියන්නට අමතක.....
දෙතුන් පාරක් බිම වැටී ඇත..
බිදී නැතිමුත් කොනක් පලුදුය...
කියන්නට සතුටුය...
තවමත් මුහුණ බැලිය හැක....

මා සතුව දැන් බොහෝ කණ්නාඩි ඇත....
නමුත් තවමත්
මුහුන පෙන්වයි...
කුඩා කණ්නාඩිය....









.

Thursday, February 24, 2011

අහඹු...

පරණ ඇස් දෙකක්

අවුරුදු ගානකින්...

තවත් දෑසක් සමග හිනැහෙමින්...

සත්ය ප්රේමයෙන්....

කැම්පස් එක ලගදි,

අහම්බෙන්....

Untitled.....

පන්හිද නැතිව
පත් ඉරු නැතිව
ලියමින්...
ලියූ කවි සගවමින්...

කාටවත් පේන්නැති
හදවතේ ,
කුටීරෙක....

අනුන් ලියූ කවි කියවමින්...
සතුටු වෙමින්...
දුක් වෙමින්...




දුර


නැවක් ඉර හරි මැද..
නැවේ මිනිසෙක්...
ගැහැනියක් වෙරළ ඉම...
ඔවුනතර රල...




අමාවක........




කෝ අද එන් නැද්ද???

පතිත වෙන්නට මා මතට...
හැමදාම වාගේම...
ඔබ නොවන ඔබ හරිම සැහැල්ලුයි...

ඔයා අද නිවාඩුද??


Yours,loving , වැව් දිය....

Wednesday, February 16, 2011

මල් වලට වෙඩි තියන් නෑ.....




ප්‍රතික්ෂේපිත මිනිසෙකුට ආදරය කරන්නට බැරිද...තමන් කැමති කෙනෙකුට....තමන් කැමති විදිහකට...තමන් කැමති පාටකින් ආදරය කරන්නට බැරිද...

ඔව් මම වෙඩි තිබ්බා..වෙඩි තිබ්බා කියල කියනවා... මම නෙමෙයි ඌ කියන්නෙ.මට මතක නෑ.වැදිල හිටියෙ හොදටම.ඌ මට පෙව්ව කියල මම කියන් නෑ.බලෙන් පොවන්න බෑ. ඌ තියුවත් ඌ දැන් කියන්නෙ මම තිබ්බ කියල.මම දන්නෙ නෑ….ඌ කවුරුවත් ඉදිරියෙ සාක්කි දුන්නෙ නෑ.මම ඉස්සරහ මගේ කාමරේදී මතක් කරල දුන්න වෙඩි තිබ්බෙ මම කියල....මම වෙඩි තියල තියෙනව.මිනිස්සුන්ට නෙමෙයි.ඒත් මම වෙඩි තියන්න දන්නව….ඌ ලස්සනට ඒක ඔප්පු කලා.මටත් හිතෙනව වෙඩි තියන්න ඇත්තෙ මම කියල....

කොහොම හරි පැමිණිල්ල මලා. විත්තිය ඉතුරු උනා..විත්තියෙ දෙන්නගෙන් මම චූදිතයා උනා. හරි මම වෙඩි තිබ්බා.වෙන්න ඇති..ඒත් හදුනා ගැනීමෙ පෙරෙට්ටුවෙදි,සල්ලි වලින් වෙස් මූනක් හදල වෙස් බැන්ද.මල මිනිහගෙ ගෑනි ඒ වෙස් මූන නිසා මාව ඇදිරුවෙ නෑ.මම බේරුනා.චූදිතය නිදහස්.ආයෙ රස්සාවත් හම්බ වෙයි.

කහ පාට ගවුම ..කළුතර බෝධිය,මුලින්ම එයාව දැක්කෙ. එදා.අවුරුදු 6යි.මට 8යි.දත් නැති කටින් හිනා වුනා.දත් නැතුවත් ඒ හිනාව ලස්සනයි. මම එයාට Message එකක් යැව්වා. එයා මාව Remove කලා.

මම නිදහස්...

මම විවාහකයි...

ඒත් අර කහපාට හෙන්දිරික්කා මල ඇයි මට ආදරේ කරන් නැත්තෙ....මම මල් වලට වෙඩි තියන් නෑ...

Monday, February 14, 2011

AfTeR 55...

කලුවර ජීවිතය...
ආලෝකයක් දුර පෙනේ..
දෙව් ලොව...
සුරගනන් වත,
රැලි නොමැත ...

අකාලික
ප්‍රේමය මිය ගොසින්...
දරු පෙම දුර ගොසින්...

කාසිමලු සැලෙන හඩ...
දැන් මිහිරි නැත...

හාමුදුරුවන්වහන්සේ දොඩන්නෙත්,
නොදොඩා බැරි කමට මෙන්...

මරණය මොන පාටද???
ලෝකෙ තියෙන ලස්සනම පාට....

හොර ...

ඔපිසියේ පොතක...
ඔපිසියේ පෑනකින්...
ඔපිසියේ නොවන ....

Friday, February 11, 2011

වැලන්ටයින් මට දෙනවද...

