මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, April 26, 2012

හද ෂෝට් ලීව්....

 

ඉර,
වෙලාවටත් කලින් වැඩට එන
හදට යන්නට කියන...

නිදිමත ඇස් වලින් බේරෙන
... හද ,
නිදිගත් කාමර වලට හොරෙන්ම එබෙන....

හද ,
නොකියාම ගිය බව නොදැන,
නිදිමත ගැහැනු ඇස්...
එලාම් ඔරලෝසුවට
කලින්ම එබෙන...

ඉර
ඇග මැලි කඩන,

හෙම්බිරිස්සාවට
 හද
ෂෝට්ලීව් බව
හොරාට නිදාගත්
තරුවලට කියන...

Wednesday, April 25, 2012

ගර්භ

දරුවන් වදමි...


 

උන්

අහුලා කන තැන්

නිදන බිම්

නොදනිමි....


 

දිය ඇල්ලක්ව ගලා  යමි...

පිපාසිත මුව

සනසමි...


 

අවර්ණව හිදිමි...

සුවද

රස

නොදන්නා

පැණි බීම බොමි...


 

දරු පෙම

කාසි කරනෙමි...

Sunday, April 22, 2012

මෙගා ටෙලි නිලිකම...

නිලියක්මි


නිවස රග මඩල කොට...

කදුලු ගෑස් නැතුවම,

කදුලු එන...

බසයේ වැඩට යන....

චරිතයක්

රගපාමි...



එක මෙගා ටෙලියක පමණක්ම...



ජනප්‍රිය නිලියක්මි...



එක නළුවෙක්ට

පමණක්ම

උරුමව...

බල්ලාට ගිය ප්‍රේමය...

නැවතත් නොදැකම
දැල්වුන
හැගුම් සිලු...

ඇසීමෙන්
පෑරුනු
හදවතේ
අහු කොනක
අමතකව ගොස් තිබි
තුවාලය...

පෙම්බර වදන්
අමතක....
නමින් අමතන
කාලය වෙනස් කල
නොවෙනස්ව හිදිනට
සපථ ප්‍රෙමය....

සුපුරුදු සිනා හඩ
දුරකතන රැහැනක වෙලී
සැතපුම් ගනනක්
දුර පැමින...

දැන් ඉක්මනින්
එත හැකි...
අධිවේග මග ඇති...

ඒත්
මහ මග
සුනඛ මලකුණු
තිබිය හැකි...

Thursday, April 12, 2012

අලුත් අවුරුද්දක්...(ඔබ සැමට සුබ වේවා)





ජීවිතේ හැමදාම අලුත් වෙනවා නම් මම හරිම කැමතියි.අවුරුද්දට නිලාකූරක් පත්තු කරගෙන ගේවටේට දුවලා පුලිගු පිටවෙන ලස්සන බලන්න,කැවිලි හදන අම්මට කජු පියලි කපන්නට උදව් කරන අතරෙ සෙරක් වගේ කජු පියල්ලක් කටේ දමා ගන්න.
අවුරුද්දක් ඉපයු සල්ලි වලින් තාත්තට හුගක් වටින සරමක් එක්ක ලස්සන ටීෂර්ට් එකක් ගෙනල්ල දෙන්න."කෝ දූ ගෙනාපු සරම අදින්න "කියලා තාත්තා කියන හඩ අහගෙන ඉන්න.දුප්පත් මිනිස්සු ගෙදරට ආවම අතේ තියෙන හැටියට කීයක් හරි දෙන්න. "සුදු නෝනට හුගක් පින් කියලා දත් හැලුනු කටවල් වලින් කියනවා අහන්න"ඇත්තටම මම හරිම ආසයි.
අවුරුද්ද වෙලාවට කැවිලි මේසෙ හදන්නෙ මම.අවුරුදු පහනට තෙල් දාලා,සුදු ඉද්ද මල් වලින් පිරිසියම වහලා,(තාත්තා ලොකු මල් පිපෙන රෝස ගහේ අලුත්ම මලක් කඩලාදෙනවා මට පීරිසිය සරසන්ට )පාන්තිර තුනක් දාලා ලස්සනට හදනවා නැකත් වෙලාවට පත්තු කරන්න.
අවුරුදු නැකතට අම්මයි තාත්තයි දෙන්නම ඉස්සෙල්ලාම බත් කට කවන්නෙ මට. කිරිබත් කටින් මගේ අවුරුද්දටම හරියන ආශිර්වාදය ලැබෙනවා.ඊට පස්සෙ ගනුදෙනු කෙරෙනවා.මට පුන්චි කාලෙ ඉදලම හම්බුනු ලොකු සල්ලි කොලේ මේ පාර තාත්තා කවුරු අතට දේවිද කියලා මම දන්නෙ නැහැ.
මේ පාර මම අලුත් ගෙදරක.අම්මා තාත්තා වෙනුවට මට තවත් අම්මෙක් තාත්තෙක්...පවුලෙ තනි ළමයා වුනු මට මල්ලියෙකුත් ලැබිලා.හදිස්සියෙම.අපේ ගෙදරට හාත්පසින්ම වෙනස් ගෙදරක මම....ඒත් සතුටින්.නොනගතේට පන්සල් යන්නට වුවමනාව තිබුනත්,අහන්න හිත බයෙන්.
"අවුරුද්දට අලුත් ඇදුමක් අදින්නට,පොඩි ලමයෙක් වගේ නොවැ ඔහෙ".මෙහෙ තාත්තා,අම්මාට කියමින්.මට හරිම අමුත්තක් දැනෙමින්.
මට දැනෙන මේ මහා වෙනස්කම ගැහැනු දරුවන් සහසක් ලබා ඇති.අවුරුදු විසි හයක් පවුලේ එකම දරුවා විදියට ගෙදර ඉදලා,විසි හත්වෙනි අවුරුද්ද තමන්ගේබවට අලුතින් පත්වුනු ගෙදරක ගෙවන්නට සිදුවීම. අමුතු හැගීම කවදාවත් පිරිමි දරුවෙක් ලබන්නේ නැති.
කෝ දැන් තාත්තට අලුත් සරමක්???ඉද්දමල් පීරිසියට සුදු ඉද්ද මල්???පලමු කිරිබත් කට කවන්නට සුදු දෝණියෙක්???
අලුත් අවූරුදු මේසයක් ඇති
කැවිලි කිරිබත් මේසයට ඇති
අලුත් අවුරුදු පහන වටකොට
සුදු ඉද්ද මල් ඉපදිලා නැති

