මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 31, 2012

දුක කතන්දර කරමි...

මට දුකින් ඉන්නට
හේතුවක් ඕනෑය
හැම සතුටකම දුකක් දකිනෙමි....


ඒ රිදී ඉරක් මෙන් පෙනේ...


වලාකුළු බර අහසක
දේදුන්නක්ව පෙනේ
ඉතින්
මම දුකින් ඉමි...


දුක කතන්දර කරමි...

අවාරේ ආ කොහෝ...

හැoගිලා කවි කියන
කොහෝ නුඹ උස අත්තක
මට නොතේරෙන විදිහට
මට ආදරෙයි කියන...

 

මම ලියන කවි කියවන
කවි කියන්නට නොදත්
කුරුලු තෙම
කවි නොවන කවි පබදිත.....

 

කොහා බක්මහට වටනේ
බක්මහ ගතව බෝකල්ය
ආයෙ මේ උයනට
බක්මහ වඩින්නේ නැත....

 

පියාඹා යන්නටැයි පවසන්න
හිත් නොදේ
ඉතින්
අපි ඉදිමු...

නුඹ හැන්ගිලා කවි කියන
මම නුඹට නොපෙනෙන්න හිදගෙන...


සිහි ගන්න
ආයෙමත් බක්මහ
නො එලඹෙත...

යූ අකුර සහිත මුදුව

 

රත්තරන් පාට මුදු සහ රත්තරන් මුදු වශයෙන් මුදු දෙවර්ගයක් තියෙනවා.පාටමුදුවල පාට හරිම ලේසියෙන් නැති වෙනවා.පාට තවරපු මුදු වලින් රත්තරන් පාට වුනත් ඉවත් කරන්න හරිම ලෙහෙසියි.ඒ මුදු වලින් රත්තරන් පාට අයින් කලාම එන්නේ කළුපාටක්.ඇත්ත රත්තරන් මුදුවල පාට නැති වෙන්නේ නෑ.උවමනා වුනත් නැති කරන්න බෑ.මැකුවත් හැඩේ වෙනස් වෙලා රත්තරන් ගුලියක් වෙයි.ඒත් රත්තරන් පාට වෙනස් වෙන්නෙ නෑ.

 

ඈ සතුවෙලා තිබුනේ රත්තරන් මුද්දක්.ඒ වෙනකල් ඒ අතට මුදුවක ස්පර්ෂය දැනිලා තිබුනේ නෑ.ඒත් ඒ මුදුව ඔස්සේ රත්තරන් වල ස්පර්ෂය ඇගේ ඇගිලි වලට දනවන්න ඔහුට පුලුවන් උනා.


යූ අකුර තිබුන මුදුව ලබාගන්න හුගක් මහන්සි වෙන්න වුනා.සරසවියෙ ජීවිතේ මුදල් පරිහරනය වෙන්නෙ හරිම අරපරිසමින්.ගෙදරින් ලැබෙන ස්වල්ප මුදලින් මාසෙම ගතකරන්න ඕනෙ.ඔහුට මාසෙ වියදමට කීයක් ලැබුනද කියලා ඈ දැනගෙන හිටියෙ නෑ.ඒත් එක්කෙනෙක්ගෙන් දෙදහස් දෙසිය පනහක් අනිකාගෙන් දෙදාස් හත්සිය පනහක් යොදවලා රුපියල් පන්දහක් ගලපන්න මාස පහකුත් දවස් තුනක් ගතවුනා.


මාස පහක් ඇය රන් මුදුවේ හීනයේ හිරවෙලා උන්නා.


හීනය හැබෑවුනේ සරසවියෙ ඉදලා ගෙදර යන දවසක.දහඩියෙන් පෙගුන පිරිමි කමිසයක් බස් එකක මැද සීට් එකක ඉදගෙන රත්තරන් මුදුව ඇගේ අතට පැලදුවා.


වෙදැගිල්ලට මුදුව නොසෑහෙන තරම් විශාලයි.ඒ නිසා අර පිරිමි අතින්ම මුදුව මැදැගිල්ලට පැලදුනා. මුදුවේ යූ අකුරක් ලියවිලා තිබුනා.යූ අකුර අතර මැද හිඩැසක් තිබුනා.

 

................

 

 

"..................වන මා"

"..................වන මා"

"මෙහි සිටින"

"මෙහි සිටින"

"............."

"............."


"මාගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට"


"මාගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට"

 

හැටදහසක මුදුවක් පැලදුනා.වෙදැගිල්ලේ ප්‍රමාණය මිනුමට ලක්වෙලා තිබුනා මුදුව මිලදී ගන්න පෙර මුදුව වෙදැගිල්ලට හරියටම ගැලපුනා.ඒ නිසා.

 

ඒත් රත්තරන් වල ස්පර්ශය දැනිලා තිබුන අතකට මේ ස්පර්ශය වෙනසක් ගෙනාවේ නෑ.රුපියල් පන්දාහේ රත්තරන් වලට වඩා රුපියක් හැටදහසේ රත්තරන් බරක් රැගෙන ආවා.ඇගිලිවලට. පන්දහසේ මුදුව සැගවුනා.අල්මාරිය ඇතුලත.ආයෙමත් එලියට නෑවිත් ඉන්න හිතාගෙන.

.....................................

අල්මාරිය අස් කිරීම අතරතුර...යූ අකුරක් එබෙනවා.ලාච්චුවකින් එලියට.

"මාව මතකද?"

ඈට මතක් වෙනවා.බස් එකක් .දහඩිය පෙගුනු කමිසයක්.රුපියල් පන්දහක්.ඒත් යූ අකුර එතනට ආවෙ කොහොමද කියලා මතක් වෙන්නෙ නෑ.


යූ අකුර මතක් කරන්නට උත්සාහ ගන්නේත් නෑ.අමතක වුන දේවල් එහෙමම අමතක වෙලා ගියදෙන් කියලා හිතුවා.

ඒත් ඈ මතක් කරන්නට උත්සාහ ගන්නවා.

යූ අකුරෙන් නම පටන් ගත්ත පෙම්වතුන් නොසිටීම ගැන.


ඇයි ඇය යූ අකුර තෝරා ගත්තේ??

රුපියල් හැටදහසේ මුදුවේ අකුරක් තිබුනෙ නෑ.අකුරු තිබුනේත් නෑ.සුදුපාට ගල් පේලියක් විතරයි.හැටදහසේ මුදුවේ සුදු රත්තරන් දැවටිලා තිබුනා.ඒරිදී පාට සුදු රත්තරන් වලින් රත්තාරන් වල නියම පැහැය වසාගෙන තිබුනා.


ඇයි ඇය යූ අකුර තෝරා ගත්තේ?

රුපියක් පන්දහක් වගේ ලාබ ගනනකට වෙන මුදු තිබුනෙ නෑ.සාප්පුවේ තිබුන එකම මුදුවෙ යූ අකුරක් කොටලා තිබුනා.ඉතින් ඈ යූ අකුර තෝරා ගත්තා.සරළ හේතු දැක්වීමක්.


ලාච්චුවෙන් එලියට එබුන මුදුව අතට අරගෙන ඈ දකුණු අතේ වෙදැගිල්ලෙ පැලදගත්තා.

අමතක වෙලා තිබුනා වෙදැගිල්ලට මුදුව විශාල වැඩි බව.ආපසු සුපුරුදු පරිදි දකුණු අතේ මැදැගිල්ලේ.

අහම්බයක් සිදු වෙලා තිබුනා.රුපියල් හැට දහසේ මුදුව පැලදුව කෙනාගේ නමේ මුල අකුර ,යූ අකුරත් සමග ගැලපුනා.


දැන් යූ අකුර අලුත් ජීවිතයකට හැඩගැහෙයි.තවත් සැගවිලා ඉන්නට උවමනා නැහැ.

 



 

 


Monday, July 30, 2012

ඔෂින් ...

සුදු බත් ගුලි දෙකෙන්
දවසක වේල පියවෙන
ජපානේ කදුකරයක
ගෙවිලියක් ලෙස මම
හීනයක සැරිසරන...

හොරාගෙන ගිය ප්‍රේමයක්
විප්ලවේ රතු සාලුවෙන් වැසෙන
ආයෙමත් ප්‍රේමයක් නොලියවෙන
ජීවයක්.....


කොණ්ඩා මෝස්තර ඉගන
අපූරු මෝස්තරකාරියක් වන්නට...
ජපන් කොණ්ඩා මෝස්තර සුරුවම්ය...


සරල කෙල්ලක්ව
කිමෝනාවක් ඇද
ටෝකියෝ නගරයේ
වීදියක දිව යන සිහිනයක...



Sunday, July 29, 2012

වදවීම (කෙටි කතා)

තව දවසක්....

 

ඉවෑන්ජලීන් පයින් ඇවිදගෙන වැඩට යන්න පටන් ගත්තා.හැතැප්ම අටක් විතරම පයින් යන්න තියෙන නිසා ගෙදරින් එලියට බැස්සෙ පාන්දර පහට විතර.හරියටම අටයි තිහට කන්තෝරුවෙ ඉන්න ඕනෙ.


පාරෙ දකුණු පැත්තෙන් යන්න ඕන කියන නීතිය වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේන්න යනවා කියලා දැන ගත්තෙ ඊයෙ රෑ.හවස හයේ ප්‍රවෘත්ති වලින්.ඇත්තටම දැන් පාරේ වාහන යන්නේම නැති තරම් නිසා එහෙම නීතියක් ගෙනාවාට වරදක්ද නැත.කලාතුරකින් වාහනයක් ගියත් ඒ හරිම හෙමින්ය.කොහොමත් එහෙම යන වාහන ලිෆ්ට් එකක් දෙන්නට නවත්වන්නේද හරිම කලාතුරකින්ය.


ආඩම්බරෙන් හිසගස්සාගෙන මිසිස් පෙරේරා ඇල්ටො කාර් එකෙන් ඉවෑන්ජලීන්ව පහු කරගෙන ගියේ මේ දැන්ය.මිසිස් පෙරේරා කියුවාට දැන් මිස්ට පෙරේරා නැත.මිස්ට පෙරේරා ඉන්න කාලේ නම් මිසිස් පෙරේරා නැති ඕනෑම වෙලාවක ඉවෑන්ජලීන්ට ලිෆ්ට් එකක් දුන්නේ ය.


පාරේ දකුණු අත පැත්තේ කොනට වන්නට කැම් රියක් නවත්වා තිබුනි.රියදුරු ආසනේ කවුරුත්ම නැත.ඒ කියන්නේ තව වාහනයක් කැඩිලාය.ඉවෑන්ජලීන්ගේ වාහනේ කැඩුනේ ගිය සතියේ හරියටම අද වගේ දවසකය.බම්බලපිටියේ හන්දියේ වාහනේ නවත්වා එනවා ඇරෙන්නට ඉවෑන්ජලීන්ට කරන්නට දෙයක් තිබුනේම නැත.

රක්ෂණ ආයතනයේ කෙල්ලෙක් පද්ද පද්දා ආවාට එයා දන්නා ඉටිගෙඩියක් නැත.අන්තිමට තීරණය වුනේ වාහනය හදා ගන්නට බැරි බවය.දැන් වාහන හොරු නැති නිසා තිබුන තැනම වාහනය තියෙනවා වන්නට ඇත.


..........................................

 

"බුදු අම්මෝ..."ටෙක්ලා කෑ ගැහුවේ කන්තෝරුවේ බාත් රූම් එකේ ඉදගෙනය....

"ඇයි ..ඇයි"කට්ටිය කම්මැලිකමෙන් මෙන් බාත් රූම් එක පැත්තට ගියෝය...කොල්ලන් හිටිය කාලේ නම් ටෙක්ලාගේ කෑගැහිල්ලට මේ වෙනකොට දෙතුන්දෙනෙක්ම බාත් රූම් එක ඇතුලේය....

"ගෙම්බෙක්...ගෙම්බෙක්..."කියාගෙන බාත් රූම් එකෙන් එලියට පැන්නේ ටෙක්ලාය...

ගෙම්බා ඉවත් කරන්නට කිසිම කාන්තාවක් ඉදිරිපත් වූයේ නැතුවාක් මෙන්ම හවස් වෙනතුරු කවුරුත් බාත් රූම් එකට ගියේද නැත.
............................................

 

මිසිස් අල්විස්ව දැන් අදුරන්නට බැරි තරම් වෙනස් වෙලාය.දැන් ඈ කිසිම ආලේපනයක් මුහුනේ උලන්නේ නැත."මම ඉතින් කාට පේන්නට හැඩවෙන්න දැයි..."හිතේ දුක වැඩිකමටදෝ මන්දා මිසිස් අල්විස් සමහර දවස්වල කියයි.


 මිසිස් පෙරේරා ට හිතෙනවා ඇත්තේ මිස්ට පෙරේරා හිටියා නම් කොච්චර හොදදැයි කියලාය.මිස්ට පෙරේරා මිසිස් අල්විස්ගේ මූණට ඒ කාලේ හිටියේ වහවැටිලාය.


එක අතකට මිස්ට පෙරේරා හිටියා නම් මිසිස් අල්විස් මුහුනේ කැරට් අල පෙති තබා යෝගට් ගානා ව්‍යායාමය නවත්වන්නේද නැත.

....................................

තනියම ගෙදර ඉන්නට ඉවෑන්ජලීන්ට කම්මැලි හිතුන සමහර හවස්වරුවල තනිකඩ ගැහැනු යාලුවන්ගේ ගෙවල් දොරවල් වල ගිය නමුත් දැන් කතා කරන්නටද ඒ හැටි ඕපා දූපයක් නැත.ඉස්සර කතා කල වැඩි හරියක් ඕපාදූප වල හිටියේ කඩවසම් පිරිමිය.දැන් කවුරුත් කවුරුවත් එක්ක යාලුවූවා යයි කියන්නටද බැරිය.ඉස්සර නම් මගුල් ගැන ,ලිවින් ටු ගෙදර් ගැන ඕපාදූප ඕනෑතරම් තිබුනේය.

 

..................................


ඊශ්රායලය හා පලස්තීනය අතර ගැටුම් තාමත් එහෙමමය.ඊශ්‍රායල් නව ජනාධිපතිනී මුසම්මික් ඊරියල්,පලස්තීන ජනාධිපතිනියට සාම පණිවිඩයක් යවමින් කියා තිබුනේ "ඒ කාලෙ Aziz Duwaik හිටිය කාලේ බෙදාගන්නට දේවල් තිබුනාට දැන් බෙදාගන්නට තරම් දෙයක් නැති නිසා සරණාගතයින් සම සමව බෙදාගෙන ගැටලුව සමතයකට පත් කරගතයුතු බවය."

 

 එක අතකට දැන් සටන් කරන්නට කියලා යුද්ධෙට යවන්නේ කවුදැයි ඇයට හිතෙන්නට ඇත.අනික යුද්ධෙට කියා ගොස් කෙස්වලු පටලවා ගතහොත් කොණ්ඩ ගැට ලිහන්නට පුලුවන් අයවලුන් ගේන්නට වෙනවා ඇත.

 

..................................

දැන් හාල්මැස්සොන්ගේ ඔලුකඩන්නට,දැල්ලන් සුද්ධ කරන්නට ,මිරිස් වල නැටි කඩා දෙන්නට කවුරුවත් නැත.ඉවෑන්ජලීන් බතක් උයන්නේ හරිම කලාතුරකිනි.බත් වෙනුවට කන්නේම පැස්ටාය.පැස්ටා කන්නට ලලිත් සිටි කාලේ නම් කැමැත්තක් තිබුනේම නැත.ඒකටත් එක්කම දැන් ඉවෑන්ජලීන් පැස්ටා කන්නීය.

..........................

 "රාත්‍රී 8.30 ප්‍රවෘත්ති.

ප්‍රකාශිකා සේමිණී කරුණාරත්න.


අවසාන පිරිමි සත්වයාත් මිහිමතින් තුරන් වී සැප්තැම්බර් විසිවනදා එනම් අද දිනට  වසරක් පිරේ.හදිසියේ මිහිමත ජනිතවූ රෙබෙටස් කොකුස් නම්වූ බැක්ටීරියාව හේතුවෙන් පිරිමින් වදවී යාම ඇරඹුනේ 2026 ජනවාරි විසිපස් වෙනිදාය.ගැහැනුන් පමණක් ජීවත්වන පෘතුවියේ ජීවය පවත්වාගෙන යාම සදහා අගහරු ලෝකයෙන් පිරිමි සත්වයන් ආනයනය කිරීමට සැරසේ.එම අබිජනන ක්‍රම මගින් කුමන ආකාරයක ජීවීන් බිහිවේදැයි පැහැදිලි කර නොහැක.අගහරු ලොවින් ආනයනය කරන මෙම ජීවීන් සමග හැකි ඉක්මනින් ප්‍රේම සම්බන්ධතා ආරම්බ කරන්නැයි ජනාධිපති තුමිය ආයාචනා කරයි."