වැලන්ටයින් මට දෙනවද...

ලස්සන රතු රෝස මලක්...

වැලන්ටයින් මට දෙනවද...

මා වෙනුවෙන්ම වුනු කවියක්....

වැලන්ටයින් මට දෙනවද...

ඔහුගේ කමිසයේ සුවද...

වැලන්ටයින් මට දෙනවද...

මතක ආයෙමත් විදින්නට...

වැලන්ටයින් මට දෙනවද...

මා වෙනුවෙන්ම වෙන්කොට ඒ හිත....

Thursday, February 10, 2011

කැමති අකමැති...:)))

කැමති අය කැමතිම කැමති...
අකමැති අය අකමැතිම අකමැති....


හුගක් ගනන්...
(ලාබ නැති නිසා මම කැමති)
ලේසියෙන් හොයන්නත් නැති...
පිටත රළු...
ඇතුලතින් මෘදු...
සුවද,ගද නැහැය මත වෙනස් වෙන...
හොද ගුණවත්...


අනිත් අය අකමැති වෙනවට මම කැමති
(එතකොට මට විතරනෙ )



Wednesday, February 9, 2011

අපිටත් නොතේරෙන රාමු ඇතුලෙ අපි....



 Goldfish මාලුවෝ..
ඔහොම ඉන්න...
මගෙ පුන්චි ටැන්කියේ....
ලොකු වැඩ නොකර...
හරි හැඩයි...
මම ආදරෙයි...

පුරසාරම් කියුවට,
තල් මස්සු...
ලුණු රස වතුර ගැන...
තෙරක් නොපෙනෙන සයුර ගැන...
නොහිතන්න...
ඒ ගැන....


මායිමක් නොපෙනුනට...
වීදුරු වලින් නොහැදුවට...
එයාල ඉන්නෙත්,
නොතේරෙන ටැන්කියක...



.

Tuesday, February 8, 2011

මට පේන & මට ලැබෙන



මට පේන....
ආදරය..
තද දම් පාට
ලස්සන
සුවද
මට පේන...

මට ලැබෙන....
 හැමදාම....
කැත
කලු
රළු
ආදරය..
මට ලැබෙන....

ඇස් පේන්නෙ නැද්ද මන්දා....

Sunday, February 6, 2011

It's not what it should be......

ගොටුකොල වැල් සදලු තලයෙන් බිමට,
කැරලි ගැසෙමින්,
පෝච්චිවල හිනැහෙමින්...
කවදාවත් නොකන....
ලස්සන...
දුකින් ඉන්නා ගොටුකොල....

උගන්නන්නට වෙලා නැති,
Busy ගුරුතුමා
ගොටුකොල වලට පැන් වත් කලෙහිය.......

සරම් වලින් මැසූ සාය හැද....
පාට පාට...
තොල්සායමින් හැඩකල.....
වෙස්මුහුණු පැලද,
බොරුසිනා පානා ගැහැණිය....

Busy සැමියා
එවු මුදලින් තෑගි ගෙන,
ලස්සනව..
දුකින්...
රියදුරා සමගින් පාටියට යන....


P.S:-ගොටුකොල=ගැහැණිය
       Busy ගුරුතුමා=Busy සැමියා
       රියදුරා=සමාවෙන්න...සමාන පද නැත....



.

කවි වලින් දර .....

ගින්නකට කවි වලින් දර දැම්මාම...
බූමිතෙල් වලට වැඩිය සැර බව...

දොර වසා අගුලු ලූ කුටියක....
දැල්වෙන ගින්දර හරි සැරයි...

මතක් වුනේ නැහැ මට ඔබව..

කවි ලියා මතක් කරන්නට තරම්...
අමුතුවෙන් අමතක වී නොතිබුනිය....





Thursday, February 3, 2011

තාත්ත දන්නවද...


තාත්ත දන්නවද...
පුන්චි දවස් වල වගේ ,
ඒ ආදරේට
මම අදටත් ආදරේ නැතුව නෙමෙයි...


තාත්ත කියා දීපු අන්දරේගෙ කතා,
මට මතක නැතුව නෙමෙයි....
වැරදි වැඩ කලාම,
සමාව දෙන්න බැරි තරමට,
අම්ම මට බනින කොට
මාව බේර ගත්තු හැටි,
මතක නැතුව නෙමෙයි....

හැමදාම හවසට,
හාවො බලන්න පන්සල් එක්ක ගිය හැටි ,
මට කවි කියල දීපු හැටි,
මතක නැතුව නෙමයි...

අපි "රජ්ජුරුවෝ උඩයි උඩයි" ගිය හැටි,
සබන් බෝල පුම්බලා වත්ත පුරාම යවපු හැටි,
මට මතක නැතුව නෙමෙයි...

තාත්ත දාල දුර එන්න උනාට,
තාත්තව බලන්න එන්න බැරි උනාට ,
මට දුක නැතුව නෙමෙයි...

මේ ලෝකෙ හොදම තාත්තා මට ලැබුනු එකට,
ඒ ආදරේ මට විතරක්ම ලැබුනට,
මට හරිම සතුටුයි....