අන් සතුව ඇත දෝණියක්
සිනා නොමසෙත මා පියන්
අවූරුද්ද ඇවිදින් අදත් 
දෙතැනකට වී සිත් තුනක්...

Tuesday, April 10, 2012

මම සහ මම....


පුන්චි දුඹුරුපාට බන්කුවක් උඩ අවුරුදු තුනක පිරිමි ළමයෙක් වෙලා මම ඉදගෙන ඉන්නවා.අදත් හුග අය ඇවිත්.මට හරිම බඩගිනියි.අද බත් ඇත්තෙ මොනවා එක්ක වෙන්න පුලුවන්ද?මම කැමතියි සැමන් මාලු වලට.ඒ මාලු දෙන්නෙ අඩුවෙන් සල්ලි දෙන දවසටලු.ඒත් මට ඒ මාලු ඕන.

සුදුපාට බත් හැන්දක් පුරවලා සුදුපාට පිගානට බෙදලා තිබුනා.ඒ පිගාන බිදෙන්නෙ නැහැ."ටක..ටක..ටක"සද්දෙන් පොලවෙ හැප්පෙනවා විතරයි.මම ඒ බව හොයාගත්තෙ හුගක් බයවෙලා බිම බලාගෙන ඉන්න වෙලාවක.බයවෙන්න හේතු වුනේ පිගාන ලිස්සලා බිම වැටුනු එක.

මම මේ බන්කුව උඩ වාඩි වෙලා හැමදාම අතින් කෑම කනවා.ඇන්ටි මට බත් අනලා දෙනවා.මම හෙමි හෙමින් කටින් කට කනවා.මදි උනාම මාලු කෑල්ලක් ඉල්ලනවා."ඔච්චර බත් බෙදන්න එපා මිස් .පොඩි ලමයිනෙ.ටිකයි කන්නෙ"...මට ඇහෙනවා.ලස්සනට ඇදගත්තු ඇන්ටිලා බත් බෙදනවා.ටක්...ටක් සද්ද ඇහෙනවා.සපත්තු ගලවන්න ඕන උනාට ඇන්ටිලා සපත්තු ගලවලා නෑ.

මට පුන්චි පත්තරේ මතක්වෙනවා.නරිහාමිගෙ කතන්දරේ කියවන්න මේ සතියෙ පත්තරේ තාම ලැබුනෙ නැහැ.මට පත්තරේ කියවන ලොකු අය්යා කෙනෙක් ඉන්නවා.

 අපි ඉන්නෙ කොන්ක්‍රීට් වලින් හදපු ගෙදරක.ගෙදරක් කියුවට ඒක මට නම් තේරුනෙ තීරුවක් වගේ.