Friday, July 27, 2012

සමණලයෙක්;කළු ගලක් මත ඉදගෙන

සමණලයෙක් වෙලා මo
කළු ගලක් මත ඉදගෙන
දැන් හුගක් කාලයක්
කළු ගලේ සුවද බලමින....

 

ශීත කාලය ගෙවී
සීතලට ගල්ගැහුනු පියාපත් මත
මිදුනු හිම කැට සූරමින්
පියාඹන්නට කල්  නො එළඹෙන බව දැන....

 

ඈත කළු වලාකුල්
මහා වැසි රැගෙන එයි
කළු ගලේ හිඩැසක් තනා
නොතෙමි ඉන්නට දෙන්න...

 

අතේ දුරින් මල් පිපෙයි
සමණලයා තවම ගල මත
වසත් කල ගතවෙයි...
තවම හිම තටුමත....

 

හිම කඩන්නට උවමනා නැත...
තටු බිදින්නට උවමනා නැත...
කළුගල්  මල් නොවෙන බව
සමණලයා පසක්කොට ඇත...

හිජාබ් (කෙටිකතා)

 

 

"මාතියා මාතියා...නාටාමි නාටාමි..."


පිටකොටුවෙ බස්නැවතුමේ පයින් ඇවිදගෙන යන දවසක නාටාමි කටහඩක් ඇහිලා මම පාරෙ අයිනට වුනා.

බඩුමල්ලක් කරේ තියාගත්ත මිනිහෙක් මාව පහුකරන් ඉස්සරහට ඇදුනා.නහය කකාරවන දාඩිය ගදක් දැනුනා.

 

අරුමෝසම් කඩයක් ලග කකුල් දෙක නැවතුනේ පොඩි එකීට මාලයක් ගන්න.ඇට මාලයක්.වීදුරු බෝල.

 

ආපහු සැරයක් අර නහය කකාරවන ගද මගේ පිටිපස්සෙන් දැනුනා.නොරිස්සුම් ඇස්දෙකක් පිටිපස්ස හැරිලා බැලුවා.

"මාතියා මේ මම..."

අර මේ දැන් මාව පහුකරගෙන ගිය මනුස්සයා මගේ ලගට ඇවිත් කියුවා.

 

 "කවුද?මට හරියටම අදුරන්න බෑනෙ.."


කටින් එහෙම කියුවත් හිතෙන් හිතුවා ගමේ කෙනෙක් ඒ කියුවෙ යාපනේ මිනිහෙක් වෙන්න පුලුවන් බව.

 ......................................................................

 

"ෂස්නා .....ෂස්නා...."

 

මූණ වටකුරු හිනා වෙනකොට හිල්දෙකක් හැදෙන කම්මුල් එක්ක හීනිවෙන ඇස් දෙක මට හැමදාම මතක තියෙයි.ඒ කම්මුල් දකින්න පුළුවන් උනේ සමහරුනට විතරයි.මමත් ඒ සමහරු අතර එක්කෙනෙක්.පිරිමියෙක් වෙලා නෑදෑයෙක් නොවෙනෙ කෙනෙක් වෙලා ෂස්නා ගේ රූපෙ දැක්කා කියන්නෙ හැබෑම වාසනාවන්තයෙක්.


"රිස්ලාන්..."ෂස්නා මට කතා කලේ එහෙම.හැබෑ නම රිල්වාන් වුනාට රිස්ලාන් කියලා ෂස්නා කතා කරනකොට ලස්සනයි.මම කවදාවත් කතාකරන විදිහ වෙනස් කරන්න කියලා එයාට කියුවෙ නෑ.


ෂස්නගෙ කටහඩ මූණ වසාගෙන පැතිරිලා හිටපු කලුපාට රෙදිකඩ විනිවිද එනකොට ඇහෙන්නෙ අඩුවෙන්.ලාවට.


මම ෂස්නා ලග වාඩිවෙලා ඒ කටහඩ අහගෙන ඉන්න ආස කලා.ඒකට වෙලාවත් තිබුනා.ෂස්නා කොළඹ .මම ජැෆ්නා.අපි හමුවුනේ අහම්බෙන්.ඒ අහම්බයක් නොවෙන්න තිබුන අහම්බයක්.අපි සරසවියෙ හමු වුනේ පුස්තකාලෙ ඇතුලෙ.


ෂස්නට පුස්තකාලෙන් පොත් ගන්න වුනේ නෑ.පොත්ගන්න මූණ පෙන්නන්න කියුවම කෙල්ල කැමති වුනේ නෑ.මම එයාට පොත් අරන් දුන්නා.මුලුඇගම වැහෙන්න අදින ඇදුමට මගේ කැමැත්තක් නොතිබුනාට ඒ අපේ ආගම නේද කියලා මට හිතුනා.ෂස්නා මාත් එක්ක එක මේසෙ ඉදන් පාඩම් කලේ ඒ නිසා.


හැම කෙල්ලගෙම තියෙන කපටි ගති ෂස්නා ඇතුලෙත් නොතිබුනා නෙමෙයි.මට ඇගෑලුම් කම් පෙන්නුවේ කලුපාට තිරරෙද්ද අතරින් හිනාවුනේ  ඒ නිසා වෙන්න ඇති.දල ඇදුම අතරින් ෂස්නගේ සුදුපාට කකුලෙ පොඩි පදාසයක් දැක්කත් සරසවියෙ අසමජ්ජාති කොල්ලන්ට රසබර කතාවක් වුනා.හැමදාම කොටට අදින සිoහල කෙල්ලොන්ගෙ  කෝටු කකුල් ගැන උන් කතා කලේ හරිම අඩුවෙන්.


අපි කතා කලා.මම වැඩියෙන් කතාකරනවා දැනුනද මන්දා.දවසක් පුස්තකාලෙ පාඩම් මේසයක් ලගදි අත්මේස් ගලවනකොට මගේ හදවටත් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා.කෙල්ලෙක්ගෙ අතක් දකින්න කලින් කොල්ලෙක්ගෙ හිතක් ඒ තරම් ගැහිලා නැතුවැති.මම ඊට  පස්සෙත් අත්මේස් දාපු අත් නිරුවත් වෙනවා දැක්කා.ඒත් හදවතක් තියෙනවද කියල වත් ඒ වෙලාවල දැනුනෙ නැහැ.


ඒත් මට ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන හැඩතල තියෙන රත්තරන් මුද්දක් ෂස්නගෙ අතේ වෙදැගිල්ලෙ දැක්කවෙලාවෙ ගැහි ගැහී තිබුනු හදවත එක පාරටම ගල්වුනා.අයිස් පෙට්ටියක උඩතට්ටුවේ දාපු පණ තියෙන මාලුවෙක් වගේ.තාම ඒ හදවත සීතලයි.වසන්ත කාල හුගක් පහුවෙලා තිබුනත්.


පස්සෙ කාලෙ දවසක මම ෂස්නගෙ පලවෙනිදරුවා මූණු පොතෙන් දැක්කා.ඇගේ මූණුවටම තිබුනා.

 

එච්චරයි.

 

..............................

"මාතියා මම මාතියාව අදුනනවා...."

"කොහෙදිද?"

"මාතියා මාත් එක්ක තේකක් බොන්න එනවද?"

"කොහාටද?"

"මගේ ගුබ්බෑයමට..."කහට පාට දත් දොලහක් මාත් එක්ක හිනාවුනා.


....................................................

 

ෂස්නගෙ බෙල්ල පිටිපස්සෙ තිබුනෙ පුදුමාකාර සුදක්.කොණ්ඩෙ උස් කරලා කොණ්ඩ කට්ටක් ගැහුවම ඒ සුදුපාට බෙල්ල කැපිලා පෙනුනා.

 

මහා බාධකය වුන කළුපාට රෙද්ද නැතුව මම ෂස්නව දැක්කෙ .නෝම්බි කාලෙ දවසක හවස.කැම්පස් එකේ ගැහැනු බෝඩිම් කාමර ලග.මාව දැකලා කලබල වෙලා පඩිපේලිය දිගේ දුවගෙන ගියා.උඩටම.හැරිලවත් බැලුවෙ නෑ.සුදුපාට බෙල්ල මම දැක්කෙ එදා.කොණ්ඩෙ උඩට කරලා කටුවක් ගහල තිබුනා.

 

ඊට පස්සෙ මගෙන් ඒ ගැන ඇහුවෙ නෑ.

මම සුදුපාට බෙල්ල ගැන කතා කලෙත් නෑ.

 

..........................................................

මාතියට මාව මතක නෑ??

නෑ....නෑ...

නෑ????

නෑ....

.....................................


සරම කැහිපට ගැන්නිලා නාටාමිගේ දුඹුරුපාට කෝටු කකුල් පෙනුනා.ඒ කකුල් වල නහරත් තිබුනා.නිල්පාට.කොණ්ඩෙ කෙස්ගස් තැනින් තැන ඉදිලා තිබුනා.කකාරවන දාඩියගද ගුබ්බෑයම් කාමරේ පිරිලා තිබුනා.


එකම එක පුටු කබලක්වත් නැති ගුබ්බෑයමේ තිබුන ඇද උඩ මට රෙදිකෑල්ලක් එලුවා ඉදගන්න.

බීඩිකොට විසිරිලා තිබුනා.අඩිය තියපු හැම තැනම බීඩිකොටයක් පෑගුනා.


"මාතියා මට ආදරේද?"

"මාතියා.... මාතියා...."

"රිස්ලාන්..."


.......................


ඉස්සර සුදුපාටට දිලිහෙමින් තිබුන බෙල්ලක, ඉර  අව්ව විසින් කාලයත් සමග එකතුවෙලා දුඹුරුපාට කරපු පරාසයක මගේ තොල් පැටලුනා.


අනතුරුව බීඩිකොට කළුපාට තවරපු තොල් අතර...


කබල් ඇද මත පරිස්සමට එලපු රෙදිකඩ බීඩිකොට වසාගෙන බිම වැටුනා.

දහඩිය ගද තවත් සද්දෙන් ඇහෙන්න පටන් ගත්තා.

.....................


Thursday, July 26, 2012

නෑයෝ

 

 

 නෑයෝ කියන්නේ හරි පුදුම ඈයෝය.මිනිස්සු නෑයෝ ලබා ගැනීමට ප්‍රිය කරති.සමහරවුන්ට නෑයෝ බොහොමයක් ඇති අතර සමහර අයට ඇත්තේ ටිකකි.නෑයෝ බොහොමයක් සිටීම හයියක් වුවද කරදරයක් වන අවස්ථාද නැත්තේ නොවේ.


නෑ කම් විවිධය. උපතින් ලැබෙන නෑ කම් අප විසින් වෙනස් කල නොහැකි නෑ කම්ය. අම්මා හෝ තාත්තා අපට උවමනා වුවද වෙනස් කල නොහැක.පුන්චි අම්මා වෙනස් කල නොහැකි අතර පුන්චි අම්මාගේ තේරීමේ හැකියාව නොහැකියාව මත බාප්පා වෙන්ස්විය හැකිය.


අපිට උපතින්ම ලැබෙන නෑයෝ අප විසින් පිලිගත යුතුය.පිලිගැනීමට අකමැති නම් හදිසියේ තරහ වුවහොත්  මිතුරුකම් අත ඇරිය හැකිය.නමුත් නෑකම් වෙනස් නොවේ.මට නෑයෝ ඉන්නේ හරිම ස්වල්පයකි.පවුලේ තනි ළමයා වූ මට සහෝදර සහෝදරියෝ නැත.ඉතින් ඉදිරිකාලයේදී ලැබෙන්නට නියමිත මස්සිනාලාද නැත.නෑනලාද නැත.පුන්චි අම්මෙක්,ලොකු අම්මෙක් වෙන්නටද බැරිය.

 

නමුත් ඉන්නා නෑයෝද සමහරු තරහය.තරහ ඇති වූවාට කලින් කියුවා වාගේම නෑකම් නැතිවෙන්නේ නැත.

 

නෑයන් තරහ වන්නේද හරි පුදුම හේතු වලටය.එක්කුස උපන් සහෝදර සහෝදරියෝ ගහමරා ගන්නේ සමහර විටක මහගෙදර ඉඩම බෙදාගන්නට බැරුවය.සල්ලි වලටය.තවත් සමහර විටක දෙමව්පියන් වයසට ගියපසුව උපස්ථාන කරන්නේ කවුදැයි සිතාගන්නට බැරුවය.සහෝදර සහෝදරියන් තරහ වූ පසුව උන්ගේ දරුවන්ද එකිනෙකා දිහා නොබලන තරමට නොහොද නෝක්කාඩු වෙති.එසේ වන්නේ හේතුවක් නැතුවය.

 

කරුණු කාරනා මෙසේ සිද්ධ වුවද සමහර පවුල් වල එක බඩවැල කඩාගෙන ආවුන් මන්නෙකින් කපලාවත් වෙන් කරන්නට බැරිය.ඒ ලේ බැදීම යයි කියති.වෙන්නටත් පුලුවන.නැතිනම් කුඩා කල සිටම එක බත්පත හතරට පහට බෙදාගෙන කෑමේ පුරුද්ද හරහා රැස්වුන ලබැදියාවක් වන්නට පුලුවන.


මෙච්චර අටුවා ටීකා කීවේ තමන්ට ඇති කරගත හැකි අලුත්ම ආකාරයක් නෑකම් ගැන කියන්නටය.එක්කුස උපන් සහෝදර සහෝදරියෝ නැතද මටද සහෝදරියෙක් සහ සහෝදරයෙක් සිටිති.ඔවුහු එක බඩවැල කඩාගෙන පැමිණ නැත.නමුත් සමහර වෙලාවල හිතෙන්නේ ලගම නෑදෑකම් ඇති වුනට වඩා මේ අය හිතවත් බවය.මේ දෙදෙනාම මුලින් මගේ මිතුරන්ය.පසුව සහෝදර බැම්මක් තරමටම බැදියාවක් ඇතිවින.

 

සමහර විටක මේ  බැදීම එක් කුස ඉපදීමෙන් ඇති වන බැදීමට වැඩියයි සිතේ.අනේ මන්දාය.ඒ මට හිතෙන හැටියය.වරදින්නටත් පුලුවන.ඒ මට එක් කුස උපන් වුන් නැති බැවින.


තමන්ටම කියා අය නැත්නම් එහෙම වුන් ඇතිකරගත හැකිය.ජීවිතය තියෙන්නේ ඔහේ ගලායන්නට දෙන්නට නොවේ.නැතිවන දෑ ලබා ගන්නටය.ලේ නෑයන් තුලින් නොලැබුනු සමහරක් දේ මගේ මවිසින් හරිහම්බ කරගත් අලුත් නෑයින් ගෙන් ලැබේ.

ඇත්තටම සතුටට කරුණකිය.

මොනවා කීවත් නෑයෝ කියන්නේ හරි පුදුම ඈයෝය...

Wednesday, July 25, 2012

"වෙන්න" සින්දුවේ අයිතිකාර මහතා,දුෂ්‍යන්ත වීරමන් සහ ලoකාවේ සoගීතය කොයිබටද?

මේ මාතෘකාව යටතේ ලිපියක් ලියන්නට හිතුනේ ඇත්තටම හිතේ ඇතිවුන කලකිරීමක් නිසා.කලකිරීම ඇති වෙන්න හේතුව වුනේ හිරු ටී.වී එකේ විකාශය වෙන "copy chat" වැඩසටහන.තව දෙයක්,මම හිරු ටී.වී එක නොබලන හිරු ටී.වී හරසුන් නාලිකාවක් කියන කෙනෙක් නෙමෙයි.ඒවගේම මේ සිද්ධ වෙන්නෙ පෞද්ගලික මඩ ප්‍රචාරයකුත් නෙමෙයි.


මම පහුගිය සතියෙ copy chat වැඩසටහන බලන්න ඉදගත්තා.ඇත්තටම මේ වගේ වැඩසටහන් හිතේ තියෙන මහන්සිය තුරන් කරලා හිතට සැහැල්ලුවක් ගේනවා.එදා වැඩසටහනට නිරෝශා පෙරේරා,රොනී ලීච්,සුරoගි.දුෂ්‍යන්ත වීරමන් ,වෙන්න සින්දුව කියන මහත්මයා (ඇත්තටම මම මේ මහත්මයාගේ නම දන්නෙ නැහැ.) සහ ඕෂදී හේවාමද්දුම  සහබාගී වුනා.


හිත සැහැල්ලු කරන කතන්දර ඇහුනා.නිරෝශාගේ සුපුරුදු කටකාර කමත් ඕෂධීගේ සිනාවත් වැඩසටහනට කල එලියක් ගෙනාවා.


මේ වැඩසටහනේ ප්‍රධානම අoගයක් තමයි ගීත ගායනය.ප්‍රේක්ශකයන් නියම කරන අoකයේ සදහන් ගීතය ගයන්නට සහබාගී වන කලාකරුවන්ට සිද්ධ වෙනවා.


රොනී ලීච් ,ඕෂධී හේවාමද්දුම ,සුරoගි ලස්සනට ගීත ගායනා කලා.ඇත්තටම ඔවුන් ගීත දැනගෙන හිටියා.


දුෂ්‍යන්ත වීරමන් මහත්මයා කියුවා ඔහු මෙවැනි දෙයක් වැඩසටහන සම්බන්ධව දැන නොසිටි බව.තමන්ගේ සින්දු නම් කියන්නට පුලුවන් බව ඔහු පවසා සිටියා.


ඉතින් මේ ඔහුට බනින්නට ලැහැස්ති වෙනවා නෙමයි.අනික ඔහු මා විසින් අප්‍රිය කරන ගායකයෙකුත් නෙමෙයි.නමුත් මේ කියන්නට උත්සාහ කරන්නේ ඔහු අනිත් ගායකයන්ගේ ප්‍රසිද්ධ සින්දු නොදන්නා බවයි.

 

 කලාකරුවෙක් සමස්ථයක් ලෙස තමන් අවට තිබෙනා කලාවෙන් ආභාශයක් ගත යුතුයි.සහෝදර ගායක ගායිකාවන්ගේ ගීතයක් වත් නොදැනතමන් යන්නේ කොයිබටදැයි ඔවුන් දන්නවාද?මාධ්‍ය විසින් පුම්බා තබන මේ ගායකයින් කලාකරුවන් යැයි ඇත්තටම සැලකෙනවාද?

 

"වෙන්න" නම් සින්දුව ගයන ගායක මහත්මයා දැන සිටියා තමාගේ සින්දුවට කුමන ආකාරයක ප්‍රතිචාරයක් ලැබෙයිද කියා.එම නිසා ඔහු කියුවා."මේ සින්දුව ඇහුවොත් නම් ඔයාලා මාව එලෙවයි "කියලා.

එම සින්දුව සමන්විත වුනේ මේ වගේ පදවැලකින්...


"වෙන්න කකුලට වෙන්න...
වෙන්න ඔලුවට වෙන්න...
වෙන්න ඇගටම වෙන්න..."

 

 මෙය නව සන්කල්පයකින් නිර්මාණය වුනු ගීතයක් බවත් ඇහුවම "මේ මොන පිස්සු සින්දුවක් දැයි හිතෙන්නට පුලුවන් යැයි..."ද ඔහු කියුවා.

 

 ඇත්තටම මට එහෙම හිතුනා.ඒ අතින් ඔහු සාර්ථකයි.

 

 ඒත් ඇත්තටම අපේ කලාව කොයිබටද?

 

(මේ කුඩා අදහසක් පමණයි.සoවාදයට විවෘතයි )

 

 

 

Tuesday, July 24, 2012

නැබ නොපෙන්වා චීත්තෙ ඇදි කිසාගෝතමී...

කිසා ගෝතමිය දුටුවෙමි
නැබ නොපෙන්වා චීත්තෙ ඇදි
කිසාගෝතමී...

ගම වටේම හිටිය ගම්මු
හිනස්සලා දීගෙක ගිය කිසාගෝතමී....


දීගෙක ගෙනියන්න ආපු
කුමාරයට ඔච්චම් කර
වැඩට හිටිය මිනිහ එක්ක
දීග ගියපු ගෝතමී ඇය...

 

කිතුලෙ ගියපු මනුස්සයා
පය ලිස්සල බිම වැටුනා...
නොමල මිනිහ මල විලසා
ඇද මත්තෙහි වැද ඉන්නා...

 

දරු හිස් කුස් පුරවන්නට
බත්වේලක් සරි කරනට
තේ වත්තේ වැඩට ගියපු
කිසා ගෝතමී...

 

කටේ කිරිසුවද නොසිදුනු
දූරු දෙන්නා
මව් එනතක් තනිවූ කල
ගමේ හිටිය සබාපතිගෙ
අඹු කමටම සරි වුනෝය...

 

දුක කියන්ට
බුදු හාමුදුරුවො දකින්ට
පෝය දාට පන්සල් ගිය කිසා ගෝතමී...

 

වදනක්වත් නොදොඩන්නේ
සාන්ත මුදු බැල්මෙන්
තමන් දෙසම නෙත් ලන්නේ...
අමාමෑණි බුදු පියාණ
ඇයිදැයි ඔබ
වදනක්වත් නොදොඩන්නේ?

 

වත්තෙ මහත්තයා
කරුණාවයි ගෝතමියට
නෝනා හාමු නැති දවසක
ගෙට කතා කලා...


සල්ලි කාසි උතුරන්නට
ගෝතමියට හිමිවී ඇත
හිතේ ශාන්තියයි නැත්තෙ
හිතේ සොවිනි පසු තැවෙන්නෙ.....

 

සදාචාරෙ විකිණුනාට
නැතිවම බැරි කාසි වලට...
සoස්කෘතිය තාමත් ඇති.........

 

කිසා ගෝතමිය දුටුවෙමි
නැබ නොපෙන්වා චීත්තෙ ඇදි
කිසාගෝතමී...

Monday, July 23, 2012

පාවුලෝ කොයියෝ ; මට ඔබට ආදරේ කරන්නට ඕනෑය...

 

 

මට ඔහුට ආදරේ කරන්නට ඕනෑය...
සෙනෙහෙබර බිරිදක්ව නොව
නිදහස් කරදාසියක් වී...

 

ලියවිල්ලක්ව සුරතින් ලියවෙන්ට ඕනෑය
ඒ හිතේ කවියක් වන්න ඕනෑය
කුරුටු ගෑ පත් ඉරුවක්ව
කුණු කූඩයේ හිදින්නට ඕනෑය...

 

හිතේ ගෙතෙනා කතන්දර කියවන්ට ඕනෑය...
සම්මත අසම්මත කරනට
ඉගන ගන්නට ඕනෑය...
අසම්මත තුල සම්මත දකින්නට
පුරුදු වෙන්නට ඕනෑය...

 

පොදු රියක නැග ගමන් යන
ගමන් මලු තුලට වී හිද;

ඔහු
බලන දේ නොව
හිතෙන දේ දකින්නට ඕනෑය....

 

නොබිදෙන ප්‍රේමයෙන්
ඔහුට පෙම් කරන්නට ඕනෑය...

සැක

සැක තියෙන්නේ හිතේය.සැක උපද්දන්නේ හිතය. අරුමය තියෙන්නේ හිත්නැති මිනිසුන් තුලද සැක තිබීමයි.

 

සැක ඉපද වන්නට පමණක් ඔවුන්ට සිත් ලැබී තිබේ.ඉසුරි උපන්නේ එවන් හිතක් නැති නමුත් හිතේ සැක ඇති අත්තම්මා කෙනෙකුගේ දියණියකගේ කුසිනි.

 

ආත්තම්මාට වඩා තාත්තා ඉසුරිට ලෙන්ගතුය.අම්මා වඩාගෙන් නොඉන්නා ඉසුරි හැම හැන්දෑවකම තාත්තා විසින් වඩා ගනී. නින්ද යනකල් පිට කස්න්නේද ඔලුව අතගාන්නේද තාත්තාය.අම්මාට ඕවාට වෙලාවක් නැතිය.ඒ අම්මලා බොහොමයකගේ හැටිය.

 

අම්මලා කරන රැකියාවම කරන තාත්තලාට ඕවාට වෙලාවක් ඇත.

 

 පුන්චි දවස් වල ඉදන්ම දෙපතුල් බිමගෑවෙන තෙක් ඉසුරි උන්නේ තාත්තාගේ අතේය.වඩාගෙන උන්නත් කකුල් බිම ගෑවෙන්නට පටන් ගත්දාය තාත්තා ඉසුරිව බිමින් තියුවේ.

 

 ආත්තම්මාගේ හිතේ තිබුනේ සැකේය. ඒත් අත්තම්මාට හිතක් තිබුනේ නැත.නමුත් පපුවක් තිබින.ආත්තම්මා හිතුවේ මිනිබිරීට ඇත්තේද පපුවක් පමණක්ය කියලාය.නමුත් අවේලාවට හෝ වෙලාවට ඈට හිතක් තිබින.

 තාත්තාටද හිතක් තිබින.

 

 "මේ ගෑනු දරුවා දැන් ලොකුයිනෙ.තාත්තගෙ තුරුල්ලෙ නිදියන්න යවන්නෙ."ආත්තම්මා අරෝවට එන්නේ එහෙමය.

 

 අම්මා මුලින් ගනන් නොගෙන හිටියත් පසුව අම්මාගේ හිතට අදහස කාවද්දන්නට අත්තම්මාට හැකි විය.ඉසුරිව තුරුල් කොට නිදන්නට අම්මා පෙලඹුනේ එහෙමය. 

 

තාත්තාට අඩුව දැනෙන්නට පටන් ගත්තේය...දූව හොරා ගත්තාක් මෙන් විය.

 

 "දරුවා ඇයි දැන් මගේ ලගට එන්නෙ නැත්තෙ?" තාත්තාගේ ප්‍රශ්න වටය පටන් ගත්තේ එහෙමය. 

 

 කතන්දර දුර දිග ගියේ අම්මා ගේත් තාත්තාගේත් අතර අරගල ඇරඹිනිය.

 

 ආත්තම්මා අතපොවන්නට නාවේ සැකක් තිබුනාට හිතන් නැති හින්දාය. තාත්තා අම්මා දමාගියේ,ඉසුරිත් හිත්නැති අත්තම්මාත්,අම්මාත් තනිවිය. 

 

සැක කරන්නට ඇවසි දේ ඇත.ඇවසි නැති දේද ඇත. සැක නොකල යුතු දෑ සැක කරන්නට ගිය විට

 හිත් රිදේ...බිදේ...සමහර විටක බිදී විසිරේ...

Buzz Radio ව හරහා unsaid බ්ලොග් පිටුව පිලිබදව


ඔන්න ඉතින් මගේ රේඩියෝ සාකච්චාවකුත් බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වැඩසටහනේ විකාශය වුනා.පුන්චි ආඩම්බරයකුත් එක්ක හීනි සතුටකුත් තියෙනවා.මම හිතුවා ඔයාලටත් අහන්න එක්ක බ්ලොග් පිටුවට එකතුකර ගන්න.මම මගේ හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා බස් රේඩියෝවට මෙවැනි අවස්ථාවක් බ්ලොග් කරුවන්ට ලබාදීම පිළිබදව...


අඟනකට පෙම් කරමි


ඔව්.. හැමෝම දන්න විදිහට මම ගැහැනියක්.මම කසාද බැදලා ඉන්න ඕනෙ.අවුරුදු තිස්පහක් වෙනකොට දරුවොත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඕනෙ.උන් එකෙක් විතර ඉස්කෝලෙ යන්නත් ඕනෙ.


මම කසාද බැදලා.ඔව් හිතින් මම කසාද බැදලා.කසාද බදින්න ඕනෙ හිතින් මිසක් පොතෙන් නෙමෙයි.හුගක් අය කසාද බදින්නේ.පොතෙන් විතරක්ම බෑ.තව පෑනකුත් ඕනෙ වෙනවා.පෑනෙන් කොලේ අත්සන් කරන කල් අනිත් කෙනා බලාගෙන ඉන්නවා.විස්වාස නෑ.ඒකනේ ඔය මගුල් පින්තූර වල තියෙන්නෙ.

 

පිරිමියා ගැහැනිය පොතේ අත්සන් කරනකල් බලාගෙන ඉන්නවා.වෙන මොකටද? අයිතිවෙනකල්.සින්නක්කරේට ලියවෙනකල්.ඒත් මගේ හිතේ තියෙන කසාදෙ එහෙම නෑ.ඒ කසාදෙ තියෙන්නෙ හිතේ විතරයි.පොතේ නෑ.පොතේ ලියන්න කියුවොත් අපි දෙන්නම අල්ලලා දාවි යකඩ පොලු අස්සට .


මට එහෙම යන්න ඕනෙ නෑ.මට වැඩිය මගේ හුරතලීව පොලු අස්සට හෙනියන්න උවමනාවක් නෑ.ඒකි හරිම හුරතලයක් තමයි.ඔව් මම ගෑනියෙක්ව කසාද බැදලා.මට ගෑනියෙක් ඉන්නවා.


දැන් ගල් ගහන්නද ලෑස්ති වෙන්නේ?ඔව් ගල් අහුලන්න පටන් ගන්න.පලවෙනි ගල ගහන්න.දෙවනි ගලත් ගහන්න.මාව මැරෙනකල් ගල් ගහන්න.ඒත් මැරුනට පස්සෙ අන්තිම ගල අතට අරන් හිතන්න.


උඹලා ඔය ගෙවන ජීවිත සතුටෙන්ද ගත වෙන්නෙ?ඔව්ද?තට්ටු කරන්න හිතට...තට්ටු කරලා අහන්න.


අපි හරිම සතුටෙන් ජීවත් වෙනවා.අපිට අපි තේරෙනවා.හොදටම.ගෑනියෙකුට ගෑනියෙක් තේරෙනවා තරම් පිරිමියෙකුට ගෑනියක් තේරෙන්නෙ නැහැ.මම දන්නවා ඒකිගෙ හිතේ ලියවෙන දේවල්.අකුරක් අකුරක් ගානෙ.මම මාසෙ පඩි ගත්තම සාප්පු යන්න ආසයි.ලස්සන ඇදුම් ආයිත්තම් ගන්න ආසයි.ඒවා පිරිමියෙකුට තේරෙන්නෙ නෑ.


ගෑනියෙක් හිතන්නෙ මොනවද?මිනිස්සු හිතනවා තමන්ට තුන්වේල උයලා කන්න දෙන්න ඕනෙ කියලා.ඒත් ඇත්තටම එහෙම නෑ.මට තේරෙනවා ඒකිගෙ සියුමැලි කම.වේලක් කඩෙන් කෑවා කියලා මම මැරෙන්නෙ නෑ.වලන් පිගන් හෝදලා රෑට අත්වල ක්‍රීම් ගාන වෙලාවට පිස්සු වැඩ කියලා හිතෙන්නෙ නෑ.ඒතමයි ගෑනු කම.පිරිමින්ට නොතේරෙන.


අපි අපිට සතුටු විදිහට ජීවත් වෙනවා.පින්තූර බලන්න යනවා.දරුවො???අපිට එහෙම අය නෑ.දරුවො රක්ෂා කරලා ඵලක් නෑ.කොහොමත් ජීවිතේ අන්තිමට වයසක ජෝඩුව තනි වෙනවා.ඒ ජීවිතේ හැටි.


උඹලට ජීවිතේ තේරෙන්නෙ නෑ මිනිස්සුනේ.ගෑනු මිනිස්සු එකතු වෙලා ඉවරයක් නැතුව මකුළුවෝ දැල් ගොතනවා වගේ ජීවිතේ ගොතනවා.කාගෙ හරි කොහුපාරකින් ගැලවිලා වීසිවෙලා යනවා.ඒත් මගේ කුටුම්බය කඩන්න බෑ.අපි හරිම සතුටින්.


අපිට අයාලේ යන්න බෑ.සමාජය අපිට ගරහනවා.මිනිස්සු අපිට ගරහන තරමට අපි එකතු වෙනවා.බැදෙනවා.දෙන්නට දෙන්න නැතුව ඉන්න බැරිවෙනවා.මිනිහා දාලා ගියපු ගෑනියෙකුට මිනිහෙක් හොයාගන්න පුලුවන් ඒත් මට මේකි දාලා ගිහින් තව ගෑනියෙක් එක්ක ඉන්න බෑ.එකක් ගෑනියෙක් හොයා ගන්න බෑ.අනික හිත දෙන්නෙ නෑ.


මගේ ජීවිතෙන් මම සතුටුයි.අපි පාරෙ අත් අල්ලන් යන්නෙ නෑ.ඒත් හරිම තදින් හිතෙන් අල්ලගෙන යනවා.කේන්දර බැලුවෙ නෑ.ඒත් ගැලපෙනවා ඇති.නොගැලපෙන්න හේතුවක් නෑ.අපේ හිත් ගැලපෙනවා.


උඹලා දන්නෙ නැති වුනාට ගෑණියෙකුට  පුලුවන් තව ගෑනියෙකුට ආදරේ කරන්න.ඒකිගෙ අම්මලා කියුවෙ කොල්ලෙක් එක්ක පැනලා යනවා නම් හිත හදාගන්න පුලුවන් කියලා.ඒත් මම ඒ අම්මලාටත් සලකනවා.මගේ අම්මලට වගේම.

 

මම බ්‍රෝකර් ගෑනියෙක් තමයි.ඒකි සියුමැලි කෙල්ලෙක් බවත් හැබැයි.ඒත් අපි අපිට ආදරේ කරනවා.ඔක්කොම ගල් වලින් ගහලා ඉවර වෙලා අන්තිමට හරි හිතන්න....
 

ගෑනියෙක් තව ගෑනියෙකුට ආදරේ කරන එක පවක්ද?