මම අද රෑ හීනෙන් දැක්කා ලස්සන කාර් එකක්.බිමදිගේ යන.මම සෙල්ලම් කර කර හිටියා ඒ කාර් එකත් එක්ක."බ් රූම් බ් රූම් "කියාගෙන ඒ කාර් එක ගියා.අපේ ගෙදර ඇතුලෙමයි ඒ කාර් එක ගියෙ.

ලගදි දවසක් අපිට කන්න දෙන්න ආපු අය්යා කෙනෙක් ලගත් තිබුනා ඒ වගේම එකක්.

මම අතින් කාලා හෙමින් නැගිටිනවා."අනේ හරි ශෝක්"ඇන්ටිකෙනෙක් කියනවා.මගේ දිහාම බලාගෙන ඒ ඇන්ටි ඉන්නවා."හරි පව් අප්පා "තව ඇන්ටි කෙනෙක් සුදු අන්කල් කෙනෙක්ට කියනවා.

මම බන්කුව තල්ලු කරන්න යනවා එලියට යන්න.මට අමාරුයි.බන්කුව තල්ලු කරලා අන්කල් කෙනෙක් මාව එලියට ගන්නවා.මගේ පිගාන ගන්න හදනවා.මම පිගාන දෙන්නෙ නැහැ.ඒකෙ තව සැමන් කෑලි තියෙනවා.මම ඒවා අහුලගෙන කනවා.

++++++++++++++++++++++++++++++

මම හුගක් දේවල් ගෙනාවා.මිදි...ඇපල්..පේර...රෙදි සෝදන කුඩු....

පොඩි එවුන්ට එක බත් හැන්දක් බෙදන්න කියන අතරෙ මහ ගෑනු කොත වගේ පිගන් පුරෝ ගත්තා.පඩි ගෙවනවා මදිවට,පොඩිඋන්ට කන්න නොදී පාලකයො තමයි කන්නෙ.මගේ හිත කච කච ගාලා කියවන අතරෙ පොඩි එවුන් බලාගන්න හිටපු මනුස්සයෙක් එක්ක මගේ මූණ හිනා වුනා.ඒ මනුස්සයත් කට පුරෝලා මුකුලු හිනාවක් පෑවා.

හැම කෑමජාතියක්ම පොඩිවුන්ගෙ අතටත්,අතින් කටටත් ගියා.අවුරුදු තුනක පොඩි එකෙක් මම ඉස්සරහා වාඩිවෙලා තනියම අතින් කෑම කමින් හිටියා.කෑම කාලා ඉවරයි කියලා පෙනුන පොඩි එකා නැගිටින්න උත්සාහ කලා.මම බන්කුව ඉස්සරහට ඇදලා පොඩි එකාට එලියට එන්න ඉඩ හදලා දුන්නා.පිගාන ඉල්ලුවාට දුන්නෙ නැති පොඩි එකා ,ආයෙමත් සැමන් කෑලි අහුලගෙන කන්න පටන් ගත්තා.

මම අත්දෙකම පාලා ඉල්ලන අත් වලට මිදිගෙඩි හතරක් වත් අල්ලගන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ.එක අතක් අල්ලන පුන්චි ඇස් වලින් මම අත් දෙකම අල්ලන්න කියලා ඉල්ලුවා.

"අන්කල් තැන්ක්කූ"....

පුන්චි කටහඩක් එහෙම කියුවෙ අර අවුරුදු තුනේ පොඩි ලමයා හිටපු තැනින්.මම ඉබේටම ඒ මූණ දිහා බැලුවා කතානොකරන ,ඒත් කතාකරන්න දන්න බව පේන  ඇස් දෙකක් තියෙන අවුරුදු තුනේ පුන්චි දරුවා එතන ඉදගෙන හිටියා.

මට දැනුනා අපි දෙන්නා අතර නූලක් වැනි යමක් එල්ලී තිබෙන බව.පොඩි එකාගේ කමිස සාක්කුවට ගැට ගැසී තිබූ සිහින් නූල මාවෙතට එන විට දරුණු ලණුවක් බවට පරිවර්ථනය වෙලා මගේ කලිසමේ පටියේ ගැට ගැසී තිබුනා.

මම මිදි තසිම පැත්තකින් තියලා ලණුව ලිහාදාන්න උත්සාහ කලා.ලණුව තවත් හිරවුනා.බිරිද මගේ දිහා අමුතු බැල්මක් හෙලුවා.මම මිදි තසිම අතට ගත්තා.ආයෙමත් මිදි බෙදාගෙන ගියා.ලණුව පොඩි එකාගෙ දිහාවට මාව ඇද්දා.මම පොඩි එකාට පිටිපස්ස හරවගෙන හිටියා.