නෙතලිගේ ලෝකය(ලියන්නට බලාපොරොත්තුවෙන නවකතාවේ පරිච්ජේදයක කොටසක්...)

නෙතලිට ඇහැ ඇරුනා.පියාගෙන හිටියද කියලත් අමතක වුන වෙලාවක.පඩිපෙල බැහැගෙන යන්න හිත දුන්නෙ නැහැ.ඇගට හරිම කෙඩෙත්තු ගතියක් දැනුනා.ඇගට වඩා හිතට වෙන්න ඇති සමහර වෙලාවල.රාත්‍රී කාල වගේම දවල් කාලත් කෙඩෙත්තුවෙන් ගතවෙලා ගිය පහුගිය දවසවල නෙතලිට විවේකයක් ගන්න හිතුනෙ නැත්තෙම නෑ.


ඒත් අම්මා....


ඔව් අම්මා බලාගෙන ඉන්නවා මාසෙ අන්තිමට නෙතලි ගන්න පඩියෙන් ඇගේ පoගුව ලැබෙනකල්.ඒ සල්ලි කොටසින් අම්මට කරන්න වැඩ බොහොමයි.කොහොමටත් අම්මට වෙන ආදායමක් නෑ.කන්න බොන්න අදින්න වෙන විදිහක් නෑ.ගෞරවනීය ඇගලුම් රස්සාවෙන් හම්බ වෙන රුපියක් පහලොස් දාහෙ පඩියෙන් අම්මට විසිදහක් යවන්නෙ කොහොමද කියලා අම්මා දැනගෙන හිටියෙ නෑ.අම්මට නෙතලි කියලා නෑ තමන්ගෙ පඩිය පහලොස්දාහයි කියලා.අද වැඩට යන්න ඕනද?රස්සාව රැක ගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම් ඇත්තටම වැඩට යන්නට උවමනාවක් නෑ.


නිලූක...


ජoගම දුරකථනය බෙරිහන් දෙනවා.නම කියලා කෑ ගහන දුරකථන සමහර වෙලාවල ඇත්තටම ලොකු වදයක්.තමන් එක්ක ඉන්න ගනුදෙනුකාරයා දැනගන්නවා ඇමතුම ලබාදෙන්නේ දන්න අදුනන කෙනෙක්ද යන වග.


නෙතලි කරන්නේ ගනුදෙනුවක් .යමක් අරගෙන යමක් දෙනවා.හැමවෙලාවෙම ඒ මුදල්මද කියන එක වැදගත් වුනේ නැහැ.සමහර වෙලාවල ඒ හොද සoචාරයක්.


නිලූකගෙන් පහුගිය දවස් තුනටම සල්ලි ගත්තෙ නෑ..ගන්න උවමනාවක් වුනේ නෑ.නුවර එලියෙ ලොකු හෝටලේක දවස් තුනක් නවතිනවා කියන්නෙත් ලක්ෂෙකට එහාපැත්තෙ වියදම් වෙන කටයුත්තක් බව නෙතලි දැනගෙන හිටියා.කිසිම දෙයක් අරගෙන දෙන්න බෑ කියුවෙ නෑ.

තමන් අකමැති දේවල් කරන්න කියුවෙ නෑ.ඒ ටිකම ඇති නිලූකගෙන් සල්ලි ගන්නෙ නැතුව ඉන්න.


එහෙමයි කියලා ඇත්තටම නිලූක ට ආදරෙයි කියපු හැමවාරෙකම නෙතලිගෙ හිත රිදුනෙ නැතුව නෙමෙයි.ඒත් හැමගනුදෙනුකාරයටම ආදරෙයි කියන්න දැන් දිව නැමිලා තිබුනෙ.දිව නැමුනට හිත නැමෙන්නෙ නෑ.


 නිලූක වැටුනෙ සාමාන්‍ය ගනුදෙනු කාරයින්ගේ ගොඩට.සාමාන්‍ය ගනුදෙනු කාරයෙක් වෙන්න අවශ්‍යතා තුනක් සැපිරිය යුතුව තිබුනා.ඔවුන් නෙතලිට ගෙව්වෙ ඒ පැය ගනනට අදාල මුදල විතරයි.කලාතුරකින් ලබාදුන් සන්තෝසම ඇරුනුකොට.


නෙතලි ඇත්තටම සන්තෝසමක් බලාපොරොත්තු වුනේ නෑ.තව දුරටත් ඔවුන් කිසිම බලකිරීමක් නෙතලිට කලේ නෑ.නෙතලි කැමති අයුරින් හැසිරෙන්න ඔවුන් ඉඩකඩ සලස්වලා දීල තිබුනා.ඒ සාමාන්‍ය ගනුදෙනුකාරයින්ගේ තවත් ලකුණක්.


නෙතලි නිලූකට ආදරෙයි කියුවා.ඒත් ඒ කොයි වෙලාවකවත් හිතෙන් නෙමෙයි.ආදරෙයි කියලාවැඩිපුර කියපු දවසට සන්තෝසමක් ලැබුනා.


නෙතලි ජoගම දුරකථනයට පිලිතුරු බදින්නේ නැතුව කණ්නාඩි මේසෙ කනප්පුව උඩ තිබුන ගෙතුම අතට ගත්තා.නිල්පාට වූල්.දිග ගෙතුම් කටු එක්ක.ගෙතුම පටන් ගත්තු තැනම නැවතිලා තිබුනා.


අද කොහේවත් යන්නෙ නෑ කියලා නෙතලි තීරනය කලා.ඇවිදින්න යනවා බේරෙ වැව ලගට තනියෙන් හoස බෝට්ටුවක් පදිමින් සින්දුවක් කියනවා.ඒ  තනිකම විදින්න පුලුවන් .හැම වෙලාවකම යුගල පද ගැලපීමක් කියන්නෙ දුකක්.


තනිකම කියන්නෙ වින්දනීය අත්දැකීමක් හිතන්නට කිසිවක් ඉතිරි නොකරන.


නිලූක දවසක් බබාවත් අරගෙන ආවා නෙතලි මුණ ගැහෙන්න.


"බබා මේ ඇන්ටිට හෙලෝ කියන්න..."


"හෙලෝ ඇන්ටි"


පොඩි එකා කියුවෙ හුරතලේට.නිලූකගෙ නැති හුරතලයක් බබාගෙ මූනෙ තියෙන්නෙ නෝනා මහත්තයා සිරියාවන්ත නිසා වෙන්න ඇති.


පොඩි එකාට යන්තමට අවුරුදු තුනහමාරක් ඇති.කුටුම්බයක හීන නෙතලිගෙ හිතේ පිරුනා.තියෙන කුටුම්බය ගලවා කීතුකීතු කරන්නටත් අලුත් කුටුම්බයක් තනාගන්නටත්.නිලූක.නෑ.එහෙම නෙමෙයි.ආදරයත් එක්ක.ජීවිතේටම එකම පාරක් කරපු.


(පුලුවන් නම්  ඔයාලගෙ අදහස් ලියලා යන්න...)




Saturday, July 21, 2012

එකවර දෙතැනක රගපාමි.

මම එකවරම දෙතැනක හිදිමි.ඒ බව දනිමි.

ට්‍රික්සි ඩිඩ් යූ ෆිනිශ් මේක් අප්?

ලොක්කාගේ කටහඩ ඇසෙයි.මම දැනට හිදිනා තැන් දෙකේදීම සාර්ථකත්වය රදා පවතින්නේ මූන පාට කරනා ප්‍රමාණය මතය.පාට නොකල මූනු බලන්නට තැන්දෙකේදීම මාව බලනා අය කැමති නැත.

තැන්දෙකේදී මට  ඇත්තේ නම් දෙකකි.එක තැනකදි ජනප්‍රියත්වය ලැබෙන අතර තව තැනකදී ප්‍රසිද්ධිය ලැබෙයි.මට ඔය කෝකත් එකය.දෙතැනදීම සල්ලි ලැබෙයි.

මම තැන් දෙකේදීම රගපාමි.

දෙතැන රගපෑම සිදුවන්නේ දෙවිදියකටය.නමුත් දෙකම රගපෑමය.එක තැනක රගපෑම රූප පෙට්ටියේ පෙන්වයි.දවසකට ලියුම් දහස් ගනනක් ලැබෙන්නට වැඩ සලස්වයි.ලේ වලින් අකුරු ලියවන්නට තරම් සමහර වෙලාවල මම හැකියාවන්ගෙන් ආඩ්‍ය වෙමි.

පත්තරකාරයන් මා ගැන හරියට උනන්දුය.මට පත්තර පිටු ගනන් ලියවෙයි.ඒ සියල්ලම කපා ලොකු පිටු තියෙන පොතක අලවමි.

"අපේ පවුල කඩන්න කාටවත් බෑ"පත්තර කාරයන්ගේ මූණටම කියමි.ඇත්තය.සැමියාට කන්නට අදින්නට දෙන්නේ මමය.ඉතින් පවුල කඩන්නට බැරිය.

එක තැනක පඩිය දවසටම පන්දහකි.අනිත් තැන පැයට පහලොස්දහසකි.

 

මම වතුර වෙමි.බදුනට අනුව හැඩ ගැසෙමි.

එක රැකියාවකින් ජීවත්වන්නට අද කාලේ බැරිය.හැමෝම අතිකාල වැඩ කරති.මමත් අතිකාල රැකියාවක් කරමි.මිනිසුන් ඒ ගැන ප්‍රශ්න අසන්නේ ඇයි දැයි මට සිතාගන්නට බැරිය.

 

මට ආදරවන්තයෝ සිටියහ.පෙම්වතුන් සිටියහ.සැමියන් සිටියහ.ආශක්ත පිරිමින් සිටියහ.

ගැහැනියකට මේ සැම ලබන්නට පින නැත.ඒත් මට ඒ පින ඇත.

 

මිනිස්සු ඒ ගැන ඉරිසියාය.

ඕනෑම ගැහැනියකට ඕනෑම ඉනිමගක් නගින්නට "කසාද බැදලාද"යන පැනයට පිලිතුර දෙන්නට ඕනෑය.

ඔව් උනත් හොදය....

නෑ උනත් හොදය ...

ඒ හොද දෙයාකාරය.

මම හොද දෙකෙන්ම පල නෙලා ඇත්තෙමි.

අත් දුරකථනය ඇමතුමක් ඇති බව කියයි...

"හලෝ"

"හලෝ මිස්...අද ඕෆ් කීයටද?මිස් නැති අතරෙ වර්ක් කරන්නෙ ඩමියනෙ.ඩමිය අද කලින් ඕෆ්..තර්ටි තවුසන්ඩ් විතර පාඩුයි.මිස්ට"

"ඕකේ...අයි විල් කම්"


සරුoගලය

සරුoගලය පියාඹා යන
ඉදහිටක හමුවන
කුරුල්ලෙකු හා දොඩමලුව
තෙමෙන්නට බිය බව කියන...

කොන්ඩ බැදි කුරුල්ලන්
ආල කතන්දර දොඩන්නට එන....

උසින් පියාඹන
යකඩ කුරුල්ලන් දකින....
උස අතු අල්ලන්ට
තමන් මිටිබව සිතත....

නිදහස අහිමි කරවන
නූල් පන්දුව
ඔහු අතින් ගෙන
තමන් කැදවන් නිදහසේ පියාඹන

සිහින හිමිකරුවෙකු
එනතෙක්
මග බලන...

Thursday, July 19, 2012

මද්දුමී සහ අම්මගේ දේපල...

දුවලා පහක්
එකම පුතෙක්
හිටි පවුලක
හිටියාලුය අම්මෙක්...


නොවෙනස්වම සැලකුවාය
හැකි හැමදේ ලැබදුන්නිය
ඉගන කියා ගෙන දරුවන්
බලන් ඉදිද්දී ලොකු විය...


ලොව දහමට අනුකූලව
මෑණියො එක්තැන් වූවේ
සැලකුම් කල  එක විලසම
දරු කැල ඈ හට සෙනෙහෙන්...


එකත් අසූ විය පසු කල
අම්මා නෙත් වසාලීය
දරුවන් බෝ දුකින් වැලප
නෙතු කදු ලැලි සලාලීය...


.........


පුන්චි දෝණි
සතලිස් විය පසුකර සිටි
ලොකු අක්කට ගෙනත් දුන්න
අම්මගෙ මුතු කරාබු දෙක...


ලොකු අක්කගෙ ඇස් රතු විය
"පුන්චි දැරිවි ඒ කොහොමද
අම්මගෙ දේපල බෙදන්නෙ?
මද්දුමීය හැමටම මුල...
පවුලේ සමගිය නැති කල..."


අම්මා ලග ඇස් දෙකවන්
තනියට හිටි සේවිකාව
අම්මගෙ අත් මැසිම දෙන්න
විමසුවේය එකම පුතා...


"ඒ මොකටද?
පඩි දුන්නනෙ
ඒක හොදයි මට මහන්න..."
මද්දුමීගෙ හඩ සැර විය....


"අනේ නෝනා තියාගන්න"
සේවිකාව කියා ගියා...
"හිතේ තියෙන තන්හාවනෙ"

හිත කියනවා මට ඇහුනා

 

"මේක හොදයි පොඩි නoගිට"
සුදු යකඩයි අල්මාරිය
මද්දුමීගෙ නෙත් ඇලවුන...

"ඕක දුන්නෙ ලොකු අක්කා
ඕක ඔහේ තියෙන් දෙන්න"

පුතාගෙ හඩ පැතිරුනේය...

 

"ලොකු අක්කා ගෙනත් දීල
අරගෙන ගියෙ අල්මාරිය
තේක්ක ලී
බොහොම වටින"


"නුඹත් එහෙම දුන්නාදැයි
යමක් කමක්
අම්මා නුඹට දුන් ඉඩමට???"


........

තවත් දෙයක් සිහි වින මට
කවුරුවත්ම දුන්නාදැයි
තියාගන්ට යමක් කමක්
කිරි බිදු වට හිලව් වෙන්න...







ඔබේ නිර්මාණ පල කරන්නට ඉඩක්......(http://www.askdasuni.com/)

ඔයාලා හැමෝටම වැදගත්වෙන ආරන්චියක් කියන්නයි මේ සූදානම.මගේ යාලුවෝ වෙබ් පිටුවක් නිර්මාණය කලා.මේ වෙබ් පිටුව මට ඒ යාලුවන් විසින් කල විහිලුවක් සැබැවීමක්....අපි හිතුවා ලන්කාවෙ ඉපදුන අයට තමන්ගෙ දක්ෂතා වැඩි දියුණු කර ගන්න ඉඩක් හදලා දෙන්න.ඒ අරමුනෙන් තමයි මේ වෙබ්පිටුව දැන් ක්‍රියාත්මක වෙන්නෙ.ඔයාලට පුලුවන් මේ වෙබ් පිටුවට ලියාපදින්චි වෙලා ඔයාලගෙ නිර්මාණ පලකරවා ගන්න. Facebook,Google+ ,Twitter කියන සමාජ වෙබ් අඩවි හරහා තමයි ලියාපදින්චි වෙන්න පුලුවන්.

තාමත් මේ වෙබ් පිටුව ප්‍රාථමික අවධියේ තියෙන්නෙ.ඔයාලගෙ නිර්මාණ අපේ වෙබ් පිටුවේ දියුණුවටත් උපකාරී වේවි...

Link:-http://www.askdasuni.com/

ඉතින් දැන්ම  Register වෙන්න...



කාක්කා...

පියාඹන් යන කාක්කෙක්
වසුරු පිඩක් ලූ හිස මතට
උඩ බලා
'තමුසෙට පිස්සු දැයි'ඇසුවෙමිය...

ඌ සිනාසී මා වෙතට
'මිනිස්සුත් අමුතුම සත්තු'යයි කීවේ..

අන්ද මන්දව
තවත් ඌ දෙස බලා උන්නෙමි....

 

'ලගදි දවසක
මෙවැනිම උදේ වරුවක,
කූඩුව හදන්නට බෝ දුරක් රැගෙන ආ
කරදාසි කොලයක්
හොටයෙන් ගිලිහුණිය....

මග යමින් සිටි
මනුසත් හිසක් මතට වැටුනේ...
හිස සෙමෙන් අතගා
කොල කැබැලිත්ත අතට ගෙන
'වාසනාවන් කාක්කෝ'යයි කීවේ...'

මම තවම උඩ බලන්
කාක් කතාව අසමින්ය...



"එය අමුතු කොලයකි
රුපියල් දහස යයි ලියා තිබුනේ...

නුඹත් මා පසසාවි යයි සිතා
වසුරු පිඩ නුඹ හිස මතට ලූයෙමි."

 

කියා කී කාක්කා
මටත් ගස්සා
කළු අත්තටු සලා
පියෑඹූයේ ....


Wednesday, July 18, 2012

ගැහැණිය රැකියාවට යා යුතුද?

විවාදිත මාතෘකාවක් මේ තරම් දියුණු සමාජයක වුවත්.මම මේ සම්බන්ධයෙන් කතා කරන්නට(සමාවෙන්න ලියන්නට )හිතුවෙ හේතු කාරණා බොහොමයක් මුල් කරගෙන.ඒ කරුණු කාරණා පුද්ගලිකයි.මොකද ඒ පුද්ගලික කාරනාවලට සම්බන්ධ පුද්ගලයනුත් මේ ලිපිය කියවන්නට පුලුවන්.හදිසි සිත් රිදවීම් ඇති වන්නට පුලුවන්.සිතේ ඇතිවන තුවාල වලට බෙහෙත් බොහොම හිගයි.

කාන්තාව කියනේ "ගැහැණු මනුෂ්‍ය ජීවියා"කියන අර්ථය.පලවෙනි දේ තමයි ලෝකේ කොහේවත් පෙන්වලා දීලා නැහැ ගැහැණියගේ දරාගැනීමේ හැකියාව අඩු බව වත් හැකියාවන් අඩු බව වත්.ඒ දේවල් රදා පවතින්නේ පුද්ගලයා මත.පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයම සිටිනවා දරා ගැනීම අඩු.ඒ අනුව කියන්න පුලුවන් ගැහැණියට පිරිමියා නියුක්ත වන සියලු කර්මානත වල නැතත් සමහර කර්මාන්ත වලට දායක වන්නට පුලුවන් බව.උදාහරණයක් විදිහට පතල් කර්මාන්තයේ ගැහැණු නියුක්තවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ.එය රළු රැකියාවක් ලෙසට සැලකෙන බැවින්.

අද ලාන්කීය සමාජ ක්‍රමය තුල අද වන විට ගැහැණු දරුවන්ටත් ,පිරිමි දරුවන්ට සමානවම අධ්‍යාපනයක් ලබාදෙනවා.හෝඩියේ පන්තියේ සිට උසස් පෙලෙ දක්වා.සරසවි අධ්‍යාපනයත් බොහෝ යුවතියන්ට හිමියි.ඉතින් අනතුරුව???ගැහැණිය නිවසේ රැදී සිටිය යුතුද?

මේ සම්බන්ධයෙන් මගේ යහළුවන් වන පුරුෂයන්ගේ මුවින් පිටවුනු අදහස් කිහිපයක් පහත දක්වන්නම්.

"වයිෆ් වැඩට ගියාම කවුද දරුවා බලාගන්නේ?...දරුවො නිකන් ආතක් පාතක් නැතුව හැදෙනවා.ඔයා දන්නවද මගේ වයිෆ්ටත් දරුවෙක් ලැබුනම මම ගෙදර නවත්ත ගන්නවා... "

"ඔයා දන්නවද මගේ නoගි ඉන්නෙ ඇමරිකාවෙ.එයා පුතාව Day Care  එකක දාලා ගිහින් හවස එනකොට වෙන ලමයෙක් බබාව හූරලා මූණ පුරාම.නoගි මෙහෙ හිටියා නම් මම දෙනවා මූණ හරහට එකක්"

"ගැහැනු ඉන්නෙ ගෙදර  වැඩ කරන්න.දන්නවද?එයාලා රස්සාවක් නොකලට ගෙදර ඉදන් ගෙදර වැඩ කරලා යමක් ඉගන ගන්නවා"

"ගෙදර උනත් ගෑනිව නිකන් තියන්න එපා මචන්.ගෑනු නිකන් ගෙදර හිටියම හරි කරදරයි.ස්වයo රැකියාවක් වගේ එකක් කරන්න පුලුවන්නෙ.නැත්නම් දරුවො දෙතුන්දෙනෙක් හදලා දෙන්න ඕන." 

 

මට අහන්න තියෙන්නෙ මෙච්චරයි.

 

"එතකොට කොහොමද දැන් තියෙන ආර්ථික තත්වෙත් එක්ක ජීවත් වෙන්නෙ?අනික ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් තරමටම ඉගන ගෙන ඉගන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න වෙන්නෙ නැද්ද?කෝ ගැහැණු අයට සමාජ ආශ්‍රයක්?"

 

 


ඉoග්‍රීසි යුවතියක් වන්නට .......



ඉoග්‍රීසි යුවතියක් වන්නට
දහ අටවන සියවසට ඇවිද යන්නට...
රැලි දිග සාය ඇති දිග ගවුම ඇද
මිටියාවත් අතර දිව යන්නට ....

සපත්තු දැමූ අශ්වයෙක් මිලට ගන්නට
අසරුවා සමග ආලයෙන් වෙලෙන්නට
පොප්ලර් ගසක් යට හිද පෙම්කවක් කියන්නට.....



රතුරෝස මල් කලඹක් තෑගි ලබනට
දුඹුරු පැහැ තොල් අතර හාදුවක් සගවන්ට
ජනේලයෙන් මෙපිට හිද තුහින වැහි නරඹන්ට....

අදිසි මායාවකින් සියල්ල වෙනස් වන්නට..............

ඉoග්‍රීසි යුවතියක් වන්නට....

සමන්මලී (පොඩිත්තන්ට කතන්දර-2)

 

 

ඉස්සර කාලෙ අහසෙන් පොලොවට ඉනිමගක් තිබුනා.ඉනිමගෙන් අහසෙ ඉදලා පොලවට බහින්නත්,පොලවෙ ඉදලා අහසට නගින්නත් පුලුවන්කම තිබුනා.තරු ඉද හිටලා පොලවට බැස්සා.මල් ඉනිමග දිගේ අහසට ගිහින් සමහර රෑ කාලවල පොලව දිහා බලාගෙන දිලිසුනා.ඒ මල් ඒ මල් අතිකාල වැඩ කල දවස්..තරු පොලවට බැහැලා සමන්පිච්ච මල් වෙලා සුවද දුන්නා...

 

සමන්මලී  ජීවත් වුනේ පුන්චි පැල්පතක.සමන්මලී ගෙ ඇත්ත නම දිනිති වුනාට ගමේ හැමෝම දිනිතිට කතා කලේ සමන්මලී කියලා.සමන්මලී ගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.සමන්මලී ජීවත් වුනේ ආත්තම්මත් එක්ක.ආත්තම්මා කවදාවත් කියුවෙ නැහැ සමන්මලී ට අම්මයි තාත්තයි නැත්තෙ ඇයි කියලා.


සමන්මලී ගෙ ආත්තම්මා හරිම වයසයි.ආත්තම්මා ලග සල්ලි තිබුනෙ නැහැ සමන්මලී ව ඉස්කෝලෙ යවන්න තරම්.සමන්මලී හිතුවා ආත්තම්මාට උදව් කරන ගමන් ඉස්කෝලෙ යන ක්‍රමයක්.


සමන්මලී ගෙ පුන්චි පැල්පත ලග පාරෙ සමන්පිච්ච මල් වැල් හුගාක් හැදිලා තිබුනා.සමන්මලී හිතුවා මේ මල්වැල් වලින් මල් කඩලා මල් මාලා හදලා විකුණන්න.ඒත් ප්‍රශ්නයක් .කවුද රෑට මල් ගන්නෙ.සමන්මලී මල් වැල් හදලා පාර අයිනෙ තියලා විකුනනවා දැකපු හුගක් නැන්දලා මාමලා සමන්මලී ගෙ මල් වැල් ගත්තා.ගෙවල් වල ගිහින් බුදු සාදුට පූජ කලා.අමහර නැන්දලා මල් වැල් කොන්ඩෙත් ඇමිණුවා.


සමන්මලී ටත් ආත්තම්මාටත් කෑම ගන්න තරම් සල්ලි ලැබුනත් සමන්මලී ට ඉස්කෝලෙ යන්න තරම් මේ සල්ලි මදි වුනා.


සමන්මලී  මල් වැල් හදලා විකුණන කතාව කටින් කට ගිහින් රටේ රජතුමාගෙ කනටත් ගියා.රජතුමා හිතුවා මේ පුන්චි දරුවට උදව් කරන්න ඕනෙ කියලා.රජතුමා පොරොන්දු වුනා සමන්මලී ගෙ මල් වැල් වලින් දවසෙ ලස්සනම මල්වැල් පහ රජමාලිගාවට ගන්න.සමන්මලී ට සෑහෙන්න ලොකු සල්ලියකුත් මේ මල් වෙනුවෙන් ලැබුනා.


දැන් සමන්මලී උදේට ඉස්කෝලෙ යනවා.හවසට සමන්පිච්ච මල් පිපුනාම මල් නෙලලා මාල ගොතනවා .හරියටම රෑ අටට රාජපුරුෂයෙක් එනවා  ලස්සනම මාල පහ රජමාලිගාවට ගෙනියන්න.සල්ලිත් ගොඩක් දෙනවා.


හැබැයි සමන්මලී පුන්චි හොර වැඩක් කරනවා.සමන්මලී හුගාක්ම ලස්සනයි කියලා හිතෙන මල් මාලෙ හoගලා තියාගන්නවා.රාජ පුරුෂයා එන්න කලින්.....සමන්මලී හරි හොදයි.ඉතින් මේ හොර වැඩක් නෙමෙයි.මේ ලස්සනම මල් මාලෙ සමන්මලී බුදු සාධුට පූජා කරනවා.


සමන් මලී හැමදාම හවසට බුදු සාධුට මල් පූජා කරනවා දැකලා බුදු සාධු හීන් හිනාවක් පානවා.සමන්මලීට තේරුනේ නැති වුනාට සමන්මලීට බුදු සාදු ආශිර්වාද කරනවා.


එක දවසක් හරිම පුදුමයක් සිද්ධ වුනා .මල් වැල් ගොතන්න බිම ඉද ගත්තු සමන්මලී දැක්කා මල් වට්ටියේ සමහර මල් දිලිසෙනවා.හරියටම කියනවා නම් අහසෙ තියෙන තරු වගේ.නිවි නිවී දිලිසෙනවා.


සමන්මලී ඒ එක මලක් අතට ගත්තා.ඇත්තමයි තරුවක්මයි කියලා සමන්මලීට හිතුනා.ඉදිකටුව අමුනපු නූල දිගේ දිලිසෙන මලත් පහලට ගියා.අනිත් හැම සමන්පිච්ච මලක් වගේම.


සමන්මලී මේ දිලිසෙන මල් වලින් විතරක්ම මල් වැලක් ගෙතුවා.හොරාට හoග ගත්තා බුදුසාධුට පූජා කරන්න.රාජපුරුෂයා පුරුදු වෙලාවටම ආවා.මේ දිලිසෙන මල් තියෙන මාලෙ තිබුනු දිස්නෙ නිසා රාජපුරුෂයා මේ මල් මාලෙ දැක්කා.


"පොඩි කෙල්ලෙක් වෙලත් කරන හොර වැඩ..මම රජතුමාට පැමිණිලි කරනවා."රාජපුරුෂයා සැර කරලා කියුවා.


සමන්මලී ඇඩුවත් වැඩක් වුනේ නෑ.රාජපුරුෂයා ආපිට ගියා රජතුමාට පැමිණිලි කරන්න.


රජතුමා හරි සැරයි.දිනිති හිතුවා රජතුමා තමන්ව මරා දාවි කියලා.දිනිති අත්තම්මාට තුරුලු වෙලා හොදටම ඇඩුවා.


රජවාසලෙන් දිනිතිටයි අත්තම්මාටයි කැදවීමක් ලැබුනා.රජතුමාගේ මුහුන හිතුවට වඩා කරුණාවන්තයි කියලා සමන්මලීට හිතුනා.

 

"ඇත්තද මේ කතාව"රජතුමා සැරෙන් වගේ ඇහුවා.

"එසේය රජතුමනි....අපිට සමාවෙන්න"සමන්මලී වෙනුවට උත්තර දුන්නෙ අත්තම්මා...


"ඇයි මේ දුවට කතා කරන්න බැරිද?"රජතුමා ඇහුවෙ හිනාවකුත් තොල් අතරෙ රදවගෙන..

"සමාවෙන්න මට මම හිතුවා ලස්සනම මාලෙ විකුණන්න හොද නෑ කියලා.හොදම දේවල් හැම වෙලාවෙම බුදුසාදුට දෙන්න ඕනෙ."ඇස්වල කදුළු පුරෝගෙන සමන්මලී කියුවා.

"මේ දරුවා හුගක් හොදයි.සල්ලි වලින්ම හැම දේම මනින්න බෑ කියලා අපි ,ලොකු අයටත් ඉගැන්නුවා.පුන්චි දරුවො ලග වටිනාකම් තාමත් තියෙනවා..."රජතුමා කියුවා.


සමන්මලීට හිතාගන්නවත් බෑ.රජතුමා තමන්ට සමාව දීලා බව.


"තව දෙයක්...සමන්මලීට ඉගන ඉවර වෙනකල් රජවාසලේම ඉන්න පුලුවන්.මම සමන්මලීට ඉගන ගන්න උදව් කරනවා.ආත්තම්මටත් පුලුවන් ඇවිත් නතර වෙන්න."රජතුමා කියුවා.

එදා ඉදලා ආත්තම්මාත් සමන්මලීත් සැපෙන් සතුටෙන් රජමාලිගාවෙ ජීවත් වුනා.සමන්මලී හොදට ඉගනගෙන ලොකු නෝනා කෙනෙකුත් වුනා.

 

ඉතින් පුන්චි දුවේ පුතේ,ඔයාලත් ඉගන ගන්න සල්ලි වලින්ම හැම දේම තක්සේරු කරන්න එපා.හොද ගුණ ධර්ම පරද්දන්න සල්ලි කොල වලට ඉඩ දෙන්න එපා.

Tuesday, July 17, 2012

ඔබට නොදැනී.....

මට සුවද විලවුන් බෝතලයක්ව
ඔය අත්බෑගයේ ඉන්නට ඕනෑය....
කදුලු පිසදාලන
ටිෂූ කැබලිති වලට
සුවද එක්කරන්නට ඕනෑය.....

මට සුලන් රැල්ලක්ව හමා යන්නට
දහඩිය බින්දු අයිති කරගන්න ඕනෑය.....
වෙරලෙහි පෙම්වතා සමග දිව යන කල්හි
අකීරරු රැල්ලක්ව රැලිසාය පිස යන්න ඕනෑය...

 

ක්ලබ් සෑන්විච් එකක් වී
කුසගින්න නිවන්නට ඕනෑය.
සුරතල් ටෙඩිබෙයෙකු වී
තුරුල්ව නිදන්නට ඕනෑය....

කෙටියෙන්ම,
ඔබට නොදැනී
ඔබට පෙම් කරන්නට ඕනෑය......

තනිකඩ දවසක්.........

අද තනිකඩ දවසක්.තනිකඩ දවස්වල තියෙන්නෙ අතීත සැමරුම්.අතීත කතන්දර පේලියක් හැදිලා එක පෙලට බලාගෙන ඉන්නවා.ඒ හැම කතන්දරේකටම නොම්බරයක් තියෙනවා.නොම්බරේ කතාකලාම හිත ඉස්සරහට ඇවිල්ලා චිත්‍රපටියක් වගේ රගදැක්වෙනවා.

තනිකඩ දවසකට එක චිත්‍රපටියක් බැලුවාම ඇති කියලා හිතෙනවා.ඉතින් මම නොම්බරයක් කතා කලා.නොම්බර විසිහතර.


අවුරුදු දහ අටක විතර ගැහැනු දරුවෙක් අතට තුරුලුකර ගත්ත පොත් මිටිය හදවතටලන්කරගෙන ගෙදර දුවන්න ලෑස්ති වෙනවා.පන්තිය ඉවරයි.පිරිමි ළමයෙක් ගැහැණු ළමයා දොරෙන් එලියට යන්න තනද්දීම ඒ බිම බලන් යන ඇස් වලට පෙනෙන්නට කකුලක් සෙලවුවා.


ඒ සෙලවිච්ච කකුල කාගෙද කියලා ගැහැණු ළමයා දන්නවා.ඒ නිසා බිම බලාගෙනම ගියා.ගෙදරට පය තිබ්බ ගමන්ම දුරකථන ඇමතුමක්.

"ඔයා අද මගේ දිහා බලන්නෙම නැතුව ආවනේ...."


"මම දැක්කෙ නෑ..."

"බොරු කියන්න එපා මම කකුල හොලවනවා ඔයාදැක්කා..."

"ඒත් ඒ ඔයා කියලා දන්නේ නෑ..."


හුරතල් කතන්දර...ඒත් ඒ කතන්දර වල වැඩිපුර තිබුනෙ කදුළු.හැම කතාවක්ම ඉවර වුනේ කදුළු වලින්.

හිනාවකින් සන්වාද ඉවර වුන දවසක් ඇත්තේම නැති තරම්.

"ඔයා දිගට අදින්න ....කොටට අදින්න එපා.කලිසම් අදින්නත් එපා"

එරෙහි වීමට කැමැත්ත හිතදරන් ගැහැනු ළමයා එකග වුනා.දැන් ගැහැණු ළමයා අතේ මුද්දක් තියෙනවා.වාරනය දැමූ පිරිමි ළමයා අතෙත් මුදුවක් තියෙන බව අහන්නට ලැබිලා තියෙනවා.දැන් ඔය කතන්දරේ සිදු වෙලා බොහොම කල්.