මම මටම් විහිලුවක් කරනවා වගේ මට තේරුනා.

හිතයටින් මම මගේ බිරිදට හිනා වුනා.මම හැමෝම රැවැට්ටුවා.මට හටිම ආඩම්බරයක් දැනුනා.

"මගේ අම්මයි තාත්තයි නැති වුනා.එයාර් ෆ්ලයිට් ක්‍රෑෂ් එකකින්....පුන්චි ලග තමයි හැදුනෙ.එයා ඉන්නෙ Ausi වල"

බිරිදට කියපු අන්තිම බොරුව මටම ආපහු කියනවා වගේ දැනුනා.

මම හෙමීට හැරිලා බැලුවා.රෝසපාට කේසර තිබුනු සින්හයෙක් මගේ දිහා නිල්පාට ඇස්දෙකකින් බලාගෙන හිටියා.ඌ කහපාට දත් පෙන්නලා හිනාවුනා.

++++++++++++++++++++++++++++++

මට අනිත් අයියලට  නැති ලස්සන තෑග්ගක් හම්බුනා.පාට පාට කොලේකින් ඔතලා තිබුනේ.මට හිතුනෙම මම හීනෙන් දැකපු කාර් එක වෙන්න ඇති කියලා.

මට පිදෙන්නත් අමතක වුනා.

කට්ටියම මම දිහා බලලා ආදරෙන් වගේ හිනා වුනා.

+++++++++++++++++++++++++++++++

මම පොඩිම දරුවට දෙන්න ගෙනාපු තෑග්ග අවුරුදු තුනේ පොඩි එකාට දුන්නා.තෑග්ග දෙනකොට පුන්චි ඇගිලි හතරක මගේ අතේ අක ඇගිල්ලක් ගැටුනා.

මම ආයෙමත් අවුරුදු තුනක පොඩි එකෙක් වෙලා දුඹුරු පාට බන්කුවක ඉදගෙන හිටියා.

Thursday, April 5, 2012

සුරූපී සහ විරූපී







මට දවස් තුනක් තිබුනේ නැහැ.මට තිබුනේ එක දවසයි.ඊයේ විතරයි .අද දවසට පස්සේ මට තව දවස් එන්නේ නැහැ .අද මම නැහැ ..හෙටත් නැහැ..අසම්මතව මම නැතිවෙනවා.. .මගේ නැති වෙන්නේ හිත විතරයි .මම හැමදාම ඉන්නවා හිටියා වගේම .හිනාවෙනවා ඇස් වලින් නැතුව කටින් විතරක්... ඒකත් යන්තමට ....මම ඔයාව හරියටම අදුරන්නේ නෑ වගේ ...අදුරන්නේ නැති කෙනෙක් එක්ක මම හිනාවෙන්නේ හරිම පරිස්සමට .ඒත් මම හිනා වෙනවා .ඒ මගේ හැටි .ඕන කෙනෙක් එක්ක හිනා වෙනවා ,කතා කරනවා ,ඒත් ඇස් වලින් හිනාවෙන්නේ අදුරන අයත් එක්ක විතරයි.ඉතින් මම ආයෙත් කියනවා මගේ ඇස් වලින් හිනාවෙන හිනාව ඔයාට අහිමි වෙනවා. තාම මාස හත අටක් නිසා මගේ ඇස් හිනාව දකින්න තරම් ඔයා විමසිලිමත් වෙලා නැතුවැති කියලා මට හිතෙනවා.ඔයාට එච්චර පාඩුවක් වෙන එකක් නැහැ.


තේක ඇද ලගට ලැබෙනවා .කමිස ඉබේ ඉස්තිරික්ක වෙනවා .රෙදි සේදෙනවා...හවසට එනකොට කෑම පිළියෙළ වෙලා තියෙනවා .(ඔයාට ඒවා කනකොට අම්මා මතක්වෙනවා කියන එක කෑම වල රසින් ස්වායක්ත කාරණයක් )...හරියටම සුරූපී සහ විරූපී කතාවේ වගේ .විරූපී සුරූපීට සියලු ආවතේව කරනවා .ඒත් සුරූපී විරූපීට ආදරය නොකරන කතාවට සමාන කතාවක් මෙතන සිද්ධ වෙලා තියෙනවා.හැබැයි කතාන්දරය ලියලා තියෙන්නේ වැරදියට .සුරූපි ආවතේව කරනවා .විරූපී වැරදි හොයනවා .හිතේ තියෙන ඉන්නවා... අවස්තාවක් ආපු ගමන් වමනේ කරනවා හිතේ තියෙන ජරාව ඔක්කොම. හරියට අජීර්ණ වෙලා තිබුන කෑම වගේ ...