 

ඒත් ඉතින් ඒ පිරිමි ළමයා දන්නෙ නැතුවැති ගැහැනු දරුවා දැන් හුගාක් කාලෙක ඉදන්  දිග සායවල් අදින්නෙ නැති බව... ඉතිරි ජීවිත කාලෙත් අදින්නට බලාපොරොත්තුවක් නැති බව.

 

අදින්නේ කලිසම් හෝ දනහිස ලගට පමණක් දිග ඇදුම්.

 

ඒ තරහ පිරිමසා ගැනීමක්ද?ඔව්...සමහර වෙලාවට.



(ප.ලි:-දැන් මගේ ඇදුම් අල්මාරියේ දිග සායවල් නෑ...)



පළවෙනි දවස...

මුලින්ම කියන්න ඕනෙ.මේ කතාවෙ 'මම' කියන්නේ  ලියන මම නෙමෙයි.වෙන කෙනෙක්. මාත් එක්ක මේ කතාව කියලා හිතේ තිබුන දුක තුනී කරගත්ත හිතවතෙක්.


ඒ වගේම දුක හිතෙන කතන්දර අකරතැබ්බ ඕනෑම ආගමක,ඕනෑම සමාජ පසුබිමක ගෙදරක වෙන්න පුළුවන්.මේ කතන්දරේ සිද්ධ වුනේ මුස්ලිම් ආගමික පවුලක. නොකියා කියුවේ කියන්න යන්නේ දුක හිතෙන කතාවක් කියලා තමයි.


ෂස්නා හැදුනෙ වැඩුනෙ ගෙදර.මුස්ලිම් ගෙදර තිබුනෙ මුස්ලිම් නීති.ගැහැණියක් පිට පිරිමියෙකුට නිරාවරනය නොවියයුතුයි  වැනි.හිජාබ් ඇදුමෙන් වැසුනු ෂස්නාගේ රූපසොබාව පිරිමි නෙත් වලින් සැගවුනා.ෂස්නා අකුරටම ඒ නීති පිලිපැද්දා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද ගැහැනු දරුවෙක් වුනා.


කාලය ගතවුනා , දින සති මාස වලින් නැතිව අවුරුදු වලින්.ෂස්නාගේ තාත්තා ෂස්නාවයි අම්මාවයි දාලා ගියේ ආයෙ නො එන්නම.තාත්තා හතර රියනක නිදන්නට  ගියාට පස්සෙ ෂස්නාට හරි පාලුවක් දැනුනා.ෂස්නා පවුලෙ තනි දරුවා වුනේ තාත්තා ඉක්මනින්ම නො එන ගමන් ගිය නිසා වෙන්න ඇති.ඒ ගැන වැඩි විස්තරයක් මම දන්නෙ නෑ.මම ෂස්නව දැන ගන්නෙ අමතර පන්තියකදී.තිර පටින් වැසුනු මුවෙන් පිටවෙච්ච වචන වලට අමාරුවෙන් සවන්දෙමින් අපි වැඩි වෙලාවක් ඇස්වලින් කතා කලා.ෂස්නා ඇස් වලින් කියන කතන්දර තේරුම් ගන්න ලේසියි.වචන තේරුම් ගන්න අමාරුයි.භාෂාවෙ ප්‍රශ්නයක් නෙමෙයි තිරපට අතරින් පෙරිලා එන කතන්දර ඇහෙන්නේ හරි හෙමින්.විසිවයස් ආසන්න වෙනකොට ෂස්නාව කසාද බන්දන්න ෂස්නාගේ අම්මාට උවමනා වුනා.


 මම දන්න කියන හොද පිරිමි යාලුවෙක් හිටියා.ජාති ආගම් ප්‍රශ්න කරලියට ආවේ නෑ.ගැලපිය යුතු සියළු දෑ ගැලපුනා.යෝජනාවෙන් පස්සෙ පිරිමි යාලුවා ෂස්නගේ ගෙදර ගියා.මමත් එදා ඒ ගෙදර ගියා.පැයක් ..දෙකක්...තුනක්...දෙන්නා දිගටම කතා කලා.ෂස්නා කැමති වුනා පිරිමි යාලුවව බදින්න.මට නොසෑහෙන සතුටක් දැනුනා.පිරිමි යාලුවගේ ෂස්නා වෙත බැදුනු නොසෑහෙන බැදීමට ඇගේ රූප සම්පත්තියඉතා වැදගත් සාධකයක් වුනා.


ඒ සරණ මoගල්‍යයට  ගත වුනේ  දෙසතියක කාලයක්.මම රැය පහන් කලේ සිතේ රැදුනු සැහැල්ලුවකින්.ෂස්නාට හොද මoගල්‍යයක් කරදුන් බවට සතුටකින්.


මගේ පිරිමි මිතුරාටත් හොද බිරිදක් ලබා දෙන්නට සමත් වීම පිලිබදව උදම් සිතකින්.


රාත්‍රියගෙවී අවසන් බව මට දැනුනේ උදෑසන ඇසෙනකුරුළු හඩකින් නොවේ මගේ දුරකථනය නාද වූ හඩින්.


"මචන් මේ මම..."


පිරිමි යාලුවා ගේ හඩ දුරකථන රැහැන ඔස්සේ දෙසවනට.


"ආහ් මචo...කොහොමද කොහොමද?"මගේ හඩ අරඇද්දේ විහිළුවකට...


"මට මේ ගෑනිත් එක්ක ඉන්න බෑ ."


"මොකක්?"


"ඔව්.මට බෑ.එච්චරයි.."


"හේතුව"


"ඒවා ප්‍රසිද්ධියේ කියන්න බෑ"


කසාදයට වඩා ඉතා කෙටි කලකින් දික්කසාදය සිදුවුනා.දික්කසාදයට ගතවුනේ දවසයි.


මේ කතන්දරේට දැන් අවුරුදු හතරක්ම වයසයි.පස්සෙ දවසක මට ෂස්නාව මුණගැහුනා.තවම තනිකඩව.


"ඇත්තටම එදා  මොකද වුනේ? "මම ඇහුවා.


"මම දන්නෙ නෑ නානා...එයා කාමරේට ආවා.සිගරට් එකකුත් අතේ තිබුනා.කායිකව එකතුවීමක් අවශ්‍ය වුනා එයාට.මට බය හිතුනා.මම කියුවා අද බෑ කියලා.එයාට තරහ ගියා.ඒක ඒ තරම් කෙටි කතාවක්"


ඒත් මම දන්න මගේ යාලුවො ඉන්නවා මේ ගැන බොහොම හික්මීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කල.මම මගේ ජීවිතේ කල ලොකුම වැරැද්ද තමයි මේ.මට හිතෙන්නෙ එහෙම.


ජීවිතේ කියන්නෙ එක රැයකින්එලිවෙන හීනයක් නෙමෙයි.විවාහයත් එහෙමයි.මේ කතන්දරයෙන් කියන්නේ ජීවිතේට පාඩමක් නෙමෙයි.ජීවිතය ගැන හිතන්නට යමක්….





Monday, July 16, 2012

එන්න

එන්න අපි

අහස මතුයෙහි

මිරිවැඩි නැතිව දිව යමු...

තරු අහුරු ඇහිදිමු....

හදෙන් කිරිපැණි කමු...

දේදුන්න පැද යමු...


මෙහාගොඩ සිට එහා ගොඩ වෙත...

එන්න අපි
සිතා නොබලාම

පනින්නට
එහා ගොඩටම
ඇස් පියාගෙන


ගිලී මලොත්
මරණ සහතික නැතුව...

 

 නොමියතොත්
එහා ගොඩ
ඉතා සොදුරුව
සදපායා තිබෙනු ඇත...

 

එන්න
අත් අල්ලාන
පනින්නට
එහාගොඩටම...

සිගරට් අoකල්

 

 

දැන් පාර බොහොම කලබලය.තුන් රෝද රියවල් පෙරේරා මහතා පසුකර ඇදෙයි.මහත්තයාට පෙන්නන්නට බැරි ඒවායේ ඇතුලේ ඉන්නා ගැහැනු අමුතු සත්වයෙක් දිහා බලන්නාක් මෙන් තමන් දෙස බලන අයුරුය.ඒ  අය තම තමන් දෙස මුලින් බලාගත්තානම් අපූරු යයි ඔහුට සිතේ.රඹ කදන් වන් දෙකලවා අත් බෑගයකින් වසාගෙන තුන් රෝද රිය වල රැකියාවට ඇදෙන්නේ අදින ඇදුමින් පොදු වාහන වල ගමන් කල නොහැකි නිසා වන්නටත ඇත.ඒත් තමන් පසුකර යන ටිකට ඔවුන් තමා දිහා බලන්නේ මහ වැරැද්දක් කරන එකෙකු දෙස බලන්නාක් මෙනි.තමන්ගේ ඇස් වල ඇති පොල් කීර පෙනෙන්නේ නැතිවුන්ය ඒ.

විදුලි බල මණ්ඩලයේ වැඩ ආරම්බවන්නේ උදෑසන අටයි තිහටය.පෙරේරා මහත්තයා මාතර හාමිනේ දෙන බත්ගෙඩියත් අතේ ගෙනියන පුන්චි කළුපාට බෑගයට දමාගෙන ගෙදරින් එන්නේ පාන්දර හයටය.මාතර හාමිනේට ඒ නම ලැබුනේ මාතර ටවුමෙන් කැන්දාගෙන ආනිසාය.ඒගියා ගියාමය තිහගොඩ ගමටම සීමාවී සිටින ඇය මාතර යන්නේ බොහොම කලාතුරකිනි.හාමිනේත් දැන් තමන් වාගේම වයසට ගොස්ය.ඒ ඇත්තී පාන්දර ජාමේ නැගිටගෙන කරන යුද්ධය කරන්නට එපායයි පෙරේරා මහත්තයා කියුවේ වරක් දෙවරක් නොවේ.

ඒත් එතකොට ඇගේ මුහුණ ඇඹුල් වෙයි.

"ඔය ඉතින් කඩචෝරු කන්න නොවැ යන්නෙ.එයිට නරකද මම උයලා දෙන දෙයක් කෑවහම."

පෙරේරා මහත්තයා ආයෙමත් බත් එක ගෙන එන්නට හිත හදාගනියි.

තව විනාඩි තිහක් පසුවී හයයි තිහට පමණ ගෙදරින් ආවා  නම් හොදටෝම සෑහෙන බව පෙරේරා මහත්තයා දනී.ඒත් ඒ පැය බාගය තමන්ගේ පනස්වියක් වයසැති ජීවිතයේ අගනාම වටිනාම පැය බාගය බව දන්නේ පෙරේරා මහත්තයා පමණක්ය.

 ඇපලෝ රෝහල ගාවින් බස් එකෙන් බහින්නේ පෙරේරා මහත්තයාට රාහුල  හන්දියෙන් බැස විදුලිබල මණ්ඩලයට පැමිණීම ලෙහෙසියයි නොවැටහෙන බැවින් නොවේ.ඔහු ඇලවේල්ල පාරට කැමතිය.ඇලවේල්ල පාර නොමැතිව 'කුණු ඇල පාර' යයි කියනවා නම් වඩාත් කැමතිය.පෙරේරා මහත්තයා තරුණ කාලයේ ඒ පාරට කීවේ එහෙමය.

ඇලපාර දිගේ හෙමිහෙමින් ඇවිදගෙන එන පෙරේරා මහත්තයාට කොන්ක්‍රීට් කර ඇති ඇල පතුල පෙනේ.දැන් ඉතින් වතුර නම් පිරිසිදුය.ඒත් ස්වබාවිකත්වය ගිලිහිලා ඇති සෙයකි.කොන්ක්‍රීට් තට්ටුව මතුපිටින් ගලායන වතුරට මොනතරම් දේ හිතෙනවා ඇතිද?

ඉස්සර මේ පාරේ තිබුනේ ගස් වැල්ය.ගස් වැල් අතින් ඈත් කරමින් පාසල් යන නිල් පාට ටයි පටි පැලදි සුදු ගවුම් කාරියන් ඒ කාලේ බොහෝ සිටියහ.නමුත් දැන් උන් නැත.ඒ අය පාසල් යනවා ඇත්තේ වාහන වලින්ය.

නිල් පාට ටයිපටිවල කතාවේ සද්දය බෝඩිම් කාමරයට ඇහුනු කල ජනේලය දිහාට තමන්ගේ දෙපා ඇදුනු හැටි.ඒත් තවම ඒ අසලට පැමිණ නැත.ඇලපාර අතරමගදී අනාරක්ෂිත දුම්රිය මගක් හමුවෙයි.

දුවණිය දීග ගිය නිසා හිතේ බයක් නැත.ඒත් ඉතින් තමන් නැති කලෙක අර අසරණ ඇත්තී කුමක් කරන්නද?රේල්පාර විමසිලිමත්ව පසුකරන ඔහු ඇලපාරේ දෙවන අඩට පිවිසෙයි.

තාත්තා ගේ අතින් අල්ලාගෙන පාසලටයන තදකළුපාට කොණ්ඩ කරල් දෙක කළු පැහැති පීත්ත පටියකින් ගැටගැසූ කතාකෝච්චිය..ඒ කොයිතරම් නම් කාලයකට පෙරද.

"තාත්තෙ අර මොන ගහක්ද?"  කතාකෝච්චිය අසයි.


"අට්ටික්කා.."


"අර ඉන්න සත්තු මොනාද?"


"කෝදුරුවො පුතේ"

තාත්තාටත් කතාකර විසුමක් නැත.තමන් ඇයගේ කටහඩ ඇසුවේ ඒ තරම් ඈත අතීතයේය.දැන් මාතර හාමිනේ කැන්දගෙන ඇවිදිනුත් අවුරුදුම විසිපහක් ගතවෙලාය.කෝච්චි පෙට්ටිය දැන් කොහි ඇත්ද?කසාද බැදලානම් මුලින්ම ගියේ ඇමරිකාවටය.ඇමරිකාවේ මේ වගේ පාරවල් නැතිව ඇති බව පෙරේරා මහත්තයාට සිතුනි.

දැන් දැන් විදුලිබල මණ්ඩලය පෙනෙන මානයේය.එත් පළමුව කල යුත්තක් තිබේ.දකුණු පසට තිබුනු පුන්චිපාරට හැරුණු පෙරේරා මහත්තයා කළු පැහැති බෑග් මල්ලට අත යැවීය.

සිගරට්ටුවක් අතට සිරවී බෑග් මල්ලෙන් එලියට පැමිණියේය.වැට ඉනි දෙසට මුහුණලාසිටගෙන අහසට නැගෙන දුම් රොටු දෙස නෙත් යොමුකලේය.මාලිකා මේ පටුපාර දිගේපාසල් යයි.තමුන් බයිසිකලය අතින් තල්ලු කරගෙන ඈ ඉදිරියට එයි.

"ගුඩ් මෝර්නින්..."දවසම එකලු කල සුබ පැතුම ඇය අදත් පතන්නාක් මෙනි.

................

"වහාම සිගරට් බොන එක නවත්තන්න ඕනෙ.පෙනහළු නරක් වෙලා.නැවැත්තුවෙ නැත්නම් ආපහු එන්න වෙන්නේ පෙට්ටියෙන්..."


"අනේ මහත්තයෝ අපි දෙන්නට දෙන්නා විතරනෙ ඉන්නෙ.එක්කෙනෙක් මාරයා අරන් ගියොත් අනෙක් කෙනාටත් එහෙමම යන්නයි වෙන්නේ.මම ගැන හිතලවත් නොබී ඉන්න මහත්තයෝ..."

....................

නමුත් සිගරට් කොටයක් නොමැතිදාට සුදු ඇදුම ඇද මාලිකා එන්නේ නැත."ගුඩ් මෝනින්"කියන්නේද නැත.

තුන් රෝද රියක් ඈත එනු පෙනේ..ඇස් පාට කල නපුරු ගැහැණියක් නැවතත් තුන් රෝද රිය හිද තමන් දෙස බලනු ඇත.ආයෙත් මාලිකා එන්නේ නැත....

 

Sunday, July 15, 2012

රමණයට වඩා සුමිහිරිව....

එන්න අපි ඇවිදින්න යමු මල් අතර
ග්‍රෙගරි වැව තවම නිල්පාටට...
බෝට්ටු පදින්නට
දෙකකුල් වේදනා දෙන බව
සුරතල්ව පැමිණිලි කරන්නට....

අතැගිලි අතර...
ඇතැගිලි සුරතල් කරන්නට...
එන්න අපි මල් අතර ඇවිද යමු...

රමණයට වඩා සුමිහිරිව
ජීවිතය විදගනිමු...

Saturday, July 14, 2012

ලිoගිකත්වය ...