+++++++++++++++++++++++++++++

මගේ තටුකපා බිමදමා

රිද්දවා ඇත හොදටෝම

වෙඩිතියා නැත

පතොරොම් සහිත තුවක්කුව...

මම 'පින්ගු' කාටුඋන් එකේ වගේ පුංචි පෙන්ග්වින් කෙනෙක් කියලා මම හිතාගෙන හිටියා.තරහ ගියාම පින්ගු වගේ "ක්වාක් ක්වාක්" ගෑවා.මගේ උල්වෙන හොටට විරුපි ආසයි කියලා බොරුවට හිතාගෙන හිටියා .එයා එහෙම කියුවා .ඔක්කොම බොරු වුනේ ඊයේ ..එයේ වෙනකල් හැමදේම ඇත්ත.සුරූපී සුරූපී බව,විරුපිට ආදරෙයි කියලා විරූපී දන්නා බව ,විරූපී සුරූපිව අගය කරන බව වගේ ගොඩක් බොරු ඇත්ත කියලා සුරූපි හිතාගෙන හිටියා.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

“අද උදැසන 10.45 ට පමණ මෝටර් රථයක් නවනුවර මාර්ගයේ ප්රාපාතයකට පෙරලීමෙන් විසි හතර හැවිරිදි කාන්තාවක් මරුමුවට පත්වී ඇත.අපරික්ෂාකාරී ලෙස රියදාවනය මෙයට හේතු වී ඇත.අවුරුදු කාලයේ රිය අනතුරු ඉහල යාම සාමාන්යව තත්වයක් නිසා පරික්ෂාකාරිව රිය ධාවනය කරන්නයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි...”
"බීලා ගිහින් වෙන්න ඇති .. "
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මම දැන් මියයන්න ලෙහෙසිම ක්රමය සොයමින්.අවමාන අඩුම සහ ලෙහෙසිම.මම මියගියාට පසුව සමීපතමන්ට ජීවත්වෙන්න පුළුවන් ක්රයමයක් සොයමින්. වාහනය එලවාගෙන යනකොට ප්ර පාතයකට වැටෙන ක්රිමය මම පැය දෙකක කල්පනා කිරීමකින් පසුව සොයාගෙන.ක්රියයාත්මක කරන්න දිනයක් සොයමින් මේ වනවිට.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


සුරූපී ඉගන ගන්න බැරි බව දැනගෙනත් හොදට ඉගන ගත්තා.ලස්සනට අදින්න ආස කළා.කලින් ආදරේ කල යට වඩා විරුපිට ආදරේ කලා. ඊයේ වෙනකල්ම හිනාවෙනකොට කම්මුලේ හැදෙන වලත් එක්ක (නිලීන ලක්ෂණයක් )ඇස් පුංචි කරලා හිනි ඇස් දෙකකින් සුරූපි හිනාවුනා. විරූපී ගෙදර එනකොට දුවගෙන ගිහින් විරූපී ගේ මූණ ඉම්බා.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඊයේ උත්සවයක් තිබුනා .සුරුපිගේ යාලුවෝ හුගක් ආවා. සුරුපිගේ යාලුවෙක් බදිනවා.විරුපිට කතාවක් කරන්න ලැබුනා.

"මම උබට සුබ පතනවා මචන් .දින එක ගැන කතා කරනවා නම් ,මම මේ අත්දකිමෙන් කියන්නේ,බදින එක නෙමෙයි බලා ඉන්න එකයි අමාරු (අත්පොළසන්...)යාළුවෙලා ඉන්නවට වඩා දින එක වෙනස්.දින කෙනා අනුව ඒකවෙනස්වෙනවා...........කතා .....කතා.................................අන්තිමටත් කියන්න තියෙන්නේ බැදලා ඉන්න ඒක හරිම අමාරු වැඩක්.. "

(සිනා සහ අත්පොලසන් )...

සුරූපී ගේ යාලුවෙක් මෙහෙම කියුවා "අනේ මම නම් හරිම කැමතියි මගේ කමිසේ උදේට කව්රුහරි ඉස්තිරික්ක කරලා දෙනවා නම් "

(අත් පොළසන් නැත )

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

"මම නුවර අම්මලාගේ ගෙදර ගිහින් එන්න යනවා ...අවුරුද්දටත් ඔයාලගේ ගෙදරනේ ඉන්නේ..."
"මම එන්න ඕනද ?"
"නෑ"