 මතක තියාගන්න.මම ලියන්නෙ මට හිතෙන දේ.ඒ ඔයාලට හිතෙන දේ නොවෙන්න පුළුවන්.

අපිට ලිoගිකත්වය කියුවම ඇති වෙන්නෙ මොනවගේ හැගීමක්ද?ඇත්තම කියනවා නම් අපි හුගක් දෙනෙකුගේ හිතට එන්නෙ කතා නොකල යුතු දෙයක් කියලා.ඇත්තටම එහෙමද?

අවoකව හිතන්න ඇත්තම කතාව ඒකද?...ඔව් අපේ රට තුල එහෙමයි.

මම කැමතියි උදාහරණ ඔස්සේ කතා කරන්න.අපි පුන්චි උදාහරණ කීපයක් ගමු.අපි නිවසක් තුල සැමියා හා බිරිද අතර හුවමාරුවන හාදුවකදි වුනත් බලනවා ජනේලෙ ඇරලද එහාගෙදරට පේනවාද යනවග.ඒ ඇවසිතා සපුරලා නැවත පැමිණෙන විට රාගයේ හා ආදරයේ උණුසුම පහව ගොස් අවසන්.

ගැහැණියක් සහ පිරිමියෙක් හාදුවක් දෙනබව වෙන අය දැකීම අවමානයක්ද?ඔව් ධර්මද්වීපය තුල.අපි සදාචාරයක් ඇතුව හැදුනු මිනිස්සු.එහෙම තමයි අපේ හිත්වලට කාවද්දලා තියෙන්නේ.ඒත් මම හිතනවා හාදුවක් හුවමාරු කිරීම හරිම සෞන්දර්යාත්මක විදීමක් කියලා.ඒත් අපේ රටේ ඔය දේ සිද්ධ වෙන්නේ බොහෝ විට යහන මතදි විතරයි.ලිoගික අත් දැකීමකට පෙර.කලබලෙන් හදිසියෙන්.

පෙර දවසක වාහන සෝදන ස්ථානයක (කලුබෝවිල )නැවතී ඉන්න වෙලාවක,අයිති කාරයා කියනවා මෙන්න මෙහෙම "මෙතෙන්ට එනවනෙ මහත්තයෝ වේස ගෑනියක් රෑ තිස්සෙ මෙතන.ප්‍රියස් වගේ වාහන වල ටයි දාගෙන එන මහත්තුරු තමයි ගෑනිව ගෙනියන්න.පුදුමත් හිතෙනවා මහත්තයෝ..."වෙලාව හවස පහට විතර කුඩයක් අරගෙන කළුපාට අපිරිසිදු ඇදුම් ඇදගත් ගෑණියක් එනවා කඩේ ලගට.

"අනේ මගේ කට..කියනකොටම ඔය එන්නෙ."

ගැහැනිය හරිම අපිරිසිදුයි.නාවර බැදුනු මුහුණක් සහිතව.මට පුදුම හිතුනා ඇත්තටම මේ වගේ ගැහැණියක් ගැන ධර්මද්වීපයේ පිරිමින්ගේ හැගීම් අවධිවීම පිලිබදව.

"මේ බස් හෝල්ට් එකක ඉදලා අනිත් එකට යනකොට ගෑනියෙක් යාළු කරගන්න පුළුවන් රටේ මහත්තයෝ...."

වාහන පිරිසිදු කරු ආයෙත් දොඩමළුව.මගේ සැමියා සමග.

මට හිතෙනවා මෙහෙම දෙයක්.ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිලිබදව.හිතනවා එය වැදගත් යයි කියලා.මට තේරෙනවා බුද්ධාගමේ අපේ තුන්වන සිල්පදය කැඩීමක්.ඒත් නීතිගත කලපමණින් එය කැඩෙන්නේ නැහැ.පිරිමි මුදල් ගෙවා ඔවුන් මිලදී ගත යුතුයි.සුරාමේරය ගැනත් සිල්පදයක් තිබෙනවා.ඒත් නීතිගත සුරාසැල් රට පුරා තිබෙනවා.හැමෝම බොන්නෙ නෑනෙ.තේරෙනවා නේද?තුන්වන සිල්පදය පිලිබද කාරනාවත එයම වෙනවා නම් පහසුයි.වටිනාකම් තිබිය යුත්තේ තමන් සතුවයි.තහනම් කරලා නවත්වන්න පොඩි ලමයි නෙමෙයි.

ජර්මනිය වගේ රටවල නීතිගත  ගණිකාවන් සිටිනවා.ඔවුන් ඇත්තටම සිත් අලවන සුලුයි.ලෙඩ රෝග නැති බවට සතියකට වරක් සහතික කරගත යුතුයි.අනවශ්‍ය ගැබ් ගැනීම් නැහැ.දරුවන් නිරපරාදේ උපදින්නේ නැහැ.බිරිදට ලෙඩ බෝවෙන්නේ නැහැ.

එවිට ප්‍රාදේශීය සබාපති වරුන්ට අවුරුදු දහහතරේ දරුවන් දූෂණය කිරීමට ඇවැසි වන්නේ නැහැ.

දැකලා තියෙනවද ඕපා දූප වෙබ් අඩවි වල යට තියෙන අදහස් දැක්වීම්.ඔවුන් ඉතාමත් තදබල මානසික අසහනයකින් සහ ලිoගික පීඩාවකින් පෙලෙනවා.

තහනම් දේට ආකර්ෂණය වැඩියි.මිනිස් ස්වබාවය ඒකයි.


කළු කූඹිච්චිගේ සාප්පු සවාරිය




කූඹිච්චිට  සාප්පු යන්න ඕන කියලා හිතුනෙ හදිස්සියෙම.ඊයෙ පඩි දවස නොවුනට ගෙදර නෝනා වටලප්පම් හදද්දි වැටුන පැණි ටිකක් විකුනලා සල්ලි ගොඩක් හම්බ කරගන්න කූඹිච්චිට පුළුවන් උනා.දැන් සාප්පු යන්න පුළුවන්.අනිත් අයට මේ දවස්වල සාගතේ.

කූඹි හරි කඩිසරයි කියලා කියුවට දැන් ඉන්න කූඹි එහෙමම නෑ.හරි කම්මැලියි...

"පායනා කාලෙදී රෑ දවල් මහන්සිවි..."ගෙදර බබාගෙ සින්දුව ඇහුනෙ අද උදේ .

කූඹිච්චිට හරි හිනා....නියම විහිළුව.....

"ඔයාකාරෙන් මහන්සි වෙලා වැඩ කරනවා නම් වැස්ස කාලෙට සගතේ ඉන්න වෙනවය.අනික ඉතින් ඔච්චර රැස් කරල කෑම තියාගන්නෙ ඔලුව උඩද?අපිට තියෙනවයැ ෆ්‍රිජ්.එක අතකට මිනිස්සු හරිම මෝඩයි.කවියක් ලියුවත් පොඩ්ඩක් මොලේ කල්පනා කරල ලියන්න එපයි.මහ ලොකුවට කියන්නෙ නම්වැඩියෙන්ම මොලේ තියෙන්නෙ එයාලට කියලා....."කූඹිච්චි තනියම කියෝනවා.

කූඹිච්චි සෑහෙන්න කලුයි.තෙල් කූඹි,දිමි එහෙම හරි පාටට පෙනුමට හිටිනිසා ඒවගේ වෙන්න හිතාගෙන කූබිච්චි ෆෙයානස් ක්‍රීම් පාවිච්චි කරනවා.හස්බන්ඩ් කියන්නෙ නම් ඒ වර්ගෙ හැටි කලුපාට අරින්න බෑ කියලා.ඒත් ඉතින් උත්සාහ කරලා බැලුවට මක්වෙනවය.

කොහොමින් කොහොමින් හරි සාගතේට පින්සිද්ධ වෙන්න පැණි බින්දු හතරහ මාරට කූඹිකාසි දහදාස් ගනනක්ම ලැබුනා.

කූඹිච්චිට ඕන වෙලා තිබුනෙ ලස්සන ගවුමක් ගන්න."කූඹි ෆැෂන්" සාප්පුවෙ එක ගවුමක්ම කාසි පන්දහක් විතර වෙන නිසා කූඹිච්චි ගියේ "බජට් ෆ්‍රොක්ස්" සාප්පුවට.සාප්පුව පාලුයි කට්ටිය නෑ.අතරමගදි හම්බුන එහා ගෙදර මිසිස් කූඹිසේකරට කියුවෙත් සීනි ඇටයක් ගේන්න යනවා කියලා.හාද්දක් එහෙම දීලා මිසිස් කූඹිසේකර යන්න ගියා.

 

තව අය හාදු දෙන්න ආවත් කුඹිච්චි අයින් වෙලාම ගියා.ඒ හින්දා ඒ අයට හාදු දෙන්න උනේ නෑ."ජම්බු වාරෙ පටන් අරන්".කූඹිච්චියො කියවනවා කූඹිච්චිට ඇහුනා.ජම්බු වාරෙ හුගක් අය කසාද බදින්නෙ කුලියට ජම්බු ගෙඩිඇතුලෙ පදින්චි වෙන්න පුළුවන් නිසා.ඒත් හරිම අවදානම්.ජීවිතේ අවසන් වෙන්නෙ මනුස්ස බඩකින්ද,කුරුලු බඩකින්ද කියලා හිතාගන්න බෑ.දැන් ඉතින් කූඹිච්චි කසාද බැදලනෙ.කූඹියට ගෙයක් දොරක් තියෙනවද හොයලා බලලා තමයි කූඹිච්චි කැමති උනේ.  ඒ නිසා දෙයියනේ කියලා ලේසියෙන් ජීවත් වෙනවා.

කූඹිච්චි ලස්සනයි කියලා හිතපු ඇදුම් පහක් විතර අරගෙන ඇදුම් ගුලට ගියා.ඇදුම් ගුල් කියන්නෙ පුන්චි පුන්චි කාමර.ඒවයෙ ඉදන් ඇදුම් ඇදලා බලන්න පුලුවන්.පහෙන් හතරක්ම කූඹිච්චිගෙ හොදට පරිස්සම් කරගෙන් ඉන්න ඇගට ගැලපුනා.හරිම ලස්සනයි.ඉතින් කූඹිච්චිට මේ ඇදුම් හතරම ඕන වුනා.හැබැයි සල්ලි නෑ.එක ඇදුමක් ටැග් එක කඩලා බෑග් එක ඇතුලට දා ගත්තා හරිම පරිස්සමෙන්.

බිලට ඊයෙ හොයා ගත්ත කූඹි කාසි දහදාහම ගිහින්.පුන්චි දුකක් හිතට ඇවිත් කූඹිච්චි සාප්පුවෙ දොර දිහාට ගියා.

 

බීප්...බීප්...

හොරේ අහුවුන පාටයි..ඒත් කූඹිච්චි ටැග් එක කැඩුවනෙ...

 

කෝකටත් කියලා, කූඹිච්චි පණ එපා කියලා දුවන්න පටන් ගත්තා.හුගක් දුර දුවලා තමයි පස්ස බැලුවෙ.ආරක්ෂකයෙක් එනවද දන්නෙත් නෑනෙ සාප්පුවෙ කෙනෙක්.ඒත් කූඹිච්චිට පෙනුනෙ දුමක් විතරයි.මහා දුමාරයක්.කොහොමටත් තමන් බේරුනානෙ කියලා කූඹිච්චිට හිතුනා.වුනේ මොකක්ද කියලා බලන්නෙ නැතුව කූඹි ගුලටම දිව්වා. 

 

.....................

"මේ කූඹි වාහිනියයි.රාත්‍රී අට පුවත් ප්‍රකාශය..මම ලිලී කූඹිච්චි

අද උදෑසන සිදුවු කූඹි නාශක ප්‍රහාරයකින් 'බජට් ෆ්‍රොක්ස්'ආයතනය සම්පූර්ණයෙන් විනාසයි.ආරක්ෂක සෙබලා පමණක් නිරුපද්‍රිතය.එම අවස්ථාවේදී ඔහු ඇදුම් සොරකම් කර පලායන කූඹිච්චියක් පසුපස හබායමින් සිට ඇත.

 

මෙය සදහා සැකකාර කාන්තාව වන ගෙදර අයිතිකාර නෝනා ලබන විසිපස් වන දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කූඹි උසාවිය නියෝග කරයි.

මෙවැනි ක්‍රියාත්මක කල නොහැකි තීන්දු ලබාදීම පිලිබද අපි කූඹි උසාවියට අපේ අමනාපය පල කර සිටිමු.

ඊයේ සවස ගෙදර නෝනා මහත්මියට වැටුප් ලැබී තිබේ.මෙය නියමිත දිනට පෙර සිදුවූ ගෙවීමක් නිසා  නිසා ඔබට අනතුරු ඇගවිය  නොහැකි විය."

.............................




මා ගැන ඔබ ගැයූ ගී...

මගේ කවිය මට දෙන්න
ඔබ ගීතයක් කොට නොගයන්න...

එක්වසැති බිලිදෙක්ව මියගිය
අප අතර ඉපැදුනු ප්‍රේමය....

තනුව කොට
ගී ගයන  ...
පෙම්වත....

නුඹ මා නොහදුනයි....


මා ජීවිතය අකුරු කරනට නොතනන්න...
මගෙ කවිය මට දෙන්න...     

 

     


නාදලු තොල්....

 

 

සරසවිය මල් පාරක් රහිත වූවකි.පාර පුරා මල් ඉසින්නට මල් ගස් තිබුනේ නැත.ඉදහිට මග අවාරෙට සිටගෙන සිටි නාගසක් නාමල් පුබුදුවා තිබිනි.මල් තියෙනවා යයි කියන්නට ඒ ඇතිය.නා ගස සතුව සදාකල් හිත තුල සගවාන සිටි දුකක් තිබිණි.ඒ නා දලු පාට තොල් ඇති යුවතියන් නැති බවය.නා ගස් සෙවනෙහි පෙම් කරන්නට නැවතුනු යුවල එකින් එක නාගස පරීක්ෂණයට බදුන් කලද නාදළු පාට තොල් ඇති ලදක් සොයාගත නොහැකි විය.

"මේ ගහේ කොල මූණට එනවා..."පෙම්වතියන් මුමුනනු ඇසේ.ඒ නාගස මුහුණටම එබෙමින් දෙතොල් පරීක්ෂා කරන අයුරුය.

ලතා දේශන සදහා එන්නේ අන්තිම මොහොතේය.කොහොමටත් මහාචාර්යතුමා ඇවිදින් පැය බාගෙකට පමණ පසුවය.ලතා යනු ලතාගේ සැබෑ නම නොවන අතර සැබෑනම බහුතරයකට අමතකය.නැලවිල්ලේ පැද්දෙමින් සරසවිය සිපගන්නා ලතාගේ දෙපා හදිස්සියකට වත් ඉක්මන් නොවේ.ඇගේ ලෙලෙනා නිතඹ මත ඇලවුනු නෙත් ඈ පසුපසින් දේශන ශාලාව තෙක් දිවෙයි.

ලතාගේ දෙතොල් නාදළු වලට යන්තමින් සමකරන්නට හැකි යැයි නාගස සිතූමුත්.හරියටම ගැලපෙන්නේ නැතැයි යලිත් සිතුවේය.ලා රෝස සුදුමැලි පාටක් ස්වබාව ධර්මයා විසින් ඇගේ දෙතොල මත අලවා තිබින.බොහෝ සරසවි යුවතියන් මෙන් ඒ උඩින් පාට තවරන්නට ලතා සිතුවේ නැත.

.....

ලතාට ඉහල බැච් එකේ අයියලා දුන් නමය ලතා.

"ලතා....ලතා...ලතා.."සින්දුවක තාලයට මුමුණනු ලතාට ඇසුනේ වරක් දෙවරක් නොවේ.

සරසවියේ සුලලිත පෙම ගැන ලියවුනු කතන්දර ඇගේ සිතේ මල් නොපිපුවා නොවේ.නමුත් නෑසූකන්ව නොදැකූ ඇස්ව සිටින්නට ඇය පුරුදු වූයේ සිය සිත තුල අම්මා පිලිබදව වූ දුක නිසාය.

තමන්ට උගන්වන්නට ඇය නොවිදිනා දුක් වින්දාය.උදේ පාන්දර චීත්තයක් හැට්ටයක් ඇද තේ දළු නෙලන්නට යන ඇය.ආපසු එන්නේ සවස් ජාමයේය.වතු දෙකක පමණ දිනකට දළු කැඩීමට ඇය පුරුදුව සිටියේ තමන්ටත් අක්කාටත් හරිහමන් විදියට උගන්වන්නට බව ලතා දැන සිටියාය.අරුමය කියන්නේ නාගස මේ බව දැන නොසිටීමය.නාගස දන්නේ රෝසපාට තොල් ගැන පමණය.යුවතියගේ සිත් සතන් තුල ඇති දුක නාගස නොදැන සිටියා මෙන්ම දැනගන්නට උවමනාවක් තිබුනේද නැත.

ලතා කල එලියකට නොඇන්දාය.කන පාට ඇදුම් නිසා ඇයව කැපී පෙනුනේ නැත.සරසවිය යනු ඉගන ගන්නටම පමණක් පැමිනෙන තැනක් නොවේ.මේ බව පසක් කල යුවතියන් විවිධ වර්ණ හැඩතල සිරුරට ගලපා ඇන්දෝය.ඔවුන්ගේ කැපීපෙනෙන සිරුරේ හැඩතල පිරිමි නෙත් ආකර්ෂනය කලෝය.නාගසේ නෙත් හැර.නාගස තවමත් රෝසපැහැ දෙතොලක් ගැන වදවෙමින් සිටියේය.

......

"සති අන්තෙ ගෙදර යන්නෙ නැද්ද?"

"අම්මා මොනවද කරන්නෙ?"

"තාත්තා මොනවද කරන්නෙ?"

"ඔයාගෙ ගම කොහෙද?"

මේ වචන ගැහැනියක් තවත් ගැහැනියකගෙන් අසන්නේ නම් ඒ කම්මැලිකම ගෙවාගන්නටය.එහෙත් පිරිමියෙක් සහ ගැහැනියක් අතර සන්නිවේදනය වන මෙම වචන සමහර විටක අනාගත කාලීන පෙමකට ඉගි ගෙනෙයි.ඉදින් ලතා සමග මේ වචන දෙඩූ අයත් සිටියහ.ඒත් ලතා දුන් උත්තර ඔවුන් උත්තේජනය කල දෑනොවුනි.ප්‍රේමයේ බිජු වපුල තැන් වලම වියලුනි.

ලතාගේ අධ්‍යාපන කටයුතු හැකි තරම් හොදින් කරන්නට ඇය වෙහෙසුනාය.දිවා රෑ නොබලා උගත්තාය.ඇයටද සිහින හා අරමුණු තිබින.ඒවා ඒතරම් දුර ගිය දෑ නොවුනි.පළමු පන්තියේ සම්මානයක් මෙන් ඉතා සරල ,ලගින්ම පෙනෙන දෙයක් ගැන ඈ සිහින මැව්වාය.

.....

නිතින්දර බණ්ඩාර ලෙහෙසියෙන් උසස් සාමාර්ථ ලබා නොදෙයි.ඔහුට ඇවැසිම උත්තරය ලබා දුන්නොත් පමණක්ය ඔහු ලකුණු ලබා දෙන්නේ.ඇත්තටම නම් එය අපහසු කාරියකි.අනිත් අයගේ සිත් කියවීම.නිතින්දර මහාචාර්යතුමා අනෙක් ඇදුරන් මෙන් සවස පහට සේවය හමාර නොකරන බව සිසුහු දැන සිටියෝය.උවමනා ඕනෑම වෙලාවක ඔහුගෙන් ප්‍රශ්න විචාරීමටත් පිලිතුරු ලබාගැනීමටත් හැකියාව තිබිණ.  රාත්‍රී කුප්පි අතරෙහි මතුවන ප්‍රශ්න වලටද ඔහු පිලිතුරු බැන්දේ කැමත්තෙනි.

 

එහෙත් ළමුන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබාදෙන්නට උත්සාහ ගන්නා මෙවැනි ඇදුරන් විබාග වලදී බාවිතා කරන්නේ ඉතාමත් තද ක්‍රියාමාර්ගය.නිතින්දර බණ්ඩාර වැටුනේද ඒ ගණයටය.ඔහුගේ විෂයයට 'බී'සාමාර්තයක් ගන්නේද ඉතාමත් දක්ෂයෙකි.
 

හතර වන වසර නිබන්ධනය සදහා "කාන්තාව සහ ගෝලීයකරනය" මාතෘකාව තෝරාගත්තේ ලතා විසිනි.බණ්ඩාර සර් ගේ කැමැත්ත සහිතවය.නිබන්ධනය සදහා බාරකාර ඇදුරු වශයෙන් නිතින්දරව තෝරාගත්තේ ලතා පමණකි.හේතුව 'නොදනී'.නොදනී යනු,මේ සදහා ලතා විසිස්න් නිතින්දර ඇදුරුව තෝරාගැනීමට හේතුව කතාකරුමෙන්ම ලතාද නිශ්චිතව නොදන්නා බවය.හේතු නොදන්නා තීරණ අප හැමෝම ජීවිතේ මොනයම් අවධියක හෝ ගෙන ඇත්තෙමු.

..................

"ඔය අත්දැකීම ලබන්න නම් ඇත්තටම වැලිකඩ යන්න ඕනෙ.හිරකාරියෝ ලග උවමනා තරමට කතන්දර තියෙනවා."නිතින්දර මෙසේ කීවේ ලතා විසින් අසන ලද පැණයකටය.

"සර් මේ ගැන ගණිකා වෘත්තියේ යෙදුන කෙනෙක්ගෙන්ම අහන්න ඕනේ..."ඒ ලතා ගේ පැනය විය.

අම්මා නම් කියන්නේ 'වේස ගෑණු කියාය.'කිසිපදනමක් නැති නමක් බව ලතාට සිතින."එහෙනම් උඹ කිරිදීලා නලවපන්"ඒ බව අම්මාට කියුවානම් පිළිතුර වනු ඇත්තේ මෙයය...

නාගස ඇත්තටම ගණිකාවන් ගැන නොදැන සිටියා වන්නට හැක.නීත්‍යානුකූල ගණිකාවන් සරසවි බිමට නොපැමිනි බැවින.නමුත් වාසිතකා සිසුන් දෙතුන්දෙනාට පෙම්වතියන් වුන සිසුවියන් නොසිටියේ නොවේ.නාගසට රැකියාව වැදගත් නැත.තොල් නාදළු වලට සම නම් ඇවැසි වන්නේ එපමණය.

 

"මම හෙට ඇපොයින්මන්ට් එකක් ගත්තා.යමු.මාත් එක්ක වාහනේ යන්න ඇහැකි."

සර් තනියම යන්න මම බස් ඒකේ එන්නම් යැයි කියන්නට දිව නොනැමුණි.

ලතා සිය ජීවිතයේ මෝටර් රථයකින් ගමන් යන පස්වන අවස්ථාවය මේ...

.........

 

කහපාට දෙදණ තෙක් දිග ගවුමට ලතාගේ ඇගේ හැඩතල මොනවට කැපී පෙණින.ගවුම පුරාවට දුඹුරු පැහැ පුන්චි මල් ඉහිරී තිබිණ.නිතින්දර සර්ගේ වයස අද නම් පොඩ්ඩක් වත් පේන්නේ නැතැයි ලතා සිතුවාය.කලු කොටු කමිසයට ගැලපෙන්නට කලිසම ඇද තිබිණ.

 

වැලිකඩ සිට ආපිට පැමිණෙන අතර වාහනය නැවැත්වූයේ කහපාට මල් ගසක් යටය...

"අපි මොනව හරි බීලා යන්...."

"ලග කඩයක් නෑනෙ සර්..."
 

"කඩයක් තියෙන්නම ඕනෙ නෑ මොනවා හරි බොන්න..."

සර් වාහනෙන් බැස දුවගෙන එනවාත් තමන්ව කිටිකිටියේ සිරකොට සිපගන්නවාත්  ලතාට යන්තමින් මතකය.ඉන් පසුව මතක තමන් නිහඩවම පසුපස අසුනේ ඉදගෙන උන්බවය.තමන් උදිරිපස අසුනෙන් පසුපස අසුනට ගියේ කෙලෙස දැයි ඇයට අමතකය...

"මට නම් හිත හදා ගන්න පුළුවන් ඔයාට පුළුවන්ද කියලයි මට බය"...නිතින්දරගේ වචනය...

 

"කොහොමත් ඉතින් ඔයාට ෆස්ට් ක්ලාස් එකක් ලැබෙනවා.....ඔයාගේ තොල් හරි සිනිදුයි කෙල්ලෙ.ඒ මදිවට රෝස පාට... ඕන කොල්ලෙක් පිස්සු හැදෙනවා"

කොල්ලෙක්...නිතින්දර සර්......?????

...........

වාහනෙන් බැස ලතා සරසවි පාරේ දිවගියේ අසිහියෙන් මෙනි.බොහෝ දුරක් දිව ආපසු හති හලන්නට නැවතුනේ ඉබේමය.නාගස මුලය.නාගස කේඩෑරි වී ඇතැයි ලතාට සිතුනි."අනේ මට සමාවෙන්න අම්මේ..."ලතා ඉකිගසා හැඩුවාය.

නාගස හදිසියේ නින්දෙන් ඇහැ ඇරී  ලතා දෙස බැලුවේය.කෙල්ලගේ තොල් නාදලු වල පාටටම සමය.හදිසියේ සුදුමැලි දෙතොල් නාදු පැහැයම වූයේ කෙසේද?

හේතුව නොවැදගත්ය.නාදලු දෙතොල් හිමි කෙල්ලෙක් සිටී..සරසවිය තුලම.

නාගසේ හදිසියේ මල් පිපී ලතාව වසාගති.

.........................

 

 


Thursday, July 12, 2012

පොඩි ලේනි




ලේන කුලයේ

යුවතියක්...

 

පෙම්වතා හැරගියයි

රිදුන හිත

තද කරන්....

 

කම්බි වැටකට

ගෙල සිරකරන්

මිය ගොසින්...

 

අවසාන වතාවට,


තද කහපාට
අඹ පලුව
අතදරන්,


අත්තෙන් අත්තට පැනපු
පොඩි එකී
අතුරුදන්.... 

 

සොයා දෙන්නැයි පුවත
පත්තරේ කලුසුදුව
මුද්‍රිතව තවම ඇත
තේ බීපු මේසෙ උඩ....

 

 

Wednesday, July 11, 2012

වාට්ටු අoක 81



මුහුදේ සැඩ ගතිය එන්න එන්නම වැඩිවෙයි.සිරි නිමල්ට බයක් නොදැනුනාම නොවේ.තනියම මූදු  එන්නට එපා යැයි කොයිතරම් කීවද කනකට ගන්නේ සිරිනිමල් නොවේ.මේ දවස් වල මාලු දැල්වලට අහුවෙන්නේ නැත.අවාරෙට ඇමකන මාළු දෙතුන්දෙනාගේ බෙදා ගන්නට ලාබයක්ද නැත.තනියම මූදු එන්නේ ඒ නිසාමය.

ඒත් දැන් ඒ පණ්ඩිත කම්වලින් වැඩක් නැත.මූද එන්න එන්නටම සැඩවෙයි.සිරිනිමල්ට හිතුනේ දැන් මැරෙන්නට වෙන්නේ තනියම බවය.එක අතකට තමන් සමග ඉපදෙන්නට කවුරුත් ආවේත් නැත.තනියම මැරෙන්නට බය වෙන්නේ මොටදැයි සිරිනිමල්ට සිතුනි.

දැන් කන උඩින් මූද ගලන්නාක් මෙනි.මූද හයියෙන් කෑගසයි.ඒ මදිවාට පුන්චි බෝට්ටුවටත් ලුණු රස වතුර ගොඩවෙයි.අන්තිම පාරටත් දැල අදින්නට සිරිනිමල්ට සිතුනි.මාළුවෙක් හිටියොත් කාලා හරි මැරෙන්නට පුළුවන.දැල හරිම පහසුවෙන් බෝටුව තුලට ඇදගන්නට පුළුවන්විය.

විමතියකට මෙන් දැලත් සමග බෝට්ටුව තුලට ආවේ රත්තරන් පාට මාළුවෙකි.කියුවාට පව් නැත.ඌ රෝල් ගෝල්ඩ් නොවෙන දඹ රත්තරන් පාටය.කොරපොතුම දාහකට වැඩි ඇත.ඉතින් කොරපොත්තෙන් කොරපොත්ත ගලවා විකිණුවත් පාඩු නැත.

සිරිනිමල් පුදුමෙන් මාළුවා දිහා බලා සිටින්නට විය.ඛේදයකි.මාළුවා මියගොස් නොසිටියේය.ඌ වරල් වලින් අඩි තබමින් බෝට්ටුව පුරාම ඇවිද යන්නට විය.තමන් මරු විකාරෙන් සිටින බව සිරි නිමල්ට තේරුනේය.ඇවිදින මාළු ගැන හැමදාම මූදු යන හත්මුතු පරම්පරාවේ කවුරුවත් කියුවා මතකයට එන්නේත් නැත.අන්තිම මොහොතට පිනක් මතක් කලගත යුතුයයි සිරිනිමල්ට සිතුනි.

හරියට හරිය ...දවසක් බෝට්ටුවෙන් ගෙනියන්නට අමාරු දවසක (එදා වැඩිවැඩියෙන් මාළු ඇම කෑවෝය )මාළු ටිකක් ආපහු මූදට දැම්ම බව සිරිනිමල් මතක් කර ගත්තේය.ඒ කියන්නේ සතුන් නිදහස් කිරීමේ මහා පින්කමකි.

දැන් හිත හදාගෙන මැරෙන්නට හැකිය.

.............................................................

හදිසියේම රත්තරන්පාට මාළුවා නිල්පාට ඇසක් ගසා කතා කරන්නට පටන් ගත්තේය.

"ඔයා මාව කන්නද යන්නෙ?"

සිරිනිමල් බයවුන පාරට කටත් ඇරෙන්නට ඇත.

"ඔයා කතාකරන්න දන්නෙ නැද්ද?"

මාලුවා කතා කරන්නේ හරි ලද බොලද තාලෙටය.

 

"ඇයි?" සිරිනිමල් කට ඇරියේය...

"නෑ ඉතින් ඔයා මාව කන්න හිතනවා නම් කරන්නදෙයක් නෑ.ඒත් එහෙම හිතන්නේ නැත්නම් මම ඔයාට කතාවක් කියන්නම්.හැබැයි පොරොන්දු වෙන්න ඕනෙ මාව කන්නෙත් විකුණන්නෙත් නෑ කියලා."

"පොරොන්දු වෙනවා"හිතේ සැකේ තියාගෙනම සිරිනිමල් කියුවේය.

"මම රාජකුමාරිකාවක්.ඇත්තම කියනවා නම් සාපෙකට අහුවුන කිදුරු කුමාරිකාවක්"

"බොරු නොකිය යනවා අයිසෙ තමුසෙ තනිකරම මාළුවෙක්නෙ"

"ඇයි අනේ ඔයා මට ඔහොම කතා කරන්නෙ"...මාළු කෑල්ල අඩන්නට පටන් ගත්තාය...මේ නම් කෙල්ලෙක්ම විය යුතුබව සිරිනිමල්ට සිතුණි.

"ඉතින් කියන්නකෝ කතාව..."සිරිනිමලුත් එහාගෙදර සෝමෙ අක්කාත් එක්ක හුරුතලේට කියන වචන මිමිණුවේය.

"මම කැමතියි ඔයාගෙ බිරිද වෙන්න.මාව කවුරුහරි මාළු කාරයෙක් බිරිද වුනාම සාපෙන් මිදෙනවා.අපේ තාත්තා දැනගෙන හිටියා මාළුකාරයෙක් කවදාවත් මාළුවෙක්ව බදින්නෙ නැති විත්තිය.ඒකයි මෙහෙම සාපයක්"

.........................................................

 

සිරිනිමල් කිදුරු කුමාරිගේ අතින් අල්ලන් බෝට්ටුවෙන් බැස්සේය.සෝමෙ අක්කාත් මැගි අක්කාත් මූණට මුණ ගැසිනි.කෝල බැලුම් තමන් දෙසට එල්ල වීමෙන් සිරිනිමල්ට හිතුනේ කිදුරු කුමාරිව කාටවත් පේන්නේ නැති බවය.

"ඔයා හිතුවා හරි .මාව පේන්නේ ඔයාට විතරයි"...කිදුරු කුමාරි කණට කෙදිරුවාය.

 

කුමාරි මිහිබට දෙවගනක් මෙන් ලස්සනය.ඒරියා එකේ හැම ගෑනිටම වැඩියෙන් උයන්නටත් පුළුවන්ය.ඇදුම් පැලදුමුත් තමන්ම මසාගනී.සිරිනිමල්ටත් රජ සැපය.

.......................................................

කිදුරු කුමාරි හෙමින් කොනිත්තනවා දැනින...

"ඇයි රත්තරන්..."සිරිනිමල් කිදුරු කුමාරිගෙන් ඇසුවේය...

"ඔය තමුන්ගෙ නින්දයන ඉන්ජෙක්ෂන් එක.."

නර්ස් නෝනා බතල  කොටයක් මෙනි.ඔරවා බැලුවාය.

"මිසී මට නින්ද යනකොට හීන පේන්නෙ නැති ඉන්ජෙක්ෂන් එකක් දෙන්න බැරිද..."

බැගෑපත්ව සිරිනිමල්ගේ හඩ අවදි විය..

....................................................................